Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවසේ වටිනාකම වැඩි කරගන්න අනර්ඝ Interior Design අදහස් 5ක්

නිවස අභ්‍යන්තර අලංකරණය හරියට කළොත් ඔබ අමාරුවෙන් ගොඩ නගාගත්තු නිවසට වැඩි වටිනාකමක් ලබා ගන්නට හැකි වෙනවා. ඉතින් මේ ක්‍රම පහ අනිවාර්යයෙන්ම කියවලා බලන්න. එය ඔබේ නිවසට අපූරු පෙනුමක් ගෙනදේවි.

5. සැරසීම් සඳහා ලී කැටයම් හෙවත් CNC Designs

නිවසේ ඕනෑම තැනක අලංකරණයට CNC (ytimg.com)

CNC Design බොහෝ දෙනෙක්ට අලුත් නමක් වෙන්න පුළුවන්. නමුත් උළුවස්සේ ඉහළ දාරයට බීරළු වෙනුවට ලී පතුරක කළ කැටයම් වලින් කළ සැරසීම් දැක ඇති. අතීතයේ පටන්ම මේ ආකාරයේ සැලසුම් අපේ නිවාස අලංකාර කළත් ඒවා ජනෙල්, උළුවහු වලට පමණක් සීමා වුණා. CNC යනු පරිගණක ආශ්‍රිතව කරන කැටයම් වලටයි. 

දේවාලයකට CNC පාරදෘෂ්‍ය දොරක් (decorunits.com)

නිවසේ අඳුරු සහ කුඩා ආලෝකයක් විහිදෙන ස්ථානයක් එනම්, පහනක් දැල්වෙන බුදු කුටියක්, දේව මන්දිරයක් වැනි ස්ථානයක් තිබෙනවා නම් එයට ලී කැටයම් කරන ලද (CNC) එහා-මෙහා පෙනෙන දොරක් යොදා ගන්න පුළුවන්.

සිවිලිමක විදුලි බුබුළක් යටින් විශාල කොටුවක හැඩයට කැටයම් රටාවක් සවි කළාම විදුලි ආලෝකය මගින් ඊට වඩාත් පෙනුමක් ගෙන දෙනවා.

කාමර දෙකක් වෙන් කිරීමට යොදාගත් අවස්ථාවක් (gsnindustries.com)

විසිත්ත කාමරය සහ අමුත්තන්ට වෙන්ව සිටීමට පුටු තබා සකසන ලද තවත් අමතර කොටසක් වෙන් කරද්දී ඊට කැටයම් ආවරණයක් යොදන්නට පුළුවන්. 

4. බිත්තියේ රැඳවූ රාක්ක

නිවසේ හැම ඉඩකඩකින්ම ප්‍රයෝජනයක් (homebnc.com)

බිත්තියේ සවිකරන ලද රාක්ක එහෙමත් නැත්නම්, Floating shelves කියන්නේ ඉඩ අඩු නිවසක විසිතුරු භාණ්ඩ, ඡායාරූප ආදිය ගොනු කළ හැකි අපූරු ඉඩකඩක්. නිවසේ ‘පළල’ ඉඩ මදි අවස්ථාවලදී, අලංකාර කටයුතු සඳහා නිවසේ ‘උස’ භාවිතා කිරීම හොඳ අදහසක්.

පොත් රාක්කයක් හැමවිටම නිවසට නව එළියක් ගෙන දෙනවා. ඔබේ අපූරු පොත් එකතුව තියන්න සාම්ප්‍රදායික මහා ප්‍රමාණයේ කැබිනෙට්ටුවක් වෙනුවට මේ වගේ වෙනස් අදහසක් එක් කළොත් පොත් වලට වගේම ගෙදරටත් අපූරු පෙනුමක් ලැබේවි.

විවිධ පැතිවලට සැකසූ රාක්ක (pinimg.com)

රාක්ක සැකසීමේදී සිරස් පේළියක් වෙන්න අවශ්‍යම නැහැ. මේ වගේ සම්ප්‍රදායෙන් ඔබ්බට හිතුවොත් අපතේ යන බිත්ති මුල්ලක් නිවස අලංකරණයට සහ බඩු මුට්ටු තියාගන්න අගනා තැනක්.

3. බිත්ති අල්මාරි

රළු වීදුරු සහිත අල්මාරියක් (californiaclosets.com)

බිත්තිය තුළ හෝ පඩිපෙළ ඇහිරුණු ඉඩකඩක සැකසූ Walk-in-Closet එකක ඇඳුම්, සපත්තු, පිඟන් භාණ්ඩ වැනි දේවල් ආරක්ෂිතව ගබඩා කර තබන්නට පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ රටවල ඇඳුම් රාක්ක සඳහා මේ වෙනුවෙන් තනි කාමරයක්ම වෙන් කරනවා. එනමුත් ඔබේ නිවසේ ඉඩකඩ ඇති හැටියට මෙය සැලසුම් කරගන්නට පුළුවන්.

මේසයක් ද සහිත අල්මාරියක් (sndimg.com)

මේසය සඟවා වසා දැමිය හැකි Closet එකක් ඔබේ නිදන කාමරයට එක් කරගත්තාම පරිගණකය භාවිතා නොකරන අවස්ථා වලදී එය සම්පූර්ණයෙන්ම දසුනින් ඉවත් කර තැබිය හැකියි.

කාමරයක ඉඩකඩ අ‍පතේ මුල්ලකට, ඉහළ මාලයක පඩිපෙළ ඉදිරියෙන්, නිදන කාමරයේ ඇඳ පසෙකින් ඇති බිත්තියක, විසිත්ත කාමරයක ඉදිරියට නෙරා ආ කොටසක් ලෙස මේවා නිවසට එක් කරගන්නට හැකියාව තිබෙනවා.

2. විවෘත අල්මාරි

නිදන කාමරයෙන් පිවිසිය හැකි තවත් කාමරයක් (impressiveinteriordesign.com)

අපි කලින් කතා කරපු Walk-in-Closet වල ම විවෘත ආකාරය තමයි Open Wardrobes කියන්නේ. ‍මේවා නිදන කාමය තුළින් ඇවිද යා හැකි තවත් කාමරයක හෝ ඇඳ පසෙකින් තබන්නට පුළුවන්.

ඉඩ ඇහිරෙනවාට විසඳුමක් (unero.co)

සාමාන්‍ය අල්මාරියක දොරවල් නිසා නිවසේ හෝ කාමරයේ ඉඩ ඇහිරෙනවා. දොරේ විෂ්කම්භය වෙනුවෙන් එලෙස අපතේ යන අමතර ඉඩකඩෙනුත් ප්‍රයෝජනයක් ගන්නට Open Wardrobes උපකාර වෙනවා.

1. උඩු වියන් (Canopies)

නිවසට යාබදව වාඩිවෙලා නිදහසේ කතා කරන්න පුළුවන් Canopy එකක් හදාගන්න. ග්‍රීෂ්ම කාලයේ නිවසට එන අමුත්තන්ට ගේ ඇතුලේ සිරවෙනවාට වඩා සවස් යාමයක එළිමහන් ආවරණයක් යට හිඳ නිදහසේ කතාබහ කරන එක වෙනස්ම අත්දැකීමක් වේවි. වීදුරු ද එක් කොට තැනූ විට තරු දිහා බලාගෙන රෝමාන්තික රාත්‍රියක් ගෙවන්නත් එය අපූරු තැනක් බවට පත්වනු නොඅනුමානයි!

කවරය: sndimg.com

Related Articles