Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොල් තෙල්වලින් අහාර පිසීම සෞඛ්‍ය සම්පන්න ද නැතහොත්, අහිතකර ද?

මුලදී ඔබ කොයි දේත් පොල් තෙලෙන් පිස ගත්ත ද, දැන් පොල් තෙලෙන් පිසූ කිසිවක් පවුලේ අයට දෙන්නට ඔබ පැකිලෙනු නොඅනුමාන යි. මොකද්ද මේ කතාවේ ඇත්ත, නැත්ත? මෙම විවාදයේ කුමන පිලට ඔබ සහාය දැක්වුව ද, ආහාර පිටුපස ඇති විද්‍යාත්මක පැතිකඩ මොන ආහාරයටත් එක සේ බලපානවා.

පොල් තෙල් සෞඛ්‍යදායී ද, නැද්ද?

පිළිතුර නම්; මේ දෙකම සත්‍ය බව යි. පොල් තෙල්වලින් වැඩි කොටසක් සංතෘප්ත මේදයන්ගෙන් සමන්විත වන අතර, එහි සම්පූර්ණ සංඝටකවලින් 90% ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත්, තෙල්වල සංතෘප්ත මේදවලින් 62%-65% MCT හෝ මධ්‍යම දාමය ට්‍රයිග්ලිසරයිඩ් (මේද අම්ල) ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් දිගු පුරුක් මේද අම්ලවලට වඩා මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල ඔබට වඩා හිතකර වනවා. MCT වඩා පහසුවෙන් ඔබගේ ශරීරයේ ජීර්ණය වන නිසා පහසුවෙන් ගබඩා වීමත්, ක්ෂණිකව ශක්තිය බවට පරිවර්තනය වීමත් සිදුවෙනවා.

MCT සංයුතියේ 62%-65%ක් තුළ MCT වර්ග හතරක් තිබෙනවා. වඩාත් බහුලව පවතින මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ලයක් ලෙස හඳුන්වනු ලබන්නේ ලෝරික් අම්ලය ලෙසිනුයි. මෙය ආහාරයට ගත් පසු දිගුකාලීන පුරුකක් බවට පරිවර්තනය වන අතර, එය අපහසුවෙන් ජීර්ණය වනවා මෙන්ම ශරීරයට අවශ්‍ය කෙටෝනි ශක්තිය ද ක්ෂණික ලබා දෙන්නේ නැහැ.

දිගු පුරුක් මේද අම්ල අතිශයින්ම අහිතකර විය හැකි අතර, මේවා බොහෝ විට ශරීරයේ මේදය ලෙස ගබඩා වනවා. ඉතිරි 15%ක MCT (caprylic acid, caproic acid සහ capric acid) ප්‍රමාණය ශරීරයට හිතකරමුත් ඇත්තේ ස්වල්ප ප්‍රමාණයන්ගෙන් පමණයි. මෙහි දී පරිභෝජනයට වඩාත් ඵලදායී වන මේද, ඵලදායි නොවන සෞඛ්‍ය සම්පන්න මේද සමග තරග කරනවා.

NBC News

පොල් තෙල්වල ඇති ගුණ මොනවාද?

පොල් තෙල් තුළ මධ්‍ය දාමයේ මේද අම්ලවල ප්‍රතිවිරුද්ධ, ක්ෂුද්‍ර ජීවී හා ප්‍රති-බැක්ටීරීය ගුණය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන මෙය හිතකර ආහාරයක් ලෙස සටහන් වී තිබෙනවා.

MCTවල ඇති ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වෙනවා.

1- “හොඳ කොලෙස්ටරෝල්” (HDL) වර්ධනය කෙරෙනවා.

2- රුධිර පීඩනය අඩු කරනවා.

3- ඔක්සිකාරක ආතතිය අඩු කරනවා.

4- බර අඩු කිරීම සඳහා ආධාර කෙරෙනවා.

5- මනෝභාවය වැඩිදියුණු කෙරෙනවා.

6- කාබෝහයිඩ්රේට අවශ්‍ය නොවන ඉක්මනින් ශක්තිය සපයනවා.

7- හදවත හා මොළයේ සෞඛ්‍ය සඳහා සහාය වෙනවා.

8- සෞඛ්‍ය සම්පන්න දළු පරිසරයක් සඳහා උපකාර කරනවා.

MCT හි ඇති සංතෘප්ත මේදයේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වනවා. මධ්‍යකාමි මේද අම්ල යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට මෙන්ම, රුධිර පීඩනය අඩු කිරීමට ද දායක වනවා. සමස්තයක් වශයෙන් පොල් තෙල්වල හෘදයට යහපත් වන ෆ්ලේවනොයිඩ් සහ පොලිපීනොල් වැනි ප්‍රතිඔක්සිකාරක ද අඩංගු වනවා.

හෘදය සහ රුධිර වාහිනීවල ඔක්සිකාරක ආතතිය ලෙස සැක කෙරෙන තත්ත්වයක් ඇති විට, හෘදයාබාධයක් ඇති වීම, ප්ලාස්මා දිගුකාලීනව හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් ඇති විය හැකි ධමනි තුළ අනුගත වනවා. පොල් තෙල්වල ඇති ඔක්සිඩෝසයිට් ඔක්සිකාරක ආතති ක්‍රියාකාරීත්වය අවම කිරීම සඳහා වගේම, ශරීරීයේ එවන් අවදානම් අඩු කිරීමට ද දායක වනවා.

පිරිසිදු MCT වලට (පොල් තෙල් නොවේ) බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව නිසා බර අඩු වීම සඳහා ද උපකාර වනවා. මෙය අතිරික්ත කාබෝහයිඩ්රේටවල අවශ්‍යතාව පහ කරන අතර, සිරුරේ බර කළමනාකරණය සඳහා විශ්වසනීය අතිරේකයක් ලෙස සේවය කරනවා.

පොල් තෙල්වලින් අහර පිස ගැනීම

Times of India

බොහෝ වෙලාවක් මුළුතැන්ගෙයි ගත කරන අය සඳහා කිව යුත්තේ; අනෙක් තෙල් වර්ග හා සාපේක්ෂව පොල් තෙල්වල වඩා ඉහළ දුම් උෂ්ණත්වයක් තිබේ. මේ සඳහා සෞඛ්‍යයට අදාළ වැදගත්කම වන්නේ; තෙල් රත්වීම ආරම්භ වන විට, එය නිදහස් මේද අම්ල ලෙස හැඳින්වෙන යමක් නිපදවීම යි. මෙම සංයෝග බර උත්තේජනය සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමග සම්බන්ධතාවක් පවතිනවා. වැඩි දුම් උෂ්ණත්වයක් තිබීම ආහාර පිසීම සාපේක්ෂව මඳක් සුරක්ෂිත කරනවා.

පොල් තෙල් සමග ආහාර පිසීමේ සත්‍යය නම්, ඔබ එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිපල සමගම වැළඳගත් යුතු වීම යි. බොහෝ මිනිසුන් නොදන්නා කරුණක් වන්නේ, පොල් තෙල්වල බලපෑම් සියල්ලම වාසිදායක නොවන බව යි. MCT හදවතට සෞඛ්‍ය සම්පන්න වුව ද, පොල් තෙල්වල ඇති ඉතිරි සන්තෘප්ත මේද 40%-50%ක ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල නොවේ. මෙම සංයුතිය අතිරික්ත පරිභෝජනය තුළින් සිරුරේ “නරක කොලෙස්ටරෝල්” (LDL) වැඩි කරනු ලබනවා. පොල් තෙල්, බටර්වලට වඩා (64%) සංතෘප්ත මේදය (90%) වඩා වැඩි වේ.

බටර් වඩා සෞඛ්‍යාරක්ෂිත ලෙස පෙනෙන දෙයක් නම්, ඒ හා සසැඳීමේ දී ඔලිව් තෙල්වල පොල් තෙල්වලට වඩා 5-10 ගුණයකින් හොඳ මේද අඩංගු වෙනවා. මෙම ඔක්ෂිජන්වලින් ඔක්ටිව් තෙල් බහුලව පවතින තෙල් හා බහු අසංතෘප්ත මේද යන දෙකම පොල් තෙල්වලට වඩා බහුලව ඔලිව් තෙල්වල දැකිය හැකියි.

ඔලිව් තෙල්වල ද පොල් තෙල්වලට වඩා සංතෘප්ත මේදයට වඩා අඩු යි. නමුත් එම ප්‍රකාශයෙන් එහි හොඳ හෝ නරක කියවෙන්නේ නැත්තේ, MCTවල ව්‍යාකූල තත්ත්වය නිසයි. කැලරි ප්‍රමාණය ගත් කල, පොල් තෙල් ඉතා ඝන වන අතර පොල් තෙල් මේස හැන්දක කැලරි 120ක් අඩංගු වනවා.

පොල් තෙල්වලින් ආහාර පිසීම සුදුසු ද, නුසුදුසු ද?

අනෙක් කොයි දේත් වගේ පමණට වඩා භාවිතය ශරීරයට හානිකර බලපෑම් ඇති කරනවා. ඒ සමගම මධ්‍යස්ථ දාම මේද අම්ල ඔබේ ආහාරයට ප්‍රයෝජනවත් එකතු කිරීමක්. ශරීරය සඳහා මේදය අවශ්‍ය වුව ද, අධික මේදයක් දිගුකාලීනව භාවිත කිරීමෙන් එය හෘදයට හානිකර වනවා. මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්; මධ්‍යස්ථව පැවති සංතෘප්ත මේද සාමාන්‍ය ප්‍රමාණවලින් භාවිත කිරීම හානිකර නොවන බව යි. 

එය පොල් තෙල්, ඔලිව් තෙල්, නැතහොත් අප සියලු දෙනා බියෙන් (නරක කාබෝහයිඩ්රේට) යැයි හඳුන්වන ඕනෑම මේදයක් විය හැකි අතර, මධ්‍යස්ථ භාවිතය ප්‍රධාන වනවා. කාබෝහයිඩ්රේට නැතිව සිරුරට කිසිදු ශක්තියක් ලැබෙන්නේ නෑ. එමෙන්ම, මේදය හෝ සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා නොමැතිව ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ හෘදය පීඩා විඳීවි. 

මේදය කෙරෙහි බියවන්න එපා, 

කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න මේද හඳුනාගැනීම යි! 

theAsianparent හි අනුමැතිය ඇතිව නිලුෆ පෙරේරා විසින් පරිවර්තනය කරන ලද්දකි මේ. (footnote)

කවරයේ පින්තුරය: viconut.vc

Related Articles