Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරගකාරිත්වය හමුවේ Netflix වැහෙයිද?

ලෝක ප්‍රකට Streaming සේවාවක් වන Netflix වෙතින් 2022 වසරේ මුල් කාර්තුවේ පමණක් subscribers ලා දෙලක්ෂයක් ( 200,000) පමණ ඉවත්ව ඇති බව මේ වෙද්දී වාර්තා වෙනවා. ඒවගේම මේ වෙද්දී තමන්ට අහිමි වෙන subscribers ලා ප්‍රමාණය මිලියන දෙකක් පමණ වන ඇති බව සමාගම අනුමාන කර තිබෙනවා. Netflixවලට දැනට ම ආසන්න වශයෙන් අහිමි ව ඇති සමස්ත subscribers ලා ප්‍රමාණය ලක්ෂයක් පමණ බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුගිය  2020 වසරේ දී Covid තත්වයන් නිසාවෙන් නෙට්ෆ්ලික්ස් වෙත එක වූ නව සබ්ස්ක්රයිබර්ස් ප්‍රමාණය ශීඝ්‍ර ඉහළ යාමකට ලක් වුණා. කොහොම වුණත් දිගින් දිගට ම පැවති කොවිඩ් තත්ත්වය නිසාම ආර්ථික ගැටලු වැනි හේතු රැසක් නිසා 2021 වසර වන විට ඔවුන්ගේ සමස්ත subscribers ලා ප්‍රමාණය මිලියන 222ක් පමණ බවයි වාර්තා වුණේ.

“share passwords” ක්‍රමවේදය

Netflix සේවාව ලෝකයේ බොහෝ දෙනෙක් භාවිත කරන්නේ “share passwords” ක්‍රමවේදයට යි. එක අයෙක් family package එකක් මිලදී ගෙන  එයට මුදල් ගෙවා පාස්වර්ඩ් එක ලබාගෙන භාවිත කිරීම සිදු කරනවා. මේ ක්‍රමවේදය නිසාම තනි පුද්ගල පැකේජයකට වඩා ඉතාම අඩු මුදලකට මේ සේවාව බොහෝ දෙනකුට භාවිත කරන්න ලැබෙනවා.

කොහොම නමුත් මෙය සමාගම පැත්තෙන් නම් එතරම් ලාභදායි ක්‍රියාවක් නෙමෙ යි. මේ නිසාම මේ ක්‍රියාවලිය නවතා දමන්න සමාගම ක්‍රියාමාර්ග ගන්නා බව පසුගිය දිනෙක සඳහන් කර තිබුණා. මෙය බොහෝ පරිශීලකයන්ගේ අමනාපයට හේතුවක් වූ බව නම් කිව යුතුයි. නෙට්ෆ්ලික්ස් ඇස්තමේන්තු අනුව නිවාස මිලියන 100කට වඩා වැඩි පිරිසක් මෙලෙස පාස්වර්ඩ් හුවමාරුවෙන් සේවාව භාවිත කරනවා. 

 subscribers ලා අහිමිව යන Netflix  – help.netflix.com

 

ඒවගේම නෙට්ෆ්ලික්ස් ආයතනය වෙත දැන් දැන් ආයතන සහ සේවා බොහොමයක් එක්ක කරට කර තරගකාරී ව කටයුතු කරන්නට සිදුව තිබෙනවා. අලුතෙන් පටන් ගන්න බොහොමයක් ස්ට්‍රීමින්ග් සේවා සමඟ අතිශය ජනප්‍රිය ආයතන එකතුවීම නිසා සුපුරුදු පරිදි නෙට්ෆ්ලික්ස් වෙත යොමු වන සබ්ස්ක්රයිබර්ස්ලා ප්‍රමාණය අවම වන බව වාර්තා වෙනවා. මේ තරගකාරී වාතාවරණය නිසා ම තවත් සමහර ආයතන යොදන උපා හේතුවෙන් මිල ගණන්වල ගැටලුකාරී තත්වයන්ට පවා දැන් නෙට්ෆ්ලික්ස් සමාගමට මුහුණ දෙන්නට වෙලා. 

නෙට්ෆ්ලික්ස්ට විශාල තරගයක්

උදාහරණයක් විදිහට නෙට්ෆ්ලික්ස්ට විශාල තරගයක් ලබාදෙන්නට සූදානම් වෙන Disney Plus වැනි ආයතන මේ වසර අවසානයේ දී lower-cost, ad-sponsored tier යන පහසුකම්වලින් ද යුතු වෙනවා. මේ නව සාමාජික සැලැස්ම ඔස්සේ නරඹන චිත්‍රපට හෝ කතා මාලා අතර මැද දී වෙළෙඳ දැන්වීම් දර්ශනය වීම සිදු වෙනවා. කොහොම නමුත් මේ වෙළෙඳ දැන්වීම් නිසා ම ඒ ප්ලැන් එකේ මිල අනෙක් ඒවාට වඩා ඉතා ම අඩු එකක් වෙනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

පවතින රුසියා යුක්රේන අර්බුද තත්ත්වයත් නෙට්ෆ්ලික්ස් ආයතනයේ මේ අධික පාඩු ලැබීමේ තත්ත්වයට එතරම් හොඳ අතකට බලපෑවේ නම් නැහැ. මෙයට ප්‍රධානත ම හේතුව වන්නේ නෙට්ෆ්ලික්ස් ආයතනයත් බොහොමයක් යුරෝපා සේවා වගේ රුසියාවට තම සේවය තව දුරටත් ලබා නොදෙන්නට  තීරණය කිරීම යි. මේ සමඟ ම ඔවුනට තවත් සාමාජිකයන් බොහොමයක් අහිමි වුණා.  මෙලෙස අහිමි වූ ආසන්න වශයෙන් ලක්ෂ හතක් (700,000ක්) පමණ වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

 ලෝකයේ ජනප්‍රිය සේවාව – Netflix -www.techbooky.com

 

මේ තත්ත්වය හමුවේ නෙට්ෆ්ලික්ස් සමාගම දැනටමත් තම පටි තද කරගනිමින් ඉන්නා බව වාර්තා වෙනවා. මේ වෙද්දී ඔවුන් තම ආයතනයේ සේවය කරන සේවකයන් 150ක් පමණ  ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා. ආයතනයට බාහිරින් සේවා සපයන කොන්ත්‍රත්තු පදනම මත වැඩ කරන 26ක් දෙනකු පමණ දැනටමත් ඉවත් කරන්නට සමාගම කටයුතු කර තිබෙනවා. මේ අතරට නෙට්ෆ්ලික්ස් ආයතනයේ ප්‍රචාරණය සඳහා එක් ව සිටි ප්‍රබල සේවකයන් 25ක් ද ඇතුළත් බව යි දැනගන්නට ලැබෙන්නේ.  Tudum කියන්නේ නෙට්ෆ්ලික්ස් ආයතනය හා සමගාමී ව යන රසිකයන්ගේ වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය ආශ්‍රිත ව සේවය කරන සේවකයන් විශාල ප්‍රමාණයකටත් මේ නිසා ම තම රැකියා අහිමි වන බව දැන් දැනගන්නට ලැබෙනවා,

නෙට්ෆ්ලික්ස් වැහෙයිද?

මේ සේවාව තවමත් ලෝකයේ ජනප්‍රිය සේවාවක්. මේ නිසාම සේවාව සදහට ම නවතීවි කියන එක නම් හිතන්න ටිකක් අමාරුයි. ඔවුන්ට අනුව ඉදිරි  කාලයේදී ඔවුන් වෙළෙඳ ප්‍රචාරණය  වැනි දේ සඳහා වැය කරන මුදල විශාල වශයෙන් අවම කරන්නට බලාපොරොත්තු වෙන බව දැනගන්නට ලැබෙනවා. ඊට අමතර ව ඩිස්නි සමාගම අනුවම යමින් ඔවුනුත් වෙළෙඳ දැන්වීම් හා සබැඳුණු මිලෙන් අඩු සැලැසුම් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ආරංචියි. මේ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තව දුරටත් පරිශීලකයන් පාස්වර්ඩ් ෂෙයාරිං වෙත නොයා මෙම මිලෙන් අඩු සැලැසුම භාවිත කරනු ඇති බව යි.

subscribers ලා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නව ව්‍යාපෘති ගණනාවක් ද මේ වෙද්දීත් ක්‍රියාත්මක වන බව ඔවුන් සඳහන්  කරනවා. ඒවගේම තවත් ව්‍යාපෘති ගණනාවක් මේ වෙද්දීත් සැලසුම් කර තිබෙන බවත් ඔවුන් පවසනවා. වඩා ගුණාත්මක භාවයෙන් යුතු නිර්මාණ රසිකයන් වෙත ලබා දීමටත් ඔවුන් තව දුරටත් කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වෙත නෙට්ෆ්ලික්ස් නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.

 මේ වෙද්දී ම්නේට්ෆ්ලික්ස් සමාගම අමෙරිකාවේ කුඩා සාමාජිකයන් පිරිසක් වෙත චිත්‍රපට සහා ටෙලි කතා මාලා අන් සියල්ලන්ට ම පෙර නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව මේ feedback panelsවලින් ලැබෙන ප්‍රතිචාර අනුව නෙට්ෆ්ලික්ස්වල තිබෙන the Top 10 row , “Play Something” (shuffle feature) වැනි පහසුකම් චිත්‍රපට සහ කතා මාලාවලට එකතු වේවි. රසික ප්‍රතිචාර, නෙට්ෆ්ලික්ස් ආයතනය අනාගතයේ කවරාකාරයේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනවාද යන්නත් තීරණය වෙන්නට ලොකු බලපෑමක් වේවි. කොහොම වුණත් නෙට්ෆ්ලික්ස් සමාගම රසිකයන්ගේ ප්‍රතිචාර වෙත දැන්වත් අවධානය යොමු කරවීම අතිශය වැදගත්.

කවරයේ ඡායාරූපය - Netflix - theverge.com

මූලාශ්‍ර:

theverge.com

variety.com

Related Articles