Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක තැන වාඩි වී සිටීමට එරෙහිව නැගී සිටිමු!

මුලින්ම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබේ ජීවිත කාලයෙන් වැඩිම වෙලාවක් කරන්නේ මොකක්ද?

විවිධ උත්තර ලැබෙන්න ඉඩ තිබුණත් රැකියාවක් කරනවා නම් නිවැරදි උත්තරය බොහෝ විට “වාඩි වෙලා ඉන්න එක” තමයි. මොකද ශ්‍රී ලංකාවේ දත්ත අනුව බැලුවාම රැකියාවල නියුතු අයගෙන් 60% කටත් වඩා වැඩි පිරිසක් යෙදිලා ඉන්නේ කාර්යාල රැකියාවලයි.

අද කාලේ කාර්යාල රැකියාවක යෙදෙන කෙනෙක් ඉස්සරහ පරිගණකයක් නැතිනම් ඒ හරිම කලාතුරකින්. අපේ වැඩ ගොඩාක් පහසු කරලා දෙන්න පරිගණකය සමත් වුණත් එයින් සිරුරට ක්‍රියාශීලී වෙන්න ඇති අවස්ථා බොහොමයක් අඩු වෙලා ගිහින්. මේ තත්වයත් එක්ක කාර්යාලයේදී අපි ගත කරන කාලය අපේ සිරුරට අහිතකර වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් ඉහළයි.

අපේ රැකියා ස්ථානයේ තියෙන වැඩකටයුතුවලින් අති බහුතරය පරිගණකයට මාරු වීම ලොකු පහසුවක් වුණත් එයින් ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටළු නම් බොහොමයි. ඉතින් මේකට කරන්න පුළුවන් මොකක්ද? එකතැන වාඩි වී සිටීමට එරෙහිව ඇත්තටම නැගී සිටින්නේ කොහොමද? ඒ ගැන ටිකක් හොයලා බලන්න අපි තීරණය කළා.

වාඩි වී සිටීම ගැටළුවක් වන රැකියා මොනවාද?

කාර්යාල රැකියා කියනකොට ලංකාවේ අපිට නම් කෙළින්ම මතක් වෙන්නේ රජයේ කන්තෝරුවක හරි, පෞද්ගලික අංශයේ ඔෆිස් එකක හරි විවිධ කාර්යාල වැඩකටයුතුවල යෙදිලා ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අද කාලේ ඉහළ වැටුපක් ලබන, දක්ෂතාව ඉහළින් අවශ්‍ය රැකියා බොහොමයක් වැටෙන්නෙත් පරිගණකයක් ඉදිරිපිට දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න සිදු වෙන කාණ්ඩයටම තමයි. මේ තත්ත්වය පරිගණක සහ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩිපුරම දැකගන්න ලැබෙනවා.

shutterstock.com

අද කාලේ ඉහළ වැටුප් ලබන රැකියා ක්ෂේත්‍ර අතර තියෙන ග්‍රැෆික් නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය, ගිණුම්කරණ කටයුතු, වෙබ් නිර්මාණ හා ජාලකරණය ආශ්‍රිත කටයුතු, විවිධ විශ්ලේෂණ කටයුතු වගේ රැකියාවන් තනිකරම වගේ පරිගණකයෙන් දෑස් ඉවතට නොගෙන දවස පුරාම යෙදෙන්න සිදු වන රැකියා අතරින් ප්‍රධානයි. මීට අමතරව තවත් බොහෝ රැකියාවලට දවස පුරාම වාඩි වී සිටින්න සිදු වෙනවා. ඇත්තටම අපිට හැමදාම වාඩි වෙලා ඉන්නත් වැඩිම බලපෑමක් කරන්නේ පරිගණකය බව අවිවාදයෙන් කියන්න පුළුවන්.

ඒ මොන තරම්ද කියනවා නම් පරිගණකයක් වැඩිපුර යොදා ගන්නා තරමට දවසේ වාඩි වෙලා ඉන්න කාලයත් වැඩි වෙන බව පෙනී ගොස් තිබෙනවා.

මේක වැඩි දෙනෙක් නොදන්නා දේකුත් නෙවෙයි!

හැමදාම වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් කියන එක බොහෝ දෙනෙක් දැනටමත් දන්නා බවක් පේනවා. Roar අපි විවිධ කාර්යාල රැකියා කරන පිරිස්වලින් රැකියාව නිසා ඇති වන සෞඛ්‍ය ගැටළු ගැන ඇහුවාම උත්තර වැඩිම ගණනක් ලැබුණේ (දැන හෝ නොදැන) වාඩි වී සිටීමට අදාළවයි. එයින් කිහිපයක් පහතින් දැක්වෙනවා.

“ලොකුම ප්‍රශ්නය බඩ එන එක තමයි.” (විධායක රැකියාවක් කරන පිරිමි අයෙක්)

“හැමදාම හවස් වෙනකොට කොන්දේ අමාරුවක් හැදෙනවා.” (ටයිප් සෙටින් කරන තරුණියක්)

“පොඩි දුරක් ඇවිද්දත් දැන් හරියට මහන්සියි.” (ආයතනයක ප්‍රධානියෙක්)

“කොච්චර නොකා හිටියත් මහත් වෙනවා.” (කාර්යාලයක රැකියාවක් කරන කාන්තාවක්)

“දවල්ට කෑවට පස්සෙ හැමදාම බඩ කොර වෙනවා.” (වීඩියෝ සංස්කරණයේ යෙදෙන තරුණයෙක්)

මේ සියලුම දේට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ දවස පුරාම වාඩි වී සිටීම බව දන්නවාද?

බඩ කොර වීම දවල් ආහාරයෙන් පසුවම සිදු වෙන්නේ ඇයි? (homeremedyshop.com)

බඩ ඉස්සරහට නෙරා එන්න නම් කෙළින්ම හේතු වෙන්නේ වාඩි වී සිටීම වගේම දවස පුරා ශාරීරික ක්‍රියාශීලී බව අඩු මට්ටමක තිබීමයි. ඉස්සර කාලේ කන්තෝරුවක එහා මෙහා යමින්, සිරුරේ යම් ක්‍රියාශීලීත්වයක් ඇතිව කරන්න පුළුවන් වුණු දේවල් අද අත් දෙක හැර වෙන සිරුරේ කිසිම මාංශ පේශියක් වැඩිපුර නොසොල්වා පරිගණකයෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. කොන්දේ අමාරුවත් ඒ වගේ. සමහරුන්ගේ සිරුරට ඔවුන් වාඩි වෙලා ඉන්න පුටුව සහ ඉරියව්ව නුසුදුසු වෙන්න පුළුවන්. පොඩ්ඩක් දුර ඇවිද්දත් වෙහෙස දැනෙන්න හේතුව කාලයක් තිස්සේ සිරුර අක්‍රීයව තිබිලා හුරු වීමයි.

බොහෝ දෙනෙක් රැකියා අවස්ථාවේ කෙටි ආහාර ගන්න, නිතර තේ, කෝපි බොන්න හුරු වී සිටිනවා. මේ නිසා ප්‍රධාන ආහාර පාලනය කළාට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රියාශීලී බව අඩු වීමත් කැලරි දහනය පහත වැටිලා සිරුරේ මේදය තැන්පත් වෙන්න හේතු වෙනවා. කෑමෙන් පස්සේ බඩ කොර වෙන්න හේතු වෙන්නෙත් කාපු සැණින් වාඩි වීමයි. කෑම කෑමෙන් පස්සේ වාඩි වෙන්න කලින් ටිකක් වෙලා ඇවිදීමෙන් මෙම තත්ත්වය ඇති වීම වළක්වා ගන්න පුළුවන්.

මේ තත්වයට එරෙහිව නැගී සිටිමු

ඉතින් මේ වාඩි වීමේ ප්‍රශ්නයට තියෙන විසඳුම මොකක්ද? රැකියාවේ ස්වභාවය සහ නීති රීති අනුව යම් අපහසුවක් තිබුණත් හැකි තරම් ක්‍රියාශීලී වෙන්න බලන්න. පුළුවන් හැම වෙලාවකම පඩිපෙළ භාවිත කරන්න හුරු වෙන්න, විශේෂයෙන් දවල් කෑමෙන් පස්සේ පඩි පෙළක් නැගීම හෝ බැසීම වගේ පුංචි දෙයක් ඔබට හවස් කාලයේ බඩ කොර වීම වගේ අපහසුතා ඇති වීම වළක්වන්න හේතු වෙන්න පුළුවන්.

විදුලි සෝපානය වෙනුවට පඩි පෙළ භාවිත කරන්න බලමුද? (basicneeds.in)

පරිගණකය ඉදිරියේ රැකියාව කරද්දී වරින් වර සිටින තැන, ඉරියව්ව සුළු වශයෙන් හරි වෙනස් කිරීම. දෑත් දෙපා දිග හැරීම වගේ ක්‍රමවලින් ක්‍රියාශීලී වෙන්න බලන්න. පැයකට වරක්වත් සුළු කාලයක් ඇවිදින්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ වගේ අවස්ථාවල සිරුර වැඩිපුර ක්‍රියාකාරී වන විදිහට අත පය වැඩිපුර ඔසවා ගමන් කරන්න, සරල ව්‍යායාමයක යෙදෙන්න වුණත් පුළුවන්. පොඩ්ඩක් හිතුවොත් ඔබේ ක්‍රියාශීලී බව ඉහළ නංවා ගන්න අපහසු වෙන එකක් නැහැ.

කොහොම නමුත් දිගුකාලීනව මේ තත්වයෙන් මිදෙන්න නම් ටිකක් ක්‍රියාශීලී වෙන්නම සිදු වෙනවා.

දිගු කාලීනව සෞඛ්‍යය සහ රැකියාව සමබරව තියා ගන්නේ කොහොමද?

දිගුකාලීනව ඔබේ සිරුරේ නීරෝගී බව වෙනුවෙන් සක්‍රීයව නැගී සිටින්න බලන්න. ව්‍යායාම කිරීමට දිනපතා පොඩි වෙලාවක් හරි වෙන් කරන්න. මේ සඳහා ජිම් එකකට යාම වගේම තමන්ටම කියලා ව්‍යායාම උපකරණයක් දෙකක් මිල දී ගන්නත් පුළුවන්. ඔබ හොඳ ක්‍රෙඩිට් කාඩ් එකක් තෝරා ගත්තොත් ඇඟට දැනෙන්නේ නැති වාරිකයක් ගෙවීමෙන් මෙය පහසුවෙන්ම කරගන්න හැකියාව තියෙනවා. තරමක් ලොකු වියදමක් කියලා හිතුණත් අක්‍රීයව ජීවත් වුණාම හැදෙන බොහෝ ලෙඩවලට ප්‍රතිකාර කරන්න ඒ වගේ කිහිප ගුණයක් වියදම් කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා අදම ඒ වගේ ආයෝජනයක් කරලා පසුකාලීනව වද වීම මගහරවා ගන්න පුළුවන් නම් වඩා හොඳයි.

හොඳ ව්‍යායාම උපාංගයක් මිල දී ගැනීම අනාගතයට ආයෝජනයක් (singerslfiles.com)

ඔබ ක්‍රියාශීලී නොවන අයෙක් නම් ආහාර පාලනයත් වැදගත්. මෙතැනදී කියන්නේ නිරාහාරව සිටීම නෙවෙයි. හොඳ රෙස්ටොරන්ට් එකකින් ආහාර ගන්නකොට ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන, පමණට වඩා කැලරි නැති, නමුත් ප්‍රණීත බවෙන් ඉහළ ආහාර තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. වියදම අධික වැඩක් කියලා හිතුණත් පිළිගත් බැංකුවක් සමග ගණුදෙනු කරනවා නම් හිතාගත නොහැකි වාසි ලබා ගන්න පුළුවන්.

ඒ වගේම සැබෑවටම නිවාඩුවක් ගැනීම, ඒ කියන්නේ වෙනත් වැඩක් දා ගත්ත නිසා රැකියාවෙන් නිවාඩුවක් ගැනීම වෙනුවට සැබෑම නිදහසක් අත්විඳින්න, විවේකීව කාලය ගත කරන්න නිවාඩුවක් ලබා ගැනීමත් ඉතාම වැදගත්. ශ්‍රී ලංකාව පුරාම තිබෙන නිවාඩු නිකේතනවල විවේකී සුවයෙන් ඉන්න, කැමති නම් විදේශ රටක නිවාඩුවකට ගිහින් එන්න වගේ දේවල්වලටත් විශාල වාසි ලබා ගන්න ඔබ බුද්ධිමත් නම් ක්‍රම ඕන තරම්.

අපේ රටේ තරමක් නරක දෙයක් කියලා සංකල්පයක් තිබුණත් හොඳ ස්පා එකකට යාමත් සිරුර වගේම මනසත් සැහැල්ලු කරගන්න ඉඩ ලැබෙන හොඳම අවස්ථාවක්. වැරදි කටයුතු සිදු වන, තැන් තැන්වල හැංගී තිබෙන ස්පා වෙනුවට ශ්‍රී ලංකාවේ පිළිගත් ස්පාවලට විතරක් යන්න උත්සාහ ගන්න. මිලෙන් තරමක් ඉහළ වුණත් මේ සඳහාත් රටේ පිළිගත් ආයතනවල ගණුදෙනුකරුවන්ට සුවිශේෂී අවස්ථා සැළසෙනවා. කාලයකට සැරයක් ඔබ නිවැරදි ස්පා ට්‍රීට්මන්ට් එකක් කරගත්තොත් එයින් ලැබෙන සැබෑ සැහැල්ලු ජීවිතයේ සමබරතාවය ඉහළ නංවා ගන්න හොඳ ඉඩකඩක්.

spafinder.com

ඉතින් ලෝකේ අනිත් හැමෝම ගැන හිතන අතරේ තමන්ගේ සිරුර ගැනත් පුංචි අවධානයක් යොමු කරන්න. ඔබට ඒ වෙනුවෙන් ලැබෙන්න තියෙන පහසුකම් භාවිතයට ගන්න. ඔබ මොන තරම් මහන්සි වුණත් ඔබට උපයන්න පුළුවන් ලොකුම ධනය තමන්ගේම නීරෝගී බව කියන එක කවදාවත් අමතක කරන්න එපා.

ඔබට ලබා ගත හැකි තවත් අපූරු වාසි බොහොමයකට හිමි කම් කියන්න මෙතැනට පිවිසෙන්න.

කවරයේ රූපය : apss.co.uk

Related Articles