Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීර බල්ලකු වටා ගෙතුන මේගන් ලීවී සිනමා පටය

2017 ජූනි 07 වෙනිදා ප්‍රදර්ශනය ඇරඹුණු මෙය සත්‍ය කතාවක් වටා ගොඩ නැගුනු චිත්‍රපටයක් වෙනවා. ඇමරිකානු මැරීන් බලකායේ සෙබළියක් හා ඇයගේ නිළ සුනඛයා වටා නිර්මාණය වූ මේ කතාව මනුෂයෙක් හා සතෙකු අතර පවතින සම්බන්ධතාවේ ශක්තිය කෙතරම් ද යන්න කියා පානවා. ලෝකය තුළ සතුන් ආශ්‍රිතව නිර්මාණය වුණු චිත්‍රපට බොහෝ අවස්ථා ඉතාම ජනප්‍රිය වුණා. මේගන් ලිවී තවත් එක් බල්ලෙකුගේ කතාවක් නෙමෙයි. ඒක ඇත්තටම යුධ වීරයෙක් එහෙම නැත්නම් සාර්ජන්ට් කෙනෙක්ගේ  කතාවක්. මිනිත්තු 116 පුරා දිවයන මේ කතාව අධ්‍යක්ෂණය​ කර තිබෙන්නේ ගාබ්‍රියෙලා කොර්පර්ත්වයිට් නම් අධ්‍යක්ෂවරියයි.

Megan Leavey – mzstatic.com

කතාව කෙටියෙන්

තාමත් එතරම්ම පැරණි කතාවක් නොවන නිසාත් තවම බොහෝ දෙනෙක් නොබලපු නිසාත් මුළු කතාවම ලියන එක, ඒක තවම නොබලපු අයට කරන අසාධාරණයක් වෙනවා. ඒත් ෆිල්ම් එක බලන්න හිතෙන්න කතාව පොඩ්ඩක් ලියන එක සාධාරණයි. මේගන් ලීවි කියන්නේ කතා නායිකාව. ගෙදරත් එක්ක ඇති කර ගත්තු පොඩි ප්‍රශ්නයක් නිසා ලීවි තීරණය කරනවා ඇමරිකාවේ මැරීන් බලකායේ සේවයට බැඳෙන්න යන්න. කෙලිලොල් වයසේ තරුණියක් වුණු ලීවි බලකායේ ඉන්නකොට කරපු දඩබ්බර වැඩක් නිසා ලීවිට දඩුවමක් ලැබෙනවා. ඒ ලැබෙන දඩුවම තමා ඇමරිකානු මැරීන් බලකායේ නිළ සුනඛ අංශයේ පවිත්‍රතා කටයුතු වෙනුවෙන් යන්න. මේ අතරේ දී තමා රෙක්ස්ව ලීවිට හම්බවෙන්නේ. බලකායේ ඉන්න අකීකරුම නිල සුනඛයා එක්ක ආදරයෙන් වෙලෙන්නේ ලීවියි. අකීකරු වුනත් ඔවුන් සතුව හිටපු දක්ෂතම සුනඛයා විදියටයි රෙක්ස්ව සලකණු ලබන්නේ.

සිනමාපටයේ සත්‍ය චරිත දෙක – nydailynews.com

ඔහුව විශේෂයෙන් පුරුදු කරලා තිබුණේ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ කටයුතු වෙනුවෙනුයි. ඉතින් මේ දෙන්නා එක්ක හමුදා සේවයට පිටත් වෙනවා. අවි ආයුධ බෝම්බ ගණනාවක්ම මේ දෙන්නා තමන්ගේ සේවා කාලය ඇතුලේ හොයා ගෙන ජිවිත ගණාවක් ආරක්ෂා කරනවා. නමුත් ඒ අතර ඇමරිකානු හමුදාව පිටරටවල කරන යුධ මෙහෙයුම් වලදී ඔවුන් සිදු කරන දඩබ්බර වැඩත් හරි අපුරුවට මේ සිනමාපටයට ගලපලා තියෙනවා. ඉතින් යුද්ධයක් නම් එය යුද්ධයක්මය කියනවා වගේ රෙක්ස්ව හා ලීවිව ප්‍රහාරයකට ගොදුරු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදියි. නමුත් ලීවිව ප්‍රතිකාර වෙනුවෙන් ගෙන ආවත් රෙක්ස්ට ඇයත් එක්ක එන්න ලැබෙන්නේ නෑ. සුවපත් වූ විගසම ලීවි කරන්නේ රෙක්ස් ට වුනේ මොකක්ද කියලා හොයන එක. රෙක්ස් ව හොයා ගන්න ලීවි ගොඩාක් මහන්සි ගන්නවා. රෙක්ස්ව හම්බ වුනත් ඇයට ඕනේ වෙන්නේ රෙක්ස්ව තමන්ගේම කර ගන්නයි. විටක රෙක්ස් නැති පාළුව නිසා ලීවි මානසික පිඩාවට ලක්වෙනවා. එත් අන්තිමේදී රෙක්ස්ව තමන්ගේ කර ගන්න සටන අරඹන්න ඇය තීරණය කරනවා. නමුත් නිල සුනඛයෙක්ව තමන්ගේ කර ගන්න එක එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන කාරණාවක් නෙමෙයි නේ. ලිවීට රෙක්ස්ව තමන්ගේ කර ගන්න හැකි වෙයි ද? ඒ වෙනුවෙන් ඇය කරන කැපකිරීම කොයි වගේද? යන්න ගැටුලු ගණනාවකට අපිට මේ චිත්‍රපටය බැලුවම උත්තර හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරම ලෙවීගේ ආදර කතාවකුත් මේ සිනමා නිර්මාණයට ඇතුලත් කරලා තියෙනවා. ඒත් මනුෂ්‍ය ආදරයකට වඩා ලෙවී රෙක්ස්ට ආදරය කරනවා කියන පොඩි ඉඟිය එක්ක අපි ඔබට මේ සිනමාපටය නරඹන්න ආරාධනා කරනවා.

Megan Leavey සිනමා පටයේ ප්‍රධාන නිළිය කේට් මාරා

ෆිල්ම් වල බල්ලෝ හසුරවන්නේ කොහොමද?

අපි හැමදාම ෆිල්ම් එකක් ගැන විස්තර කරද්දි ඒකට අදාළ තවත් දෙයක් ඔගොලොන්ගේ දැනුමට එකතු කරනවා. ඉතින් මේක බල්ලෙක් ගැන​ ලියවුනු ෆිල්ම් එකක් නිසා අපි හිතුවා ලස්සනට බල්ලෝ ෆිල්ම් වල රඟපාන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. සාමාන්‍යයෙන් මේ වෙනකොට දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කලත් තවමත් සත්තුන්ව ෆිල්ම් වලට රඟපාන්න කෙලින්ම එකතු කර ගන්නවා.

පහත දැක්වෙන්නේ තවත් ජනප්‍රිය කතාවක් වූ “White Dog” චිත්‍රපටය ආශ්‍රතව වූ සංවාදයක් ඇසුරෙන් උකහා ගත් කොටස් කිහිපයක්. මේ එම නිර්මාණයේ සතුන් පුහුණුකාරණිය ලෙස කටයුතු කල තෙරේසා ඈන්ගේ අදහස් කිහිපයක්.

පුහුණුකරුවෙක් තම ශරීරය ,කටහඬ සතෙකු පුහුණු කිරීමේදී භාවිතා කරන්නේ කෙසේද ?

සාමාන්‍යයෙන් බල්ලෙකු දෙයක් කරණු ලබන්නේ පුහුණුකරුගේ ශරීරයේ හැසිරීම හෝ කටහඬ ගලායන රිද්මයට අනුවයි. ඔබ සතාට තිබෙන අවධානය හා ඔබ දෙනු ලබන  සෑම ඉඟියක්ම, ඔබ සුනඛයාට දෙනු ලබන එක වචනයක්ම හා එක සංඥාවක්ම  සුනඛයාට විධානයක් වෙනවා. එසේ ඔබ කරන විට ඔබට සුනඛයාගෙන් ඔබ කරන්න පවසන දේ ගැන​ ඉක්මන් ප්‍රතිචාරයක් ඔබට ලබාගත හැකි වනවා.

එමෙන්ම ඔබ සතුන් සමඟ චිත්‍රපට වල වැඩ කරනවා නම් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔවුන් හා කටයුතු කලයුතු වෙනවා.

බල්ලව දුකට පත් කරන්නේ කොහොමද ?

සිනමා නිර්මාණ වල ඔබ සුනඛයන් ඉතාමත් සංවේදී ආකාරයෙන් රඟපානවා ඔබ දැක ඇති.

“දුක එහෙම නැත්නම් අහිමිවීම කියන එක කරන්න මම සාමාන්‍යයෙන් කරන දේ තමයි මම ඔවුන්ට ඉතා සෙමින් කතා කරනවා.”ඔයාගේ ඔලුවට පල්ලෙහාට දාලා අතාරින්න, කෝ දැන් බලන්න” එතකොට ඒගොල්ලො එයාලගේ ඔලුව පල්ලෙහාට දාලා බුම්බගෙන එයාලගේ කන් පහලට දානවා.” ඇය පවසන්නීය. මගේ ශරීර හැසිරීමට හා මගේ කට හඬට ප්‍රතිචාර දක්වලා මට ඔවුන්ගෙන් අවශ්‍ය දේ ඔවුන් මට ලබා දෙන බව ඇය සඳහන් කරයි.

එමෙන්ම මම මගේ සහායකයාට පවසනවා ඔහුගේ ඇඟිල්ල බිම  මත තරමක් අතුල්ලන්න කියලා. එවිට සුනඛයා ඌගේ බෙල්ල වමටත් දකුණටත් හරවනවා. මේ සෑම දෙයක්ම පවසන්නේ ඉතාම සෙමින් හා පහත් ස්වර වලිනුයි යැයි ඈන් පවසනවා. මේ සියල්ලම අපි ඔවුන්ට දෙන පුහුණුව තුල සිදුවෙන දේවල්.  මේ දේවල් කිරීමට හා සුනඛයාව තමන්ගේ භාෂාවට අවනත කර ගැනීම වෙනුවෙන් මාස කිහිපයක් ගත වෙන බවත් ඇය පවසයි.

ඇමරිකානු මැරීන් බලකායේ සුනඛ සොහොන් කොතක් – pinimg.com

පූසන් හා අනෙක් සතුන්ට වඩා බල්ලන් එක්ක කරන රූ ගත කිරීම වෙනස් වෙන්නේ කොහොමද ?

සුනඛයන් සලකණු ලබන්නේ මිනිසුන්ගේ අවධානය, ආදරය හා ප්‍රශංසාව සත්‍ය වශයෙන්ම අවශ්‍ය එකම සතා ලෙසයි. සාමාන්‍යයෙන් අනිත් සතුන් හා කටයුතු කිරීමේදී බොහෝවිට ප්‍රයෝජනට ගනු ලබන්නේ ආහාර මගින් ඔවුන්ව පාලනය කිරීමයි. නමුත් මෙයින් අදහස් කරන්නේ නෑ සතුන්ව බඩගින්නේ තබනවා කියලා. එයින් අදහස් වෙන්නේ ඔවුන් තමන්ගේ උදේ ,දහවල් හා රාත්‍රී ආහාර ගන්නා අතර තුරම පුහුණුවීම්වල නියැලෙන බවයි.

ඒ වගේම​, සාමාන්‍යයෙන් ප්‍රධාන චරිතයකට නම් එයට බල්ලන් දෙදෙනෙකු පමණක් යොදා ගැනීම සෑහෙනවා. නමුත් ඒ පුසෙකු නම් එයට අනිවාර්යෙන් පූසන් හතරක් හෝ පහක් යොදාගැනීමට සිදු වෙනවා. එයට හේතුව වන්නේ පූසන් එක් වරක් ආහාරගත් පසු නැවතත් ඔවුන් එම කාර්ය කිරීමට රුචිකත්වයක් නොදැක්වීමයි. අපේ භාෂාවෙන් කියනවා නම් කම්මැලි වීමයි. එම නිසා ඔබට දෙවැනි පූසාත් රූගත කිරීම් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය වෙනවා. වැඩි වෙලාවක් වැඩ නොකරන නිසා ඔබට පූසන් විශාල ප්‍රමාණයක් එයට අවශ්‍ය වේවි. තවද බල්ලන්ට තරම් දේවල් පූසන්ට ඉගැන්වීමටද හැකියාවක් ඇත්තේ නැහැ.

ඉතින් තවත් චිත්‍රපටයක් එක්ක ඔබත් එක්ක හමුවෙනකන් මේක බලලා ඔගොල්ලොන්ගේ අදහසුත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරය – hdqwalls.com

Related Articles