Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බඩේ දැවිල්ල සුවපත් කරගන්නට සොබාදමින් විසඳුම්

කෘත්‍රිමව සකසන ලද අඩු කැලරි පාන වර්ග මෙන්ම අයිස්ක්‍රීම් ආදියේ ද ආන්ත්‍රික ගැටලු ඇතිකරවන කෘත්‍රිම රසකාරක තිබෙනවා. මෙම ආහාර රසකාරකවල අඩංගු සීනි, ලුණු, සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අන්ත්‍රවල ප්‍රදාහ තත්ත්වය ඇති කරන බවට පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා.

එසේම, සකසන ලද ආහාර වල අඩංගු ට්‍රාන්ස් මේදය හෘදයාබාධයන්ට තුඩු දෙනවා මෙන්ම ආන්ත්‍රික ප්‍රදාහික රෝග තත්ත්ව (ulcerative colitis වැනි) ඇති කරන්නට ද බලපානවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම කෘත්‍රිම රසකාරක අන්ත්‍රයේ සිටින අහිතකර බැක්ටීරියා වර්ධනයට ද බලපාන බව යි.

මෙවන් පසුබිමක් යටතේ උදරයේ ඇතිවන වේදනාවන්, ආම්ලිකතාවයන් සමනය කරගන්නට ‍ස්වභාවධර්මය අපට උරුම කර දී ඇති වටිනා සම්පත් පිළිබඳ දැන සිටීම වැදගත්.

කළුදුරු

කළුදුරු ඇට සහ තෙල් (guardian.ng)

කළුදුරු (Nigella sativa) ශාකයෙන් ලබා ගන්නා තෙල් වලින් ආමාශයික සහ ආන්ත්‍රික ආබාධයන්ට සුවය සලසාගත හැකි බව පර්යේෂණයකින් සනාථ වී තිබෙනවා. එය දක්වන්නේ කළුදුරු‍ තෙල් සතු ‘තයිමොක්විනෝන්’ (thymoquinone) ඊට ඉවහල් වන බවයි.

ප්‍රතිඔක්සිකාරක බව, අධි රුධිර පීඩනය පාලනය, බැක්ටීරියා හා දිලීර නාශනය, පිළිකා නාශනය, සහ ප්‍රතිශක්තිජනක හැකියාවන් කළුදුරු තෙල් සතු බව එය වැඩිදුරටත් දක්වනවා. ඇදුම, සෙංගමාලය, ජලභීතිකාව, අංශභාගය, සංසන්ධිත ප්‍රදාහය, සමේ රෝග, හිසරදය, අතීසාරය, ආසාදන, තරබාරුකම, කොන්දේ වේදනාව, අධි රුධිර පීඩනය, ආහාර අරුචිය, සහ ආමාශ ආශ්‍රිත ගැටළු යනාදියට ඉන් සහනය සැලසෙනවා.

බඩ පිපීම / පුරවා දැමීම හෙවත් වායුව පිරීම, ආමාශයික හා බඩවැල්වල තුවාල ඇතිවීම අවම කිරීමටත් කළුදුරු තෙල් උපකාරී වෙනවා.

ඉඟුරු

ඉඟුරු එක්ක තේ උගුරක් (indiatimes.com)

ඉඟුරු වශයෙන් අප භාවිතයට ගන්නේ Zingiber officinale ශාකයේ රයිසෝමය යි. එය සතුව ආසාත්මිකතා වළක්වන්නට, සෛල හානිවීම් වළක්වන්නට, සහ වමනය වළක්වන්නට ද හැකියාව පවතිනවා.

ආමාශයික ආම්ලිකතාව ඇති අයට උදරය සනහා ගන්නටත්, ගර්භණී මාතාවන්ට උදෑසන ඇතිවන අපහසුතාවන් වළක්වා ගන්නටත් ඉඟුරු යොදාගත හැකියි. ඉඟුරුවලට ආමාශයේ ඇති ආහාර ඉක්මනින් කුඩා අන්ත්‍රය වෙත යොමු කිරීමේ හැකියාව ඇති නමුත්, ආහාර විෂවීමකදී වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය යි.

වැල්මී

වැල්මී සහ එම කුඩු (shoprootscience.com)

ආමාශයික සහ ආන්ත්‍රික ආබාධවලට වැල්මී මුල් පාවිච්චි කරනවා. ආහාර විස වීමකදී, ආමාශයේ තුවාල, බඩේ දැවිල්ල වේගයෙන් සමනය කරන්නට වැල්මී මුල් සාරයට හැකියාව තිබෙනවා. එය සිදුවන්නේ වැල්මී සතු ග්ලිසරයිසික් අම්ලය සතු ආසාත්මිකතා වැළකුම් ගුණය සහ ප්‍රතිශක්තිකරණ ගුණ වැඩි වීමයි.

මෙයට ද අහිතකර ආන්ත්‍රික බැක්ටීරියාවන් මර්දනය කළ හැකි බවත්, පපුවේ දැවිල්ල, උදරයේ ආම්ලික බව, බඩවැල් වණවීම යනාදිය වළකන්නට වැල්මීවලට ඇති හැකියාවත් පර්යේෂණ මඟින් සනාථ කොට තිබෙනවා.

අතීතයේ පටන් මෙරට ආයුර්වේදයේ විවිධ ස්වභාවික ඖෂධයන් භාවිතයට ගැනුනා. ජීවක වෛද්‍යවරයාට කැලයකදී ඖෂධයක් ලෙස භාවිතා කළ නොහැකි යමක් නොතිබූ බව ඔබ අසා ඇති. බටහිර ලොව පවා දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වෙත වැඩි අවධානයක් යොමුව පවතිනවා.

බඩේ දැවිල්ලට සහ උදර වේදනාවන්ට යොදාගත හැකි එවන් තවත් ද්‍රව්‍ය කිහිපයක් මෙසේයි:

  • මහදුරු
  • කුරුඳු
  • අළු කෙසෙල්
  • සුදු ළූණු
  • කහ

සුවපත් ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගන්නට උපදෙස්

ස්වභාවික එළවළු, පලතුරු නිතර භාවිතයට ගනිමු (medicalnewstoday.com)

ඔබ ආමාශයික, ග්‍රහනිය ආශ්‍රිත සහ, ආන්ත්‍රික රෝගාබාධ වලින් පීඩා විඳිනවා නම් ආම්ලික, සීනි සහිත ආහාර, කිරි, මද්‍යසාර පාන වලින් වැළකීම වඩාත් හොඳයි. තේ හෝ ආහාරවලට සුදුළූණු සිහින් කැබලි ලෙස හෝ තලා එක් කරගන්න.

ආහාර වේල් මඟ නොහැරීම වගේම, ආහාර හොඳින් සැපීමත් කළ යුතුයි. එවිට ඛේටය සමග ආහාර හොඳින් මිශ්‍ර වීම, සහ දත් මඟින් ඉතා කුඩා කොටස්වලට කැඩීම නිසා ආමාශයට සහ අන්ත්‍රවලට වැඩි මහන්සියක් ඇති වන්නේ නැහැ. රෝග සමනය වන තෙක් එක්වර විශාල ප්‍රමාණයක් කනවා වෙනුවට, කුඩා කුඩා ප්‍රමාණ වලින් දිනය පුරා ආහාර වේල් ලබාගන්න. නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

කාර්යබහුල ඔබට කළුදුරු කුඩු, අළු කෙසෙල් කුඩු, සහ වැල්මී කුඩු සුසංයෝගයෙන් සැකසූ Baraka Gastricare යනු ආමාශයික සහ ග්‍රහනිය ආශ්‍රිත ආබාධ‍යන්ට පහසුවෙන් ගත හැකි ඔසුවකි.

පෝෂණයෙන් පිරි ආහාර වේලක් ලබා ගැනීමෙන් ආන්ත්‍රික රෝග තත්ත්ව අවම කර ගත හැකියි. එනිසා නිරන්තරයෙන් සමබල, සහ ස්වභාවික එළවළු පලතුරු ඇතුලත් ආහාර ලබා ගැනීමට අපි උත්සාහ කරමු.

මූලාශ්‍ර:

  • ncbi.nlm.nih.gov
  • onlinelibrary.wiley.com
  • healthline.com
  • medicalnewstoday.com
  • standard.co.uk

කවරය: medium.com

Related Articles