Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

NETFLIX ආ ගමන් මඟ

NETFLIX කියන්නේ මේ වන විට ලෝකයේ ඉතාම සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ටෙලිවිෂනයට නවමු ආරක් ගෙන දුන් තාක්ෂණික සේවාවක්.

එනම් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ටෙලිවිෂන් නාලිකාවක්. අපි සාමාන්‍යයෙන් නරඹන ටෙලිවිෂන් නාලිකාවකට වඩා මෙය වෙනස් වන්නේ අන්තර්ජාලය හරහා මෙහි ටෙලි කතා, වාර්තාමය වැඩසටහන් හා චිත්‍රපට නැරඹීමට හැකිවීම යි.

NETFLIX වෙබ් අඩවිය තුළ ගිණුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව මාසික සාමාජික ගාස්තුවක් ගෙවීම මඟින් මෙහි සේවාව ලබාගත හැක.

ඇමරිකාවේ California ප්‍රාන්තයේ Los Gatosහි පිහිටි NETFLIX ප්‍රධාන මූලස්ථානය/ www.arch2o.com

2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා ප්‍රචලිත වූවත් මෙහි ආරම්භය 1997 වර්ෂය කරා දිව යයි. 1997 වර්ශයේ අගෝස්තු 29 දින ආරම්භ කෙරුණු මෙම ආයතනය කුඩා පරිමාණයේ ආයතනයක්. මෙහි මුල් ආරම්භකයන් වන්නේ මාක් රුඩොල්ෆ් හා රීඩ් හේස්ටින්ග් යන දෙදෙනා යි. 1997 ඇමරිකාව තුළ මාර්ගගත ලෙස චිත්‍රපට කුලියට (Online movie rental system) දෙන ආයතනයක් ලෙස ආරම්භ කළ මෙම ආයතනය මේ වන විට, 

               ⭕️ලොව පුරා රටවල් 190කට අධික සංඛ්‍යාවක,

               ⭕️ඇමරිකන් ඩොලර් මිලියන් 158කට අධික ගෙවුම් සාමාජික සංඛ්‍යාවක් ඇති,

               ⭕️වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15.79ක් පමණ වන,

               ⭕️2018 වර්ෂය අවසානයේ ශුද්ධ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1.21ක් වූ අති දැවන්ත සමාගමක්.

මේ වන විට NETFLIX ප්‍රධාන මූලස්ථානය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ගැටෝස්හි පිහිටා තිබෙනවා.

Reed Hasting
රීඩ් හේස්ටින්ග්/ www.incimages.com
Mark Randolph
මාක් රුඩොල්ෆ්/ www.celebsnetworthtoday.com

අපි දැන් 1997 වර්ෂයේ සිට NETFLIX ගමන්මඟ සොයා බලමු.

1997-

මාර්ගගත (ONLINE) ලෙස චිත්‍රපට කුලියට දෙන (Online movie rent system) සේවාවක් ආරම්භ කරන ලදී.

1998-

පලමු DVD කුලියට දෙන හා විකිණීම සිදු කරන වෙබ් අඩවිය ඇරඹීම.

(www.netflix.com)

1999-

අඩු මාසික ගෙවීමේ ක්‍රමයකට සීමා රහිත DVD පට විකිණීම සිදු කිරීම.

2000-

රිසි සේ සකසා ගත හැකි චිත්‍රපටි අභිරුචි පද්ධතියක් (Perdonalized movie recommendation system) ඇරඹීම.

2005-

NETFLIX පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 4.2 දක්වා ඉහළ යන ලදී.

2007-

ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා මාර්ගගත ප්‍රවාහ සේවාවක් (Online streaming service) ආරම්භ කරන ලදී.

2008-

නව මුහුණුවරක් ලබා ගනිමින් NETFLIX ආයතනය XBOX 360, Blue ray තැටි වාදක (Blue ray diak player), TV set up Boxsවලට NETFLIX සේවාව ලබා දෙන ලදී.

2009-

play station 3 හා අන්තර්ජාලය හා සම්බන්ධිත උපාංග සඳහා NETFLIX සේවාව ලබාදෙන ලදී.

2010-

මෙම වසරේ සිට Nintendo wii උපාංගයට මෙන්ම සියළු apple උපාංගවලට NETFLIX සේවාව ලබාදෙන ලදී.

apple iOS සදහා NETFLIX යෙදුම ලබා දීම/ cdn.gsmarena.com
ANDROID සදහා NETFLIX යෙදුම ලබා දීම/ img.talkandroid.com

2011-

ලතින් ඇමරිකාව හා කැරිබියානු දූපත්වලට NETFLIX සේවාව ව්‍යාප්ත කිරීම.

2012-

එක්සත් රාජධානිය ඇතුළුව යුරෝපය තුළ NETFLIX සේවාව ව්‍යාප්ත කිරීම සිදු කරන ලදී.

ඒ සමගම ඇමරිකාව තුළ ටෙලිවිෂන් නාලිකාවලට ඇගයීම් ලබාදෙන primetime emmy සම්මාන උත්සවයේ දී සම්මානයට පාත්‍ර වන ලදී.

2013-

නෙදර්ලන්තය තුළ NETFLIX සේවාව ව්‍යාප්ත කරන ලදී. එමෙන්ම ඉහල ජනප්‍රියත්වයක් ලබා ගනිමින් House of cards, Hemlock grove, Arrested development හා Orange is the new black කතා මාලා විකාශනය ආරම්භ වීම සිදු විය.

2014-

යුරෝපයේ තවත් රටවල් 6ක් සඳහා සේවාව ලබා දීම. එමෙන්ම primetime emmy සම්මාන 31ක් සඳහා නිර්දේශ වීම. Primetime emmy සඳහා නිර්දේශ වූ ප්‍රථම අන්තර්ජාල ටෙලිවිෂන් සේවාව මෙය වේ.

2015-

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ ජපානය යන රටවලට NETFLIX සේවාව ව්‍යාප්ත කිරීම. පළමු NETFLIX චිත්‍රපටය නිකුත් කිරීම ද මෙම වසරේ සිදුවූ විශේෂ සිදුවීමක්. එය Beasts of no nation” නම් විය.

2016-

විශාල ඉදිරි පිම්මක් තබමින් NETFLIX තම බල අධිකාරිය ලොව පුරා ව්‍යාප්ත කිරීම අරම්භ කරන ලදී.

තව ද අද වන විට ලොව පුරා ජනප්‍රිය ඉහල IMDB අගයක් හිමි Stranger Things කතා මාලාවේ පළමු කතා මාලාව ද මෙම වසරේ විකාශනය සිදු කරන ලදී. ලොව පුරා දැවන්ත රසික පිරිසක් ඇති කර ගැනීමට Stranger Things කතා මාලාව සමත් විය.

Stranger Things 1වෙනි කතා මාලාව/ Pinterest

2017-

2017 වර්ෂය NETFLIX හට විශේෂ අවුරුද්දක්. 2017 වසරේ දී පළමු OSCAR සම්මානය ලබා ගැනීමට සමත් විය. ඒThe white helmets නම් කෙටි චිත්‍රපටය සඳහා යි.

The white helmets පෝස්ටරය/ www.gstatic.com

එමෙන්ම එම වසරේ දී ඔවුන්ගේ පළමු ක්‍රියාදාම චිත්‍රපටය නිපදවීම සිදුකරනවා. ඒ ජනප්‍රිය නළු විල් ස්මිත් රංගනයෙන් දායක වන BRIGHT” චිත්‍රපටය යි.

2018-

ICARUS නම් වාර්තාමය චිත්‍රපටයට හිමි OSCAR සම්මානය 2018 වසරේ දී NETFLIX සතු වෙනවා.

තවද රෝමාන්තික-ප්‍රහසන ශානරයට (Rom-Com) අයත් නිර්මාණ කීපයක ද 2018 වසරේ දී NETFLIX විසින් ප්‍රචාරය කරනු ලබනවා.

 “The kissing booth“, “Set it up“, “Nappily ever after ඉන් කීපයක්.

ඒ වගේම To all the boys I’ve ever love යන චිත්‍රපටය පරිශීලකයන් වැඩිම පිරිසක් නැරඹන ලද Rom-Com ශානරයේ චිත්‍රපටය බව පැවසේ.

To all the boys I’ve ever love  පෝස්ටරය/ chelseabuzz.com

එමෙන්ම 2018 වසරේ NETFLIX සමාගම තම බලය තවත් පුළුල් කරමින් අන්තර්ජතික සිනමා නිර්මාණ කීපයක් ප්‍රචාරය කරනු ලබනවා.

                                           ⭕️The Rain (Denmark)

                                           ⭕️Sacred Gamers (India)

                                           ⭕️La casa de las flores (Mexico)

                                           ⭕️La casa de papel, elite (Spain)

තව ද 2018 වර්ෂයේ දී NETFLIX සමාගම Primetime and creative arts emmy awords සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වූ සමාගම වනවා. ඒ සම්මාන 112ක් සඳහා නිර්දේශ වෙමින්.

NETFLIX මේ වන විට ලොව ඉතා ජනප්‍රිය නාලිකා වන HBO, BBC, Fox වැනි දැවන්ත නාලිකාවලට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා. කෙසේද යත්, 2017 වසර වන විට ඇමරිකාව තුළ සිටින කේබල් ටෙලිවිෂන් (Cable TV) පරිශීලකයන් සංඛ්‍යාව අභිබවා යාමට NETFLIX සමාගම සමත් වෙනවා. ඒ 2017 පළමු කාර්තුව වන විට මිලියන 45කට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් තමා සතු කර ගනිමින්. එය අනික් නාලිකාවලට ප්‍රබල අභියෝගයක් වනවා.

2019 වරෂයේ දී අති සාර්ථක චිත්‍රපට හා ටෙලි මාලා කීපයක් NETFLIX විසින් ප්‍රචාරය කරනු ලබනවා.

“Sex education”, “Midhunter”, “The crown”, “Tuca and bertie”, “Bojeck horseman”, “Russian doll” මේ අතරින් විශේෂ නිර්මාණ කීපයක්.

 

Related Articles