Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උදෑසන අවදි වූ වහා ජලය පානය කිරීමෙන් ලැබෙන වාසි 5ක්

අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ හොඳම දේ, මොළයෙන් සියයට 90ක් ම ජලය! ඒ හින්දා මේකෙන් ගන්න තීරණ වලට වතුරත් වගකියන්න ඕන. ඒ කොහොම නමුත්, මේ ඉලක්කම් වලින් පැහැදිලි වෙන්නේ හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නට සහ ශරීරයට අහිතකර දේවල් වලින් ආරක්‍ෂා වෙන්නට වැඩිපුර වතුර බොන්නට සිද්ධ වෙන බවයි. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක වතුර බොන්න අමතක වෙනවා ඇති. ඒත් මේ කියන්නට යන්නේ උදේ නැගිට්ට ගමන් ම කරන දෙයක් නිසා, මුලදී අතපසු වුණත් පස්සේ ඒක පුරුද්දකට යන නිසා පහසුවෙන් ලබාගන්නට පුළුවන් වාසි රැසක් ගැන යි.

මෙය අපිට ජපානයෙන් හමුවන පුරුද්දක්. බොහෝ ජපන් කාන්තාවන් උදෑසන පිබිදුණු වහා හිස්බඩම ජලය පානය කරන අතර එම චාරිත්‍රය ජපාන සංස්කෘතියේ ඈත අතීතයේ සිටන්ම පැවත එන එකක්. දැන් විද්‍යාත්මකවද තහවුරුවී ඇත්තේ ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා තරබාරුකම, දියවැඩියාව වැනි රෝග රැසක්ම වැළකෙන බවයි. ඒ කියන්නේ, දිය වැඩියෙන් බිව්වොත් දිය වැඩියාව අඩු වෙනවා.

කරන හැටි කියන්නට කලින් ලැබෙන දේවල් කියලා ඉන්නම්. එතකොට ජලය පානය කරන්න ඕන ඇයි කියන එක මුලින් ම පැහැදිලි වේවි.

ලැබෙන වාසි

1 – පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු වීම

(wdy.h-cdn.co)

(wdy.h-cdn.co)

පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය සඳහා බිඳැලීමට හිස්බඩ ජලය පානය කිරීමෙන් සියයට විසි හතරක දායකත්වයක් ලැබෙනවා. එමගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන නිසා ආහාර ජීර්ණ අපහසුතා අවම වෙනවා. ඉතින් අපි දවසේ කන ආහාර ඉතා ඉක්මණින් දිරවන නිසා ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු තිබෙන හිසේ අමාරුව, බඩ පිරුණු ගතිය සහ නිදිමත අවම වෙනවා. එවිට ඔබේ දෛනික වැඩ කටයුතු වලට විශාල පහසුවක් ලැබෙනවා වගේම ආහාරවල පෝෂක කොටස් ඉතා හොඳින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ලද ආහාරවල උපරිම ප්‍රයෝජනය ලැබෙනවා. මෙසේ ආහාර හොඳින් ජීර්ණය වීම නිසා මළපහ කිරීමේදීත් අපහසුතා ඇති වීම බෙහෙවින් අවම වෙනවා.

2 – ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීම

(3.bp.blogspot.com)

(3.bp.blogspot.com)

ජලය පානය කරද්දී එමගින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරීත්වයට පත් කරනවා. අපි නිදාගන්නාවිට රාත්‍රියේදී ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදී ශරීරයට අනවශ්‍ය සහ අහිතකර කොටස් නිපදවෙනවා. මේ නිසා උදේම හිස්බඩ ජලය පානය කළාම මේ සියළු විෂද්‍රව්‍යයන් ඉවත් කරවන අතර ඉන් නැවුම් සහ නීරෝගී ශරීරයක් ඔබට ලැබෙන අතරම පේශී සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහළ යනවා.

3 – තරබාරු බව අඩුවීම

(s3.amazonaws.com)

(s3.amazonaws.com)

මෙය නම් ජලයේ තිබෙන අපූර්ව හැකියාවක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඒත් ඕනම නම් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා නිසා කියලා කියන්නත් පුළුවන්. කොහොමහරි, අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කළාම හිතුමතේ අපි ආහාර හෙවත් කැලරි ගොඩගසා ගැනීම නවතිනවා. ජලය නිසා බඩ පිරී ඇති බවක් දැනෙන නිසා අපි ආහාර ගන්නා ප්‍රමාණය අඩු වෙනවා. මෙය රසය නිසා ආහාර ගැනීමට පෙළඹී ඇති අයට බොහෝ වැදගත් වේවි.

4 – සම පැහැපත් වීමට සහ ලස්සන කෙස් කළඹක් සඳහා

(carliescuttingedgesalon.com)

(carliescuttingedgesalon.com)

ජලය පානය නොකොට සිටීම නිසා ශරීරය විජලනය වීමෙන් සම වියළීමට පත් වෙනවා. එමගින් අකාලයේ සමේ සිදුරුමය ස්වභාවයක් සහ රැළි වැටීමට පටන් ගන්නවා. එම නිසා හොඳින් ජලය පානය කිරීමෙන් සමේ පිරුණු ස්වභාවයක් ඇතිවීමට සහ දීප්තිමත්, හොඳ පැහැයක් ලැබීම සිදුවෙනවා. කොණ්ඩයටත් එහෙමයි. කෙස්ගසකින් 1/4කම ජලය අඩංගු වන අතර ජලය නිසිව නොලැබීමෙන් කෙස් ගැලවී යන සහ කැඩී යන ප්‍රමාණය ඉහළ යනවා.

5 – මුත්‍රාගල් සහ මුත්‍රාශයේ ආසාදන වැළැක්වීම

(comiterpa.com)

(comiterpa.com)

පිබිදුනු වහා හිස්බඩ ජලය පානය කිරීමෙන් උදරයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරී තත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකිනවා. එසේම නිතර ජලය පානය කරන්නට හුරුවීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන්ද වැළකී යන නිසා වැළඳීමෙන් පසු සිදු කිරීමට සිදුවන සැත්කම් රැසක් ඔබට සම්පූර්ණයෙන්ම වළකා දෙන්නට, කාලය හා ධනය ඉතුරු කර දෙන්නට ජලයට හැකියාව තිබෙනවා.

ජල ප්‍රතිකාරය සිදුකරන ආකාරය

නිතර අව්වේ යාම, වායු සමීකරණ ආසන්නයේ බොහෝ කාලයක් සිටීම කියන්නේ ජලය සිරුරෙන් වැඩිපුර ඉවත්වී යාමට බලපාන දේවල්. ඉතින් දවසේ සිදුවන එම විජලනය සඳහා උදේ පාන්දරින් ම එයට සූදානම් වීම සහ ඉහත සඳහන් කළ සියළු වාසි ලබා ගැනීම සඳහාත් මේ විධියට අපිට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නට පුළුවන්.

  • ඔබ උදෑසන පිබිදුනු වහා කිසිවක් ආහාරයට ගැනීමට හෝ දත් මැදීමට පෙර ජලය වීදුරු (මිලි ලීටර 160) හතරක උපරිමය තෙක් පානය කරන්න.
  • ඉදිරි විනාඩි 45 දී කිසිවක් ආහාරයට ගන්න එපා.
  • අනිකුත් වේල් වලදී ආහාර ගැනීමට විනාඩි 30කට පමණ පෙර ජලය පානය කරන්න.

ඒත් ප්‍රවේශමෙන්

(upload.wikimedia.org)

(upload.wikimedia.org)

ඔබට ජලය වීදුරු හතරක් පානය කිරීම අපහසු නම් ටිකෙන් ටික ඊට හුරු වෙන්න. හැබැයි, එය ඉක්මවා යන්නට එපා. ඉන්දියාවේත් මේ ආකාරයේ ‘ඌෂ පාන චිකිත්සාවනමින් ජල ප්‍රතිකාර ක්‍රමයක් තිබෙන අතර එහි කියවෙන්නේ ජලය ලීටර් 1.5ක් පානය කරන ලෙස යි. එහෙත් අපේ වකුගඩුවලට පැයකදී දැරිය හැකි උපරිම ජල පරිමාව වෙන්නේ මිලි ලීටර් 800ත්, 1000ත් අතර ප්‍රමාණය පමණ යි. ඒ වගේ ම ඉතා අධිකව ජලය පානය කිරීමෙන් රුධිරයේ සෝඩියම් මට්ටමද අඩුව යන නිසා සෛල විස්තාරණයවී මැරුණු ස්වභාවයකට එන්න පුළුවන්. ඒ කියන්නේ, අර “මම නම් ගගේ පනිනවා – වතුර බීලා මැරෙනවා” කියන සින්දුවේ තියෙන කතාව විහිළුවක් විතරක්ම නෙවෙයි.

කොතරම් කාලයක් කරන්නට ඕනෑද?

සාමාන්‍ය අයට වගේ ම දැනටමත් රෝගී වුණු අයටත් මේ ක්‍රමය මෙසේ නිර්දේශ කොට තිබෙනවා:

  • දියවැඩියා සහ අධි රුධිර පීඩනය ඇති අය: දින 30ක්
  • උදරයේ ආම්ලිකතාව (ගැස්ට්‍රයිටීස්): දින 10ක්
  • ක්‍ෂය රෝගය: දින 90ක්

අනුග්‍රහය Pureit – උතුරා නිවා ගත් ජලයටත් වඩා පිරිසිදු ජලය

මූලාශ්‍ර – Steptohealth.com, Healthyandnaturalworld.com

කවරයේ පින්තුරය: authoritynutrition.com

Related Articles