Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරුම පුදුම හා දුර්ලභම රෝගාබාධ – II

මිනිසුන්ට ඉතාම කලාතුරකින් වැළඳී තිබෙන, ඉතාම විශ්මයජනක, හා අවාසනාවන්ත රෝගී තත්ත්වයන් කිහිපයක් ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා. ඒ ලිපියේ දෙවන කොටසින් ඔබ වෙත ගෙන එන්නේ තවත් එවැනිම රෝගී තත්වයන් කිහිපයක් ගැන තොරතුරුයි. මේවා බහුතරයක් ජානමය තත්ත්වයන්.

Porphyria

bydewey.com

ඉතාම කලාතුරකින් කෙනෙක්ට වැළඳෙන ජානගත රෝගයක් වන මේ රෝගය ‘වැම්පයරයන්ගේ රෝගය’ ලෙස හැඳින්වෙනවා. මේ රෝගාබාධය වැළඳුණු පුද්ගලයින්ට හිරු එළියේ ගමන් කිරීමේදී හෝ සමහර විට හිරු එළියට නිරාවරණය වීමේදී පවා සමෙහි රතුවීම් හා දිය පට්ටා ඇතිවීම සිදු වෙනවා. මොවුනට සුදු ළූණු ශරීරගත වුවහොත් ඉතා දරුණු බඩ කැක්කුම් ඇති වන අතර විදුරුමස් හොඳින් නොවැඩී පසුපසට යොමු වීම නිසා උඩ හනුවේ රදනක දත් උල් වී පෙනෙන්නට පටන් ගන්නවා!.

මේ රෝගය වැළඳුණු අයෙක්ගේ මුත්‍රා හා මළ දම් පැහැති විය හැකි අතර මේ රෝගයට හේතුව ලෙස සැලකෙන්නේ උපතින්ම ඇති වන, රතු රුධිර වර්ණකය වන හිමොග්ලොබින්හි සංඝටකයක් වන හීම් නිපදවීමේ දුර්වලතාවයක්. මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි අතර විටින් විට රුධිරය ලබා දීමෙන් පාලනය කළ හැකියි. සමහර විටක වැම්පයරයන් පිළිබඳ කථා පුවත් මෙවැනි රෝගීන් අනුසාරයෙන් ලියැවුණා වෙන්නත් පුළුවන්.(1) (2)

මිනිස් වෘකයන්

policypulse.com

මේ රෝගාබාධයත් ඉතාම දුර්ලභ, ජානගත රෝගයක්. රෝගයකට වඩා විකෘතිතාවයක් කියන්නට පුළුවන්. මේ තත්ත්වයට පත් වූවන්ගේ මුළු ශරීරය පුරාම වෘකයෙකුගේ මෙන් ලෝම වැඩෙනවා. මුළු මුහුණම වැසී යන පරිදිත් ලෝම ස්ථරයක් පැන නඟිනවා. මෙයට හේතුව උපත සඳහා ජානමය සැකසීම සිදු වන විට X ක්‍රෝමසෝමයේ යම් ස්ථානයක සිදු වන විකෘතිතාවයක්. Congenital Hypertrichosis ලෙස හැඳින්වෙන මෙය සමඟ දන්ත ගැටළුත් පැන නැඟිය හැකියි.

මුළු ලෝකයේම මෙවැනි සිද්ධීන් වාර්ථා වෙන්නේ 50 ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණයි. මේ තත්ත්වයට ලක්වූවන්ගේ නීරෝගී භාවයට හා පැවැත්මට මෙය හානියක් නොවුණත් සමාජීය පැවැත්මට හා පෞරුෂත්වයට නම් හානි ගෙන දෙනවා. වර්ථමානය වන විට ලේසර් ප්‍රතිකාර ක්‍රම මඟින් රෝම ඉවත් කළ හැකි මුත්,  ජීවිත කාලය පුරාවටම නැවත නැවතත් එය කිරීමට සිදු වෙනවා.(2)

වෘක්ෂ කඳන් බවට පත් වෙන රෝගාබාධය

Anadolu Agency/Getty Images

ශරීරයක විශාල ප්‍රමාණයේ එක ඉන්නෙක් ඇති වුණත් එහි බලපෑම සැළකිය යුතු මට්ටමේ එකක්. Epidermodysplasia Verruciformis නමින් හැඳින්වෙන ජානමය රෝගය උපතින් ඇති සමහරුනට ශරීරයේම ඉන්නන් වැනි මස් වැදලි ඇති වෙනවා. මේවා රතු පාටට හුරු දුඹුරු පාටින් ඇති වන අතර නිශ්චිත හැඩයක් නැති ඒවායි. මෙහි වර්ග දෙකක් ඇති අතර පළමු වර්ගය සාමාන්‍ය ඉන්නන් ලෙස දිස් වන අතර දෙවන වර්ගය මස් වැදැල්ලක් සේ සමෙන් ඉවතට වැඩෙනවා. දෘඪ මතුපිටක් ඇති මේවා එක් වරම පෙනෙන්නේ ගසක පොතු ලෙසයි.

මේ ඉන්නන්ට හේතුව මිනිස් පැපිලෝමා වයිරසයේ (human papillomavirus (HPV)) එක් උප වර්ගයක් ආසාදනය වීම බව සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මෙය ආසාදනය වූ විට ඉන්නන් ඇති නොවුණත්, ජානමය වශයෙන් Epidermodysplasia Verruciformis  රෝගය ඇත්තෙක් වූ විට  ඉන්නන් හෝ මස් වැදලි ඇති වීම සිදු වෙනවා. මේ ඉන්නන් සමේ පිළිකා දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති අතර ඖෂධ හා සැත්කම් මඟින් පාලනය කිරීම පමණක් කළ හැකියි.(2)

ජල අසාත්මිකතාව

funbuzztime.com

ජලය සියළුම ජීවීන්ට අත්‍යවශ්‍ය සංඝටකයක්. ඇත්තෙන්ම මිනිස් සිරුරේ බරින් වැඩිමනක්ම ඇත්තේ ජලයේ බරයි. ඒ කෙසේ වෙතත් ජලයටද අසාත්මිකතා දක්වන්නන් ලෝකයේ සිටින බව ඇසුවොත් ඔබ පුදුම වේවි. මෙය ඉතාම දුර්ලභ තත්ත්වයක් වන අතර මොවුන්ගේ සම මිනිත්තුවකට වඩා ජලයට නිරාවරණය වුවහොත් කැසීම හා පළු දැමීම ඇති වෙනවා. මෙය සැබෑ අසාත්මිකතාවයක් නොවන්නේ හිස්ටැමින ක්‍රියාකාරීත්වයක් සිදු නොවන නිසායි. මේ කැසීම් සිදු වන්නේ ජලයටත් වඩා එහි අඩංගු අංශුමාත්‍රික ඛණිජ ලවණ වැනි දෑ වලට මොවුන්ගේ සම අධි සංවේදී වීම නිසා බව විද්‍යාඥයින් ප්‍රකාශ කළත් ඉතාමත් කළාතුරකින් පිරිසිදු කරන ලද ජලයටද මෙවැනි ‘අසාත්මිකතා’ දක්වන්නන් හමු වී තිබෙනවා.(3)

ශීත අසාත්මිකතාව

mddk.com

ජල අසාත්මිකතාව මෙන්ම ශීතලට අසාත්මිකතා දක්වන්නන්ද ඉතාම කලාතුරකින් ශීත රටවලින් හමු වී තිබෙනවා. ශීතල ජලය හෝ වාතයට නිරාවරණය වූ සැණින් මී මැසි දෂ්ටණයකදී හෝ රටකජු  අසාත්මිකතාවයකදී මෙන් හිස්ටැමින ක්‍රියාකාරීත්වයක් ඇති වී ඒ ඒ ස්ථාන රතු වී ඉදීමෙන්නේ රෝගය ඇති තැනැත්තාට වේදනාව හා කැසීම ඇති කරමින්. උගුරේ හෝ බෙල්ලේ ඇති වන මෙවැනි ඉදිමීමක් මාරාන්තිකද විය හැකියි. මේ සඳහා අසාත්මිකතාවයකදී ලබා දෙන ප්‍රති හිස්ටැමින ලබා දී ප්‍රතිකාර කළ යුතුයි. (3)

ආගන්තුක හස්ත රෝගාබාධය

huffingtonpost.com

ඉතාම දුර්ලභ ගනයේ ස්නායු රෝගාබාධයක් වන මෙය වැළඳුණු විට එක් අතක් හෝ කකුලක් රෝගය වැළඳුණු තැනැත්තාගේ පාලනයෙන් තොරව ක්‍රියා කිරීමට පටන්ගන්නවා. මෙයින් පීඩා විඳි පුද්ගලයන් පවසන්නේ තමන්ගේ එම අත හෝ පාදයට ‘වෙනම මොළයක්’ තිබුණා සේ හැසිරුණු බවයි. සමහර වාර්ථා අනුව මේ රෝගයට ගොදුරු වූවන් සිය නිරෝගී අතෙන් කමිසයේ බොත්තම් දමන විට අනෙක් අතින් ඒවා ගැලවීම, තමන්ටම අතුල් පහර දීම, නොදැනුවත් කමින් බෑගය ඇවිස්සීම වැනි දේ ඔවුන් අරබයා සිදු වී තිබෙනවා.

මෙයට හේතුව ලෙස විද්‍යාඥයින් දක්වන්නේ මොළයේ සැත්කමක අතුරු ආබාධයක් හෝ මස්තිෂ්ක අර්ධගෝල දෙක එකතු වන ස්ථානයේ සිදුවන ආබාධයක් හෝ අනතුරක් නිසා මේ තත්ත්වය ඇති විය හැකි බවයි.මේ රෝගයට බඳුන් වූවන්ගේ මොළයේ අර්ධගෝල දෙකට සෑහෙන දුරට ස්වාධීනව කටයුතු කළ හැකි අතර ඒ දෙකෙහි සම්බන්ධය අඩපණ වීමෙන් එකිනෙක සම්බන්ධ නැති තීරණ දෙකක් එක් වර ගැනීම සිදු විය හැකි බව ඔවුන් තව දුරටත් පවසනවා. මේ තත්වය නිට්ටවටාම සුව කළ නොහැකි අතර බොටුලිසම් විෂවීම සඳහා ලබා දෙන ඖෂධ වලින් රෝගයට ලක් වූ අයට සහනයක් ලැබී තිබෙනවා. (2)

මෝබියස් සින්ඩ්‍රෝමය

dreamresearchgroup.com

මේ රෝගාබාධයත් ඉතාම දුර්ලභ ජානමය රෝගයක්. මේ රෝගය වැළඳුණු අයගේ මුහුණේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. ඔවුනට සිය ඇස් වැසීම, ඔබ මොබ බැලීම, හිස වැනීම ඇතුළු සියළුම භාව ප්‍රකාශන කිරීමේ හැකියාව අහිමි වෙනවා. මේ රෝගාබාධය සමඟ විකෘති අත පය ඇති වීමත් සිදු විය හැකියි. මේ රෝගය ජානමය එකක් වුණත් ප්‍රවේණිගතව හඳුනාගන්නට විද්‍යාඥයින් තවම සමත් වෙලා නැහැ. ජාන විකෘතියක් මීට හේතු විය හැකි අතර ජීවිත තර්ජනයක් නොමැති එකක්. මේ රෝගයෙන් පීඩා විඳින්නන්ට මුහුණෙන් දෙන හැඟීම් අත පයින් හා වචනයෙන් පෙන්වීමට හුරු කළ විට සාමාන්‍ය ජීවිතයක් ගෙවිය හැකි වෙනවා. (1)

(කවරයේ පින්තූරය- youtube.com)

මූලාශ්‍ර

  1. edition.cnn.com
  2. thehealthsite.com
  3. iflscience.com

Related Articles