Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීතිරීති වලට සිර වී ගෙවන රාජකීය ජීවිත

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ උපත ලැබීමට එම පවුලේ සාමාජිකයන් බොහෝ සෙයින්  වාසනාවන්ත විය යුතුය. නමුත් ඇතැම් අවස්ථාවලදී රාජකීය පවුලේ සාමාජිකයකු වීම හේතුවෙන් ජීවිතය අලස වී ඇති බව ඔවුන්ට ඔවුනට හැඟී යනු ඇත. එයට හේතුව වන්නේ රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස ඔවුන්ට අනුගමනය කිරීමට සිදුවන සිරිත් විරිත් මාලාවය.

ස්පර්ශය පවුලේ අයට සීමා වේ

රාජකීය නොවන පුද්ගලයන්ගේ ස්පර්ශය රාජකීය පවුලේ සාමාජිකයන්ට තහනම් වේ. නමුත් මෙම රීතිය නම් නිරන්තරයෙන් කඩවන රීතියකි. බොහෝ අවස්ථාවලදී ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නළු නිලියන් වැනි පුද්ගලයන් මුණ ගැසුණු විටදී රාජකීය පුද්ගලයන්ට එවැනි රීති අමතක වී යාම සාමාන්‍ය දෙයකි. එමෙන්ම මෙම රීතිය ඩයනා කුමරිය විසින් නිරන්තරයෙන් කඩ කළ අතර, ඇය නිරන්තරයෙන්ම සාමාන්‍ය පුද්ගලයන් සමඟ සාමාන්‍ය කාන්තාවක මෙන් හැසිරෙමින් සුහදශීලීව කටයුතු කළාය. විවාහක රාජකීය යුවළ වුවද සාමාන්‍ය ජනතාව ඉදිරිපිට වැදගත් ලෙස හැසිරිය යුතු අතර, ප්‍රසිද්ධියේ අතිනත පටලාගෙන සිටීමත් රාජකීයන්ට තහනම්.

ඡන්ද අයිතිය නැත

මැතිවරණවලදී ඡන්දය භාවිත කිරීමේ හැකියාව රාජකීය පවුලට හිමි අයිතියක් නොවන අතර, එයට හේතුව වන්නේ ඔවුන්ගේ දේශපාලන මතය හරහා සාමාන්‍ය ජනතාව අනවශ්‍ය ලෙස බලපෑමට ලක්වීමට හැකියාව තිබීමයි. පවතින දේශපාලන පසුබිමට කුමක් වුවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් රැජිණට සහ රාජකීය පවුලට ගෞරව කිරීම මෙයට එක් හේතුවකි. දේශපාලන කාර්යාල පවත්වාගෙන යාමද තහනම් වන්නේ ඉහත හේතුව මතය.

මුහුදු ජීවින් ආහාරයට ගැනීම තහනම්

මුහුදු බෙල්ලන්ගෙන් සාදනු ලබන ආහාර වැනි මුහුදු ජීවින් සහ ශාක ඇසුරින් සකසන ආහාර අනුභවකිරීමටත් රාජකියන්ට තහනම්. මෙම තහනම සඳහා හේතුව වන්නේ මෙවැනි ආහාර හරහා විවිධ ආකාරයේ අසාත්මික තත්වයන් ඇතිවීම වළක්වා ගැනීමයි. නමුත් මෙයත් නිරන්තරයෙන් කඩවන රීතියක්.

රෝමානු කතෝලික භක්තිකයන් වීමට නොහැකි වීම

මෙම රීතියට 2011 වර්ෂයේ යම් යම් වෙනස් කිරීම් සිදු කරනු ලැබූ අතර, රෝමානු කතෝලික විශ්වාසයන් දරන පුද්ගලයෙකු රාජකීය පවුලේ සාමාජිකයෙකු සමඟ විවාහ වුවහොත් ඔවුන්ට එංගලන්තයේ පල්ලිය වෙත විශ්වාසය සහ පක්ෂපාතිත්වය දැරීමට සිදු වේ.

සත්ත්ව ලොම්වලින් සකසන ලද ඇඟලුම් භාවිතා කිරීම තහනම් වේ

marieclaire.com – (කේට් කුමරියගේ හිස් වැසුම සත්ත්ව ලොම්වලින් නිමවා ඇත)

මෙම රීතිය තුන්වැනි එඩ්වඩ් රජු පැනවූවක් වන අතර, රාජකීයයන් විසින් මෙම රීතියත් කඩ කරමින් බොහෝ  අවස්ථාවල ලොම්වලින් සැකසු ඇඟලුම් භාවිත කරනු ලබයි.

රාජකීය පවුලේ උරුමකරුවන්ට එක්ව එකට ගමන් බිමන් යාම තහනම්

රාජකීය පෙළපතේ අනාගතය රැක ගැනීමට සිටින රාජකීය පවුලේ උරුමකරුවන් අනතුරට ලක්විය  හැකි අතර, සියලු දෙනා එක්ව ගමන් කිරීමේදී අවදානම ඉහළ නිසා මෙම රීතිය පනවා ඇත.

රාජකීය පවුලේ සියලු දෙනා නත්තල එකට සැමරීම සිදු කළ යුත්තක්

සෑම වසරකම රාජකීය පවුලේ සියලුම දෙනා නත්තල එකට ගතකළ යුතුය. එම රීතිය ද රජ පවුලේ අය කඩ කරනු ලබන අතර, එය රැජිණගේ දෝෂ දර්ශනයට ලක්වන පුරුද්දකි. කේට් කුමරිය මෙම සිරිත පසෙකට දමා එක වරක් තම පවුලේ සාමාජිකයන් සමඟ නත්තල සැමරීමට තීරණය කරන ලදී.

රැජිණ ආහාර ගැනීම නැවැත්වූ පසු අනෙක් සාමාජිකයන්ට ආහාර ගැනීම තහනම්

රාජකීය පවුලේ සියලු දෙනාම රැජින සමඟ එක්ව එකට ආහාර ගත යුතු අතර, රැජිණ ආහාර අනුභවය නවත්වන විට අනෙක් සාමාජිකයන් ද ඉන්පසු ආහාර ගැනීම නැවැත්වීම තවත් එක රීතියකි.

රාජකීය කුමරියන් වර්ණවත් නිය ආලේපන භාවිත නොකිරීම

marieclaire.com (කේට් කුමරිය නිර්වර්ණ නිය ආලේපනයක් භාවිතාකර ඇත)

මහජනයා සමඟ ගැවසෙන අවස්ථාවලදී වර්ණවත් නිය ආලේපන භාවිත නොකිරීමට රාජකීය කුමරියන් වගබලාගත යුතු අතර, මෙම රීතිය කේට් කුමරිය හරහා දැකගත හැකිය. එමෙන්ම ඇය තද පැහැති වර්ණයෙන් යුතු තොල් ආලේපන භාවිත නොකරන්නේ රැජිණ තද වර්ණ වෙත රුචි නොවන නිසාවෙනි.

දිගින් අඩු ඇදුම් ඇදීම තහනම්

ඉතාම කෙටි ඇදුම් පැළදුම්වලින් සැරසීම රාජකීය කාන්තාවන්ට තහනම් වේ. සියළුම ඇදුම් දණහිස  මට්ටමට දික්විය යුතුය.

wedge පාවහන්  පැළඳීම තහනම්

media1.popsugar-assets.com (රැජිණ ඇය සමග නොසිටින අවස්ථාවක එම විලාසිතාවේ පාවහන් පළදිමින්)

රැජිණ ඉදිරියේ මෙම විලාසිතාවෙන් යුතු පාවහන් පැළදීම රාජකීය කුමරියන්ට තහනම් වන අතර, රැජිණ එම විලාසිතාවට ප්‍රිය නොකිරීම එයට හේතුවකි.

රාජකීය කුමරියන් කබායක් සහිත ඇඳුම් පැළදුම් ඇඳිය යුතුය

marieclaire.com (රැජිණ සහ කේට් කුමරිය කබායකින් සහ ඉතා විශාල නොවන හිස් වැසුමකින් සැරසී සිටී)

සාමාන්‍ය ජනතාව ඉදිරියේදී කබායක් සහිත ඇඳුම් ඇඳීම සිදුකළ යුතු අතර, උණුසුම දැනුණද, සාමාන්‍ය කාන්තාවන් මෙන් කබාය ඉවත් කිරීම  සිදු නොකළ යුත්තකි.

අත් බෑගයටත් නීති රීති

එමෙන්ම යම් අත් බෑගයක් භාවිත කිරීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු රීතින් තිබේ. එමෙන්ම උරහිසේ එල්ලගෙන යනු ලබන අත් බෑගයන් භාවිතය තහනම් වන අතර, යම් මේසයක් හෝ පුටවක් මත එම බෑගය තැබීම හෝ අමතක කර යාම තහනම් කර තිබේ.

රාජකීය ලියවිල්ලකට හැර වෙනත් ලියවිල්ලකට අත්සන් කිරීම තහනම්

මේ මගින් අදහස් වන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට තම අත්සන යෙදූ සමරු සටහන් ආදිය ලබාදීම රාජකීය පවුලේ සාමාජිකයන්ට තහනම් වේ.

වැදගත් ලෙස සැරසීම

රාජකීය පවුලේ සාමාජිකයන් ඉතාම වැදගත් ලෙස තම ඇඳුම් පැළදුම් භාවිත කළ යුතු අතර, ඔවුන්ගේ ඇඳුම් පැළදුම් හරහා අනවශ්‍ය පණිවිඩයන් ලබාදීම සිදු නොවන ආකාරයේ විලාසිතාවන් විය යුතුය. රාත්‍රී ආහාරයට තේ පානය කරන වෙලාවට වැදගත් ලෙස ඇඳුම් පැළදුම් භාවිත කිරීම අනිවාර්ය වේ.

හිස් වැසුම අනිවාර්යයි

සෑම රාජකීය කාන්තාවක්ම හිස් වැසුමක් පැළදිය යුතු අතර, එය අනවශ්‍ය ලෙස විශාල නොවිය යුතුය.

රැකියාවක් කිරීම රාජකීය කුමරියන්ට තහනම්

කේට් කුමරිය උපාධිධාරිනියක වන අතර, විවාහයට පෙර තම දෙමව්පියන්ගේ ව්‍යාපාරයක ඇය සේවය කරන ලදි. නමුත් විවාහයෙන් පසුව ඇයට රැකියාවක් කිරීම තහනම් වන්නේ රාජකීය රීති අනුවය.

මීට අමතරව තවත් නීති රීති ගණනාවකට රාජකීය පවුලේ සාමාජිකයන්ට අනුගත වීමට සිදුවන අතර, ඇතැම්විට එම රීති කඩ වීම වළක්වාගනු පිණිස ඔවුන් සිය සාමාන්‍ය ජීවිතයේ පවා සිරගත කරන ලද රාමුවක් තුළ ජීවත්වන බව පැහැදිළියි.

කවරයේ පින්තූරය: uploads.neatorama.com

මූලාශ්‍ර  

1.brightside.me

2.www.harpersbazaar.com

3.twentytwowords.com

Related Articles