Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංහිඳියාවට අත්වැලක් වූ ඉන්දීය සිනමා නිර්මාණ

ඉන්දියාව කියන නම ඇසීමත් සමඟ “ඉන්දියානු සිනමාව” කියන වචනයත් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙනවා. ඉන්දියානු සිනමාව කියන්නෙ ම වෙනම සංස්කෘතික හැඩයක්. ලෝක ප්‍රසිද්ධ, බොහෝ තැන්වල දී සම්මානයට පාත්‍රවන, ආදායම් උපයන, ඉන්දීය සන්නාමයක් ගොඩනඟන චිත්‍රපටිවලින් ඉන්දීය සිනමාව පොහොසත්.

ප්‍රාන්ත 29කට බෙදා පාලනය වන ඉන්දියාව තුළ ප්‍රධාන භාෂා 22ක් භාවිත වෙනවා. ප්‍රාන්ත භාෂා සමඟ ඉන්දී්‍ය සිනමාව ඒ ඒ ප්‍රාන්තයට ආවේණික වූ ලක්ෂණ සමඟ බැඳී තිබෙනවා.  කුමන භාෂාවකින් යුත් චිත්‍රපටයක් නිර්මාණය වුවත් ඉන්දීය සිනමාව තුළ දකින්නට පුළුවන් පොදු ලක්ෂණ රැසක් හඳුනා ගන්නට පුළුවන්. ඒ සෑම නිර්මාණයක් ම එරට දේශපාලනය, සාහිත්‍යය, කලාව, පොදු ජන ජීවිතය, ජන කොටස් අතර සමීපතාව, ප්‍රේමය, ආදරය, සංස්කෘතීන් අතර මිශ්‍රවීම, එකිනෙකා අතර  අවබෝධය ඇති කිරීම වගේ ම රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් සපයනවා. 

ඉන්දියාවේ සහ පාකිස්තානය 1947 දී ස්වාධීන රාජ්‍ය දෙකක් බවට බෙදී වෙන් වී යාමත් සමඟ ම ඔවුනොවුන් සතුරන් බවට පත් වුවත් මෙම රටවල් දෙක ම එකිනෙකා කෙරෙහි තවදුරටත් බැඳී පවතින බවට ඉන්දියානුවන් මෙන්ම පාකිස්තානුවන් පවා විශ්වාස කරනවා. මෙම රටවල් දෙක අතරෙහි පවතින මිත්‍රත්වය වෙනුවෙන් බොහෝ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරුන් විවිධ නිර්මාණ ඉන්දීය සිනමාවට දායාද කර තිබෙනවා.

අයෝධ්‍යාහි බබ්‍රි මුස්ලිම් පල්ලිය විනාශකිරීම(1992)
අයෝධ්‍යාහි බබ්‍රි මුස්ලිම් පල්ලිය විනාශකිරීම (1992) –  livemint.com

 

1992 වර්ෂයේ දී අයෝධ්‍යාහි බබ්‍රි මුස්ලිම් පල්ලිය හින්දු අන්තවාදීන් විනාශ කිරීමේ සිදුවීමත් සමඟ ඉන්දියාවේ හින්දු – මුස්ලිම් විරසකය වැඩිවශයෙන් මතු වූවා.  රාම් දෙවොල  ඉදි කිරීම සඳහා හින්දු අන්තවාදීන් සිදු කළ මේ විනාශයත් සමඟ ඉන්දියාව ම භිතියට පත්වෙනවා. මෙවැන්නක් මහා ජාතිවාදි අරගලයක මූල බීජය පවා විය හැකි යි.

මෙම විනාශය නිසා සිදුවූ බිදවැටීම්වලට සංවේදි නොවී සිටීමට හැකියාවක් කිසිවකුටත් තිබුණේ නැහැ. එහෙයින් බොහෝ කලාකරුවන් ඉන්දීය ජාතිකත්වයක් නිර්මාණය කිරීම සදහා තමන් නිරත ව සිටින කලාව අවියක් කර ගැනීමට පෙලඹෙනවා. ඉන්දීය සිනමාව තුළ මේ සදහා සුවිශේෂි අඩිතාලමක් දැමූ අධ්‍යක්ෂවරයකු ලෙස මනිරත්නම් හැදින්විය හැකි යි. 1992 දී එළි දුටු රෝජා ඔහුගේ අධ්‍යක්ෂණයක්.

Roja
Roja චිත්‍රපටය (1992) – cinestaan.com

1. රෝජා (1992)

1992 දී තිරගත වන රෝජා චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ අරවින්ද ස්වාමි සමඟ මධු ෂා. සංගීතය ඒ. ආර්. රහ්මන්. දේශයට ඇති ප්‍රේමය සමඟ බැඳී පවතින රෝජා චිත්‍රපටයේ හරිහරන් ගායනා කරන “Thamiza Thamizha” නම් වූ  ගීතය අද ද ඉන්දියාව තුළ පොදු ස්ථාන පාසල් විවිධ ආයතන තුළදීත්, ඉන්දියානු ඉතිහාසය පිළිබඳ ව සුවිශේෂී අවස්ථාවල දීත් ඉන්දියානුවන් මහත් අභිරුචියකින් යුතුව ශ්‍රවණය කරන, ගායනා කරන ගීතයක් බවට පත් ව තිබෙනවා.

“පන්ජාබයේ , මහාරාෂ්ට්‍රයේ, ඇසෑම්යේ ගුජරාටයේ හෝ කාෂ්මීරයේ මදුරාසියේ හෝ කුමන තැනක ජීවත් වුවත් හින්දු මුස්ලිම් සියල්ලෝ ඉන්දියානුවන්” බව මෙම ගීතයෙන් ගම්‍යවෙන සරල අර්ථය යි. මෙම සරල අරුතට බොහෝ ඉන්දියානුවන් අදත් එදා මෙන් ආදරය කරනවා.

මේ එම Thamiza Thamizha ගීතය යි. 

Bombay
බොම්බේ චිත්‍රපටය (1995) – newsrunning.com

2. Bombay (1995)

මනිරත්නම්ගේ 1995 දී තිරගත වන බොම්බේ චිත්‍රපටයත් ඉන්දියාව තුළ හින්දුවරුන් සහ මුස්ලිම්වරුන් අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය, විශ්වාසය නැවත වතාවක් ඇති කිරීමට සමත් වූ නිර්මාණයක්. අරවින්ද ස්වාමි, මනීෂා කොයිරාල, නසාර්, සොනාලි බෙන්ද්‍රි, ප්‍රකාෂ් රාජ්, වැනි සිනමාවේ දැවැන්තයන් රංගනයෙන් දායක වුණු බොම්බේ චිත්‍රපටය හින්දු තරුණයෙක් සහ මුස්ලිම් තරුණියක් අතරේ ඇතිවන ප්‍රේමය පිළිබද කියවෙන සංවේදි නිර්මාණයක්.

1992 දී සිදුවන බබ්‍රි පල්ලිය විනාශකිරීමේ සිදුවීම පසුබිම් කර ගනිමින් මනිරත්නම් මෙහි කතාව ගොඩ නඟනවා. මෙම කාලවකවානුව තුළ වර්ධනය වෙමින් පැවතුණු හින්දු – මුස්ලිම් විරසකයත්, තමන් ඉපදුණු ජාතිය නිසා සමාජය තුළ පීඩනයට පත් වූ  තරුණ ප්‍රජාවටත් දිව ඔසුවක් බවට මෙම චිත්‍රපටය පත්වෙනවා.

හින්දු – මුස්ලිම් අවිශ්වාසය දුරු කර ජාතීන් අතර සහෝදරත්වය, ප්‍රේමය, ගෞරවය, විශ්වාසය වැනි හැඟීම් ජනිත කිරීමට මෙහිදී අධ්‍යක්ෂකවරයා උත්සාහ ගන්නවා, මෙම චිත්‍රපටය ප්‍රබල ජාතික හැඟීමක් වර්ධනය කිරීමට සමත් වූ නිර්මාණයක් බව නොරහසක්. 

Dil Se Swades (1998)
Dil Se චිත්‍රපටය(1998) – netflix.com

 

1998 වර්ෂයේ දී ශාරුක් ඛාන් සහ මනීෂා කොයිරාල රංගනයෙන් දායක වුණු Dil Se චිත්‍රපටයත් මේ ආකාරයෙන් ම ඉන්දියාවේ පැවතුණු සංස්කෘතික ඛේදවාචකය නිසා ජාතීන් අතර සිදු වූ දෙදරා යාම සමනය කිරීමට සමත් වූ සුවිශේෂී නිර්මාණයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒ. ආර්. රහ්මන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු, ජාතිය, ආගම, භාෂාව, වයස, සමාජ මට්ටම වැනි සීමාමායිම්වලින් තොර ව ප්‍රේමය පිළිබද සිතීමට අවස්ථාව උදා කළ චිත්‍රපටයක්.

මනිරත්නම්ගේ Terrorism Trilogy ලෙස විචාරකයන් හඳුන්වන මෙම චිත්‍රපට තුන ම ජාතික සංහිඳියාව පිළිබඳ කතා කරන විට අමතක කළ නොහැකි ඉන්දීය සිනමාවට දායක වුණු විශිෂ්ට නිර්මාණ ත්‍රිත්වයක්.

Veer Zaara චිත්‍රපටය()
Veer Zaara චිත්‍රපටය(2004) indiatimes.com

4.Veer Zaara (2004)

දේශ සීමාවකින් බෙදී වෙන්වුවත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිබඳ ව ඉතා සංවේදීව කතා කරන යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ  Veer Zaara චිත්‍රපටය ඉන්දීය සිනමාවේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් සේ සලකන්නට පුළුවන්. 2004 දී තිරගත වූ මෙම මෙම චිත්‍රපටය සඳහා ශාරුඛ් ඛාන්, ප්‍රීති සින්ටා, රාණි මුඛර්ජි වැනි දැවැන්තයන් රංගනයෙන් දායක වුණා.

මෙම චිත්‍රපටය ඉන්දියානුවන් මෙන් ම පාකිස්නුතාවන් ද සසල කිරීමට සමත් වූ නිර්මාණයක්. ඉන්දියානු හමුදා සෙබළෙක් සහ පාකිස්තාන ජාතික තරුණියක් අතර ඇතිවන අනුවේදනීය ප්‍රේමය තේමාව කොටගත් මෙම නිර්මාණය, රටවල් දෙක කෙතරම් වෙන් ව සිටීමට උත්සාහ කළත් ඔවුන්ගේ ජීවන විලාසය, භූගෝලීය පරිසරය, ආහාරපාන, සංස්කෘතිය, භාෂාව එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස එකට ගැට ගැසී තිබෙන බවට යළිත් මතක් කළ නිර්මාණයක්. 

 මෙම චිත්‍රපටය දෙරටෙහි ම දේශපාලනඥයන් අතර පවා ඔවුන්ගේ මතවාදවලට  යම් ආකාරයක වෙනසක් එක් කිරීමට සමත් වුණු නිර්මාණයක්. එවකට පාකිස්තාන ජනාධිපති ෆර්විස් මුෂාරෆ්, Veer-Zaara තමා නැරඹූ සොඳුරුත ම චිත්‍රපටයක් බව එක් අවස්ථාවක දී පවසනවා. මෙහිදී Saamiyaගේ චරිතය රඟදක්වන රාණි මුඛර්ජි සැබවින් ම සාමයේ දූතිකාවක් බව ඔහු පවසනවා. මෙම චිත්‍රපටයට දායක වූ නළු නිළියන් සලකන විට ඔවුන් හින්දු සහ මුස්ලිම් යන ආගම් දෙකම නියෝජනය කරන අය වීම විශේෂිත යි. ඒ අතිනුත් Veer-Zaara ඉතා සුවිශේෂී නිර්මාණයක් වෙනවා. 

Swades  චිත්‍රපටය(1998)
Swades චිත්‍රපටය(2004) netflix.com

5. Swades (2004)

2004 වර්ෂයේදී තිරගත වූ Swades චිත්‍රපටයත් ඉන්දියානු ජාතිකයන් තුළ ඉන්දියානු ජාතිකත්ව හැඟීම් වර්ධනය කිරීමට සමත් වුණු තවත් සුවිශේෂී නිර්මාණයක්.  Imdb දර්ශකයේ 8.1ක අගයක් ලබා ගැනීමට සමත්වූ මෙම නිර්මාණයට ශාරුක් ඛාන්, ගයාත්‍රි ජෝශි රංගනයෙන් දායක වෙනවා. කතා තේමාව පිළිබද අවධානය යොමුකළොත් මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ දැනට අමෙරිකාවේ ජීවත්වන සාර්ථක විද්‍යාඥයෙක් කුඩා කල තමන් රැකබලා ගත් කාන්තාව නැවත දැක ගැනීම සඳහා කුඩා ඉන්දියානු ගම්මානයකට පැමිණීම යි.

එතැන් සිට ඉන්දියාව යනු කුමක්දැයි ලෝකයට කියා දක්වන, ඉන්දියාවේ වටිනාකම ඉන්දියානුවාට නැවත වතාවක් වටහා දෙන්නට සමත් වුණු කතාවක් ලෙසට Swades හැඳින්විය හැකි යි. Ashutosh Gowariker ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඒ. ආර්. රහ්මන්ගේ සංගීතයෙන් හැඩවුණු චිත්‍රපටය මනරම් ගීත කිහිපයකින් සමන්විත යි.

මේ එහි එන Ye Do Des Hi Tera නම් ගීතය යි: 

6. Chakde India (lets go India)

පකිස්ථානය සහ ඉන්දියාව අතර හොකී ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේදි ඉන්දියාවේ පරාජයට වගකිව යුතු යැයි ඉන්දියානුවන් චෝදනා කල මුස්ලිම් ජාතික ක්‍රීඩකයා කබීර් ඛාන්!

Chak de India  චිත්‍රපටය
Chakde India චිත්‍රපටය(2007) – yashrajfilms.com

කබීර් ඛාන් තම දේශය වෙනුවෙන් වන පක්ෂපාතිත්වය නැවතත් ඔප්පු කිරීමට දරන උත්සහය, අප්‍රතිහත ධෛර්යයය, පිළිබඳ කතාව Shimit Amin, 2007 වසරේදී  තිරයට නඟන්නේ Chakde India නමින්.

බොහෝ ඉන්දියානුවන් මහත් අභිරුචියෙන් වැලඳගත් ශාරුක් ඛාන්, කබීර් ඛාන් හෙවත් ඉන්දියානු ජාතික කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය තමන්ගේ ජාතික ක්‍රීඩාවට ඇති කැමැත්ත ඉන්දියානුවන් තුළ වඩාත් වර්ධනය කිරීමට සමත් වුණා. Imdb දර්ශකයේ 8.1 අගයක් ලබා ගැනීමටත් සමත් වූ නිර්මාණයක්. 

Fanna  චිත්‍රපටය(2007)
Fanna  චිත්‍රපටය(2006) yashrajfilms.com

5.Fanna (2006)

2006 වර්ෂයේ දී විකාශය වූ Kunal Kohil අධ්‍යක්ෂණය කළ Fanna චිත්‍රපටය මෑත කාලීන ව ඉන්දියානුවන් තුළ වඩාත් සංවේදී හැඟීම් ඇති කිරීමට සමත් වූ දැවැන්ත නිර්මාණයක්. 7.1ක IMDb අගයක් සහිත මෙම  චිත්‍රපටිය  සදහා රංගනයෙන් අමීර් ඛාන්, කාජල්, රිෂී කපූර්, තාබු වැනි ප්‍රවීණයක් දායක වෙනවා. ආදිත්‍ය චොප්රා සහ යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ Fanna චිත්‍රපටයත් ජාතිකත්වය, ප්‍රේමය, ත්‍රස්තවාදය නිසා බිඳවැටෙන විශ්වාසය වැනි මාතෘකා තුළ නිරන්තරයෙන් කතා බහට ලක්වෙන තවත් ඉන්දියානු සිනමා නිර්මාණයක්.

මෙම නිර්මාණවලට අමතර ව බෙංගාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරියක වන අපර්ණා සෙන් ගේ Mr and Mrs අයියර් චිත්‍රපටය, 2001 වර්ෂයේ දි තිරගත වුණු අමීර් ඛාන්, රඝුවීර් යාදෙව් රංගයෙන් දායක වන “ලගාන්” චිත්‍රපටය, 2006 වර්ෂයේ දී තිරයට නැඟෙන අමීර් ඛාන් සහ සෝහා අලිඛාන් රඟන “Color It Yellow” චිත්‍රපටය, අජේ දෙව්ගන්ගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් හැඩගැන්වුණු, 2002 දී සිනමාවට නැඟුණු “The Legend of Bhagat Singh “චිත්‍රපටය, මෙන් ම මේ දිනවල දී තිරගත වන දුල්කර් සල්මාන් සහ මෘනාල් තාකුර් රංගන දායකත්වය ලබා දෙන “සීතා රාමම්” තෙළිඟු චිත්‍රපටය ආදි වූ නිර්මාණ රැසක් මෙම ගණයේ ලා සැලකිය හැකි යි.

Lagaan Movie
Lagaan චිත්‍රපටය (2001) IMDb.com

සිනමාව විනෝදාස්වාදය පමණක් ජනිතකරවන මෙවලමක් පමණක් බවට පත් නොකර ප්‍රබල භාව ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්කොට ඒ හරහා ඉන්දියානු සමාජය තුළ සංහිදියාව පිළිබද හැඟීම් වර්ධනය කිරීමට මෙම නිර්මාණ තම දායකත්වය ලබා දී ඇති බව නොරහසක්.

කවරයේ ජායාරූපය: සීතා රාමම් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයකි - economictimes.indiatimes.com

මූලාශ්‍ර: දෙසතිය. සුභා රත්නායක (පිටු අංක 40). රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. 2018

 indiancinema.sites.uiowa.edu/dil-se

www.imdb.com

timesofindia.indiatimes.com

Related Articles