Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දවසටම විනාඩි 22ක් අපි අපිටම වෙන් කරමු ද?

අපි කාලයත් එක්ක ඔට්ටු වෙන්න මේ වෙනකොට ලොකු වෙහෙසක් ගන්නවා. උදේම නැගිටිනවා. ගෙදර වැඩ කරනවා. ඔෆිස් යනවා. ගෙදර එනවා. ආයෙත් ගෙදර වැඩ. මේ වගේ කලාවක් නැති ජීවන චර්යාවන් එක්ක ඉන්න කොට, අපිට ඉබේටම අපේ සෞඛ්‍යය ගැන හිතන්න තියෙන වෙලාව නැති වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපි අපිව මතක කරලා අනිත් අය වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය විතරක් නෙමෙයි අපේ සෞඛ්‍යත් කැප කරනවා. හැබැයි දවසට තියෙන විනාඩි 1440න් අපිට අපේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනා වෙන්න් හරියටම විනාඩි 22ක් විතරයි. මොකද සාමාන්‍යයෙන් විනාඩි 22ක කාලයක් අපිට සෞඛ්‍ය සම්පන්නව ඉන්න හොදටම ප්‍රයෝජනවත් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තියෙන නිසා. හැබැයි ඇත්තටම මේ විනාඩි 22ක් අපිට අපේ සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරලා ඇති ද?

අපි මේ කියන්නේ ඔබට විනාඩි 22ක් ඇතුලේ කරන්න පුළුවන්, ශරිරයට වගේම, මානසික සෞඛ්‍යට වැදගත් ක්‍රියාකාරකම් හා ඒවා ඔබේ ශරීරයට බලපාන ආකාරය ගැන යි.

නර්තනයේ යෙදෙන්න

අපි සාමාන්‍යයෙන් කලාව එක්ක ලොකු බැඳීමක් තියෙන රටක්. ඉතින් දිනපතා සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් අපූරු ක්‍රමයක් තමයි නර්තනය කියන්නේ. නර්තනය වෙනුවෙන් අපට වෙනම කාලයක් විශේෂයෙන්ම කියලා වෙන් කරන්න ඕනා නෑ.

වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර තමන්ගේ තැනක, තමන්ට පහසු අයුරින් විනාඩි 22ක් නර්තනයේ යෙදෙමින් ගත කරන්න පුළුවන් නම් අපිට අපේ ශරිරයට වගේම අපේ මනසටත් විශාල නිදහස් බවක් ලබා ගන්න පුළුවන්.

එමෙන්ම මේ මඟින් හදවතේ රිද්මය නිසි ආකාරව තබා ගැනීමත් පුළුවන්. තරබාරු බව අඩු කරගැනීමටත් නර්තනය ඉවහල් වෙනවා.

නර්තන ඉරියව්වකින් ඉරියව්වකට විනාඩි 22ක් තුළ දී දහනය වෙන කැලරි ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා.

huffpost.com

පීනන්න

පිහිනීම කියන්නේ නම් ටිකක් වෙලා අරගෙන කරන්න ඕනා දෙයක්. අපි ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕනා. දවසකට ඔබට පිහිනීම වෙනුවෙන් විනාඩි 22ක් වැය කරන්න පුළුවන් නම් ඒ මඟින් ඔබේ ශරීරයේ මාංශපේශී වලට වගේම ශරීරයේ බොහෝමයක් ඉන්ද්‍රියයන් වලට නිරායාසයෙන්ම ව්‍යායාමයක් ලැබෙනවා.

ඒ වගේම පිහිනීම මානසික ඒකාග්‍රතාව නිසි පරිදි තබා ගැනීමට ද උපකාරී වෙනවා. මේ හරහා ශරීරයේ නිවැරදි බර පවත්වා ගැනීම, හදවත හා පෙනහැළි සෞඛ්‍යමත්ව තබා ගැනීමට ද විශාල පිටුවහලක් ලබා දෙනවා.

ඔබත් ශරීරය ගැන සිතන, පිහිනීමට ආස හා දක්ශ අයෙකු නම් දිනකට විනාඩි 22ක් පිහිනීම ඔබේ ශරීරයට විශාල සහයක් වේවී.

බැඩ්මින්ටන් සෙල්ලම් කරමු

ගොඩාක් දෙනෙක් දන්න ක්‍රීඩාවක් නේ badminton කියන්නේ. අපි පොඩි කාලේ ගැහැණු පිරිමි බේදයකින් තොරව මේ ක්‍රීඩාවට ආදරය කළා. බැඩ්මින්ටන් ක්‍රීඩාව ආසන්න වශයෙන් විනාඩි 30ක් තුළ කැලරි 225ක් පමණ දහනය කරනු ලබනවා. මේ නිසා ඔබේ මුළු ශරීරයටම ව්‍යායාමයක් ලැබෙනවා. බැඩ්මින්ටන් ක්‍රීඩාව මානසික ආතතිය වගේම කාංසාවටත් අමතර ප්‍රතිකාරයක්. මෙය නිදි උත්තේජනයක් ලෙස ද සැලකෙනවා. එමෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාව අධික රුධීර පීඩනය, දියවැඩියාව පාලනය කිරීමට මෙන්ම මෙන්ම ශරීරයේ බර නිසි පරිදි පවත්වාගෙන යාමට ද උපකාරී වෙනවා. එමෙන්ම හෘදයාබාධ අවධානම අඩු කිරීමට ද මේ ක්‍රීඩාව ඉවහල් වෙනවා.

badminton-coach.co.uk

බයිසිකල් පදින්න

අපි ගොඩාක් වේලාවට පයින් යන්න බෑ වගේ කියලා හිතෙන දුරවල් ටුක් එකක වගේ යන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වුනාට පයින් යන්න එච්චරම අමාරු නම් පා පැදියකට මාරු වෙන්න ඔබටත් පුළුවන්. පා පැදියක් කියන්නේ අද කාලේ හැටියට එච්චර ලොකු ගාණක් වියදම් නොකර ගන්න පුළුවන් වාහනයක් නේ. තෙල් වියදමකුත් නෑ වගේම ඒ සඳහා විශේෂ පුහුණුවීමක් ලබා ගත යුතුත් නැහැ.

බයිසිකල් පදින ඒක ශරීරයට ඔච්චරටම වැදගත් ද? ඔව්. බයිසිකල් පදින එකෙන් අපේ ශරීරයට අපි නොහිතන තරම් ව්‍යයාමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මාංශ පේශීවල ශක්තිය වැඩි කර ගන්නත් එය ප්‍රයෝජනවත්. විශේෂඥයන් පවසන්නේ බයිසිකල් පැදීම මඟින් ඇතැම් පිළිකා ඇති වීමේ අවදානම පවා පහළ හෙලන බව යි.

මේ නිසා දවසට විනාඩි 22ක් බයිසිකල් පදින්න වෙලාවක් වෙන්කරගන්න.

ඇවිදින්න

බොහෝ වෙලාවට අපි ඇවිදින්න ගොඩාක් කම්මැලි. පොඩි දුරක් වුණත් ත්‍රී රෝද රථවල යන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම ඒ පොඩි පොඩි දුරවල් පයින් යන්න පුරුදු වුණා නම් අපට අපේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම අවශ්‍යතාව ලබා ගන්න පුළුවන්. මේ මඟින් ඔබට දිනකට අවශ්‍ය විනාඩි 22 ව්‍යායාම අවශ්‍යතාව ලේසියෙන්ම සම්පූර්ණ කර ගන්න පුළුවන්. එමෙන්ම එය ඉතාමත් පහසුවෙන්ම කළ හැකි ව්‍යායාමය ද වෙනවා. එයට විශේෂ ආයාසයක් දැරීම ද කළ යුතු නෑ.

දිනපතා ඇවිදීම මඟින් අධික රුධීර පීඩනය, හදවත් රෝග, හා දියවැඩියාව වැනි බොහෝ රෝග පාලනයටත් උපකාරී වෙනවා. ඇවිදීම ඔබට සාප්පු සංකීර්ණයක් තුළ, උද්‍යානයක් තුළ, හෝ ඔබට පහසු තැනක ද කළ හැකියි.

www.sbs.com.au

මේ ඔක්කොම ක්‍රියාකාරකම් අපේ ශරීරයට බලපාන විදිය දැන් අපිටම බලා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ලංකාවේ අපිටම ගැලපෙන, අපේම විදියට හදපු goyo mobile app එක ඔයාගේ ෆෝන් එකටත් දාගන්න එක විතරයි. ඒ වගේම මේ යෙදවුම හරහා ඔබට තෑගි දිනා ගන්නත් හැකියාව පවතිනවා. GOYO නිෂ්පාදනය පිළිබඳව තවත් තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන්. ඔබේ ක්‍රියාශීලීබව පහසුවෙන් පැහැදිලිව සටහන් කරන්නත්, ඔබේ විවිධ සෞඛ්‍යමය ඉලක්කයන් සපුරාලීම වෙනුවෙන් ලෝකයේ තෑගි දිනා ගන්නත් GOYO වෙතින් අවස්ථාව හිමි වෙනවා. GOYO කියන්නේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ශ්‍රී ලංකා දියවැඩියා සංගමයත් අනුමත කරන, සැබැවින්ම ප්‍රයෝජනවත් විසඳුමක්.

Cover image – sumedico.com

Related Articles