Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙළයන්ට දිව ඔසුවක් වූ කොත්තමල්ලි

කොත්තමල්ලි නමින් හැඳින්වෙන ඖෂධීය පානය පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකික අප කාගේත් සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගාබාධ සුව කර ඇති දිව ඔසුවකි. මෙයට ඇත්තේ දමිළ සම්භවයක් වුවද පසු කාලයේ දී එය ශ්‍රී ලංකාවටම පොදු අත් බෙහෙතක් බවට පත්වී ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ කොත්තමල්ලි ඇට හා ජලය වන අතර බොහෝ විට වෙනත් සංඝටක කිහිපයක් ද එයට එකතු කරගනු ලැබේ.

කොත්තමල්ලි පානයේ අඩංගු වන්නේ මොනවාද?

කොත්තමල්ලි සාදාගන්නා ක්‍රම කිහිපයක්ම තිබේ. ඇතැම් ප්‍රදේශ වල මෙයට ගම්මිරිස් ඇට ස්වල්පයක් ද එකතු කරන බව ඇසුව හොත් පාඨක ඔබෙන් සමහරෙක් මවිතයට පත් වනු ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධානතම සංඝටක වියලි කොත්තමල්ලි ඇට සහ ඉඟුරුයි. අවශ්‍ය නම් ඊට ගම්මිරිස් ඇට හෝ සීනි එක් කරගත හැකියි.

කොත්තමල්ලි ඇට වල ඇති ඖෂධීය ගුණ

කොත්තමල්ලි ඇට

ප්‍රතිප්‍රදාහක ගුණ – කෝටර ප්‍රදාහය අඩු කිරීමට කොත්තමල්ලි වලට හැකියාව තිබේ.

විටමින් C වලින් අධික වීම – සෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C වලින් හරියටම ඇති බලපෑම තවමත් සොයාගෙන නැති නමුදු විටමින් C හොඳ ප්‍රතිඔක්සිකාරකයක් බව කවුරුත් දන්නා දෙයකි.  ප්‍රතිඔක්සිකාරක අපේ රුධිරයේ තිබෙන මුක්ත ඛණ්ඩක (පහතින් විස්තර කර ඇත)  උදාසීන කරවයි. මුක්ත ඛණ්ඩක අපේ DNA සහ සෛල විනාශ කරවීමට සමත් වන අතර,  අප ආතතියකට ලක් ව සිටින විට, දුම් පානය කරන විට, මත්පැන් පානය කරන විට සහ අධික හිරුඑළියට හෝ දුෂිත පරිසරයකට නිරාවරණය වූ විට ප්‍රමාණයෙන් ඉහළ යයි. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාවක් නොමැති වුව ද ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයට අතිශය වැදගත් ය.   

විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීම –  විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවින්) සහ විටමින් B3 (නයසින්) වැනි සංකීර්ණ කොත්තමල්ලි වල අඩංගුය. විටමින් C ලෙසින්ම මේවායින්ද අපේ සෙම්ප්‍රතිශ්‍යාව සෘජුව සුව නොකලත් මෙම සංකීර්ණ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගය. විටමින් B වර්ග අටක් තිබෙන අතර ඒ සියල්ල ආතතිය වළක්වන විටමින් ලෙස හැඳින්වෙන්නේ ඒවා අපේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර ආතතියෙන් ඇතිවන හානියට එරෙහිව සටන් කිරීමට සහය විය හැකි බැවිණි. ප්‍රෝටීන් සහ විටමින් A සමඟ මුසු වූ විට ඉහත සඳහන් විටමින් B වර්ග 3ට අක්ෂිකාචයේ පටල බැඳීමට ඇති ඉඩකඩ ද අඩු කරවිය හැකියි.

ඉඟුරු වල ඖෂධීය ගුණය

ඉඟුරු

ඉඟුරු

ආහාර රුචිය ඉහළ නැංවීම – අසනීප වී සිටින විට ශරීරය දුබල තත්වයක පවතින බැවින් නොකඩවා ආහාර ගැනීම ඉතා වැදගත් ය.  අධික සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන විට සාමාන්‍යයෙන් ආහාර රුචිය අඩු වී යන අතර ඉඟුරු ස්වල්පයක් භාවිතයෙන් මෙය වළක්වා ගත හැක.

ප්‍රතිප්‍රදාහක ගුණ – කොත්තමල්ලි ඇට මෙන්ම ඉඟුරු වලට ද  කෝටර ප්‍රදාහය අඩු කිරීමට හැකියාව තිබේ.

එපමණක් නොව ජර්මානු පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි ඉඟුරු වලට දහදිය දැමීම ඉහළ නැංවිය හැකියි. ආසාදන වැලැක්වීමට සමත් විෂබීජ නාශක ගුණයක් දහඩිය වල අඩංගු වේ. මෙම සංයෝගය සහ එමගින් නිෂ්පාදනය වන ප්‍රෝටීනය  සෑදීමට මුල් වන ජානය ඒකලිත කිරීමට පර්යේෂකයන් සමත්ව ඇති අතර ඔවුන් එය ඩ’මිසයිඩින් (dermicidin) ලෙස හඳුන්වයි. මෙය සිරුරේ ස්වේත ග්‍රන්ථි වල නිපදවෙන අතර දහඩිය මතට ශ්‍රාවය වී සම මතුපිටට පැමිණ ක්ෂුද්‍රජිවින්ගේ ආක්‍රමණ වලින් සහ E. coli හා Staphylococcus aureus (සමේ ආසාදන වලට විශාල වශයෙන් හේතු වේ) වැනි බැක්ටීරියා වලින් ද Candida albican වර්ග ඇතුළු දිලිර වලින් ද ආරක්ෂා කරගනී.

ගම්මිරිස් වලින් ලැබෙන සහය

ගම්මිරිස්

ගම්මිරිස්

සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සඳහා ප්‍රසිද්ධම ආයුර්වේද ප්‍රතිකර්මය ගම්මිරිස් ය. අපේ ශ්වාසනාලයේ සිරවී තිබෙන සෙම් සොටු ආදිය ඉවත් කිරීමට සමත් ශ්ලේෂ්මහාරක ගුණයක් ගම්මිරිස් වලට තිබේ. එසේම එය කිවිසුම් යාම සහ කැස්ස ඇති වීම ඉහළ නැංවිය හැකි ස්වාභාවික උද්දිපකයක් වන නිසා සෙම් සොටු ආදිය ඉවත් වී යාමට එය උපකාර වේ. මෙහි ප්‍රතිබැක්ටිරිය ගුණාංග ද අඩංගු වන නිසා ආසාදන පමණක් නොව කෘමීන්ගේ සපාකෑම් වලින් ද ආරක්ෂා කරයි. විටමින් C මෙන්ම ගම්මිරිස් ද ප්‍රතිඔක්සිකාරකයකි.  

සෙම්ප්‍රතිශ්‍යාවේ පෙරළකුණු වලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව අපි එදිනෙදා ගන්නා ආහාර වේලට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ සපයා දෙමින් ඔබේ ප්‍රතිජීවක පද්ධතිය ශක්තිමත් කිරීමටත් කොත්තමල්ලි වලට මනා හැකියාවක් තිබේ. මින් පසු කොත්තමල්ලි පානයක් අතට ගන්නා විට මේ සරල පාරම්පරික ශ්‍රී ලාංකික පානයේ කෙතරම් ඖෂධීය සාරයක් අඩංගු දැයි සිහිකිරිමට අමතක කරන්න නොකරන්න.

Related Articles