Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඳුම් තෝරන යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් කොතරම් තෝරා ඇදුම් ගෙනාවත් නිවසට පැමිණි පසු හෝ පැළඳගෙන යනවිට එහි තවත් අඩුපාඩු ඔවුන්ට පේන්න ගන්නවා. පිරිමින්ට නම් මෙය කෝපය ගෙනඑන සිද්ධියක්. මිලදී ගත්තාට පසු ආයෙත් මාරු කරන්නට වීම හෝ ඇදුම සුදුසු පරිදි නොගැලපීම අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක්. ඒ වගේම පර්ස් එකටත් මනසටත් ඒක වදයක්.

ඉතින් අද අපි බලමු ඇදුම් පැළදුම් ගන්න කලින් සලකා බලන්න වටින මූලිකම කරුනු කිහිපයක්.

1 සිරුරේ හැඩය

(brainyweightloss.com)

(brainyweightloss.com)

කාන්තා සිරුරේ මේදය තැන්පත් වන මූලික තැනක් තමයි උදරය සහ ඒ ආශිත ප්‍රදේශය. එසේ මේදය උදරය සහ ඊට උඩ කොටස්හි තැන්පත් වී ඇති ඉගටියෙන් ඉහල අර්ධයේ උරහිස්, ළැම ආදී ස්ථාන වඩාත් කැපිපෙනෙන අයුරින් ඇති කාන්තාවන් ඇපල් හැඩයේ සහ වී හැඩයේ කාන්තා සිරුරු ඇති අය ලෙස හදුන්වනවා.

උකුළ සහ කලවාහි මේද තැන්පත්වන පුළුලුකුල සහිත කාන්තාවන් පෙයාස් හැඩයේ සහ හැදි හැඩයේ කාන්තාවන් ලෙස දැක්වෙනවා.

මුලු සිරුරම වක්‍රතාවයන් ගෙන් එතරම්ම ගහන නොවූ සාමාන්‍ය සිහින් සිරුර ඇති අය රූලර් හැඩයේ කාන්තාවන් ලෙසත් හඳුන්වනවා.

ඉගසුග මිටින් ගත හැකි තරම්ම ඉග පෙදෙසේදී සිහින්වූ ද, මනා කොට හංසයින් වන් වූ ළැම පෙදෙසෙක් හා පියකරු උරහිසින් යුතු වූද, හොදින් දාරමය හැඩවලින් වෙන් වූ පුළුලුකුල සහිත වූද ස්ත්‍රිය උඩැක්කියක (වැලි ඔරලෝසු) හැඩයෙන් යුක්ත වෙනවා. ඔවුන්ගේ උරහිස් සහ උකුලු පෙදෙස් යන කොටස් දෙක එක සමාන වටප්‍රමාණයකින් පිහිටා තිබෙනවා.

බ්‍රසීලියානු කාන්තාවන් දෙපසම හොදින් වැඩී ගිය උඩැක්කි හැඩයෙන් යුතු ලාලිත්‍යමත් කාන්තාවන් පිරිසක්. යුරෝපීය කාන්තාව බොහෝවිට උරහිස් වලට වඩා උකුළු පෙදෙස විශාල කාන්තාවන්. ජපන් චින කොරියා රටවල උරහිස් පෙදෙස්, උකුළට වඩා විශාල කාන්තාවන් වැඩිමනක් සිටිනවා. තජිකිස්තාන්, උස්බෙක් වැනි රටවල රූලර් හැඩයේ එනම් ස්ථාවර හැඩයේ ස්ත්‍රින් බහුලයි.

වෙනත් කාන්තාවකගේ ලක්ෂණ ඇදුමක් දුටුවනම එවැනිම ඇදුමක් රැගෙන ඔබ ද ඇඳීමෙන් ඒ මුලින් දුටු ඇදුම ඇන්ද අයගේ හැඩය හා එහි ආලෝකය එලෙසින්ම ඔබට ලැබෙන්නේ නැහැ. දුර ගමනක්, රටකට සවාරියකට එහෙම යන පිරිමි පාර්ශවේ අයටත් තමුන්ගේ පෙම්වතියගේ සිරුරේ හැඩය සහ ඒ අනුව ඇයට ගැලපෙන විලාසිතා ගැන අදහසක් ඇතිව ඇයට ඇදුම් තොරාගතහොත් ඔවුන්ට සිය පෙම්වතියන් පුදුම කරන්නට අවස්ථාවක් ලැබේවි.

මේ ගැන බටහිර යුවතියක් දැක්වූ අදහසක් බලමු.

  1. මුලින් අපේ ඇගේ හැඩය හරියටම මොකද්ද කියලා හොයාගන්නවා, අන්තර්ජාලයේ ඒ සදහා විශාල ප්‍රමාණයක් උදව් දී තිබෙනවා.
  2. ඒ හැඩයට ගැලපෙන විලාසිතා සහ ඒ හැඩයේ නිළියන් සහ නිරූපිකාවන්ගේ විලාසිතා ගැන හොඳින් සොයාබලනවා.
  3. අවසානයේ ඔබේ සිරුරට ගැලපෙන විලාසිතා මාදිලි  ලේසියෙන්ම තෝරාගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
බ්‍රිතාන්‍ය කුමරිය කේටි 1999 දී සහ 2015 දී. (thelist.com)

බ්‍රිතාන්‍ය කුමරිය කේටි 1999 දී සහ 2015 දී. (thelist.com)

2 සමේ වර්ණය සහ ආභරණ

ඇදුම් තෝරාගැනීමේදී ආභරණ ආදිය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඇදුම් රෝස පැහැති බෝනික්කන්ට රෙදි සාප්පුවේ ආලෝකය තුලදී ඉතාම කදිමෙට ගැලපුනත් මදක් ඉන් වෙනස් ඡවි වර්ණයක් සහිත සම ඇති යුවතියන්ට ඒ තරමටම ඒ ඇදුම් ගැන්මක් නැතිවන්නටත් හැකියාව තිබෙනවා.

3 ඇදුම පළදින, යෙදෙන අවස්ථාව

සිවිල් ඉංජිනේරු, මාර්ග සංවර්ධන ආදී තැන්වල රාජකාරි කරන අය නිතරම රැකියාව අනුව පහළ මට්ටමේ සේවකයින් රැසක් සමග රාජකාරි කටයුතු කරන අය. ඔවුන් බොහෝවිට කලිසම් හෝ සිරුර හොඳින්ම වැසී යන පරිදි ඇදුම් අදින්නට පෙළඹෙනවා. ගරු කටයුතු රාජකාරි ලෙස සැලකෙන දොස්තර,නීතිඥ සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් වැනි නිලවල අය බොහෝවිට රැකියාවෙන් පිටතදීද යම්කිසි සංයමයකින් ඇදුම් පැළදුම් පවත්වාගත යුතුයැයි සාමාන්‍ය මතයක් සමාජයේ තිබෙනවා.

මාදිලිය අනුව වඩාත් ආකර්ශණිය ඇදුම් පැළදුම් මිලදි ගත්තත් අපිට ඒවා අදින්නට පලදින්නට තැනක් යෙදෙන්නේම නැති තරම් නම් ඒ ඇදුම් සහ ඒ වෙනුවෙන් යෙදූ මුදල් අපතේ යනවා. ඇදුමක් මිලදි ගන්නා විට එය ඇදීමට ඇති සමාජ වටපිටාවට යම් අනුකූලතාවයක් දැක්වීමත් හොද තීරණයක්. ක්‍රීඩා කටයුතු, නර්ථන හා සෝෂල් ඩාන්ස් වැනි දේ ඇතුලත් අවස්ථාවලදී ඒවාට රෙඩිපිට ගැලපෙන ඇදුමක් තොරාගැනිමත් කල යුතු දෙයක්.  

එකල වැඩට ගිය කාන්තාවක්. (matineestars.in)

එකල වැඩට ගිය කාන්තාවක්. (matineestars.in)

4 මිමි සහ විශ්වාසය

කොටට ඇදන් යන කාන්තාවන් සිය කකුල් වසාගැනීමටත් පුළුල් කර සහිත ඇදුම් ඇදන් යන විට කාන්තාවන් ළය මඩල වසාගැන්මටත් උත්සාහ කරන ආකාරයක් අප සමාජයේ කාන්තාවන් අතර නිතර දකින්ට ලැබෙනවා. ඇතැම් විට වැරදි මිමි වලට ඇදුම් ගත්තාදෝ සිතෙන තරමට ඇතැම් අය කලිසම ඩෙනිම හෝ සාය ඔසවන වාර ගණන වැඩියි. ඔබ මදකට මෙරටට පැමිණෙන යුරෝපිය යුවතියක දෙස බලා සිටියහොත් ඔවුන් ඇතැම් විට ඉතාම කොට කලිසම් සහ ළය පෙනෙන ඇදුම් ඇද සිටියත් ඔවුන් ඒ ගැන විශාල තැකිමක් නම් කරන බවක් පේන්නේ නෑ.

එක් අතකින් නිතරම ඇදුම හදාගන්නට යොමුවීම කාන්තාවගේ පෞරුෂයටත් එක් කරන පහරක්, ඒ නිසා ඇදුම නියම පරිමාණයට ආත්ම විශ්වාසයෙන් යුතුව ඇදුමක් තෝරාගැනීමත් ඇදුම් තොරාගැනීමේදි කල හැකි දෙයක්.

5 රෙදි සහ නූල්

උත්සව අවස්ථාවන්හිදී වෙළඳපොලේ සේල් පැවැත්වෙනවා. පැරනි ඇදුම්ද ඉතාම අඩු මිල ගනන් වලට ලබාගන්නට හැකියාව මෙහිදි ලැබෙනවා. මහරගම පමුණුව වැනි ඇදුම් සේල් වලටම ජනප්‍රිය පලාත්ද ලංකාවේ තිබෙන අතර මුදල් අග හිග කම නිසා පිරිස විශාල ලෙස මේවාට ඇදෙනවා.

හොඳ ශක්තිමත් රෙදි වලින් නිමකල සාර්ථක මැසුම් සහිත ඇදුමක් බොහෝ කලක් අඳින්නට  පුලුවන් කම ලැබෙනවා. දිරූ නූල් සහ පැරනි බාල රෙදි වර්ග වලින් තැනූ ඇදුම් එක් වරක් පමනක් පෙනීසිටින උත්සව ආදියට සුදුසු වුවත් දීර්ඝකාලින පරිහරණයට නම් ඒ තරම්ම සුදුසු නෑ.

6 රිලැක්ස් ඇන් රිලැක්ස්

ශරීරයේ ඇතැම් කොටස් අධික ලෙස තෙරපීමට ලක් කරමින් සාමාන්‍ය ලෙස චලන කටයුතු කරන්නට අපහසු ඇදුම් ආයිත්තම් ආදියද කාන්තාවන් විසින් අදිනු ලබනවා. වැඩකරන ස්ථානයේ නම් පැය 8-10ක් ඇදුමක් අපහසුවෙන් ඇද සිටීම නියම කල දඩුවමක් විඳිනවා හා සමාන කාර්යයක්.

ඇතැම් මංගල උත්සව අවස්ථාවලදී අපට ඇතැම් නිරූපිකාවන් දෙස බැලූවිට ඒ ඇදුම් ඔවුන්ට බලෙන් අන්දවාලාදෝ කියලාත් හිතෙන වෙලාවල් තිබෙනවා. ඇදුමක් කියන්නේ මාංචු කූට්ටම දැම්මා වගේ සාමාන්‍ය ජීවිතේ රාජකාරි වලට බාධා කරන එකක් වන එක ඇගට වගේම හිතටත් වදයක්. ඒ නිසා ඇදුමක් තෝරාගැනිමේදි එය සැහැල්ලුවෙන් ඇඳ සිටින්නට හැකිද යන්න විමසා බැලිමත් වැදගත්.

මුලින්ම දිස්වන කාන්තාවගේ බාහිර ස්වරූපය තුලින් අනෙකා ඇය ගැන තීරන ගන්නට පෙළඹෙනවා. තැනට ගැලපෙන සිරුරට අනුව නිමවූ ඇදුම් ඇදගත් ලියක් කොතැනදීත් අවට අයගේ අවධානය මැනවින් දිනාගන්නට සමත් වෙනවා.  

ඉතින් ඔබට හෝ ඔබගේ ආදරවන්තියට ඥාතියාට, මිතුරියට ඇදුමක් තෝරා ගන්නට මෙම කරුණු 6 ඔබට වැදගත් වන්නට ඇති කියා අපි හිතනවා. මේ ගැන ඔබට හිතෙන දේ අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: ibcworldnews.com

Related Articles