Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය සංගීත සැණකෙළි 6ක්

විවිධ රටවල්, විවිධ ශානරයන් (genre) මුල්කරගෙන පැවැත්වෙන විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. සමහරක් සැණකෙළි එක දිනකට සීමා නොවී දිනගණන් පැවැත්වෙන අවස්ථා දකින්න ලැබෙනවා. සංගීතය ළැදි ඔබ වෙනුවෙන්ම යි මේ විස්තරය ගෙන එන්නේ. ලෝකයේ අතිශය ජනප්‍රියතත්වයට සහ ජනාදරයට පත්වුණු සංගීත සැණකෙළි පිළිබඳව යි මේ.

Tomorrowland

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය tomorrowland සංගීත සැණකෙළිය 2005 වසරේ තමයි ආරම්භ වුණේ. මේ වන විට වැඩි ම ජනකායක් සම්බන්ධ වන සංගීත සැණකෙළිය ලෙස මෙය හඳුන්වනවා. 2018 වසරේ මේ සැණකෙළිය පැවැත්වුණේ බෙල්ජියම්වල. මේ සඳහා 400,000කට අධික EDM (electronic dance music) සංගිත ලෝලීන් පිරිසක් සහභාගී වෙලා තියෙනවා ඒ වගේ ම ලෝකයේ මෑතක දී මියගිය ප්‍රසිද්ධ dJ කෙනෙකු වන Avicii වෙනුවෙන් අනෙක් සහෝදර ශිල්පීන් ඔහුගේ ගීත කිහිපයක් ම වාදනය කිරීම සුවිශේෂී ව කැපී පෙනුණා. මෙවරත් මේ සැණකෙළිය සති අන්තයන් දෙකක් පුරාවට පැවැත්වුණා. 2019 වසරේ tomorrowland සැණකෙළිය ජූලි 19 වෙනි දා ආරම්භ වීමට නියමිත යි. ශ්‍රී ලංකාව නියෝජනය කරමිනුත් dj ශිල්පින් මේ සැණකෙළියට සහභාගී වෙලා තියෙනවා.

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය tomorrowland සංගීත සැණකෙළිය- tomorrowland.com

Fuji Rock Fest

ලෝකයේ පිරිසිදු බව අතින් ඉහළ ම සංගීත සැණකෙළිය ලෙස හඳුන්වන Fuji Rock Fest සැණකෙළිය පැවැත්වෙන්නේ ජපානයේ. Rock, Electronic Music ආශ්‍රිත ව මෙම සැණකෙළිය පැවැත්වෙනවා. 1997 ආරම්භ වුණ මේ සැණකෙළිය අද වන විට ජපානයේ අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 100,000කට ආසන්න සංගීත ලොලීන් පිරිසක් සම්බන්ධ වෙනවා. එමෙන්ම ලෝකයේ ජනප්‍රිය සංගීත ශිල්පීන් 200කට අධික ප්‍රමාණයක් මේ සැණකෙළියට සම්බන්ධ වෙනවා. 2019 වසරේ මේ සැණකෙළිය ආරම්භ වෙන්නේ ජූලි මාසයේ 26 වෙනි දා යි.

පිරිසිදු බව අතින් ඉහළ ම සංගීත සැණකෙළිය- theloophk.com

Ultra Music Festival

තවත් ලෝකයේ ජනප්‍රිය ම සංගීත සැණකෙළියක් ලෙස Ultra Music Festival පුළුවන්. 1999 වසරේ සිට පැවැත්වෙන මෙම සැණකෙළියට වසරකට සාමාන්‍යයෙන් ලොව පුරා edm රසිකයින් 330,000කට අධික පිරිසක් සහභාගී වෙනවා. 2019 වසරේ මේ සැණකෙළිය ආරම්භ වීමට තිබෙන්නේ මාර්තු 29 වෙනි දා යි. Ranidu Lankage ලංකාව නියෝජනය කරමින් මේ සැණකෙළියට සහභාගි වෙලා තියෙනවා.

රසිකයින් 330,000කට අධික පිරිසක් සහභාගී වෙන Ultra Music Festival එක- edmsauce.com

Festival Internacional De Benicàssim (FIB)

බෙනීකැසීම් (Benicàssim) සැණකෙළිය කියන්නේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන විශාලම සංගීත සැණකෙළියක්. මෙයට සාමාන්‍යයෙන් 150,000කට අධික සංගීත ලෝලීන් පිරිසක් සම්බන්ධ වෙනවා. බොහෝ දෙනෙක් හඳුන්වන අන්දමට වසරේ හොඳම ගිටාර වැයීම් දක්නට ලැබෙන ප්‍රසංගයක් ලෙස මෙය හඳුන්වනවා. 1995 වසරේ ඉඳන් මේ දක්වා ම මේ සැණකෙළිය පැවැත්වෙනවා.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන විශාලම සංගීත සැණකෙළියක් වන FIB- epimg.net

Lollapalooza Chicago

වසරක් පාසා පැවැත්වෙන මෙම සංගීත සැණකෙළිය එක් සංගීත ශානරයකට පමණක් සීමාවන්නේ නෑ. Lollapalooza Chicago 1991 වසරේ දී පළමු ප්‍රසංගය පැවැත්වුණා. විවිධ සංගීතවේදීන් වගේ ම රංගන ශිල්පීන් මේ ප්‍රසංගය වෙත සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් 160,000කට අධික ජනකායක් වසරක් පාසා මේ ප්‍රසංගය වෙත එකතු වෙනවා. දවස් තුනක පමණ කාලයක් මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. 2019 වසරේ අගෝස්තු මාසයේ 1 වෙනි දා මීළඟ වැඩසටහන පැවැත්වීමට නියමිත ව තියෙනවා.

Lollapalooza Chicago 2018 ප්‍රසංගයෙන්- hurimg.com

Coachella Festival

250,000කට අධික ජනකායක් එකට එකතුවෙන සංගීත සැණකෙළියක් තමයි Coachella Festival (Coachella Valley Music And Arts Festival) සැණකෙළිය හඳුන්වන්න පුළුවන්. ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන මේ ප්‍රසංගය, මුලින්ම ආරම්භ වෙන්නේ 1999 වසරේ දී යි. යුරෝපයේ අතිශය ජනප්‍රිය මේ සංගීත සැණකෙළියත් එක සංගීත ශානරයකට සීමා වෙන්නෙ නෑ.

Coachella Festival සැණකෙළිය- losangeles.cbslocal.com

කවරයේ පින්තූරය: grapevineonline.in

Related Articles