Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දරුණුතම වසංගත දහය

 

චීනයෙන් ඇරඹි කෝවිඩි – 19 හෙවත් නව කොරෝනාවෛරස තත්ත්වය මේ වන විට ලොව රටවල් 150කට වැඩි ගණනකට පැතිරී ගොස් ඇත. මෙම වෛරසයෙන් 170,000 අධික පිරිසක් ආසාදනය වී ඇති අතර 6,500 අධික පිරිසක් මරුමුවට පත් වී ඇත. නමුත් මේ එවන් වසංගතයක් පැතිරුණු ප්‍රථම අවස්තාව නම් නොවේ. 

මේ ලිපියේ අරමුණ මීට පෙර මිනිස් ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළ වසංගත කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒම යි.

කොළරා වසංගතය (19 වන ශතවර්ෂය)

මීට මුහුණ දුන් රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වූයේ පාචනය, වමනය හා ඉන් ඇති වූ විජලන තත්ත්වය යි. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම රෝගී තත්ත්වය ආසියාවත් ඉන් අනතුරුව උතුරු ඇමරිකාව, අප්‍රිකාව හා යුරෝපීය මහද්වීපය දක්වා පැතිරී ගියා. මිලියන 10කට අධික පිරිසක් මියගිය මෙම වසංගත තත්ත්වය හේතුවෙන් රුසියාවේ පමණක් මිලියකට අධික පිරිසක් මිය ගියා. කොළරා වසංගතය පැතිරෙන්නේ අපිරිසිදු ජලය පානයෙන් බව 1854 දී බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝන් ස්නෝ විසින් හොයා ගනු ලැබුවා. ඒ අනුව ජලය උණුකර පෙරා පාවිච්චියට ගන්නා ලෙස නිර්දේශ කෙරුනා.

19 වන ශතවර්ෂයේ කොළරා වසංගතයන් 3ක් වාර්තා වුණා.

ආසියානු උණ වසංගතය (1956 -1958)

මෙම උණ වසංගතයේ ද පැතිරීම ආරම්භ වුයේ චීනයෙන් බව යි සැලකෙන්නේ. තාරාවන් නිසා හටගත්තේයැ යි සැක කෙරෙන මෙම වසංගතයෙන් ලොව පුරා මිලියනකට අධික පිරිසක් මිය ගිය බව සඳහන්.

ටයිෆස් වසංගතය (1918 – 1922)

මෙම වසංගතය පැතිරුනේ පළමු ලෝක යුධ සමයේ දී වීම වසංගතය පැතිරීයාමට පිටිවහලක් වුනා. බැක්ටීරියාවක් නිසා හටගත් මේ වසංගතයේ රෝග ලක්ෂණ වූයේ අධික ලෙස ඇඟ පත රිදීම යි. හිසේ උකුණන් නිසා හටගත් මේ රෝගී තත්ත්වය හේතුවෙන් බටහිර යුධ පෙරමුණේ සිටි සොල්දාදුවන්ගේ හිස් නිරන්තරයෙන් විෂබීජ නාශනයට ලක් කෙරුණු බව සඳහන්. එහෙත් නැගෙනහිර පෙරමුණේ මෙම බැක්ටීරියා තත්ත්වය පාලනයෙන් තොර වූ අතර මිලියන 30කට අධික පිරිසක් මේ වසංගතයට ගොදුරු වුණා. මිලියන 10කට අධික රුසියානු, රුමේනියානු හා පෝලන්ත සෙබළුන් මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගියා.

කොකොලිස්ට්ලි වසංගතය ( 1545 – 1548 හා 1576 -1578)

මෙම වසංගතයේ හේතුව අදට ද රහසක්. වර්තමාන අනුමානය වන්නේ මෙය සැල්මොනෙල්ලා බැක්ටීරියාවක් නිසා ඇතිවන්නට ඇති බව යි. මෙක්සිකෝව ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම වසංගතයේ මූලික රෝග ලක්ෂණ වූයේ, නහයෙන් හා කනින් ලේ ගැලීම, රක්තපාත උණ තත්ත්වය යි. මෑත කාලීන අප්‍රිකානු මහද්වීපය පුරා පැතිරී ගිය ඉබෝලා වසංගතය කොකොලිස්ට්ලි රෝගයට සමාන බව සඳහන්. එමෙන්ම මෙම රෝගී තත්ත්වය හේතුවෙන් නව ස්පාඤ්ඤ (මෙක්සිකෝවේ පිහිටි ස්පාඤ්ඤ කොලනියක්) ජනගහනයෙන් 45% ආසන්න වැසියන් මියගිය බව සඳහන් වෙනවා. ඉතා කණගාටුදායක කරුණ නම් මෙක්සිකෝව දෙවරක් මෙම වසංගතය ගොදුරු වීම යි.

ඇස්ටෙක්වරුන් මෙම වසංගතය කොකොලිස්ට්ලි යනුවෙන් නම් කළා/geneticliteracyproject.org

ජස්ටීනියානු මහාමාරිය වසංගතය (541 – 542)

දිනකට 5,000කට අධික පිරිසක් මිය ගිය මෙම රෝගී තත්ත්වය වේගයෙන් පැතිරී ගියේ මද්‍යධරණී මුහුදේ ආශ්‍රිත වරායන් අවට යි. මිනිස් ඉතිහාසයේ දරුණුතම වසංගතය ලෙස මෙය වසංගතය සඳහන් කරනවා. නැගෙනහිර රෝම අධිරාජ්‍යය දරුණු ලෙස පසුබෑමට ලක් වූ මෙම වසංගත තත්ත්වය, මීයන් හෙතුවෙන් හටගත් එකක් බව සඳහන්. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් එවකට ලෝක ජනගහනයෙන් 25%ක් පමණ මිය ගිය බව විශ්වාස කරනවා. කම්කරුවන් හා සොල්දාදුවන්ගේ හිඟය නිසා නැගෙනහිර රෝම අධිරාජ්‍යය දුර්වල වූ බව සඳහන්. මෙම වසංගතය ඇතිවූ සමයේ දී නැගෙනහිර රෝමයේ අධිරාජයා වූයේ මහා ජස්ටීනියානු අධිරාජයා ය. ඔහුට ද මෙම රෝගය වැළඳී ඇති නමුත් ඔහු ඉන් සුව වී තිබෙනවා. පසුකාලීනව මෙම වසංගතය ඔහුගේ නමින් නම් කෙරුනා.

ඇන්ටොනින් මහාමාරිය වසංගතය (165 – 180)

සරම්ප හෝ පැපොල යන රෝග ලක්ෂණවලින් හෙබි මෙම රෝගය ආසියාවේ සටන් කර නැවත රෝමය පැමිණි සෙබලුන් නිසා හටගත් බව යි සඳහන් වෙන්නේ. ජස්ටීනියානු වසංගතය තරම් නොවුණත් දිනකට 2,000ක් පමණ මිය ගිය බව සඳහන් වෙනවා. මෙම රෝගය හෙතුවෙන් රෝම අධිරාජයන් දෙදෙනෙකු වූ ලූකියස් වේරස් හා මාර්කස් ඇන්තෝනියස්ගේ මරණ සිදුවූවා. ඒ අනුව මෙම වසංගතය රෝම ඉතිහාසය වෙනස් කරනු ලැබුවා.

තෙවන මහාමාරිය වසංගතය (1855 – 1959)

මෙම වසංගත තත්ත්වය ශත වර්ෂයකට අධික කාලයක් තිබී බව සඳහන්. චීනයේ යුන්නැන් ප්‍රාන්තයෙන් ඇරඹි මෙම වසංගතය ඉන්දියානු උප මහද්වීපය පුරා පැතිරි ගියා. මෙම වසංගතය හේතුවෙන් ඉන්දියාවේ හා චීනයේ පමණක් මිලියන 12ක් ජනතාවක් මිය ගිය බව සඳහන්. සැන් ප්‍රැන්සිස්කෝ නගරය පවා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමීමට සිදු වූ බව සඳහන්. එමෙන්ම, නැව් මඟින් මෙම වසංගතය ලොව පුරා පැතිරී ගිය බව සඳහන්. මෙම වසංගත තිබු කාල සමයේ දී විද්‍යාඥයින්ගේ පරීක්ෂණ හේතුවෙන් මේ මහාමාරිය සදහා ඖෂධ සොයා ගනු ලැබුවා.

ඒඩ්ස් හෙවත් එච්.අයි. වී (1981 සිට වර්තමානය දක්වා)

මෙම වසංගත තත්ත්වය නම් අප කාටවත් අළුත් වසංගතයක් නොවේ. 1981 දී පළමු රෝගියා වාර්තා වුව ද 1959 දී පමණ කොන්ගෝ දේශයේ දී ඒඩ්ස් රෝගීන් වාර්තා වී තිබෙනවා. මේ වනවිට මෙම රෝගයෙන් මිලියන 39ක් පමණ මිනිසුන් මිය ගොස් තිබෙනවා. අප්‍රිකාවේ තවමත් එච්.අයි. වී යනු වසංගත තත්ත්වයක්.

ස්පාඤ්ඤ උණ වසංගතය (1918 – 1920) 

මිලියන පන්සියකට පමණ වැළඳුනු මෙම රෝගයෙන් මිලියන් 50ක් පමණ මියගිය බව සඳහන් වෙනවා. H1N1 ඉන්ෆුවෙන්සා තත්ත්වයක් වන මෙම රෝගයේ විශේෂත්වය වූයේ වෙනත් රෝග මෙන් මහළු, දුර්වල අයට පමණක් සීමා නොවීම ය. පළමු ලෝක යුධ සමයේ දී සිදුවූ මෙම වසංගතය ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය හා ප්‍රංශය හරහා පැතිර ගියත් යුධ පුවත් වාරණය හෙතුවෙන් එම රටවල්වල හානිය වාර්තා වූයේ නැහැ. ස්පාඤ්ඤයේ යුධ පුවත් වාරණයක් නොතිබූ බැවින් එම මෙම රෝගය පිළිබඳ වාර්තා වූයේ එම රටින්. මෙම වසංගතයට ස්පාඤ්ඤ උණ වසංගතය ලෙස නම වැටුණේ එම හේතුව නිසා බව සඳහන්.

කළු මරණය හෙවත් බියුබොනික් වසංගතය (1346 – 1353)

බියුබොනික් වසංගතයේ රෝග ලක්ෂණ/ Daily Sabah

මෙම වසංගතය කළු මීයන් නිසා හටගත් රෝගී තත්ත්වයක්. මෙම වසංගතය හේතුවෙන් යුරෝපයේ ජනගහනයෙන් 30% – 60% අතර, එහෙමත් නැත්නම් මිලියන 75 – 200ක් මියගිය බව සඳහන්. මෙම වසංගතය ද චීනයෙන් ආරම්භ වී සේද මාවත ඔස්සේ යුරෝපයට ගිය බව සඳහන්.

මෙම වසංගත බොහෝමයකටම කෙන්ද්‍රස්ථානය වී ඇත්තේ වර්තමානයේ අප මුහුණ දෙන COVID – 19 මෙන්ම චීනය යි. එහෙත් එම වසංගත බොහෝමයක් අවසානයේ යුරෝපයේ බොහෝ රටවලට දරුණු ලෙස පැතිරී ගියා. වර්තමානයේ ද සිදු වී ඇත්තේ ඒ දෙයම වීම විශේෂත්වයක්. ඉතිහාසයේ බොහෝ වසංගත ලොව ආර්ථික, දේශපාලන හා සමාජීය හැඩ තලයන් වෙනස් කරා. COVID – 19 වසංගතය වර්තමාන ලෝකයේ හැඩ තල වෙනස් කරනු ඇති නමුත් එය කෙසේ වේදැ යි කීමට තවම කල් වැඩිය.

Cover image: National Geographic 

Related Articles