Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශීත ඍතුවේ කොරෝනා වසංගතය පැතිරීම වේගවත් ද?

ශීත දේශගුණික තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බව පසුගිය කාලයේ දී සමාජගතව තිබුණු මතයක්. එහි යම් සත්‍යතාවයක් පවතින බව පෙනීයන්නේ ශීත ඍතුවේ දී වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම නිසා යි. සාමාන්‍යයෙන් ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ පිහිටි රටවල්වල ශීත කාලය පවතින්නේ ජූනි මාසයේ මුල සිට අගෝස්තු මාසය අග දක්වා යි. උතුරු අර්ධ ගෝලයේ පිහිටි රටවල්වල දෙසැම්බර්-පෙබරවාරි කාල සීමාව තුළ ශීත කාලය පවතිනවා. උතුරු සහ දකුණු අර්ධ ගෝලවල පිහිටි සමහර රටවල්වල කොරෝනා රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ ගියේ ශීත ඍතුව එළඹීමත් සමග යි. ශීත ඍතුවේ දී කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර ගිය රටවල් කිහිපයක් පිළිබඳව පහත ආකාරයට දැක්විය හැකියි.

ඇමරිකාව 

ඇමරිකාව උතුරු අර්ධගෝලයේ තිබෙන රාජ්‍යයක්. සාමාන්‍යයෙන් පැහැදිලි ඍතු භේදයක් දැකිය හැකි රටක් වන ඇමරිකාවට මේ දිනවල උදා වී තිබෙන්නේ ශීත ඍතුව යි. දෙසැම්බර් මාසයේ ආරම්භ වන ශීත කාලය පෙබරවාරි මාසය වන විට අවසන් වනවා. එම කාල සමයේ පවතින අධික සීතල දේශගුණයත් සමගින් ඇමරිකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව පසුගිය දිනවල එරටින් දෛනිකව වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 2ක ඉක්මවා ගියා. එසේම දෙසැම්බර් 9 වැනිදා මුල්ම වරට දෛනික මරණ ප්‍රමාණය 3000 ඉක්මවා ගියා. 

පහත දක්වා තිබෙන්නේ 2020 වසරේ මාර්තු මාසයේ සිට එක් එක් ඍතුවේ දී එරට කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වුණු ආකාරය යි. 

*වසන්ත සමය (මාර්තු- මැයි)- කොරෝනා ආසාදිතයන්- 1,863,737

                                         කොරෝනා මරණ- 109,104

*ගිම්හාන සමය (ජූනි- අගෝස්තු)- කොරෝනා ආසාදිතයන්- 4,427,312

                                              කොරෝනා මරණ- 79,014

*සරත් සමය (සැප්තැම්බර්-නොවැම්බර්)- කොරෝනා ආසාදිතයන්- 7,674,632

                                                       කොරෝනා මරණ- 86,181

*ශීත සමය (දෙසැම්බර් 1-දෙසැම්බර් 26)- කොරෝනා ආසාදිතයන්- 5,468,166

                                                         කොරෝනා මරණ- 65,621

ඇමරිකාවට ශීත කාලය ආරම්භ වී දින 26ක් ගෙවෙන විට වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඉහත දත්ත අනුව නිරීක්ෂණය කළ හැකියි. ඇමරිකාවෙන් දිනක දී වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වුණේ පසුගිය දෙසැම්බර් 18 වැනිදා යි. එදා රෝගීන් 255,774ක් වාර්තා වී තිබුණා. එසේම වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වුණේ දෙසැම්බර් 16 වැනිදා යි. එදින 3614ක් තරම් ඉහළ මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඇමරිකාව යම් කිසි අවදානම් තත්ත්වයකට මුහුණදීමට ඉඩ තිබෙන බව පැහැදිලිවම පෙනී යනවා.

ඇමරිකාවේ කොරෝනා තත්ත්වය (New York Times)

බ්‍රසීලය

බ්‍රසීලය දකුණු අර්ධගෝලයේ තිබෙන රාජ්‍යයක්. බ්‍රසීලයට ශීත ඍතුව පැවතුණේ ජූනි-අගෝස්තු දක්වා කාල සමය තුළ යි. එරටින් දිනක දී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වුණු 70,869 වාර්තා වුණේ ජූලි මස 29 වැනිදා යි. එරටින් දිනක දී වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණේත් ජූලි 29 වැනිදා යි. එදින මියගිය ප්‍රමාණය 1554ක් ලෙසින් සටහන් වුණා. 

එක් එක් ඍතුවේ දී  බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය පැවති ආකාරය පහත පරිදියි.

*සරත් සමය (මාර්තු- මැයි)- කොරෝනා ආසාදිතයන්- 514,847

                                         කොරෝනා මරණ- 29,314

*ශීත සමය (ජූනි- අගෝස්තු)- කොරෝනා ආසාදිතයන්- 3,396,052

                                              කොරෝනා මරණ- 92,201

*වසන්ත සමය (සැප්තැම්බර්-නොවැම්බර්)- කොරෝනා ආසාදිතයන්- 2,403,839

                                                       කොරෝනා මරණ- 51,650

*ගිම්හාන සමය (දෙසැම්බර් 1-දෙසැම්බර් 26)- කොරෝනා ආසාදිතයන්- 1,129,528

                                                         කොරෝනා මරණ- 17,650

බ්‍රසීලය තුළ එක් එක් ඍතුව පැවති කාලවල දී එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහත දක්වා තිබෙනවා. එම දත්ත නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ශීත සමයේ දී කොරෝනා වසංගතය බ්‍රසීලය තුළ සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව යි. 

බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (BBC)

රුසියාව 

උතුරු අර්ධගෝලයේ ඉහළම කොටසේ පිහිටා තිබෙන රාජ්‍යයක් වන රුසියාව තුළ ඍතු භේදය හොඳින්ම දැකිය හැකියි. ඒ අනුව එරටට මේ දිනවල උදා වී තිබෙන්නේ ශීත ඍතුව යි. එම කාල සමයේ දී පවතින අධික සීතල දේශගුණයත් සමගින් රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒ අනුව පසුගිය දිනවල එරටින් දෛනිකව වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 25,000 ඉක්මවා ගියා. එසේම දෙසැම්බර් 11 වැනිදා මුල්ම වරට දෛනික මරණ ප්‍රමාණය 600 ඉක්මවා ගියා. 

පහත දක්වා තිබෙන්නේ 2020 වසරේ මාර්තු මාසයේ සිට එක් එක් ඍතුවේ දී එරට කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වුණු ආකාරය යි. 

*වසන්ත සමය (මාර්තු- මැයි)- කොරෝනා ආසාදිතයන්- 405,841

                                         කොරෝනා මරණ- 4693

*ගිම්හාන සමය (ජූනි- අගෝස්තු)- කොරෝනා ආසාදිතයන්- 589,476

                                              කොරෝනා මරණ- 12483

*සරත් සමය (සැප්තැම්බර්-නොවැම්බර්)- කොරෝනා ආසාදිතයන්- 1,326,737

                                                       කොරෝනා මරණ- 22,719

*ශීත සමය (දෙසැම්බර් 1-දෙසැම්බර් 26)- කොරෝනා ආසාදිතයන්- 726,310

                                                         කොරෝනා මරණ- 14,331

රුසියාවේ ශීත ඍතුවෙන් තවමත් ගෙවී ඇත්තේ දින 26ක් පමණ යි.  එම දින 26 තුළ එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඉහත දත්ත අනුව නිරීක්ෂණය කළ හැකියි. රුසියාවෙන් දිනක දී වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වුණේ පසුගිය දෙසැම්බර් 24 වැනිදා යි. එදින රෝගීන් 29,935ක් වාර්තා වී තිබුණා. එසේම එදින රුසියාවෙන් වැඩිම දෛනික මරණ ප්‍රමාණය ද වාර්තා වුණා. ඒ මරණ 624ක්. ඉන් පැහැදිලි වන්නේ ශීත ඍතුව තුළ එරට කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි.

රුසියාවේ කොරෝනා තත්ත්වය (BBC)

ජර්මනිය 

උතුරු අර්ධගෝලය තුළ පිහිටා තිබෙන රාජ්‍යයක් වන ජර්මනියටත් මේ වන විට ගෙවෙන්නේ ශීත සමය යි. ජර්මනියේ කොරෝනා වසංගත තත්ත්වයත් ශීත කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. 

එක් එක් ඍතුවේ දී ජර්මනියෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ පිළිබඳව දත්තයන් පහත ආකාරයට දැක්විය හැකියි. 

*වසන්ත සමය (මාර්තු- මැයි)- කොරෝනා ආසාදිතයන්- 183,364

                                         කොරෝනා මරණ- 8605

*ගිම්හාන සමය (ජූනි- අගෝස්තු)- කොරෝනා ආසාදිතයන්- 61,298

                                              කොරෝනා මරණ- 766

*සරත් සමය (සැප්තැම්බර්-නොවැම්බර්)- කොරෝනා ආසාදිතයන්- 824,971

                                                       කොරෝනා මරණ- 7491

*ශීත සමය (දෙසැම්බර් 1-දෙසැම්බර් 26)- කොරෝනා ආසාදිතයන්- 573,406

                                                         කොරෝනා මරණ- 13,295

ජර්මනියට ශීත සමය උදා වී දින 26ක් ගෙවෙන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය වේගයෙන් ඉහළ යමින් පවතින බව ඉහත දත්තයන් අනුව නිරීක්ෂණය කළ හැකියි. ජර්මනියෙන් දිනක දී වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වුණේ පසුගිය දෙසැම්බර් 18 වැනිදා යි. එහි දී රෝගීන් 31,553ක් වාර්තා වී තිබුණා. එසේම වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වුණේ දෙසැම්බර් 22 වැනිදා යි. එදින 944ක් තරම් මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඒ අනුව ශීත කාලය පවතින ඉදිරි මාස දෙක තුළ ජර්මනිය තුළ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයේ සහ මරණ ප්‍රමාණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.

ජර්මනියේ කොරෝනා තත්ත්වය (Dw.com)

පේරු

දකුණු අර්ධගෝලය තුළ පිහිටා තිබෙන පේරු රාජ්‍යය තුළ ශීත සමය පවතින්නේ ජූනි-අගෝස්තු අතර කාලයේ දී යි. එරටින් දිනක දී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වුණු 10,143 වාර්තා වුණේ අගෝස්තු  මස 16 වැනිදා යි. එරටින් දිනක දී වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණේත් ජූනි 16 වැනිදා යි. එදින මියගිය ප්‍රමාණය 303ක් ලෙසින් සටහන් වුණා. 

පහත දක්වා තිබෙන්නේ එක් එක් ඍතුවේ දී  පේරු රාජ්‍යයේ කොරෝනා වසංගත තත්ත්වය පැවති ආකාරය යි.

*සරත් සමය (මාර්තු- මැයි)- කොරෝනා ආසාදිතයන්- 164,476

                                         කොරෝනා මරණ- 9638

*ශීත සමය (ජූනි- අගෝස්තු)- කොරෝනා ආසාදිතයන්- 487,561

                                              කොරෝනා මරණ- 19,306

*වසන්ත සමය (සැප්තැම්බර්-නොවැම්බර්)- කොරෝනා ආසාදිතයන්- 311,568

                                                       කොරෝනා මරණ- 7022

*ගිම්හාන සමය (දෙසැම්බර් 1-දෙසැම්බර් 26)- කොරෝනා ආසාදිතයන්- 42,713

                                                         කොරෝනා මරණ- 1448

පේරු රාජ්‍යයට එක් එක් ඍතුවේ බලපෑම පැවති කාලවල දී එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහත දක්වා තිබෙනවා. . 

පේරු කොරෝනා වසංගත තත්ත්වය (ICTJ)

මේ දිනවල දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල්වලට ගිම්හාන ඍතුව උදා වී තිබෙන විට උතුරු අර්ධ ගෝලයේ රටවල්වලට ශීත ඍතුව ගෙවෙමින් පවතිනවා. කොරෝනා වසංගත දත්තයන් නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් රටවල් ආශ්‍රිතව ශීත ඍතුවේ දී කොරෝනා වසංගතයේ වර්ධනයක් සිදුව ඇති බව දක්නට ලැබෙනවා. මෙය දේශගුණය නිසා සිදුවෙන දෙයක් ද, නැතිනම් උත්සව සමය නිසා වන වැඩි පැතිරීමක්දැ යි හරිහැටි කිව නොහැකි වුණත්, ශීත ඍතුව පවතින ඉදිරි මාස 2ක තුළ උතුරු අර්ධ ගෝලයේ බොහෝ රටවල්වල කොරෝනා වසංගත තත්ත්වයේ වර්ධනයක් සිදුවීමට ඇත්තේ වැඩි ඉඩකඩක්. 

කවරයේ ඡායාරූපය- Colorado.edu

මූලාශ්‍රයයන්- worldometer 

Related Articles