Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටවල් කිහිපයක කොරෝනා දෙවන රැල්ලක් පැතිර යයි

පසුගිය මාස කිහිපය තුළ මෙරට කොරෝනා අවධානම සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබුණු නිසා ලාංකිකයින් සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතුවල නිරත වුණා. නමුත් ඔක්තෝබර් මාසයේ මුල් සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වීම නිසා යළිත් මෙරට තුළ කොරෝනා රැල්ලක් පැතිරයමින් පවතිනවා. අප රට තුළ මෙතෙක් නිර්මාණය වුණු ලොකුම කොරෝනා පොකුර වන මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ආසාදිතයන් 739ක් වාර්තා වී තිබුණා. එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය යි. ඊට පෙර මෙරටින් එක් දිනක දී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වුණේ ජූලි 10 වැනිදා යි. එදා හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 300ක් ලෙසින් සටහන් වුණා. එලෙස ලංකාව තුළ යළි පැතිරයමින් පවතින කොරෝනා රැල්ල නිසා ඔක්තෝබර් 14 වැනිදා වන විට මෙරටින් වාර්තා වුණු ආසාදිතයන්ගේ ප්‍රමාණය 5170 දක්වා ඉහළ ගොස් තිබුණා. අප රට තුළ යළි කොරෝනා වසංගතය සක්‍රිය වුණු ආකාරයටම තවත් රටවල් කිහිපයක කොරෝනා දෙවන රැල්ලක් පැතිරයමින් පවතිනවා. එම නිසා පහත දැක්වෙන රටවල් කිහිපය යළි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මියන්මාරය 

මියන්මාරයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ මාර්තු 23 වැනිදා යි. එදා සිට අගෝස්තු 17 දක්වා ගෙවුණු දින 147 තුළ එරටින් වාර්තා වී තිබුණේ කොරෝනා රෝගීන් 376ක් පමණ යි. එම කාල සීමාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වුණු ආකාරය පිළිබඳව මෙලෙස දැක්විය හැකියි.

* මාර්තු 23 සිට මැයි 9 දක්වා- ආසාදිතයන් 178

* මැයි 10 සිට ජූනි 28 දක්වා- ආසාදිතයන් 121

* ජූනි 29 සිට අගෝස්තු 17 දක්වා- ආසාදිතයන් 77

මියන්මාරය තුළ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය පාලනය වන විට කොරෝනා මරණ ප්‍රමාණයත් අවම මට්ටමක පැවතුණා. එරටින් පළමු මරණය වාර්තා වුණා මාර්තු 31 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 29 තුළ එරටින් වාර්තා වුණු මරණ ප්‍රමාණය 6 දක්වා ඉහළ ගියා. නමුත් අප්‍රේල් 29 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා එරටින් යළි කොරෝනා මරණයක් වාර්තා වුණේ නැහැ. 

මියන්මාරයෙන් දිනපතා හමු වුණු ආසාදිතයන් ප්‍රමාණය (Worldometer)

එලෙස මියන්මාරය තුළ කොරෝනා තත්ත්වය දැඩි පාලනයක පැවතියත් අගෝස්තු 18 වැනිදා එරටින් යළි රෝගීන් 18 දෙනෙකු වාර්තා වුණා. ඉන් පසුව එරට තුළ දරුණු කොරෝනා රැල්ලක් පැතිරයාම ඇරඹුණා. එම නිසා පසුගිය දින 57 තුළ එරටින් වාර්තාගත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ පිළිබඳව දත්තයන් පහත දක්වා තිබෙනවා.

අගෝස්තු 18 සිට ඔක්තෝබර් 14 දක්වා

1) කොරෝනා ආසාදිතයන්- 30,949

2) දිනකට වැඩිම ආසාදිතයන්- 2158 (ඔක්තෝබර් 10)

3) කොරෝනා මරණ- 726

4) දිනකට වැඩිම මරණ- 48 (ඔක්තෝබර් 11)

මියන්මාරයේ දිනපතා කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වුණු අයුරු  (Worldometer)

නෙදර්ලන්තය

නෙදර්ලන්තයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ පෙබරවාරි 27 වැනිදා යි. එදා සිට එරට තුළ පැතිර ගිය කොරෝනා රැල්ල මැයි 8 වැනිදා පමණ වන විට තරමක් දුරට පාලනය වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ එම කාල සමය තුළ එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් පිළිබඳව යි. 

කොරෝනා ආසාදිතයන්- 42,093

කොරෝනා මරණ- 5,359

මැයි 8 සිට ජූලි 29 දක්වා ගෙවුණු කාල සීමාව තුළ නෙදර්ලන්තයේ කොරෝනා වසංගත තත්ත්වය සෑහෙන දුරට පාලනය වී තිබුණා. එම කාල සමය තුළ එරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 11,528ක් පමණ යි. එසේම එම දින 92 තුළ එරටින් වාර්තා වුණු මරණ ප්‍රමාණය 777ක් ලෙසින් සටහන් වුණා. නමුත් ජූලි 20 වැනිදා සිට නෙදර්ලන්තයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙසින් ඉහළ යමින් පවතිනවා. එලෙස ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගියත් මරණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. පහත දක්වා තිබෙන්නේ පසුගිය දින 87 ඇතුළත එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ පිළිබඳව දත්ත යි.

කොරෝනා ආසාදිතයන්- 142,542

කොරෝනා මරණ- 516

නෙදර්ලන්තයෙන් දිනපතා හමු වුණු ආසාදිතයන් ප්‍රමාණය (Worldometer)

ප්‍රංශය 

යුරෝපය තුළ පළමු කොරෝනා රැල්ල පැතිර ගිය අවස්ථාවේ ප්‍රංශයට ද එහි බලපෑම තදින්ම දැනුණා. එම නිසා මැයි 6 වැනිදා වන විට එරටින් කොරෝනා ආසාදිතයන් 137,150ක් වාර්තා වී තිබුණා. එසේම මරණ ප්‍රමාණය 25,785ක් ලෙසින් සටහන් වුණා. නමුත් මැයි 7 සිට ජූලි 22 දක්වා ගෙවුණු දින 76 තුළ ප්‍රංශයේ කොරෝනා වසංගත තත්ත්වයෙහි යම් පාලනයක් දක්නට ලැබුණා. පහත දක්වා තිබෙන්නේ එම දින 76 තුළ එරටින් වාර්තා වුණු කොරෝනා වසංගත දත්තයන් පිළිබඳව යි.

කොරෝනා ආසාදිතයන්- 41,186

කොරෝනා මරණ- 4,387

පසුගිය ජූලි 23 වැනිදා සිට ප්‍රංශය තුළ යළිත් කොරෝනා වසංගතය පැතිර යමින් තිබෙනවා. එම නිසා එරට  කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතුණත් මරණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. පහත දක්වා තිබෙන්නේ පසුගිය දින 84 ඇතුළත එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ පිළිබඳව දත්ත යි.

කොරෝනා ආසාදිතයන්- 600,727

කොරෝනා මරණ- 2,865

ප්‍රංශයෙන් දිනපතා හමු වුණු ආසාදිතයන් ප්‍රමාණය (Worldometer)

ඉතාලිය 

ඉතාලියෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ ජනවාරි  31 වැනිදා යි. එදා සිට ඉතාලිය තුළ දරුණු ලෙසින් කොරෝනා වසංගතය පැතිර ගිය බව ඔබට මතක ඇති. නමුත් එම කොරෝනා රැල්ල මැයි 29  පමණ වන විට තරමක් දුරට පාලනය වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ එම කාල සමය තුළ එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් පිළිබඳව යි. 

කොරෝනා ආසාදිතයන්- 232,249

කොරෝනා මරණ- 33,321

මැයි 30 සිට අගෝස්තු 6 දක්වා ගෙවුණු කාල සීමාව තුළ ඉතාලියේ කොරෝනා වසංගත තත්ත්වය සෑහෙන දුරට පාලනය වී තිබුණා. එම කාල සමය තුළ එරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 16,955ක් පමණ යි. එසේම එම දින 68 තුළ එරටින් වාර්තා වුණු මරණ ප්‍රමාණය 2020ක් ලෙසින් සටහන් වුණා. නමුත් අගෝස්තු 7 වැනිදා සිට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙසින් ඉහළ යමින් පවතිනවා. පහත දක්වා තිබෙන්නේ පසුගිය දින 69 ඇතුළත එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ පිළිබඳව දත්ත යි.

කොරෝනා ආසාදිතයන්- 123,594

කොරෝනා මරණ- 948

ඉතාලියෙන් දිනපතා හමු වුණු ආසාදිතයන් ප්‍රමාණය (Worldometer)

චෙක් ජනරජය 

චෙක් ජනරජයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ මාර්තු 1 වැනිදා යි. එදා සිට අගෝස්තු 19 දක්වා ගෙවුණු දින 171 තුළ එරටින් වාර්තා වී තිබුණේ කොරෝනා රෝගීන් 20,803ක් පමණ යි. එම කාල සීමාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වුණු ආකාරය පිළිබඳව මෙලෙස දැක්විය හැකියි.

* මාර්තු 1 සිට අප්‍රේල් 27 දක්වා- ආසාදිතයන් 7,467

* අප්‍රේල් 28 සිට ජූනි 24 දක්වා- ආසාදිතයන් 3,333

* ජූනි 25 සිට අගෝස්තු 19 දක්වා- ආසාදිතයන් 10,003

එම කාල සමය තුළ චෙක් ජනරජයෙන් කොරෝනා මරණ 404ක් වාර්තා වී තිබුණා. සෙසු යුරෝපා රටවලට සාපේක්ෂව එය අඩු මරණ ප්‍රමාණයක් වුණා.

චෙක් ජනරජයෙන් දිනපතා හමු වුණු ආසාදිතයන් ප්‍රමාණය (Worldometer)

චෙක් ජනරජය තුළ කොරෝනා තත්ත්වය යම් එලෙස පාලනයක පැවතියත් අගෝස්තු 20 වැනිදා සිට එරට තුළ දරුණු කොරෝනා රැල්ලක් පැතිරයාම ඇරඹුණා. එම නිසා පසුගිය දින 55 තුළ චෙක් ජනරජයෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ පිළිබඳව දත්තයන් පහත දක්වා තිබෙනවා.

අගෝස්තු 20 සිට ඔක්තෝබර් 14 දක්වා

1) කොරෝනා ආසාදිතයන්- 118,487

2) දිනකට වැඩිම ආසාදිතයන්- 9,543 (ඔක්තෝබර් 14)

3) කොරෝනා මරණ- 768

4) දිනකට වැඩිම මරණ- 66 (ඔක්තෝබර් 14)

චෙක් ජනරජයේ දිනපතා කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වුණු අයුරු  (Worldometer)

කවරයේ ඡායාරූපය- මියන්මාරයේ කොරෝනා තත්ත්වය

මූලාශ්‍රයයන්- worldometer

Related Articles