Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවා යයි

පසුගිය මාස 10ක කාලය පුරා ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට මිලියන 33කට වැඩි පිරිසක් ගොදුරු වී තිබෙනවා. මෙම වසංගතය චීනයෙන් ආරම්භ වුණත් එය ඉක්මනින්ම ව්‍යාප්ත වුණේ යුරෝපය සහ උතුරු ඇමරිකාව යන මහද්වීප ද්විත්වය තුළ යි. ඉන් අනතුරුව දකුණු ඇමරිකා මහද්වීපය තුළ ද සීඝ්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගතය වර්තමානය වන විට මහද්වීප 4කට විශාල බලපෑමක් සිදුකර තිබෙනවා. 

ආසියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, සහ යුරෝපය යන මහද්වීපවලින් පසුගිය සඳුදා වන විට කොරෝනා ආසාදිතයන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එසේම එම මහද්වීප 4 ආශ්‍රිතව කොරෝනා මරණ 969,932ක් වාර්තා වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ එක් එක් මහද්වීපයට කොරෝනා වසංගතයෙන් බලපෑම් සිදුවුණු ආකාරය යි.

ආසියා මහද්වීපය 

ආසියා මහද්වීපය තුළ ස්වාධීන රටවල් 48ක් පිහිටා තිබෙනවා. එසේම එය තුළ 4,641,054,775ක පමණ ජනගහනයක් ජීවත් වනවා. වර්තමානය වන විට ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන කලාපය බවට පත්ව තිබෙන්නේ දකුණු ආසියානු කලාපය යි. දකුණු ආසියානු කලාපයට අයත්වන ඉන්දියාව, බංග්ලාදේශය, සහ පාකිස්ථානය යන රටවල්වලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. 

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට ආසියාවෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,397,995ක් ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ ආසියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

1) ඉන්දියාව 

    ආසාදිතයන් ප්‍රමාණය- 6,145,291 

    ජනගහනය- 1,383,308,133

2) ඉරානය 

    ආසාදිතයන් ප්‍රමාණය- 449,960 

    ජනගහනය- 84,253,298

3) බංග්ලාදේශය 

    ආසාදිතයන් ප්‍රමාණය- 360,555 

    ජනගහනය- 165,088,815

4) ඉරාකය

    ආසාදිතයන් ප්‍රමාණය- 353,566

    ජනගහනය- 40,437,45

5)  සෞදි අරාබිය 

    ආසාදිතයන් ප්‍රමාණය- 333,648

    ජනගහනය- 34,944,484

ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාවෙන්, වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් වාර්තා වී තිබෙනවා. එසේම ඉරානයෙන් ද සැලකිය යුතු කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වනවා. පහත දක්වා තිබෙන්නේ දැනට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන ආසියානු රටවල් පිළිබඳව යි.

1) ඉන්දියාව- මරණ 96,351

2) ඉරානය- මරණ- 25,779

3) ඉන්දුනීසියාව- මරණ 10,473

4) ඉරාකය- මරණ 9,052

5) තුර්කිය- මරණ 8,062

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

උතුරු ඇමරිකා මහද්වීපය 

රටවල් 23කින් සමන්විත උතුරු ඇමරිකානු මහද්වීපය තුළ 592,072,212ක පමණ ජනගහනයක් ජීවත් වනවා. සැප්තැම්බර් 28 වැනිදා වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු ඇමරිකාව අයත් වන්නේ උතුරු ඇමරිකානු මහද්වීපයට යි. එසේම දැනට ලෝකයේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ද උතුරු ඇමරිකානු මහද්වීපයෙන් වාර්තා වී තිබෙනවා. 

උතුරු ඇමරිකානු මහද්වීපය තුළ වඩාත්ම දරුණු ආකාරයට කොරෝනා වසංගතය පැතිර යන්නේ ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල යි. පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට උතුරු ඇමරිකාවෙන්  වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 8,790,299ක් ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ උතුරු ඇමරිකාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

1) ඇමරිකාව 

    ආසාදිතයන් ප්‍රමාණය- 7,361,611

    ජනගහනය- 331,478,677

2) මෙක්සිකෝව 

    ආසාදිතයන් ප්‍රමාණය- 733,717 

    ජනගහනය- 129,262,198

3) කැනඩාව 

    ආසාදිතයන් ප්‍රමාණය- 155,301

    ජනගහනය- 37,822,899

4) ඩොමිනිකන් සමූහාණ්ඩුව

    ආසාදිතයන් ප්‍රමාණය- 111,666

    ජනගහනය- 10,874,389

5)  පැනමා  

    ආසාදිතයන් ප්‍රමාණය- 111,277

    ජනගහනය- 4,331,125

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට උතුරු ඇමරිකා මහද්වීපයෙන් කොරෝනා මරණ 308,284ක් වාර්තා වී තිබුණා.පහත දක්වා තිබෙන්නේ උතුරු ඇමරිකා මහද්වීපයෙන් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි. 

1) ඇමරිකාව- මරණ 209,808

2) මෙක්සිකෝව- මරණ- 76,603

3) කැනඩාව- මරණ 9,278

4) ගෝතමාලාව- මරණ 3,234

5) පැනමා- මරණ 2,348

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ඇමරිකානුවන් (gettyimages)

දකුණු ඇමරිකා මහද්වීපය 

දකුණු ඇමරිකා මහද්වීපය තුළ ස්වාධීන රටවල් 12ක් පිහිටා තිබෙනවා. 430,759,766ක ජනගහනයක් එහි ජීවත් වනවා. දකුණු ඇමරිකානු මහද්වීපයට අයත්වන බ්‍රසීලය, කොලොම්බියාව, පේරු, සහ ආජන්ටිනාව යන රටවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. 

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට දකුණු ඇමරිකාවෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 7,959,736ක් ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ දකුණු ඇමරිකාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

1) බ්‍රසීලය  

    ආසාදිතයන් ප්‍රමාණය- 4,748,327 

    ජනගහනය- 212,929,158

2) කොළොම්බියාව  

    ආසාදිතයන් ප්‍රමාණය- 818,203 

    ජනගහනය- 51,014,752

3) පේරු 

    ආසාදිතයන් ප්‍රමාණය- 808,714 

    ජනගහනය- 33,082,847

4) ආජන්ටිනාව 

    ආසාදිතයන් ප්‍රමාණය- 723,132

    ජනගහනය- 45,296,882

5)  චිලී  

    ආසාදිතයන් ප්‍රමාණය- 459,671

    ජනගහනය- 19,156,249

දකුණු ඇමරිකාවේ  වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන බ්‍රසීලයෙන් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් වාර්තා වී තිබෙනවා. එසේම පේරු සහ කොළොම්බියාව යන රටවල්වලින් ද සැලකිය යුතු කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වනවා. පහත දක්වා තිබෙන්නේ දැනට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන දකුණු ඇමරිකානු රටවල් පිළිබඳව යි.

1) බ්‍රසීලය- මරණ 142,161

2) පේරු- මරණ- 32,324

3) කොළොම්බියාව- මරණ 25,641

4) ආජන්ටිනාව- මරණ 16,113

5) චිලී- මරණ 12,698

බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

යුරෝපා මහද්වීපය 

රටවල් 44කින් සමන්විත යුරෝපා මහද්වීපය තුළ 747,636,026ක ජනගහනයක් ජීවත් වනවා. කොරෝනා වසංගතය ආරම්භ වුණු මුල් කාල සමයේ එය සීඝ්‍රයෙන් පැතිර ගියේ යුරෝපා මහද්වීපය තුළ යි. නමුත් වර්තමානය වන විට යුරෝපයේ කොරෝනා වසංගත තත්ත්වය තරමක් දුරට පාලනය වී තිබෙනවා. 

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට යුරෝපයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 4,899,254ක් ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ යුරෝපයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

1) රුසියාව

    ආසාදිතයන් ප්‍රමාණය- 1,159,573

    ජනගහනය- 145,949,954

2) ස්පාඤ්ඤය 

    ආසාදිතයන් ප්‍රමාණය- 748,266

    ජනගහනය- 46,759,262

3) ප්‍රංශය  

    ආසාදිතයන් ප්‍රමාණය- 542,639

    ජනගහනය- 65,309,161

4) එක්සත් රාජධානිය

    ආසාදිතයන් ප්‍රමාණය- 439,013

    ජනගහනය- 67,973,563

5)  ඉතාලිය  

    ආසාදිතයන් ප්‍රමාණය- 311,364

    ජනගහනය- 60,439,744

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට යුරෝපා මහද්වීපයෙන් කොරෝනා මරණ 220,843ක් වාර්තා වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ යුරෝපා මහද්වීපයෙන් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි. 

1) එක්සත් රාජධානිය- මරණ 42,001

2) ඉතාලිය- මරණ- 35,851

3) ප්‍රංශය- මරණ 31,808

4) ස්පාඤ්ඤය- මරණ 31,411

5) රුසියාව- මරණ 20,385

රුසියාව තුළ කොරෝනා වසංගතය පැතිරයමින් පවතින ආකාරය (gettyimages)

අප්‍රිකා මහද්වීපය 

රටවල් 54ක් පිහිටා තිබෙන අප්‍රිකා මහද්වීපය ලොව වැඩිම රටවල් ප්‍රමාණයක් පිහිටා තිබෙන මහද්වීපය යි. එසේම ලොව දෙවනියට වැඩිම ජනගහනයක් සිටින මහද්වීපය වන්නේ ද අප්‍රිකාව යි. නමුත් අප්‍රිකා මහද්වීපය තුළින් වාර්තා වී තිබෙන්නේ කොරෝනා ආසාදිතයන් 1,473,418ක් පමණ යි. 

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට අප්‍රිකා මහද්වීපයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් ත්‍රිත්වය පහත දක්වා තිබෙනවා.

1) දකුණු අප්‍රිකාව 

    ආසාදිතයන් ප්‍රමාණය- 671,669

    ජනගහනය- 59,489,841

2) මොරොක්කෝව 

    ආසාදිතයන් ප්‍රමාණය- 119,107

    ජනගහනය- 37,016,695

3) ඊජිප්තුව 

    ආසාදිතයන් ප්‍රමාණය- 102,955

    ජනගහනය- 102,796,445

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට අප්‍රිකා මහද්වීපයෙන් කොරෝනා මරණ 35,512ක් වාර්තා වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ අප්‍රිකා මහද්වීපයෙන් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

1) දකුණු අප්‍රිකාව- මරණ 16,586

2) ඊජිප්තුව- මරණ 5,901

3) මොරොක්කෝව- 2,113

දකුණු අප්‍රිකාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

ඊට අමතරව ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් කොරෝනා ආසාදිතයන් 31,060ක් වාර්තා වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට එම මහද්වීපයෙන් කොරෝනා මරණ 922ක් වාර්තා වුණා. එහි දී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් 27,055 අතුරින් 882 දෙනෙකු මරණයට පත්වුණා. 

කවරයේ ඡායාරූපය- කොරෝනා නිසා මියගිය පුද්ගලයන් මිහිදන් කරන අවස්ථාවක් (gettyimages)

*සැලකිය යුතු යි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගත දත්ත යි.

මූලාශ්‍රයයන්- worldometer

Related Articles