Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වසර තුළ කොරෝනාව ලොව පුරා පැතිරුණේ මෙහෙමයි

පසුගිය මාස 12ක කාලය තුළ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා ලක්ෂ 13කට වැඩි පිරිසකට  සිය ජීවිතය අහිමිව තිබෙනවා. 2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයෙන් ආරම්භ වුණු මෙම වසංගත තත්ත්වය නිසා අද වන විට මහද්වීප හතරක් දරුණු ලෙස පීඩාවට පත්ව සිටිනවා. ආසියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, සහ යුරෝපය යන මහද්වීපවලින් පසුගිය සිකුරාදා වන විට කොරෝනා ආසාදිතයන් මිලියන 52කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එසේම එම මහද්වීප හතර ආශ්‍රිතව වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය ලක්ෂ 12 ඉක්මවා ගියා. එහිදී සෑම මහද්වීපයකින්ම  මුල් මාස හයට වඩා ගෙවුණු මාස 4 1/2 තුළ වැඩි කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණා.  

ආසියා මහද්වීපය 

අද වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී සිටින මහද්වීපය බවට පත්ව තිබෙන්නේ ආසියාව යි. පසුගිය සිකුරාදා වන විට ආසියා මහද්වීපයෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 148කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඉන් රෝගීන් ලක්ෂ 87ක් ඉන්දියාවෙන් වාර්තා වන විට ඉතිරි රටවල් 48 තුළින් රෝගීන් ලක්ෂ 61ක් පමණ වාර්තා වුණා. පහත දක්වා ඇත්තේ ආසියානු මහද්වීපය තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී සිටින රටවල් පහ තුළ මුල් මාස 6 දී සහ අවසන් මාස 4 ½ දී කොරෝනා ආසාදිතයන් හමුවුණු ආකාරය යි.

1) ඉන්දියාව 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 585,792 

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 8,186,984

2) ඉරානය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 227,662

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 498,923

3) ඉරාකය  

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 49,109

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 465,087

4) ඉන්දුනීසියාව

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 56,385

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 401,350

5) බංග්ලාදේශය

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 145,483

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 283,482

ඉහත රටවල් තුළ කාල සමයන් දෙකක දී වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් දක්වා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ කොරෝනා දෙවන රැල්ල ආසියානු රටවල්වලට දැඩි බලපෑමක් කර ඇති බව යි. පසුගිය මාස 4 1/2ක කාලය තුළ ඉන්දියාවෙන් හමුවුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය බලාපොරොත්තු නොවුණු තරම් ඉහළ ගියා. එම නිසා ආසියාව වැඩිම කොරෝනා ආසදිතයන් ප්‍රමාණය සිටින මහද්වීපය බවට ද පත්වුණා. නමුත් පසුගිය මාසය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණා. බොහෝ විට එය තාවකාලික අඩුවීමක් විය හැකියි. ඊළඟට ආසියාවේ වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති රටවල් 5 පිළිබඳව අවධානය යොමු කරමු. 

1) ඉන්දියාව 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  17,410

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  111,276

2) ඉරානය

ජනවාරි 1 – ජූනි 30-  මරණ  10,817

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  29,304

3) ඉන්දුනීසියාව

ජනවාරි 1 – ජූනි 30-  මරණ 2876

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  12,057

4) ඉරාකය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  1943

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  9589

5) තුර්කිය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  5131

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  6102

පසුගිය මාසයක පමණ කාලය තුළ ඉන්දියාවෙහි මරණ ප්‍රමාණය පාලනය වී තිබෙනවා. නමුත් ඉරානය, ඉන්දුනීසියාව වැනි රටවල්වල දෛනික මරණ ප්‍රමාණයෙහි වෙනසක් සිදුව නැහැ. මින් පෙනෙන්නට ඇත්තේ තවදුරටත් ආසියානු කලාපය තුළ දැඩි කොරෝනා අවදානමක් පවතින බව යි.

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages) 

යුරෝපා මහද්වීපය 

පසුගිය සිකුරාදා වන විට යුරෝපා මහද්වීපයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 132ක ඉක්මවා තිබුණා. ඉන් රෝගීන් ලක්ෂ 75ක් ප්‍රංශය, රුසියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, සහ ඉතාලිය යන රටවල් පහ තුළින් වාර්තා වන විට ඉතිරි රටවල් 43න් රෝගීන් ලක්ෂ 57ක් පමණ වාර්තා වුණා. පහත දක්වා ඇත්තේ යුරෝපා මහද්වීපය තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී සිටින රටවල් 5හි මුල් මාස 6 දී සහ අවසන් මාස 4 ½ දී කොරෝනා ආසාදිතයන් හමුවුණු ආකාරය යි.

1) ප්‍රංශය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 164,801 

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,733,909

2) රුසියාව 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 647,849

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,210,719

3) ස්පාඤ්ඤය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 258,661

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,212,576

4) එක්සත් රාජධානිය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 283,253

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,006,942

5) ඉතාලිය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 240,599

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 825,802

යුරෝපය තුළ ද කොරෝනා පළමු රැල්ලට වඩා දෙවන රැල්ල භයානක ලෙසින් පැතිරයමින් පවතින බව ඉහත දත්තයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යනවා. පහත දක්වා තිබෙන්නේ යුරෝපය තුළ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් 5 පිළිබඳව යි. 

1) එක්සත් රාජධානිය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  40,391

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  10,537

2) ඉතාලිය  

ජනවාරි 1 – ජූනි 30-  මරණ  34,921

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  8668

3) ප්‍රංශය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ 29,818

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  13,142

4) ස්පාඤ්ඤය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  29,385

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  11,076

5) රුසියාව  

ජනවාරි 1 – ජූනි 30-  මරණ  9320

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  22,712

ආසියාව තුළ අවසන් මාස කිහිපය තුළ සිදුවුණු කොරෝනා මරණ ප්‍රමාණය වැඩි වී තිබුණත් යුරෝපය තුළ දක්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඉහත දත්තවලට අනුව රුසියාව හැර ඉතිරි රටවල්වල කොරෝනා මරණ ප්‍රමාණයෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් මේ දිනවල යුරෝපා රටවල්වලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. එම නිසා ඉදිරියේ දී යුරෝපය ආශ්‍රිතව සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමට තිබෙන ඉඩ වැඩියි.

ප්‍රංශයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages) 

උතුරු ඇමරිකා මහද්වීපය 

වර්තමානය වන විට ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රට බවට පත්ව තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. එම නිසා උතුරු ඇමරිකානු මහද්වීපයෙන් ලක්ෂ 128කට වැඩි කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. පහත දක්වා ඇත්තේ  උතුරු ඇමරිකාව  තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී සිටින රටවල් 3හි මුල් මාස 6 දී සහ අවසන් මාස 4 ½ දී කොරෝනා ආසාදිතයන් හමුවුණු ආකාරය යි.

1) ඇමරිකා එක්සත් ජනපදය 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 2,743,631 

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 8,130,305

2) මෙක්සිකෝව 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 227,807

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 758,370

3) කැනඩාව   

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 104,204

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 178,373

ඇමරිකාව, සහ මෙක්සිකෝව තුළ පසුගිය මාස කිහිපය තුළ වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. මේ දිනවල ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 150,000 ඉක්මවා යනවා. ඊළඟට වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති උතුරු ඇමරිකානු රටවල් තුන  පිළිබඳව අවධානය යොමු කරමු. 

1) ඇමරිකා එක්සත් ජනපදය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  130,480

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  118,105

2) මෙක්සිකෝව  

ජනවාරි 1 – ජූනි 30-  මරණ  28,014

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  68,416

3) කැනඩාව

ජනවාරි 1 – ජූනි 30-  මරණ 8591

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  2177

කැනඩාවෙහි කොරෝනා මරණ ප්‍රමාණය තරමක් දුරට අඩු වී තිබුණත් ඇමරිකාව සහ මෙක්සිකෝව තුළ තවමත් කොරෝනා මරණ සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිනවා. මේ දිනවල ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස වැඩිව තිබෙන නිසා ඉදිරියේ දී එරට සිදුවන මරණ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාමට ඉඩ තිබෙනවා.

ඇමරිකාවේ  කොරෝනා වසංගත තත්ත්වය (gettyimages) 

 

දකුණු ඇමරිකා මහද්වීපය 

නොවැම්බර් 13 වැනිදා  වන විට දකුණු ඇමරිකානු මහද්වීපයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 102ක ඉක්මවා තිබුණා. ඉන් රෝගීන් ලක්ෂ 98කට ආසන්න ප්‍රමාණයක් බ්‍රසීලය, පේරු, චිලී, ආජන්ටිනාව, සහ කොළොම්බියාව යන රටවල් පහ තුළින් වාර්තා වන විට ඉතිරි රටවල් 9න් රෝගීන් ලක්ෂ 4ක් පමණ වාර්තා වුණා. පහත දක්වා ඇත්තේ දකුණු ඇමරිකානු මහද්වීපය තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී සිටින රටවල් 5හි මුල් මාස 6 දී සහ අවසන් මාස 4 ½ දී කොරෝනා ආසාදිතයන් හමුවුණු ආකාරය යි.

1) බ්‍රසීලය  

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 1,408,485

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 4,375,162

2) ආජන්ටිනාව 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 64,530

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,219,989

3) කොළොම්බියාව   

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 97,846

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 1,076,166

4) පේරු 

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 285,213

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 645,024

5) චිලී  

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 279,447

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 246,991

බ්‍රසීලය, ආජන්ටිනාව, කොළොම්බියාව, සහ පේරු යන රටවල්වල පසුගිය මාස කිහිපය තුළ වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන ආකාරය දැකිය හැකියි. නමුත් චිලී රාජ්‍යය තුළ එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. පහත දක්වා තිබෙන්නේ වසර මුල දී සහ වසර අග දී ඉහත රටවල්වලින් වාර්තා වුණු මරණ ප්‍රමාණයන්. 

1) බ්‍රසීලය 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  59,656

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  104,676

2) පේරු 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  17,619

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  17,448

3) ආජන්ටිනාව 

ජනවාරි 1 – ජූනි 30-  මරණ 3429

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  31,353

4) කොළොම්බියාව  

ජනවාරි 1 – ජූනි 30-  මරණ  3334

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  30,157

5) චිලී 

ජනවාරි 1 – ජූනි 30-  මරණ  6436

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  8263

දකුණු ඇමරිකානු මහද්වීපය තුළ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණයෙහි අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. බ්‍රසීලය, ආජන්ටිනාව, සහ කොළොම්බියාව යන රටවල් තවමත් දැඩි අවදානම් තත්ත්වයක පවතිනවා.

බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

ශ්‍රී ලංකාවත් අවදානම් තත්ත්වයක 

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. වසර මුල දී මෙරට තුළ පැතිර ගිය කොරෝනා රැල්ලට වඩා මේ දිනවල පැතිර යන රැල්ල විශාල හානියක් දැනටමත් සිදුකර තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ වසර මුල සහ වසර අග ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ කොරෝනා මරණ ප්‍රමාණය යි.

ජනවාරි 1 – ජූනි 30-  ආසාදිතයන් 2047

ජූලි 1 – නොවැම්බර් 13- ආසාදිතයන් 14,358

ජනවාරි 1 – ජූනි 30-  මරණ  11

ජූලි 1 – නොවැම්බර් 13- මරණ  42

ශ්‍රී ලංකාව තුළ පැතිර යන වර්තමාන කොරෝනා රැල්ලේ භයානකම පිළිබඳව ඉහත දත්ත නිරීක්ෂණය කිරීමෙන් අවබෝධයක් ලබාගත හැකියි. වසරේ මුල මාස හයට වඩා අග මාස හය තුළ බොහෝ රටවල්වල කොරෝනා වසංගත තත්ත්වයෙහි වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ කොරෝනා වසංගතය තවමත් දරුණු ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව යි. එම නිසා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් පිළිපදිමින් කොරෝනාවෙන් ආරක්ෂා වීම ඔබ සැමට පැවරෙන වගකීමක්.

කවරයේ ඡායාරූපය- කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින ඉන්දියානුවන් (gettyimages) 

මූලාශ්‍රයයන්- worldometer

Related Articles