Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුද්ධිමත් දරු කැලක් උදෙසා ළදරු යකඩ ඌණතාවය වළකමු

දරුවකුගේ මොළයේ වර්ධනයෙන් 90%ක් සිදුවන්නේ උපතේ සිට අවුරුදු 5 දක්වා කාලය තුළ යි. මෙම කාලය තුළ දරුවාට ක්ෂුද්‍රපෝෂක නිසි ලෙස ලැබීම අත්‍යාවශ්‍ය යි. නමුත් 2014 ජාතික පෝෂණ හා ක්ෂුද්‍රපෝෂක සමීක්ෂණය පෙන්වා දෙන්නේ මෙරට මාස 6 – අවුරුදු 5 අතර දරුවන්ගේ යකඩ ඌණතා ප්‍රතිශතය 33.6%ක් බව යි. ඉන් 7.4%කට යකඩ ඌණතා ඇනීමියා තත්ත්වය ද තිබෙන බව එය වැඩිදුරටත් දක්වනවා.

ක්ෂුද්‍රපෝෂක කියන්නේ විටමින් (A, B, C, D, E, සහ K), ඛනිජ (සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, ෆ්ලෝරයිඩ්, යකඩ, සහ සින්ක්) සහ අංශු මාත්‍ර පෝෂක (අයඩින්, තඹ, සෙලීනියම්, මැන්ගනීස්, ක්‍රෝමියම්, සහ මොලිබ්ඩිනම්) වලට යි. මින් යකඩ මොළයේ වර්ධනයට සහ දේහ ක්‍රියාකාරීත්වයට ප්‍රධානව බලපානවා.

නිරෝගී සහ යකඩ ඌණතා රුධිර සාම්පලයක වෙනස (powerofpositivity.com)

‘යකඩ ඌණතාව’ ලෙස හඳුන්වන්නේ රතු රුධිර සෛල හෝ ඒවා තුළ ඇති හිමොග්ලොබින් සාන්ද්‍රණය සාමාන්‍ය පරාසයට වඩා අඩු තත්ත්වයක තිබීමට යි. ඇනීමියා තත්ත්වයේ දී වෙන්නේ යකඩ නොමැතිව රතු රුධිර සෛල නිසි පරිදි සැකසීමට දේහයට නොහැකි වීම යි. එවිට එම රතු රුධිර සෛලවලට ඔක්සිජන් ගෙනයාමට ඇති හැකියාව අඩු වෙනවා.

යකඩ ඌනතාවයට ඇති වීමට ෆෝලේට් ඌණතාවය, විටමින් B සහ විටමින් A ඌණතාවය, මැලේරියාව, ක්ෂය රෝගය, HIV වැනි බෝවන රෝග මෙන්ම, ප්‍රධාන වශයෙන් ආහාරවලින් නිසි පෝෂණයක් නොලැබීමත් බලපානවා. මෙරට දරුවන් තුන් දෙනෙකුගෙන් එක් දරුවෙකු යකඩ ඌණතාවයෙන් පෙළෙන බව සමීක්ෂණ පෙන්වා දෙනවා. ඔබේ දරුවා ද ඒ අතර සිටිය හැකියි.

මෙරට දරුවන් තුන් දෙනෙකුගෙන් එක් දරුවෙකු යකඩ ඌණතාවයෙන් පෙළෙනවා. 

එය පහත රෝග ලක්ෂණවලින් හඳුනාගන්න පුළුවන්

  • තෙහෙට්ටුව
  • සුදුමැලි හෝ කහ ගැන්වුණු සම
  • නුරුස්නා බව
  • දුර්වල බව
  • කරකැවිල්ල
  • හුස්ම හිරවීම
  • දිගු කල් පවතින ස්නායුක හා චර්යාත්මක බලපෑම

මෙම බලපෑම්වලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දේහ ඉන්ද්‍රිය සහ අවයවවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගෙන යාමට රතු රුධිර සෛලවලට ඇති නොහැකියාව යි. මොළය වර්ධනය සම්පූර්ණයෙන්ම පාහේ සපුරන වයසේ සිටින ළදරුවන්ට පසුකාලීනව ජීවිතය නිසි සේ ගෙන යාමට අවශ්‍ය හැකියාවන් රැසක් මේ හරහා අහිමි වන අතර, ‘දරුවන් ඉගෙනුමෙන් ඉහළට යනු දැකීම’ යන දෙමව්පිය සිහිනයත් මින් දුරස් වෙනවා. ළදරුවන් විවිධ වයස්වල දී සම්පූර්ණ කළ යුතු කුසලතාවන්ගේ පමාවීම, ප්‍රතිශක්තය අඩාල වීමෙන් ලෙඩ රෝගවලට ලක්වීම යකඩ ඌණතාවය නිසා ඇතිවන තවත් ගැටළු ලෙස දක්වන්න පුළුවන්.

දරුවකුගේ මොළයේ වර්ධනයෙන් 90%ක් සිදුවන්නේ උපතේ සිට අවුරුදු 5 දක්වා කාලය තුළ යි. (uofmhealth.org)

යකඩවලට මොළයේ සහ මධ්‍ය ස්නායු පද්ධතියේ වර්ධනයටත්, සාමාන්‍ය සංජානන වර්ධනයටත් දායක වීමේ හැකියාව තිබෙනවා. දරුවාගේ මතකය, අවධානය, ඉගෙනීම, බුද්ධිය, ගැටළු විසඳීම, වාචික චතුරතාව වැඩි දියුණු කරන්නට ඊට හැකියි.

දේහයට ස්වභාවිකව යකඩ ලබා ගන්නට නම්, යකඩ බහුල ආහාර වර්ග ගත හැකියි. ධාන්‍ය වර්ග (මුං ඇට, කව්පී), පලා වර්ග (නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න), මස්, මාළු, බිත්තර යනාදිය ආහාරයට එක් කර ගැනීමත්, ඒවා දේහයට උරා ගැනීම පහසු කරවීමට පැඟිරි සහිත පලතුරු (ලෙමන්, දොඩම්) භාවිතයත් කළ හැකියි. එසේම ආහාර සමග හෝ ආහාර ගන්නට ප්‍රථම හෝ ගැනීමෙන් පැයක් තුළ තේ සහ කෝපි, කැෆේන් අඩංගු පැණිබීම පානයෙන් වැළකීමත් වැදගත්.

යකඩ වලින් සවිබල ගැන්වූ කිරි යනු දරුවන්ට හොඳ විසඳුමකි  (verywellfamily.com)

කුකුළු මස්, සැමන්, කෙළවල්ලා මාළුවල යකඩ සංයුතිය වැඩි මට්ටමක පවතින බැවින් සතියකට 2-3 වරක් ඒවා ආහාරයට එක් කර ගැනීම සුදුසු යි. බිත්තර ග්‍රෑම් 100ක යකඩ මිලිග්‍රෑම් 1.2ක් අඩංගු වෙනවා. රනිල බෝගවල එය මිලිග්‍රෑම් 6.7ක් වන අතර, නිවිති ග්‍රෑම් 100කින් යකඩ මිලිග්‍රෑම් 2.7ක් ලබා ගත හැකියි. විටමින් C බහුල ආහාරවලින් (පලතුරු) මෙම යකඩ දේහයට උරාගැනීම පහසු කරවිය හැකියි.

දරුවන්ට යකඩ ලබා දිය හැකි අනෙකුත් ක්‍රම වශයෙන් පෙති, සිරප් වර්ග පවතින නමුත් දරුවන්ට ඒවා භාවිතයට ඇති අපහසුතාව, රසයට දක්වන අකමැත්ත වැනි ගැටළු පවතින බව යි දෙමව්පියන් මැසිවිලි නගන්නේ. එනිසා දරුවන්ට යකඩ අතිරේකයක් ලබාදීමට හොඳ ආදේශකයක් ලෙස, යකඩවලින් සවිබල ගැන්වූ කිරි වර්ග ආහාර වේලට එකතු කරගත හැකියි.

කවරය: babycenter.in

Related Articles