Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රජා ජීවානුහරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්

මේ වන විට හෑන්ඩ් රබ්ස් උන්මාදයක් මෙන්ම, වැරදි ලෙස ඒ සඳහා මත්පැන් යොදා ගත හැකි බවට මතයක් සමාජය තුළ ස්ථාපනය වෙමින් පවතී. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා නිවාරණ උපදෙස් මාලාවේ සඳහන් වන නිවැරදි කරුණු ඔබට වැදගත් විය හැකියි. ඒවා නම්;

  1. සාමාන්‍ය සබන්වලින් අත සේදු විට මේ වයිරසය විනාශ වන බව පර්යේෂණ මඟින් පෙන්වයි. එබැවින් අත් සේදීමට සබන් ප්‍රමාණවත් වේ.
  2. සැම විටම අත්‍ අපිරිසිදු (soiled) වී ඇත්නම් අනිවාර්යයෙන්ම සබන් යොදා පිරිසිදු කරගත යුතු යි. හෑන්ඩ් සනිටයිසර් අනුමත කරන්නේ අතෙහි යම් දුවිලි හෝ අපිරිසිදු දේ පෙනෙන්නට නැති විට (visibly clean) ජීවානුහරණය සඳහා පමණයි. 
  3. හෑන්ඩ් සනිටයිසරයක්/ රබ්ස් යොදා ගන්නේ නම් කාර්යක්ෂම ජීවානුහරණයක් සඳහා අවමයෙන් 70%ක ඇල්කොහොල් ප්‍රතිශතයක් එහි අඩංගු විය යුතු යි.(ඔබේ වොඩ්කා බෝතලයේ ඇත්තේ 40%කි. එය ප්‍රමාණවත් නැත.)
  4. රෙදි සේදීම ගැන ද වැරදි මත පළ වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව; සාමාන්‍ය සබන් හෝ ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ඩිටර්ජන්ට් පව්ඩර් යොදා රෙදි සෝදා වියළා ගැනීම ප්‍රමාණවත් ය. මතක තබාගන්න; හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ කදිම විෂබීජ නාශකයක් (නොමිලේ ලැබෙයි).
  5. රෝගීන්ගේ ඇඳුම් පවා සේදීමට අප දෙන උපදෙස් ද අංක 4 හි සඳහන් කළ උපදෙස්ම ය. එකම වෙනස; රෙදි සෝදන යන්ත්‍රයේ සෝදන්නේ නම් උපදේශය, අංශක 60 -90 අතර වන ජලයේ සාමාන්‍ය ඩිටර්ජන්ට් දමා සෝදා හොඳින් වියළා ගන්නා ලෙස ය.

නිතර සබන් ගා අත සේදීමෙන් කොරෝනා පමණක් නොව, මුඛය හා නාසය ඔස්සේ පැතිරෙන බොහෝ රෝග වළක්වා ගත හැක. විහිළුවක් නොවේ, අත සේදීම යනු ලාබම මෙන්ම මෙතෙක් පර්යේෂණවලින් හෙළි වූ වඩාත් කාර්යක්ෂම සනීපාරක්ෂක මැදිහත්වීම ය.

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ

Related Articles