Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ධන පෝලිම්වල මතු වන සෞඛ්‍ය ගැටලු වලක්වා ගන්නේ කොහොම ද?

මාස ගණනාවක් පුරා පවතින ඉන්ධන හිඟය, ගෑස් හිඟය ද එකසේ යි. මාස ගණනාවක් පුරා මේ හිඟයෙන් ජනතාව පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ම ඉන්ධන හා ගෑස් ලබා ගන්නට බොහෝ පිරිස් දින ගණනාවක් තිස්සේ පෝලිම්වල සිට ගෙන කල් ගෙවනවා.

කිලෝ මීටර ගණන් දුරට දිගු ඇතැම් පෝලිම් දින ගණනක් තිස්සේ නොසෙල් වී පවතින අයුරුත් සුලබ දසුනක්. නොසෙල්වෙන ඉන්ධන පෝලිම්වල දිගු වේලාවක් සිටගෙන සිටීම සෞඛ්‍යයට අහිතකර යි. මේ ලිපිය  ඉන්ධන පෝලිම්වල දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා හට ගන්නා සෞඛ්‍ය ගැටලු හා අවදානම මඟ හරවා ගත හැකි ආකාරය පිළිබඳ උපදේශනයක්.

දිගු වේලාවක් නොසෙල්වෙන ඉන්ධන පෝලිම්වල සිටගෙන සිටීම සෞඛ්‍යයට අහිතකර යි – Design credit: Roar Media/Jamie Alphonsus

 

දිගු වේලාවක් නොසෙල්වෙන ඉන්ධන පෝලිම්වල සිටගෙන සිටීම සෞඛ්‍යයට අහිතකර යි.

සාමාන්‍යයෙන් මෙලෙස සිටගෙන සිටින කාලය පැය දෙකකට අධික නම් මානසිකව යම් පීඩනයක් හට ගන්නා අතර, මුළු ශරීරයේ ම යම් අපහසුතාවයකට මුහුණ දෙනවා. නමුත්, ඉන්ධන පෝලීම්වල අපට රැඳී සිටීමට සිදුවන කාල‍ය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි යි! සෞඛ්‍ය අවදානමත් ඊට අනුරූපව ඉහළ යනවා.

පෝලිම්වල දීර්ඝ වේලාවක් සිට ගෙන සිටීමෙන් පාද සහ යටි පතුල්වලට රුධිරය එකතු වීමක් සිදු වෙනවා- Design credit: Roar Media/Jamie Alphonsus

 

පෝලිම්වල දීර්ඝ වේලාවක් සිට ගෙන සිටීමෙන් පාද සහ යටි පතුල්වලට රුධිරය එකතු වීමක් සිදු වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස නහර වල දැවිල්ලක් හට ගන්නට පුළුවන්. එම දැවිල්ල කාලයත් සමඟ නිදන්ගත සහ වේදනාකාරී “නහර ගැට ගැසීමේ” රෝගී තත්ත්වය දක්වා වර්ධනය විය හැකි යි. මීට අමතරව, නහර වල ලේ කැටි ඇති වීමේ හැකියාව ඇති බැවින්, හෘදයාබාධ, ආඝාත තත්ත්ව සහ මරණය පවා සිදු විය හැකි යි.

අවදානම් කාණ්ඩය හඳුනා ගන්න – Design credit: Roar Media/Jamie Alphonsus

 

අවදානම් කාණ්ඩය හඳුනා ගන්න.

තරබාරු, මින් පෙර හෘදයාබාධ තත්ත්වවලට මුහුණ දී ඇති සහ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග ඇති අය මෙම අවදානම් කාණ්ඩය වෙනවා. ඔවුන් වෙනුවට පවුලේ වෙනත් සාමාජිකයෙක් පෝලිමේ රැඳී සිටීම වඩාත් සුදුසු යි.

අවදානම අවම කර ගැනීම සඳහා..- Design credit: Roar Media/Jamie Alphonsus

 

අවදානම අවම කර ගැනීම සඳහා..

ඔබ වාහනයක ඉඳ ගෙන සිටීනම් ඉන් එඵියට බැස සෑම පැය කිහිපයකට වරක් එහා මෙහා ඇවිදමින් මනා රුධිර සංසරණයකට ඉඩ දෙන්න.

පාදවල මාංශ පේශීන් ඉහිල් වන පරිදි  වරින් වර කුඩා ව්‍යායාමයක යෙදෙන්න.

 පෙර නොරූ විරූ යම් ශාරීරික අපහසුතාවක් දැනේ නම් වහාම  1990 අමතන්න, අන්‍යයන් ගෙන් උපකාර ඉල්ලන්න.

පෝලිමක සිටින අයෙක් සිහිසුන් වුවහොත්.. – Design credit: Roar Media/Jamie Alphonsus

පෝලිමක සිටින අයෙක් සිහිසුන් වුවහොත්.. 

පළමුව එම පුද්ගලයාට පහසුවක් වන පරිදි හාන්සි කරවා හුස්ම ගන්නවාදැ යි පරීක්ෂා කර බලන්න.

හුස්ම වැටේ නම් පුද්ගලයාගේ පාද අඟල් 12 ක් පමණ ඉහළ ඔසවන්න.

එවිට මොළයට රුධිරය සැපයීම වැඩි වී සිහිසුන් ගතිය ඉක්මනින් ම යථා තත්ත්වයට පත් වනු  ඇති.

සිහිය පැමිණිය ද එම පුද්ගලයා ක්ෂණික ව වාඩි කරවීමට උත්සාහ නොකරන්න. විවේක ගැනීමට ඉඩ දෙන්න.

හුස්ම නොවැටේ නම්! – Design credit: Roar Media/Jamie Alphonsus

 

හුස්ම නොවැටේ නම්!

පපු තෙරපුම සහ කෘත්‍රිම ස්වසනය ලබා දිය යුතු යි.

අත් දෙක පපුව මැදට තබා 4-6 cm ගැඹුරට උරස් තෙරපුමක් ලබා දෙන්න.

මෙම තෙරපුම් වේගය මිනිත්තුවකට තෙරපුම් වාර 100 ක පමණ වේගයකින් සිදු කිරීම ප්‍රමාණවත්.

තෙරපුම් වාර 30 කට පසු නාස් පුඩු වසා, පපුව මඳක් එසවෙන සේ සකස් කොට, මුවට මුව තබා කෘත්‍රිම ස්වසනය ලබා දෙන්න. 

ප්‍රතිචාරයක් නොමැති නම් නැවතත් 30:2 චක්‍රය ආරම්භ කරන්න. 

(වෛද්‍ය ආධාර ලැබෙන තුරු හෝ ස්වසනය අරඹන තුරු)

මූලාශ්‍ර:

www.medicalnewstoday.com 

 www.ccohs.ca 

 www.mayoclinic.org 

 www.healthandlife.lk

 www.e-thaksalawa.moe.gov.lk 

Related Articles