Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිරෝගිමත් පැහැපත් සමකට පාරම්පරික දේශීය සහල් සත්කාරය

වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ වී ගොවිතැන සඳහා හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව, ස්වදේශීය සහල් වර්ග 3,000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත පාරම්පරික රතු සහල් වර්ග වන  සුවඳැල්, කඵ හීනටි, මඩතවාලු වැනි දේශීය පාරම්පරික වී වර්ග සඳහා ඒවායේ පවතින ඖෂධීය ගුණය නිසා සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. විශේෂයෙන්, සුවඳැල් වැනි ඉහළ ඖෂධීය ගුණයක් සහිත දේශීය සහල් වර්ග අතීතයේ සිට ම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කර තිබෙන නමුත්, වර්තමාන පරපුර අතර මෙහි ප්‍රයෝජන පිළිබඳ ඇත්තේ අවම දැනුමක්. 

නිරෝගී පැහැපත් සමක් යනු ඕනෑම අයකුගේ සිහිනයක් – shutterstock

පැහැපත් මෙන් ම නිරෝගී සමක් යනු ඕනෑම අයකුගේ සිහිනයක්. මේ සඳහා විටමින් සහ ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් සහල් සත්කාර සිදු කිරීම එම සිහින යථාර්ථ බවට පත් කර කර ගැනීමට ඉවහල් වනවා. 

“සුවඳැල්” සහල්

“සුවඳැල්” යන පදය පැමිණෙන්නේ මෙම විශේෂිත සහල් වර්ගයේ ඇති විචිත්‍රවත් සුවඳ නිසාවෙන්. මෙම සහල් වර්ගයට සමෙහි පැහැය වර්ධනයට මෙන් ම, සමබර කායික වර්ධනයක් සඳහා උපකාරී වීමේ හැකියාවක් ද ඇති බව සනාථ වී තිබෙනවා. මෙම  සුවිශේෂී සහල් වර්ග වගා කිරීම බොහෝ විට පුජනීය පිළිවෙත්වලට අනුකූල ව සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් සිදු වනවා. එම නිසා මෙහි අස්වනු නෙළා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වනවා. 

පසුගිය දශක කිහිපයක කාලයේ, වැඩි වශයෙන් වාණිජමය අවශ්‍යතා සඳහා සහල් නිෂ්පාදනය වැඩි වත් ම, සාම්ප්‍රදායික ක්‍රමෝපායයන් හරහා වගාකරන සහල් සඳහා අඩු අවධානයක් යොමු වී ඇත. මේ හමුවේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉහළ දායකත්වයක් ලබාදෙන පෝෂණීය ගුණයන්ගෙන් අනූන පාරම්පරික සහල් භාවිතය කෙමෙන් කෙමෙන් අඩුවන ප්‍රවණතාවක් දැකගත හැකි වනවා.  

සාම්ප්‍රදායික සහල්වල පෝෂණ ගුණය – shutterstock

විවිධ ඖෂධීය ගුණ

සාම්ප්‍රදායික සහල්වල පෝෂණ ගුණය ගැන ගැඹුරට සොයා බැලුවහොත්, දුඹුරු සහල්වල සුදු සහල් වර්ගවලට වඩා වැඩි ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති බව සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන් ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් ප්‍රමාණවත් කොටසක් මෙම සහල් වර්ගවල අන්තර්ගත වෙනවා. සාම්ප්‍රදායික සහල් වර්ග තුළ දක්නට ලැබෙන ප්‍රබලත ම ප්‍රතිඔක්සිකාරකය වන ෆෙරුලික් ඇසිඩ් මඟින් දිදුළන සමක් ලබා දෙනවා සේම පාරජම්බුල කිරණවලින් සමට ස්වාභාවික ව ආරක්‍ෂාවක් ලබා දීමට හැකියාව පවතිනවා. 

සම පෝෂණය කිරීමේ ඉහළ හැකියාවක් 

මේවායේ ඇති විවිධ ඖෂධීය ගුණවලට සමේ තෙතමනය වැඩි දියුණු කරමින් සම පෝෂණය කිරීමේ ඉහළ හැකියාවක් පවතිනවා.  මෙම පාරම්පරික සහල්වල ලිපිඩ අඩංගු නිසා, සම අභ්‍යන්තරය ශක්තිමත් කර සමේ අම්ල ආවරණ පවත්වා ගනිමින් අත්‍යවශ්‍ය තෙතමනය ද රඳවා ගන්නවා. සාම්ප්‍රදායික සහල්වල ඇති Epidermal Growth Factor (EGF) මගින්  සමේ සෛල වර්ධනය සිදු කර, වියළි හා රැලි පෙනුම අඩු කරමින් ක්‍රියාකාරී ව ආරක්ෂා කරනවා. සහල්වල ඇති EGF යනු ප්‍රෝටීන් වන අතර එය මිනිස් EGFවලට සමාන යි. එය සමේ වැඩෙන සෛල උත්තේජනය කිරීමට සහ සෛලවල පැවැත්මට උපකාරී වෙනවා. මෙම සියලු සම රැකවරණ ගුණාංග සමෙහි පැහැය වැඩි දියුණු කරන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කර දෙනවා. 

වර්තමානයේ සෞඛ්‍යය ගැන දැනුම්වත් පිරිස වැඩි නිසා බොහෝ දෙනා ස්වාභාවික සමේ සත්කාර වෙත යොමු වෙනවා. ඒ වගේ ම පෞරාණික රූපලාවන්‍ය චාරිත්‍ර සහ දිදුළන, තරුණ සමක් සඳහා සාම්ප්‍රදායික සහල්වල වැදගත්කම පිළිබඳව ද වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා.

කවරයේ ඡායාරූපය - shutterstock

Related Articles