Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකද්ද මේ මනස ලෙඩ කරන බයිපෝල අක්‍රමිකතාව?

බයිපෝල අක්‍රමිකතාව යනු පුද්ගලයකුගේ මනෝභාවයේ සහ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති කරන මොළයේ ආබාධයකි. මෙය ‘මේනියා අවපාතය’ ලෙස ද හඳුන්ව යි. මෙහිදී උමතුවේ ඉහළ (Mania) අවස්ථාව මෙන් ම මානසික අවපීඩනය (Depression) ද ඇති වේ. මෙම අක්‍රමිකතාව කාලානුරූප ව නැවත නැවත පුනරාවර්තනය වන සිදුවීම් මාලාවක එකතුවකි.

මෙම අක්‍රමිකතා ඇති පුද්ගලයන්ට අධික සතුටක් සහ ජවයක් දැනෙන කාල පරිච්ඡේද ඇති විය හැකි අතර එම අවස්ථාව උමතුවේ ඉහළ ම අවස්ථාව ලෙසත් අනෙකුත් කාල පරිච්ඡේද ඉතා කනගාටුදායක, බලාපොරොත්තු රහිත සහ මන්දගාමී බවකින් යුක්ත වන අතර එම අවස්ථාව මානසික අවපීඩනය ලෙසත් හඳුන්වයි. මෙම කාල පරිච්ඡේද සාමාන්‍යයෙන් ඉතා දිගු වේලාවක් පවතින අතර ඉතා ඉක්මනින් වෙනස් වේ. ඇතම් විට මෙම මනෝභාව දෙක ම එකවර ඇති වනු ද දැකිය හැකි ය.

බයිපෝල අක්‍රමිකතාව යනු කුමක්ද? - www.boldsky.com
බයිපෝල අක්‍රමිකතාව යනු කුමක්ද? – www.boldsky.com

ප්‍රධාන බයිපෝල ආබාධයේ ප්‍රධාන වර්ග

Bipolar I

මෙය බයිපෝල ආබාධයේ බරපතල ම තත්ත්වය යි. මෙම තත්ත්වයේ දී උමතුව ඇති කරන අතර මානසික අවපීඩනය ඇති කරයි. Bipolar I ආබාධ සහිත බොහෝ පුද්ගලයන්ට උදාසීන මනෝභාවයක් ද ඇත. අවම වශයෙන් සතියක පමණ කාලයක සිට අත්විඳින මෙම මිශ්‍ර චිත්තවේග ක්‍රමක්‍රමයෙන් බරපතල වී පුද්ගලයාගේ දෛනික ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වෙනස්කම් ඇති වේ. මෙම තත්ත්වය උත්සන්න වීමෙන්  රෝහල් ගත වීමටත් සිදුවේ. පහත දැක්වෙන ලක්ෂණ අතරින් අවම වශයෙන් දෛනික ක්‍රියාකාරීත්වයේ  චර්යාත්මක වෙනස්කම් 3ක් Bipolar I ආබාධයෙන් පෙළෙන පුද්ගලයකුගෙන් දැක ගත හැකි ය.

  • නින්දේ අවශ්‍යතාව අඩු වීම. (උදාහරණ:- වෙනදාට වඩා සැලකිය යුතු තරම් අඩු නින්දක් තිබියදීත් ජවසම්පන්න බවක් දැනීම)

  • වැඩි අවදානම් හැසිරීම් (උදාහරණ:- නොසැලකිලිමත් රිය පැදවීම, වියදම් අධික වීම)

  • අවධානය වෙනතකට යොමු කිරීමේ හැකියාව.

  • කථනය වැඩි වීම හෝ වේගවත් වීම.

  • පාලනය කළ නොහැකි ධාවන සිතුවිලි හෝ කතා කරන විට ඉක්මනින් අදහස් හෝ මාතෘකා වෙනස් කිරීම.

Bipolar II

මෙය ඉහත Bipolar I තත්ත්වයට සමාන වුවත් එයට වඩා ඉන් පුද්ගලයාට සිදු වන බලපෑම අඩු ය. මෙම තත්ත්වය මානසික අවපීඩනයේ සහ හයිපෝමැනික් (Hypomanic) තත්ත්වයේ එකතුවකි. Bipolar II ආබාධ සහිත පුද්ගලයන් බොහෝ විට ප්‍රතිකාර ලබා ගන්නේ ඔවුන්ගේ පළමු මානසික අවපීඩනයේ ප්‍රතිඵල සඳහා ය. හයිපෝමැනික් ඉහළ උන්මාද තත්ත්වයක් ද ඇති නො කරයි. Bipolar II සහිත පුද්ගලයන් සාමාන්‍යයෙන් රෝහල් ගත වීමට තරම් උත්සන්න රෝගී තත්ත්වයක් අත්විඳින්නේ නැත.

බයිපෝල අක්‍රමිකතාව ඕනෑම වයසක දී ඇතිවිය හැකි ය. සාමාන්‍යයෙන් එය නව යොවුන් මුල් භාගයේ දී හඳුනාගත හැකි ය. කලාතුරකින් නව යොවුන් වියට පෙර ද ඇතිවිය හැකි ය. කාන්තාවන්ට සහ පුරුෂයන්ට මෙම ආබාධය වැලඳීමේ සමාන සම්භාවිතාවක් ද ඇත. පුරුෂයන්ට වඩා කාන්තාවන් බයිපෝල තත්ත්වයේදී මානසික අවපීඩනයෙන් වැඩි කාලයක් ගත කරයි. රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර ම කාලයත් සමඟ ද රෝග ලක්ෂණ වෙනස් විය හැකි ය.

Cyclothymia

මෙම තත්ත්වය උමතු හෝ අවපීඩන තත්වයක් මඟින් ඇති වන නමුත් බරපතළ උමතු තත්ත්වයක් හෝ බරපතළ මානසික අවපිඩන තත්ත්වයක් ඇති නො කරයි. Cyclothymia ආබධය සහිත පුද්ගලයන් වරකට මාස දෙකකට වඩා රෝග ලක්ෂණ නො පෙන්වයි.

Bipolar Not Otherwise Specified – NOS

මෙය බයිපෝල ආබාධයේ සාමන්‍ය තත්වය වන අතර රෝග ලක්ෂණ එතරම් සංකීර්ණ නොවන අතර ම වැඩි කලක් නොපවතී. කෙසේ වෙතත් මෙම NOS තත්ත්වය සම්න්ධයෙන් නිගමන හෝ විනිශ්චයන්ට පැමිණීම දුෂ්කර බැවින් මෙය සංකිර්ණ තත්වයක් ලෙස හඳුන්ව යි.

ආබාධ ලක්ෂණ - www.utkaltoday.com
බයිපෝල ආබාධය සම්බන්ධ රෝග ලක්ෂණ – www.utkaltoday.com

බයිපෝල ආබාධය සම්බන්ධ රෝග ලක්ෂණ

උන්මාද (Mania) සහ හයිපෝමැනික් (Hypomanic) තත්වයන්ට අදාළ රෝග ලක්ෂණ:-

උන්මාදය සහ හයිපොමේනියාව යනු එකිනෙකට වෙනස් තත්ත්ව දෙකක් නමුත් ඒවාට එක ම රෝග ලක්ෂණ ඇත. උන්මාදය, හයිපෝමේනියාවට වඩා දරුණු වන අතර සමාජීය ක්‍රියාකාරකම්වල දී වඩාත් කැපී පෙනෙන ගැටලු ඇති කරයි. උන්මාද (Mania) සහ හයිපෝමැනික් (Hypomanic) තත්වයන්ට අදාළ රෝග ලක්ෂණ පහත අයුරින් වෙයි.

  • ඉතා සතුටක්, ප්‍රමෝදයක් හෝ අධික ප්‍රීතියක් දැනේ.

  • නොසන්සුන් බව.

  • අසාමාන්‍ය කතා බහ.

  • පහසුවෙන් කෝපයට හෝ කලබලයට පත් වේ.

  • ඉතා ඉක්මනින් සහ පහසුවෙන් අවධානය වෙනතකට යොමු කරයි.

  • දුර්වල තීරණ ගැනීම.

  • නින්ද සඳහා අඩු අවශ්‍යතාව.

මානසික අවපීඩන (Depression) තත්ත්වයට අදාළ රෝග ලක්ෂණ මෙසේ ය.

  • දැඩි ශෝකය හෝ බලාපොරොත්තු සුන්වීම.

  • නොසන්සුන් බව හෝ මන්දගාමී හැසිරීම.

  • නින්ද නොයාම හෝ අධික නින්ද

  • පාලනය කරගත නොහැකි හැඬීම.

  • තමන් වැදගැම්මකට නැති බව හැඟීම.

  • තෙහෙට්ටුව හා  ශක්තිය හීනවීම.

  • සිය දිවි නසා ගැනීමට සිතීම, සැලසුම් කිරීම හෝ එයට උත්සාහ කිරීම.

බයිපෝල අක්‍රමිකතාවයට බලපාන හේතු

බයිපෝල අක්‍රමිකතාව ඇතිවීම කෙරෙහි නිශ්චිත හේතුවක් තව ම සොයා ගෙන නැත. ඉන්ව ඇති විය හැකි අවදානම් සාධක ලෙස හෝර්මෝන ආබාධ, ජානමය බලපෑම, පාරිසරික සාධක, මත්ද්‍රව්‍ය භාවිතය සහ මනෝවිද්‍යාත්මක වශයෙන්  භින්නෝන්මාදය සමඟ ඇති වන උග්‍ර මානසික අවපීඩනය පෙන්වා දිය හැකි ය.

බයිපෝල අක්‍රමිකතාව හඳුනා ගැනීම

අසාමාන්‍ය මනෝභාවයන් ඉහළ යාම බයිපෝල අක්‍රමිකතාවේ ප්‍රධානත ම රෝග ලක්ෂණය යි. මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සදහා විශේෂඥවරයෙක් හෝ වෙනත් පුහුණුවලත් වෛද්‍යවරයෙක් රෝගියාගේ චර්යාත්මක රටා ඇගයීමට ලක් කරයි.

පොදුවේ භාවිතා කරන ප්‍රතිකාර ක්‍රම - www.healthcentral.com
බයිපෝල අක්‍රමිකතාවට පොදුවේ භාවිත කරන ප්‍රතිකාර ක්‍රම – www.healthcentral.com

බයිපෝල අක්‍රමිකතාව සඳහා ප්‍රතිකාර

බයිපෝල අක්‍රමිකතාව ජීවිත කාලය පුරා ම පවතින තත්ත්වයක් වුව ද, ප්‍රතිකාර සැලැස්මක් අනුගමනය කිරීමෙන් මෙම  මනෝභාවයන්ගේ  වෙනස්වීම් සහ අනෙකුත් රෝග ලක්ෂණ කළමනාකරණය කර ගත හැකි ය. බොහෝ අවස්ථාවන්හි දී, බයිපෝල අක්‍රමිකතාව සදහා ඖෂධ සහ මනෝවිද්‍යාත්මක උපදේශන (මනෝ චිකිත්සාව) ප්‍රතිකාර භාවිතා කරයි.

බයිපෝල අක්‍රමිකතාවය සමග කටයුතු කිරීම

බයිපෝල අක්‍රමිකතාව ජීවිතයේ සෑම අංශයක් සදහා සෘජු ව බලපෑම එල්ල කරයි. ඔබට බයිපෝල ආබාධය වැලඳී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් බයිපෝලාව සමඟ සාර්ථක ව කටයුතු කළ හැකි ය.

ලෝක බයිපෝල දිනය - www.merrylhammond.com
ලෝක බයිපෝල දිනය – www.merrylhammond.com

ඒ සඳහා ඔබ,

  • මානසික සෞඛ්‍ය විශේෂඥයාගේ ප්‍රතිකාර නිසි ලෙස අනුගමනය කරන්න.

  • අවශ්‍ය පරීක්ෂා සදහා යොමු නිර්දේශිත ඖෂධ ලබා ගන්න.

  • ඔබේ පෝෂණය ගැන සහ නින්ද පිළිබඳ සැලකිලිමත් වන්න.

කවරයේ ඡායාරූපය - www.betterhelp.com

මූලාශ්‍ර:

www.whiteswanfoundation.org

www.mayoclinic.org

www.webmd.com

www.healthline.com

Related Articles