Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණ බව රැකදෙන රහස් බිම්මල

තරුණ  බව යනු අප සියල්ලන්ම පාහේ ඉතා ප්‍රියකරන, රැකගැනීමට වෙහෙසවන දෙයකි. ඒ සදහා අප විවිධ ඖෂධ වර්ග, ඇග ගල්වන හා විවිධ රෑපලාවනය සත්කාර භාවිතා කරයි. මේවායින් බොහෝමයක් ප්‍රතිපලදායක නොවන අතර ඉන් සමහරක් අපගේ ශරීරයට අහිතකර ආබාධ හා ප්‍රතිපල ළඟා කර දේ. අපගේ වනාන්තරවල ස්වභාවිකව හටගන්නා එක් බිම්මලකට මිනිසාගේ සුන්දරත්වය හා තරුණ  පෙනුම රැකදීමේ අපූරු බලයක් ඇතැයි, ඔබ කිසිවිටක සිතුවාද?

අදාළ බිම්මල් විශේෂය හිම බිම්මල් නම්න් හදුන්වන අතර දිලීර රාජධානියේ ප්‍රමුඛ සාමාජිකයෙකි. 

හිම බිම්මල් යනු මොනවාද?

හිම බිම්මල් (Tremella fuciformis) (snow fungus / white jelly mushroom) යනු වනාන්තරවල ශාක පොතු සහ අතු මත, විශේෂයෙන් පුළුල් පත්‍ර සහිත ශාක මත ස්වභාවිකව වැඩෙන ආහාරයට ගත හැකි හතු විශේෂයකි. මෙම බිමිමල් විශේෂය Tremellaceae  නම් පවුලට අයත් වේ. බිම්මලේ වර්ණය සුදු පැහැයේ සිට සුදුමැලි කහ පැහැයක් දක්වා වෙනස් විය හැකි අතර මෘදු ජෙලි වැනි ස්වභාවයක් ගනී. යම්තාක් දුරට මෙම බිම්මල පාරභාෂක, එනම් විනිවිද පෙනෙන ස්වභාවයකින් යුක්ත ය. හිම බිම්මල සාමාන්‍යයෙන් නිවර්තන දේශගුණයක් සහිත ආසියානු කලාපයේ දැකිය හැකි නමුත් උතුරු සහ දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ද දැකිය හැක. ශ්‍රී ලංකාවේ ද මෙම හතු විශේෂය ස්වභාවිකව පැවතුණ ද මෙරට ජීවත් වන බොහෝ දෙනෙකුට මෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ඇත්තේ ඉතා අඩු දැනුම්වත් බවකි.

හිම බිම්මල්
හිම බිම්මල්-superfeast.com.au

චීන වෙදැදුරෝ හා හිම බිම්මල්

මෙම බිම්මල සියවස් ගණනාවක් පුරා සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේදී භාවිත කර ඇති අතර එවකට චීනයේ පාලකයා වූ ටැන්ග් අධිරාජ්‍යයාගේ උප භාර්යාව වන යැං ගුයිෆෙයි (Yang Guifei) (713 AD සිට 756 AD දක්වා) ඇගේ තරුණ පෙනුම පවත්වා ගෙන යාම සදහා  මෙම හිම බිම්මල් භාවිත කළ බව චීන ඉතිහාස ග්‍රන්ථ සාක්ෂි දරයි. (යැං ගුයිෆෙයි – එකල චීනයේ කීර්තිමත් සුන්දරියන් සිව්දෙනාගෙන් එක් අයෙකි)

යැං ගුයිෆෙයි
යැං ගුයිෆෙයි-twitter.com/HiFanBingBing

තාරුණ්‍යයේ රහස වූ  හිම බිම්මල්

තරුණ සමක ඇති නම්‍යශීලී සුමට ස්වභාවය පවත්වා ගන්නේ එහි ඇති ඉහළ ජල අන්තර්ගතය නිසා ය. ඔබේ සම තරුණ හා සෞඛ්‍ය සම්පන්න පෙනුමකින් පවත්වා ගැනීමට සමට පෝෂණය ලබා දීම මෙන්ම සම සජලීයව තබා ගැනීම ද අත්‍යවශ්‍ය වේ. හිම බිම්මල්වල පවතින ජලය රඳවා ගැනීමේ ධාරිතාව, එහි බර මෙන් 500 ගුණයක් පමණ වේ. මෙයට හේතුව නම් මෙම බිම්මල සතුව ඇති අද්විතීය පොලිසැකරයිඩ සංයෝගයි. මේ නිසා මෙම බිම්මල් නිතිපතා ආහාරයට ගැනීමෙන් අපගේ සම සජලීයව තබා ගත හැකි අතර රැළි සහ සිහින් රේඛා ඇතිවීම අවම කර ගත හැකිය. මෙම පොලිසැකරයිඩ සතුව ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයේ නිපදවන විවිධ විෂ රසායන සංයෝගවලින් අපේ සම ආරක්ෂා වීම ද සිදුවේ. 

හිම බිම්මල් යනු විටමින් ඩී ඉහළ ප්‍රමාණයක් සහිත හතු වර්ගයකි. සමේ සෛල වර්ධනයට විටමින් ඩී අත්‍යවශ්‍ය වන අතර නොමේරූ සම වයසට යාම වැලැක්වීමට ද විටමින් ඩී උපකාර වේ.

හිම බිම්මල් කුඩු සාරය පානය කරන අයුරැ
හිම බිම්මල්කුඩු සාරය පානය කරන අයුරු-superfeast.com.au

ආහාරමය වටිනාකම

හිම බිම්මල සතුව සාපේක්ෂව වැඩි කාබෝහයිඩ්රේට් ප්‍රතිශතයක් (76.33%), ඉතා අඩු ලිපිඩ ප්‍රතිශතයක් (3.20 %)මෙන්ම සැලකිය යුතු ප්‍රෝටීන (10.61 %) හා තන්තු (1.20 %) ප්‍රමාණයක්ද පවතී.  මෙම අපූරු බිම්මල සතුව විටමින්, ඛණිජ ලවණ, පොලිසැකරයිඩ, ග්ලුකනික් අම්ලය (Glucuronic acid),  ග්ලූකමික් අම්ලය (Glucurmic acid), ෆ්ලැවනොයිඩඩ් (Flavonoids), පොලිෆීනෝල් (Polyphenols), ඇල්කලොයිඩ් (Alkaloids) වැනි ඉතා වටිනා පෝෂක ද්‍රව්‍ය ද පවතී.

වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම

සමෙහි තරුණ බව පවත්වා ගැනීම හා පෝෂ්‍ය ගුණයට අමතරව කොලොස්ටරෝල් පාලනයට, දත් සහ අස්ථි ශක්තිමත්ව පවත්වා ගැනීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ස්නායු ආරක්ෂා කිරීමට, පිළිකාවලට විරුද්ධව ක්‍රියා කිරීමට, ශ්වසන ආබාධ සහ හිසරදය අඩු කිරීමට මෙම බිම්මල උපකාරී වේ.

හිම බිම්මල්වලින් නිපදවූ ෆේස් මාස්ක්
හිම බිම්මල්වලින් නිපදවූ ෆේස් මාස්ක්-lorealparisusa.com

භාවිතය 

මෙම හතු විශේෂය සුප් වශයෙන් චීනය පුරා බහුලව ආහාරයට ගන්නා අතර අදවනවිට හිම බිම්මල් ෆේස් මාස්ක්, ඇඟ සහ මුහුණ ගල්වන සබන්, සම රැලිවැටීම වලක්වන එන්නත්, කරල්  ආදිය නිපදවීම සදහාද යොදා ගනී. මෙම හතු වර්ගය ‘poor man’s bird’s nest’  එනම් දුප්පත් මිනිසා ආහාරයට ගන්නා කුරුලු කැදලි ලෙස ද හදුන්වයි. මෙම අන්වර්ථ නාමය ඇති වන්නේ චීන ජනතාව ආහාරයට ගන්නා ඉතා මිල අධික වැහිලිහිණි කැදලි (swiftlets’ nests) එනම් වහිලිහිණියා ඔවුන්ගේ කෙල ස්‍රාවය මගින් නිපදවන කූඩු සදහා මෙම හතු වර්ගය  ආදේශකයක් වීමෙනි. (චීන ජනතාවගේ සාම්ප්‍රදායික විශ්වාසය පරිදි වෙළඳපොළ වටිනාකම කිලෝග්‍රෑම් 1 ක් ඩොලර් 10000 ක් පමන වන මෙම කුරුලු කැදලි ආහාරයට ගැනීමෙන් වයසට යාම අඩුවන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනය වේ)

හිම බිම්මල්වලින් නිපදවූ කරල්
හිම බිම්මල්වලින් නිපදවූ කරල්-desertcart.lk 

හොද තත්වයේ හිම බිම්මල් හදුනාගන්නේ කෙසේද?

උසස් තත්ත්වයේ හිම බිම්මල් සතුව තද කහ කේන්ද්‍රයක් සහිත කහ-සුදු පැහැයෙන් යුත් මතුපිටක් තිබිය යුතුය.

වියලි හිම බිමල්
වියලි හිම බිම්මල්-.amazon.com

ආහාරය සදහා හිම බිම්මල් සාදාගන්නා ආකාරය

  • සීනි කැට සහ හිම බිම්මල් සුප් අතුරුපස

පළමුව හිම බිම්මල් එකක් හෝ දෙකක් පැය 2 සිට 3 දක්වා කාලයක් පොඟවා ගන්න. ඒවා  කුඩා කැබලිවලට කපා මැද කොටසෙහි ඇති දෘඩ කොටස ඉවත් කරන්න. මාපටැඟිලි ප්‍රමාණයේ කැට සීනි කැබැල්ලක්, වතුර කෝප්ප 3 ක් සමඟ ඉහත කුඩා කැබලි සාස්පානකට දමන්න. පසුව විනාඩි 15 ක් පමණ තෙම්පරාදු කරගන්න. මෙම වට්ටෝරුව චීන සංස්කෘතියේ ඉතා ජනප්‍රිය වට්ටෝරුවකි. එය පෙනහළු ක්‍රියාකාරිත්වය, සම අලංකාර කිරීම සහ තෙතමනය සඳහා උපකාරී වේ.

හිම බිම්මල් සුප් අතුරුපස
හිම බිම්මල් සුප් අතුරුපස-pinterest.com
  • බිම්මල් සහ පෙයාර්ස් සුප්

පළමුව හිම බිම්මල් එකක් හෝ දෙකක් පැය 2 සිට 3 දක්වා කාලයක් පොඟවා ගන්න.  ඒවා කුඩා කැබලිවලට කපා මැද කොටසෙහි දෘඩ කොටස ඉවත් කරන්න. කැබලි කරගත් පෙයාර්ස් සහ හිම බිම්මල්, වතුර කෝප්ප 3 ක් සමඟ තම්බා ගන්න. පසුව විනාඩි 15 ක් පමණ තෙම්පරාදු කරගන්න. සුප් පානය කිරීමට පෙර එහි පවතින බීජ ඉවත් කර ආහාරයට ගන්න. මෙම වට්ටෝරුව වියළි කැස්ස, බඩවැල් චලනය හා පෙනහළු ක්‍රියාකාරිත්වය සමතුලිත කිරීමට උපකාරී වේ. ඔබට මෙය සතියකට දෙවරක් ආහාරයට ගත හැකිය.

හිම බිමල් සහ පෙයාර් සුප්
හිම බිම්මල් සහ පෙයාර්ස් සුප්-dumplingconnection.com

Related Articles