Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර ඇමෙරිකාවේ කළු පැහැ ගොපල්ලෝ “Black Cowboys”

ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසන් වන විට වහලුන්ගෙන් උපත ලද කළු ජාතිකයන් බොහෝ කලහකාරී තත්ත්වයට පත්ව සිටිනු දැකගත හැකි විය. යුද්ධයේ අවසානයත් සමඟ බටහිර දෙසට ගමන් කළ ඔවුහු එහි ප්‍රතිසංස්කරණය වීමක් දැකගත හැකි වේ. නිදහසේ වහලුන් බටහිර දෙසට ගමන් කළ අතර මෙහිදී ඇත්තෙන්ම සිදුව ඇත්තේ සිවිල් යුද්ධයෙන් සහ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව බටහිර ඇමෙරිකාවේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව අවධානය යොමු කර තිබීමත් ඒ අනුව නිදහස ලැබූ දාසයන් එහි කොටසක පදිංචි වීමත් ය.

bbc.com

ඒ අනුව මේ කාලය තුළ එනම්, 1860 සිට 1880 දක්වා වූ කාලයේ බටහිර ඇමෙරිකාවේ පදිංචි වූ දාසයන් 25% ක පමණ ප්‍රමාණයක වැඩිවීමක් දැකගත හැකි වේ. 1880 පමණ වනවිට එහි පදිංචි වූ 35,000 ක් පමණ වන දාසයන් කළු පැහැ වූ අතර “Black Cowboys” ලෙසින් හඳුනා ගත්තේ ඔවුන් ය. කාලයාගේ ඇවෑමෙන් ‘කව්බෝයි’ යන වචනය කර්මාන්තයේ ඕනෑම අයෙකුට අදාළ විය. වහල් ක්‍රමය අහෝසි කිරීමට පෙර ගවයින් වෙළෙඳාම වහලුන් හට ලබාදෙන ලද සාපේක්ෂ නිදහසක් ලෙස සලකනු ලැබූ අතර, බොහෝ විට ඔවුන් වෙත තුවක්කු ද ලබා දී ඇත. සමහර නිදහස ලැබූ වහලුන් රදළයන්ගේ සේවකයන් ලෙසම කටයුතු කරනු ද දැකගත හැකි විය.

ගව රැළවල් අතර වාසනාව සහ නිදහස සොයා ගිය කළු ජාතිකයන් වහලුන් ලෙසින්ම වගාවන් භාරව කටයුතු කිරීමකි දැකගත හැකි වූයේ. ඔවුන් සුදු ජාතික වගා අයිතිකරුවන් වෙනුවෙන් ගවයින් රැක බලා ගත්හ.

බාස් රිවිස්

atlasobscura.com

ඔක්ලහෝමා ප්‍රාන්තයේ විශාල ඉඩම් ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපද මාෂල් බවට පත් වූ බාස් රිවිස්ගේ රැකියාව අති දුෂ්කර ය. නමුත් නිර්භීත ඔහු වසර 27 ක් පුරා එක්සත් ජනපද මාෂල් ලෙසින් කටයුතු කර ඇත. ‍ඩිෆ් වෙස්ට් හි පළමු සැබෑ නීතිඥයා ලෙසින් සැලකෙන ඔහු, ඔහුගේ වෘත්තීය තුළ අපරාධකරුවන් 3,000 ක පමණ සංඛ්‍යාවක් අනාවරණය කරගෙන තිබේ. ඒ ඔහුගේ ආධුනික ඇමෙරිකානු සහකාරියගේ ද සහය ඇතිව යි. අපරාධකරුවන් වෙත ළඟා වීම සඳහා විවිධ වෙස් ගත් ඔහු අපරාධකරුවන් අතරට ගොස් ඇත්තේ වෙස් වලාගෙනයි. සැබෑ අනන්‍යතාව රහසක් ලෙසම තබාගත් ඔහු සැබවින්ම ස්වදේශීය ඇමෙරිකානුවන් ගේ මහා සතුරෙක්ම විය.

බිල් පිකට්

ucsdnews.ucsd.edu

1870 වර්ෂයේ ටෙක්සාස් හි උපත ලද ආරෝහක ගොපල්ලෙකු වන බිල් පිකට් ය බුල්ඩොගින් (Bulldogging) ලොවට හඳුන්වා දුන්නේ. මල්ලව පොර ක්‍රීඩාවට මහත් සමානකමක් දක්වන මේ ක්‍රීඩාවේ නිර්මාතෘ වන්නේ මොහු යි. ඇමෙරිකානු ඉන්දියානුවන්ගෙන් සහ නිරිතදිග කළු වහලුන්ගෙන් පැවත එන පිකට් හැදී වැඩුණේ බටහිර ටෙක්සාස්හි ය. ඒ නිසාම පිරිමි ළමයෙකු මෙන් අසුපිට යාම හොඳින් උගත් පිකට් ඔහු උගත් එම ක්‍රීඩාවන් සති අන්තයේ නගරයේ රඟ දැක්වීය. 1990 වර්ෂය වනවිට ක්‍රීඩා ප්‍රදර්ශනකරුවෙකු වූ ඔහු වෙනුවෙන් වියදම් කළේ ලී මුවර් නම් ඔහුගේ ව්‍යවසායකයා යි. 1907 වර්ෂයේ පැවැත් වූ ‘පික්රට් 101 රන්ච් ඩ්විඩ් වෙස්ට්’ ප්‍රදර්ශනය හරහා තරු ප්‍රාසාංගිකයෙක් බවට පත් වූ ඔහු වනජීවී හා ගෘහාශ්‍රිත සත්ත්වයන් සමඟින් ඔහු පෙන්වූ දක්ෂතා නිසා නගරයේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. තම අශ්වයා මතින් පනිමින්, බෙල්ල හා අං වටා අල්ලා ගනිමින් ඔහුගේ දත් අශ්වයාගේ මුඛයේ තබමින් භයංකර ක්‍රීඩාවල ඔහු නිරත විය. ඔහු අශ්වයන් සහ අනෙක් සත්ත්වයන් සමඟ සමඟ කළ ක්‍රීඩා භයංකර වූ නමුත් ඔහු වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නම් සිටියහ.

නමුත් ඔහුගේ මේ ක්‍රියාකාරකම් වලින් සතුන් දහස් ගණන් මිය ගියේය. ඔහු ළඟට ගවයෙක් පැමිණි විට උන් අනිවාර්යයෙන් මියගිය බවයි පැවසෙන්නේ. 1880 සහ 1990 ගණන් වල අග භාගය වනවිට බුල්ඩොගින් ක්‍රීඩාව වඩාත් ජනප්‍රියත්වයට පත් වූ නමුත් මේ හරහා සත්ත්වයන් වැඩි වශයෙන් මියගිය නිසා අවසානයේ මේ ක්‍රීඩාව තහනම් විය. ඔහු මිය ගියේ ද අශ්ව පා පහරකින් 1932 අප්‍රේල් මස ය.

බොබ් ලෙමන්ස්

බටහිර ටෙක්සාස් වලට යාමට පෙර බොබ් ලෙමන්ස් වහලෙක් විය. “Cowboy” කෙනෙකු ලෙස ඔහුගේ ප්‍රවිශ්ඨය සිදු වන්නේ ගවයන්ගේ ආකර්ෂණය ඔහු විසින් දිනා ගැනීම ආරම්භ වූ පසුවයි. සිවිල් යුද්ධ සමයේ දී, එනම් 1847 වර්ෂයේ දී පමණ ලෙමන්ස් ටෙක්සාස් ප්‍රාන්තයේ ලොල්පොර්ට් හි කැල්ඩ්වේල් ප්‍රාන්තයේ වහල් භාවයට පත් විය. ඔහු ඔහුගේ පියා පිළිබඳ නොදැන සිටීම නිසා මෙහිදී බොබ් සිය සේවා යෝජකයාගේ අවසන් නම තමා වෙත පවරා ගත්තේය.

සිවිල් යුද්ධය අවසන් වන විට 17 වන වියේ පසු වූ ලෙමන්ස් ඊගල් පාස් හි ලෝමන්ගේ වැඩ කිරීම ආරම්භ කළ අතර මෙහිදී තරුණ ගොපල්ලා ධවල අශ්වයන් සමඟ මිත්‍ර විය. 1870, 1880 වර්ෂ වල ගවයන් ධාවනය කිරීම සඳහා විශාල ඉල්ලුමක් පැවතිණි. බොබ් ලෙමන්ස්ගේ ක්‍රීඩා කටයුතු සඳහා මෙය මහත් රුකුලක් විය. 1947 දෙසැම්බර් 23 වන දින බොබ් ලෙමන්ස් මිය ගිය අතර, ඒ වනවිට සියවසක පමණ කාලයක් ඔහු ‘කව්බෝයි’ කෙනෙකු ලෙස ජීවිතය පවත්වාගෙන ගොස් තිබුණි. කෲර හුදෙකලාවකින් ජිවත් වූ ඔහු සිය අනන්‍යතාව වූ සුදු දිගු හිස කෙස්, විස්මය දනවන ඇස් සහ විශාල අස්ථි සහිත දෑත් සමඟම මිය ගියේය.

කවරයේ කතාව- gettyimages.com 

මූලාශ්‍ර

dose.com

edition.cnn.com

bbc.com

smithsonianmag.com

Related Articles