Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දක්ෂ අශ්වාරෝහකයින් වන රුසියාවේ කොසැක්වරුන්

ලෝකයේ විවිධ ජන කණ්ඩායම් වාසය කරන අතර ඇතැම් විට ඔවුන්ගේ ආරම්භය සියවස් ගණනාවක් ඈතට​ දිවයයි. මෙලෙස ජීවත් වන කුඩා ජන කණ්ඩායම් ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ප්‍රසිද්ධියට පත්වී ඇත. කොසැක්වරුන් යනු තමාගේ යුධ හැකියාවන් නිසා එලෙස ප්‍රසිද්ධියට පත් වූ ජන කොටසකි. මේ ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ කොසැක්වරුන් පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

කොසැක්වරුන් යනු කවූරුන්ද?

rbth.com

කොසැක්වරුන් යන්නට තනි අර්ථ දක්විමක් ලබාදීම අපහසු කාර්යකි. ඒ ඔවුන් විශේෂිත ජාතියක් හෝ ආගමක් නොවන නිසාවෙනි. ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද නැත. ඉතිහාසඥයින් අතර තවමත් මොවුන් හඳුන්වන්නේ කෙසේද යන්න පිලිබඳ නිගමනයක් නොමැත. ඇතැම් තැනක මොවුන් අර්ථ දක්වා ඇත්තේ යුක්රේනයේ තෙත් බිම් හා දකුණු රුසියාවේ ජීවත් වන විවිධ ජන වර්ග වලට අයත් යුධමය ජන කොට්ඨාශයක් ලෙසයි.

ඉතිහාසය

කොසැක්වරුන්ගේ ආරම්භය පිළිබඳ​ විවිධ කතා පුවත් පවතී. ඇතැම් ඉතිහාසඥයින්ට අනුව කොසැක්වරුන් යනු බොහෝ දුර පිහිටි ග්‍රාමීය ප්‍රදේශවල නිදහසේ ජීවත් වූ ජන කොටසකි. බොහෝ විට මෙම ජන කොටසට​ අයත් වුයේ තමන්ගේ නිදහස සොයා පැන ආ වහලුන් ය​​.

wikimedia.org

මේ නිසා රජය මොවුන්ට දඬුවම් කිරීමට නිතරම ඔවුන් සොයන ලදී. නමුත් මෙලෙස පැන යන්නන් ගණන ක්‍රමයෙන් වැඩි වූ නිසා ඔවුන් සියල්ල අල්ලා ගැනීම අපහසු කාර්යක් විය. මෙලෙස පැන යන්නන් සාදාගන්නා ජන කණ්ඩායම්වලට රජයේ පිළිගැනීම ලබා දීමට සිදු වුයේ ඒවාගේ ජන සංඛ්‍යාව ඉක්මනින් වර්ධනය වීම නිසයි. මේ අනුව පළමු ස්වාධින කොසැක් ජන කොට්ටාශය 15වන සියවසේදී නිර්මාණය විය. ඒ Dnieper හා Don ගංගා ප්‍රදේශ වලයි.

කොසැක්වරුන් ඔවුන්ගේ ජන කණ්ඩායම් සඳහා ජර්මානුවන්, තුර්කීන් හා ටාටර්ස් (tatars) වැනි ජාතීන්ට අයත් පුද්ගලයින්ද පිළිගන්නා ලදී. නමුත් ඒ පිළිගැනීම, අලුතින් පැමිණෙන්නන් ක්‍රිස්තු ධර්මය ඇදහිය යුතුය යන කොන්දේසිය මත සිදු විය. කණ්ඩායමට පිළිගත් පසු ඔවුන් තව දුරටත් ජර්මානුවන් හෝ රුසියානුවන් නොවුණු අතර ඔවුන් කොසැක්වරුන් බවට පත් විය.

කොසැක්වරුන්ගේ ප්‍රභේද​​

fort-russ.com

කොසැක්වරුන්ගේ ප්‍රභේද​ හඳුනාගන්නේ ඔවුන් ජීවත්වන ප්‍රදේශය අනුවයි. දොන්(Don) කොසැක්වරුන් මින් එක් ප්‍රබේධයකි. මොවුන්ගේ ජන කොට්ටාශය පිහිටවනු ලැබුවේ 16 වන සියවසේදී පමණය. මේ කාලය තුලදීම Zaporozhian කොසැක්වරුන් Dnieper ගංගා ප්‍රදේශයේ තමන්ගේ ජනපද පිහිටුවන ලදී. 16 වන සියවසේ අග භාගයේදී Don කොසැක්වරුන්ගේ උප ජන කොට්ටාශ දෙකක් බිහිවිය. ඔවුන් ටෙරෙක් (Terek) කොසැක්වරුන් හා ලැයික් (Laik) කොසැක්වරුන්ය. ටෙරෙක් කොසැක්වරුන් ටෙරෙක් ගංගාවේ පහල ප්‍රදේශ වල හා ලැයික් කොසැක්වරුන් ලැයික් ගංගාවේ පහළ ප්‍රදේශ වල තම ජනාවාස පිහිටුවා ගන්නා ලදී. රුසියානු රාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟ කොසැක්වරුන් රාජ්‍යයේ සීමාව වටා ආරක්ෂක වළල්ලක් ලෙස ක්‍රියාකරන ලදී.

රණ ශුරත්වය

කොසැක්වරුන්ගේ සටන් කලාව බෙහෙවින් ශක්තිමත් එකකි. මොවුන්ගේ පිරිමි දරුවන් ඉතා කුඩා කල සිටම යුධ භටයන් ලෙස පුහුණු කිරීම සිදු කෙරිණ​. මොවුන්ගේ දරුවන් වයස අවුරුදු තුනේදී අශ්වයන් පිට නැගී යාම පුහුණු කිරීම ආරම්භ වේ. මේ නිසා අවුරුදු පහ වන විට ඔවුන් හොඳ අශ්වාරෝහකයින් බවට පත්වේ. පියවරුන් තමාගේ පුතුන්ට කුඩා කාලයේ සිට නිවැරදිව දඩයම් කිරීමට උගන්වයි.

pinsdaddy.com

කොසැක්වරු 17 හා 18 වන සියවස් වලදී රුසියානු පාලනයට එරෙහිව විවිධ අවස්ථාවල කැරලි ගැසූහ​. මේ කැරළි වලට 1773 සිට 1775 අතර කාලයේ සිදු වූ Pugachev කැරැල්ලද ඇතුලත් වේ. පසු කලෙක​ මොවුන් රුසියානු දේශ සිමා පුළුල් කිරීමේ ක්‍රියාවලියේද වැදගත් කොට්ටාශයක් ලෙස සැලකේ.  සයිබීරියාව සහ කොකේසස් කඳුකරය​ අල්ලා ගැනීමටද මොවුන් උපකාර කරන ලදී. නමුත් රුසියානු විප්ලවයෙන් පසු කොසැක්වරුන් දහස් ගණනින් මරා දමන ලදී.

වරක් රුසියානු ආණ්ඩුව ඔවුන්ව පාලනය කර රුසියන් රජ පෙළපත සඳහා සේවය කිරීමට සලස්වන ලදී. 18 වන සියවසේදී මොවුන්ව රුසියන් රාජ්‍ය සඳහා සේවය කිරීමට යොදාගන්නා ලදී. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වුයේ රුසියානු දේශ සිමා ආරක්ෂා කිරීමයි. කොසැක්වරුන් රජයට පක්ෂපාතිව තබා ගැනීම සඳහා රජය ඔවුනට විශේෂ වරප්‍රසාද ලබාදී සමාජ ස්වාධීනත්වයද ලබා දෙන ලදී.

ඔවුන්ගේ වර්තමාන තත්වය

nbcnews.com

කොසැක්වරුන් වර්තමානයේ දේශප්‍රේමින් ලෙස හඳුනාගෙන ඇත. 2005 වසරේදී රුසියාවේ ජනපති වූ පුටින් මහතා පනත් කෙටුම්පතක් මගින් කොසැක්වරුන් බලසම්පන්න හමුදා බලකායක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. වර්තමානයේ කොසැක්වරුන් සඳහා වෙන් වූ පාසල් පවා ගොඩ නංවා ඇත. අනෙක් පාසල් වල ළමුන්ට උගන්වන සියලු විෂයන් කොසැක්වරුන්ගේ පාසල් වලද උගන්වනු ලැබේ.

මෑතකදී කොසැක්වරුන් පිලිබඳ මතකය අලුත් වන්නේ 2014 දී සෝචි නගරයේ පැවති ශිත ඔලිම්පික් තරඟාවලියේදී වූ සිදුවීමයි. මෙහිදී කොසැක්වරුන් Punk නමැති විරෝධතා කණ්ඩායමේ සාමාජිකයින්ට පහරදෙන ලදී. මිට හේතුව වූයේ ඔවුන් සංගීත වීඩියෝවක් සඳහා සෝචි ප්‍රදේශයේ රූගත කිරීමක නිරත වීමයි. ඉතිහාසය දෙස හරි බැලීමේදී කොසැක්වරුන් රුසියාවට සේවය කල පුද්ගලයන් ලෙස මෙන්ම මුස්ලිම් ආක්‍රමණිකයන් හා යුදෙව් ජනයාට එරෙහිව හිංසාවාදී ප්‍රතිපතියක් අනුගමනය කල ජන කොට්ටාශයක් ලෙසද හැඳින්වීමට හැක.

කවරයේ පින්තුරය – altefritz.blospot.com

Related Articles