Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝව හෙවත් මරණයේ භූමිය

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝව පුරා පැතිරී යන ඉබෝලා වෛරසය, ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අන්තර්ජාතිකමය වශයෙන් හදීසි තත්ත්වයක් ලෙස නිවේදනය කර තිබෙනවා.

2014 -2016 කාල සීමාව තුළ බටහිර අප්‍රිකාවේ වසංගත තත්ත්වයක් දක්වා දරුණු ලෙස ව්‍යාප්ත වූ ඉබෝලා වෛරසය, මෙවර පැතිරීම වීම ආරම්භ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන්. මේ වන විට එරට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කොංගෝ වෛරසය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් තම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊට අමතරව මෙම සිදුවීමේ නවතම වාර්තාව වන්නේ රුවන්ඩාව ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝව හා ඇති තම දේශ සීමාව වසා දැමීම යි. 

වසරේ මේ වන විටත් ඉබෝලා හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ 1500කට වඩා වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තව ද කලාපයේ පවතින විවිධ යුද ගැටුම්, සරණාගත අර්බුදය, හා දේශපාලන අස්ථාවරත්වය ඉබෝලා වෛරසය පාලනය කිරීම සඳහා ඇති බාධක ලෙස හැඳින්විය හැකියි.

2018 වසරේ අගභාගයේ පැන නැඟි ඉබෝලා වසංගතය

කොංගෝවේ සහන කණ්ඩායම් (global.unitednations)

මෑතකාලයේ පැතිරී යන ඉබෝලා වෛරසය 2014 – 2016 කාල සීමාවෙන් පසුව නැවතත් කොංගෝවේ පැතිරී යාම ආරම්භ වෙන්නේ 2018 වසරේ අගෝස්තු මාසයේ සිට යි. එය මුලින්ම හඳුනාගැනෙන්නේ උතුරු  Kivu ප්‍රදේශයෙන්. Ituri ප්‍රදේශයටත් එය ව්‍යාප්ත වෙනවා. ඉන් අනතුරුව යි තවත් ප්‍රදේශ කිහිපයකට එය වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍යමය වශයෙන් අන්තර්ජාතික හදීසි තත්ත්වයක් ලෙස නිවේදනය කරන්නේ 2019 වසරේ ජූලි 17 වන දින යි. මෙම වසංගතය ලෝකය පුරා පැතිරී යාම වැලැක්වීම සඳහා නොනවත්වා මෙහෙයුම් දියත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳහන් කරනවා. 2019 වසරෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ සිට උගන්ඩාවට ද මෙම වයිරසය පැතිරී තිබෙනවා. 

මේ වන විටත් විශාල මරණ තොගයකට වෛරසය බලපා ඇති අතර විවිධ හේතූන් නිසා වාර්තා නොවූ සිදුවීම් ප්‍රමාණය ද ඉතා විශාල අගයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා. ඉතා දරුණු ලෙස වසංගතය පැතිරෙන නමුත් සෞඛ්‍යය සේවා මත එල්ල වී ඇති පීඩනය හේතුවෙන් තොරතුරු වසන් කිරීම සිදුවෙන බවත් එක්සත් ජාතින්ගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

වැඩි දුරටත් කියවන්න – ඉබෝලා වසංගතයේ ආරම්භය එහි ඉතිහාසය

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ ක්‍රියාමාර්ගය 

වෛද්‍ය කණ්ඩායම් (sciencemag.org)

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝව මෙම වසංගතය පැතිරීම නැවත්වීම සම්බන්ධයෙන් සාර්ථක වී නෑ. එයට හේතුව ලෙස කලාපය පුරාම පවතින අධික දරිද්‍රතාවය, දේශපාලන අස්ථාවරත්වය හා විවිධ ගෝත්‍ර අතර පවතින සටන් හැඳින්විය හැකියි.

කෙසේ නමුත් වසර ගණනාවක් තිස්සේ ඉබෝලා වයිරසය පැතිරවීම වැලැක්වීම අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යයභාරයක් ලෙස නම් කර තිබුන අතර, පසුගිය දා එම වගකීම එරට ජනාධිපතිවරයා විසින් පවරා ගන්නවා. එම පවරාගැනීමට විරුද්ධත්වය ප්‍රකශ කරමින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වන ඔලි ඉලුන්ගා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ හේතුවෙන් ඉබෝලා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් ඇති වී තිබූ ප්‍රශ්න දෙගුණ තෙගුණ වූ බව මාධ්‍ය විසින් සඳහන් කර තිබෙනවා.

අසල්වැසි රටවලට පැතිර යාමේ අවධානම

ඉල්ලා අස් වූ සෞඛ්‍ය ඇමතිවරයා (news4sanantonio.com)

මේ වන විටත් උගන්ඩාව කරා වෛරසය පැතිරී ගොස් ඇති බව එක්සත් ජාතින් විසින් නිවේදනය කර තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට උගන්ඩාව ද වෛරසය පැතිරී යාම අතින් ඉහළ අවධානමක් ඇති රටක් ලෙස නම් කර අවසන්.

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝව වටා පිහිටා තිබෙන අනෙක් රටවල් වන දකුණු සුඩානය, බුරුන්ඩි, හා රුවන්ඩාව ද වෛරසය පැතිරී යාමේ අවධානමක් ඇති රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා. ඊට අමතරව ඇන්ගෝලා, සැම්බියා, ටැන්සානියා, මධ්‍යම අප්‍රිකානු ජනරජය, හා කොංගෝ ජනරජය ද අවධානමට ලක් වී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

මේ වන විට වෛරසය පැතිරීම වැලැක්වීම පිණිස රුවන්ඩාව විසින් රුවන්ඩා – ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජ දේශසීමාව ඔස්සේ ප්‍රවාහන කටයුතු සම්පුර්ණයෙන්ම නවත්වා තිබෙනවා.

මරණ (static.independent)

මේ ආකාරයට වසංගතය ඉතා සීග්‍රයෙන් පුළුල්ව පැතිරෙමින් තිබෙනවා.  මේ වනතෙක් පැහැදිලි ප්‍රතිකාරයක් හඳුනාගෙන නොමැති අතර තත්ත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයක් පෙනෙන මානයක නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

1976 හා 2014 කාලවල දී ඇති වූ දරුණු වසංගත තත්වය හා සමානව මෙය වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.

කවරයේ පින්තූරය - thedailybeast.com

මූලාශ්‍රයයන් -

who.int

bbc.com

unicef.org

Related Articles