Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ පැවැත්වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එලෙස පැවැත්වුණු මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා නිරන්තරයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක අතර තියුණු සටනක් පැවතුණා. නමුත්, එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල අබිබවා ගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. 

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

කොළඹ දිස්ත්‍රික්කය ආසන 15කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) උතුරු කොළඹ- 93,705             2) මැද කොළඹ- 124,354 3) බොරැල්ල- 61,169

4) නැගෙනහිර කොළඹ- 65,398     5) බටහිර කොළඹ- 40,187 6) දෙහිවල- 58,892

7) රත්මලාන- 69,128                   8) කොළොන්නාව- 132,381 9) කෝට්ටේ- 73,926

10) කඩුවෙල- 183,787               11) අවිස්සාවේල්ල- 119,905 12) හෝමාගම- 186,252

13) මහරගම- 133,614               14) කැස්බෑව- 174,829 15) මොරටුව- 118,956

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 15න් කොළඹ නගරය තුළ තිබෙන උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, සහ දෙහිවල යන ආසනවල වාසිය කවදත් හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම ආසනවල බලය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිමි වන විට කොළඹ නගරයෙන් පිටත ආසන වුණු කඩුවෙල, හෝමාගම, කැස්බෑව, මහරගම, සහ අවිස්සාවේල්ල යන ආසනවල වාසිය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම ආසනවලට අමතරව ඇති ඉතිරි ආසන පසුගිය මහා මැතිවරණවල දී දෙපසටම දෝලනය වන ආකාරය දක්නට ලැබුණා. 

උතුරු කොළඹ ආසනය 

කවදත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු උතුරු කොළඹ ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. ඔවුන්ගේ පාර්ශවය උතුරු කොළඹ ආසනය තුළ දී ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේ 2015 වසරේ පැවති  මහා මැතිවරණයේ දී යි. එහි දී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 80.03%ක් ලෙසින් සටහන් වුණා.

මැද කොළඹ ආසනය 

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතුරින් එක්සත් ජාතික පක්ෂයට වඩාත්ම වාසිදායක ආසනය ලෙසින් කවදත් පිළිගැනුණේ මැද කොළඹ ආසනය යි. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 දී ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ මෙම ආසනය තුළ ඔවුන් ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළේ 2015 මහා මැතිවරණයේ දී යි. එහි දී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සටහන් වුණේ 84.64% ලෙස යි.

බොරැල්ල ආසනය 

උතුරු කොළඹ සහ මැද කොළඹ ආසන මෙන්ම බොරැල්ල ආසනයත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. 2015 මහා මැතිවරණයේ දී බොරැල්ල ආසනය තුළ රඳවා ගත් 66.23%ක ඡන්ද ප්‍රතිශතය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී ඔවුන් බොරැල්ල ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා. 

නැගෙනහිර කොළඹ ආසනය 

මෙම ආසනය 1994 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල (පොදුජන එක්සත් පෙරමුණ) ජයග්‍රහණය කළත්, ඉතිරි මහා මැතිවරණ 6 දී ම මෙහි බලය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එලෙස නැගෙනහිර කොළඹ ආසනය තුළ අතීතයේ සිටම වඩාත් බලවත්ව සිටින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල 2015 මහා මැතිවරණයේ දී මෙම ආසනය ජයග්‍රහණය කළේ 65.44%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

බටහිර කොළඹ ආසනය 

කොළඹ නගරය තුළ පවතින සෙසු ආසන මෙන්ම කවදත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු බටහිර කොළඹ ආසනය, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. ඔවුන්ගේ පාර්ශවය බටහිර කොළඹ ආසනය තුළ දී ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේ 2015 වසරේ පැවති මහා මැතිවරණයේ දී යි. එහි දී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 80.11% ලෙසින් සටහන් වුණා.

දෙහිවල ආසනය 

මෙම ආසනය 1994 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල (පොදුජන එක්සත් පෙරමුණ) ජයග්‍රහණය කළත්, ඉතිරි මහා මැතිවරණ 6 දී ම මෙහි බලය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එලෙස දෙහිවල ආසනය තුළ අතීතයේ සිටම වඩාත් බලවත්ව සිටින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල, 2015 මහා මැතිවරණයේ දී මෙම ආසනය ජයග්‍රහණය කළේ 63.57%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

රත්මලාන ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය  1994, 2004, සහ 2010 මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයගනිද්දී ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. පොදුජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 1994 මහා මැතිවරණයේ දී රත්මලාන ආසනය තුළ රඳවා ගත් 59.00%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කොළොන්නාව ආසනය 

රත්මලාන ආසනය මෙන්ම මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1994, 2000, 2004, සහ 2010 මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 3 හි ජය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. පොදුජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 1994 මහා මැතිවරණයේ දී කොළොන්නාව ආසනය තුළ රඳවා ගත් 55.50%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කෝට්ටේ ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු කෝට්ටේ ආසනය  1994, 2004, සහ 2010 මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 4 හි ජය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජාතික පක්ෂය 2015 මහා මැතිවරණයේ දී කෝට්ටේ ආසනය තුළ රඳවා ගත් 54.16%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කඩුවෙල ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන කඩුවෙල ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 2010 මහා මැතිවරණයේ දී කඩුවෙල ආසනය තුළ රඳවා ගත් 59.35%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

අවිස්සාවේල්ල ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට පසු කාලයේ දී වඩාත් වාසිදායක ආසනයක් වුණු මෙම ආසනය ඔවුන්ගේ පාර්ශවය 2000, 2004, 2010, සහ 2015 මහා මැතිවරණවල දී ජයග්‍රහණය කළා. 1989 සහ 1994 වසරවල පැවති මහා මැතිවරණ සඳහා මහජන එක්සත් පෙරමුණ වෙනම තරග කළ නිසා මෙම ආසනයේ ඡන්දවලින් සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ පක්ෂය එම හිමි කරගනු ලැබුවා. එම හේතුව නිසා එම මහා මැතිවරණ 2 දී ම මෙම ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට අහිමි වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 2010 මහා මැතිවරණයේ දී අවිස්සාවේල්ල ආසනය තුළ රඳවා ගත් 65.20%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

හෝමාගම ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හෝමාගම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 2010 මහා මැතිවරණයේ දී හෝමාගම ආසනය තුළ රඳවා ගත් 60.80%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

මහරගම ආසනය 

කඩුවෙල සහ හෝමාගම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන මහරගම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 2010 මහා මැතිවරණයේ දී මහරගම ආසනය තුළ රඳවා ගත් 58.28%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කැස්බෑව ආසනය 

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන කැස්බෑව ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 2010 මහා මැතිවරණයේ දී කැස්බෑව ආසනය තුළ රඳවා ගත් 62.53%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

මොරටුව ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1994, 2000, 2004, සහ 2010 මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 3හි ජය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. පොදුජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) 1994 මහා මැතිවරණයේ දී මොරටුව ආසනය තුළ රඳවා ගත් 55.60%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 12

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 06

මහජන එක්සත් පෙරමුණ- 02

1994 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 11

එක්සත් ජාතික පක්ෂය- 9

2000 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 10

පොදුජන එක්සත් පෙරමුණ- 8

ජනතා විමුක්ති පෙරමුණ- 2

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 12

පොදුජන එක්සත් පෙරමුණ- 7

ජනතා විමුක්ති පෙරමුණ- 2

2004 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 9

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 8

ජාතික හෙළ උරුමය- 3

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 10

එක්සත් ජාතික පක්ෂය- 7

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ- 2

2015 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 11

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 7

ජනතා විමුක්ති පෙරමුණ- 1

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

රනිල් වික්‍රමසිංහ (gettyimages)

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප ලක්ෂ 2කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 10ක් හමුවනවා. ඉන් අවස්ථා 6ක දී ම එම මනාප කඩයිම පසුකර ගියේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ යි. 

1) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 500,566 (2015 මහා මැතිවරණය)

2) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 415,686 (2001 මහා මැතිවරණය)

3) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 363,668 (2000 මහා මැතිවරණය

4) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 329,524 (2004 මහා මැතිවරණය)

5) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 313,801 (2015 මහා මැතිවරණය)

6) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 291,194 (1994 මහා මැතිවරණය)

7) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 280,672 (2010 මහා මැතිවරණය)

8) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 237,185 (2004 මහා මැතිවරණය)

9) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 232,957 (1994 මහා මැතිවරණය)

10) ලලිත් ඇතුලත්මුදලි (එක්සත් ජාතික පක්ෂය)- මනාප 235,447 (1989 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles