Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදුවුණු ගම්පහ දිස්ත්‍රික්කය, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් වනවා. නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 තුළ දී ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබෙන්නේ අවස්ථාවන් 4ක දී පමණයි. ඉන් පැහැදිලි වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකම තියුණු සටනක නිරත වී ඇති බව යි. 

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

ගම්පහ දිස්ත්‍රික්කය ආසන 13කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) වත්තල- 129,912                     2) මීගමුව- 110,551 3) කටාන- 153,448

4) දිවුලපිටිය- 110,231                  5) මීරිගම- 124,599 6) මිනුවන්ගොඩ- 137,067

7) අත්තනගල්ල- 135,618             8) ගම්පහ- 151,418 9) ජා-ඇල- 153,164

10) මහර- 156,924                     11) දොම්පෙ- 117,950 12) බියගම- 128,417

13) කැළණිය- 93,979

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන 13 අතුරින් අත්තනගල්ල, ගම්පහ, දොම්පෙ, මහර, මිනුවන්ගොඩ වැනි ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වන විට, වත්තල සහ මීගමුව යන ආසන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටු බවට පත්ව තිබෙනවා. 

වත්තල ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන වත්තල ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී වත්තල ආසනය තුළ රඳවා ගත් 59.33%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

මීගමුව ආසනය 

වත්තල ආසනය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන මීගමුව ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 2015 මහා මැතිවරණයේ දී මීගමුව ආසනය තුළ රඳවා ගත් 67.60%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කටාන ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු කටාන ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2015 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කටාන ආසනය 63.32%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

දිවුලපිටිය ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන දිවුලපිටිය ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිවුලපිටිය ආසනය 63.32%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

මීරිගම ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මීරිගම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මීරිගම ආසනය තුළ රඳවා ගත් 66.66%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

මිනුවන්ගොඩ ආසනය 

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වුණු මිනුවන්ගොඩ ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 මහා මැතිවරණයේ දී පමණ යි. යම් පක්ෂයක් මහා මැතිවරණයක දී මිනුවන්ගොඩ ආසනය තුළ රඳවා ගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම ආසනය ජයග්‍රහණය කළ ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණේ 66.32% ලෙසින්.

අත්තනගල්ල ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදු වුණු අත්තනගල්ල ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික්කයේ යම් ආසනයක් එකම පක්ෂයක් විසින් ජයග්‍රහණය කර තිබෙන්නේ මෙම ආසනයේ දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී අත්තනගල්ල ආසනය තුළ රඳවා ගත් 70.15%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

ගම්පහ ආසනය 

කවදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට ගම්පහ ආසනය වඩාත් වාසිදායක වුණා. එම නිසාම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ඔවුන්ගේ පාර්ශවය මෙම ආසනය පරාජයට පත් වුණේ 1989 මහා මැතිවරණයේ දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ ආසනය තුළ රඳවා ගත් 69.56%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

ජා-ඇල ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 2001, සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී ජා-ඇල ආසනය තුළ රඳවා ගත් 61.53%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

මහර ආසනය 

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වුණු මහර ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 මහා මැතිවරණයේ දී පමණ යි. යම් පක්ෂයක් මහා මැතිවරණයක දී මහර ආසනය තුළ රඳවා ගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම ආසනය ජයග්‍රහණය කළ ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණේ 66.65% ලෙසින්.

දොම්පෙ ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු දොම්පෙ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 මහා මැතිවරණයේ දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දොම්පෙ ආසනය තුළ රඳවා ගත් 71.94%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

බියගම ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වුණු බියගම ආසනය  ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බියගම ආසනය තුළ රඳවා ගත් 61.74%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කැළණිය ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 2001, සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී කැළණිය ආසනය තුළ රඳවා ගත් 57.91%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 7

1994 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 11

එක්සත් ජාතික පක්ෂය- 7

2000 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 10

එක්සත් ජාතික පක්ෂය- 7

ජනතා විමුක්ති පෙරමුණ- 1

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 9

පොදුජන එක්සත් පෙරමුණ- 7

ජනතා විමුක්ති පෙරමුණ- 2

2004 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 9

එක්සත් ජාතික පක්ෂය- 6

ජාතික හෙළ උරුමය- 2

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 12

එක්සත් ජාතික පක්ෂය- 5

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ- 1

2015 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 9

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 8

ජනතා විමුක්ති පෙරමුණ- 1

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප ලක්ෂ 2කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 10ක් හමුවනවා. ඉන් අවස්ථා 3ක දී ම එම මනාප කඩයිම පසුකර ගියේ එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය යි. 

1) චන්ද්‍රිකා බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 464,588 (1994 මහා මැතිවරණය)

2) බැසිල් රාජපක්ෂ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 425,861 (2010 මහා මැතිවරණය)

3) ප්‍රසන්න රණතුංග (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 384,448 (2015 මහා මැතිවරණය)

4) අනුර බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 262,051 (2001 මහා මැතිවරණය)

5) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 250,912 (2001 මහා මැතිවරණය)

6) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 237,387 (2000 මහා මැතිවරණය)

7) රන්ජන් රාමනායක (එක්සත් ජාතික පක්ෂය)- මනාප 216,463 (2015 මහා මැතිවරණය)

8) විජිත හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 215,540 (2004 මහා මැතිවරණය)

9) සිරිමාවෝ බණ්ඩාරනායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- මනාප 214,390 (1989 මහා මැතිවරණය)

10) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 202,029 (2004 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles