Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති ප්‍රබලම අභියෝගය වන්නේ 2004 වසරේ සිට කළුතර දිස්ත්‍රික්කය තුළ රඳවා ගෙන සිටින අපරාජිත භාවය රැකගැනීම යි. 

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

කළුතර දිස්ත්‍රික්කය ආසන 8කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) පානදුර- 118,719                      2) බණ්ඩාරගම- 140,199 3) හොරණ- 128,005

4) බුලත්සිංහල- 82,439                 5) මතුගම- 109,804 6) කළුතර- 119,526

7) බේරුවල- 121,686                   8) අගලවත්ත- 99,484

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන 8 අතුරින් පානදුර, බණ්ඩාරගම, හොරණ වැනි ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට තරමක් හෝ හිතකර වන්නේ බේරුවල ආසනය පමණ යි.

පානදුර ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන පානදුර ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2001 මහා මැතිවරණයේ දී පමණ යි. 1989 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළේ පානදුර ආසනය පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පානදුර ආසනය තුළ රඳවා ගත් 59.59%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

බණ්ඩාරගම ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වන බණ්ඩාරගම ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. එහි දී පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 306කින් 2001 මහා මැතිවරණයේ දී බණ්ඩාරගම ආසනය පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බණ්ඩාරගම ආසනය තුළ රඳවා ගත් 64.06%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

හොරණ ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හොරණ ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 මහා මැතිවරණවල දී පමණ යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 316කින් 2001 මහා මැතිවරණයේ දී හොරණ ආසනය පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හොරණ ආසනය තුළ රඳවා ගත් 67.61%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

බුලත්සිංහල ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල බුලත්සිංහල ආසනය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත්සිංහල ආසනය තුළ රඳවා ගත් 68.51%ක ඡන්ද ප්‍රතිශතය යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

මතුගම ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වන මතුගම ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මතුගම ආසනය තුළ රඳවා ගත් 63.54%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

කළුතර ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල කළුතර ආසනය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කළුතර ආසනය තුළ රඳවා ගත් 62.77%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

බේරුවල ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 2001, සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජාතික පක්ෂය 2015 මහා මැතිවරණයේ දී බේරුවල ආසනය තුළ රඳවා ගත් 54.94%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

අගලවත්ත ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වන අගලවත්ත ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය අගලවත්ත ආසනය තුළ රඳවා ගත් 68.16%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. 

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 5

1994 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 6

එක්සත් ජාතික පක්ෂය- 4

2000 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 5

එක්සත් ජාතික පක්ෂය- 4

ජනතා විමුක්ති පෙරමුණ- 1

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 5

පොදුජන එක්සත් පෙරමුණ- 4

ජනතා විමුක්ති පෙරමුණ- 1

2004 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 6

එක්සත් ජාතික පක්ෂය- 3

ජාතික හෙළ උරුමය- 1

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 7

එක්සත් ජාතික පක්ෂය- 2

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ- 1

2015 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 5

එක්සත් ජාතික පක්ෂය- 4

ජනතා විමුක්ති පෙරමුණ- 1

කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

රත්නසිරි වික්‍රමනායක (gettyimages)

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප 120,000 වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 8ක් හමුවනවා. 

1) කුමාර වෙල්ගම (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 218,614 (2015 මහා මැතිවරණය)

2) රත්නසිරි වික්‍රමනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 148,705 (2000 මහා මැතිවරණය)

3) රාජිත සේනාරත්න (එක්සත් ජාතික පක්ෂය)- මනාප 142,186 (2015 මහා මැතිවරණය)

4) නන්දන ගුණතිලක (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 135,743 (2004 මහා මැතිවරණය)

5) අජිත් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය)- මනාප 131,383 (2015 මහා මැතිවරණය)

6) රෝහිත අබේගුණවර්ධන (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 127,040 (2015 මහා මැතිවරණය)

7) කුමාර වෙල්ගම (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 124,766 (2010 මහා මැතිවරණය)

8) රත්නසිරි වික්‍රමනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 120,432 (2001 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles