Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී ම මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලෙන් ආණ්ඩු බලය ගිලිහුණු 1994 මහා මැතිවරණයේ දී පවා මෙම දිස්ත්‍රික්කය පොදුජන එක්සත් පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් වුණා.  

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

මහනුවර දිස්ත්‍රික්කය ආසන 13කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) ගලගෙදර- 51,632                    2) හාරිස්පත්තුව- 158,903 3) පාතදුම්බර- 86,342

4) උඩුදුම්බර- 57,764                    5) තෙල්දෙණිය- 47,510 6) කුණ්ඩසාලේ- 97,309

7) හේවාහැට- 69,251                    8) සෙංකඩගල- 82,680 9) මහනුවර- 40,507

10) යටිනුවර- 79,471                  11) උඩුනුවර- 82,842 12) ගම්පොළ- 105,054

13) නාවලපිටිය- 96,659

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන 13 අතුරින් හාරිස්පත්තුව, සෙංකඩගල, මහනුවර, කුණ්ඩසාලේ  වැනි ආසන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණේ උඩුදුම්බර සහ යටිනුවර යන ආසන යි.

ගලගෙදර ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන ගලගෙදර ආසනය, ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී ගලගෙදර ආසනය තුළ රඳවා ගත් 66.24%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

හාරිස්පත්තුව ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හාරිස්පත්තුව ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2010 මහා මැතිවරණයේ දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී හාරිස්පත්තුව  ආසනය තුළ රඳවා ගත් 61.51%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා.

පාතදුම්බර ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 1994, 2004 සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 3හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී පාතදුම්බර ආසනය තුළ රඳවා ගත් 64.76%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වනවා.

උඩුදුම්බර ආසනය 

පාතදුම්බර ආසනය සේම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 1994, සහ 2001 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී, ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී උඩුදුම්බර ආසනය තුළ රඳවා ගත් 71.75%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත් වුණා.

තෙල්දෙණිය ආසනය

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන තෙල්දෙණිය ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී තෙල්දෙණිය ආසනය තුළ රඳවා ගත් 62.23%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කුණ්ඩසාලේ ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු කුණ්ඩසාලේ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2010 මහා මැතිවරණයේ දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී කුණ්ඩසාලේ ආසනය තුළ රඳවා ගත් 64.41%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා.

හේවාහැට ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන හේවාහැට ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී හේවාහැට ආසනය තුළ රඳවා ගත් 64.69%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

සෙංකඩගල ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු සෙංකඩගල ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2010 මහා මැතිවරණයේ දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී සෙංකඩගල ආසනය තුළ රඳවා ගත් 57.32%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා.

මහනුවර ආසනය 

මහනුවර දිස්ත්‍රික්කයට අයත් වන ආසන අතුරින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනය වන්නේ මහනුවර ආසනය යි. ඔවුන්ගේ පාර්ශවය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති කිසිදු මහා මැතිවරණයක දී මෙම ආසනය පරාජය වී නොතිබීම සුවිශේෂී සිදුවීමක් වනවා. එක්සත් ජාතික පක්ෂය 2001 මහා මැතිවරණයේ දී මහනුවර ආසනය තුළ රඳවා ගත් 65.64%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

යටිනුවර ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 2001, සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 4හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී යටිනුවර ආසනය තුළ රඳවා ගත් 61.18%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත් වුණා.

උඩුනුවර ආසනය 

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 2001, 2004 සහ 2015 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 3හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජාතික පක්ෂය 2015 මහා මැතිවරණයේ දී උඩුනුවර ආසනය තුළ රඳවා ගත් 59.94%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වනවා.

ගම්පොළ ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන ගම්පොළ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී ගලගෙදර ආසනය තුළ රඳවා ගත් 60.18%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

නාවලපිටිය ආසනය 

ගම්පොළ ආසනය සේම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1989, 1994, 2001, සහ 2004 මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජය ගනිද්දී ඉතිරි අවස්ථා 3හි ජය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී නාවලපිටිය ආසනය තුළ රඳවා ගත් 74.70%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත් වුණා.

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී මහනුවර දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 4

1994 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 7

පොදුජන එක්සත් පෙරමුණ- 5

2000 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 6

එක්සත් ජාතික පක්ෂය- 5

ජාතික සමගි පෙරමුණ- 1

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 7

පොදුජන එක්සත් පෙරමුණ- 4

ජනතා විමුක්ති පෙරමුණ- 1

2004 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 6

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 5

ජාතික  හෙළ උරුමය- 1

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 8

එක්සත් ජාතික පක්ෂය- 4

2015 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 7

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 5

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

ගාමිණී දිසානායක (Daily News)

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප 125,000කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 8ක් හමුවනවා. 

1) ලක්ෂ්මන් කිරිඇල්ල (එක්සත් ජාතික පක්ෂය)- මනාප 199,046 (2015 මහා මැතිවරණය)

2) ගාමිණී දිසානායක (එක්සත් ජාතික පක්ෂය)- මනාප 198,207 (1994 මහා මැතිවරණය)

3) කෙහෙලිය රඹුක්වැල්ල (එක්සත් ජාතික පක්ෂය)- මනාප 154,403 (2000 මහා මැතිවරණය)

4) අනුරුද්ධ රත්වත්තේ (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 152,511 (2000 මහා මැතිවරණය)

5) මහින්දානන්ද අලුත්ගමගේ(එක්සත් ජනතා නිදහස් සන්ධානය)-මනාප 146,765 (2010 මහා මැතිවරණය)

6) කෙහෙලිය රඹුක්වැල්ල (එක්සත් ජාතික පක්ෂය)- මනාප 143,235 (2001 මහා මැතිවරණය)

7) කෙහෙලිය රඹුක්වැල්ල (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 133,060 (2010 මහා මැතිවරණය)

8) ලොහාන් රත්වත්තේ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 129,750 (2015 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles