Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. පොදුජන එක්සත් පෙරමුණ වසර 17කින් ආණ්ඩු බලය ලබාගත් 1994 මහා මැතිවරණයේ දී පවා මෙම දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය   ප්‍රමුඛ පිල ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

නුවරඑළිය දිස්ත්‍රික්කය ආසන 4කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) නුවරඑළිය-මස්කෙළිය – 318,528    2) කොත්මලේ- 80,139 3) හඟුරන්කෙත- 69,644

4) වලපනේ- 82,593

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන 4 අතුරින් නුවරඑළිය-මස්කෙළිය, කොත්මලේ, සහ වලපනේ යන ආසන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට තරමක් හෝ වාසිදායක වුණේ හඟුරන්කෙත ආසනය පමණයි. එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට නම් ලංකාවේ වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිටින නුවරඑළිය-මස්කෙළිය ආසනයේ ජයග්‍රහණය වැදගත් වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ මහා මැතිවරණ 2 දී ම ඔවුන් නුවරඑළිය-මස්කෙළිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 

නුවරඑළිය-මස්කෙළිය ආසනය 

ශ්‍රී ලංකාවේ වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිටින නුවරඑළිය-මස්කෙළිය ආසනය කවදත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම නිසාම ඔවුන්ගේ පාර්ශවය මෙම ආසනය පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. එක්සත් ජාතික පක්ෂය 2001 මහා මැතිවරණයේ දී නුවරඑළිය-මස්කෙළිය ආසනය තුළ රඳවා ගත් 75.81%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

කොත්මලේ ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන කොත්මලේ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී කොත්මලේ ආසනය තුළ රඳවා ගත් 63.77%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

හඟුරන්කෙත ආසනය 

දිස්ත්‍රික්කයේ ඇති සෙසු ආසනවලට වඩා මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණත්, ඔවුන්ගේ පාර්ශවය මෙම ආසනය ජයග්‍රහණය කළේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. පොදුජන එක්සත් පෙරමුණ 2000 මහා මැතිවරණයේ දී හඟුරන්කෙත ආසනය තුළ රඳවා ගත් 72.90%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා.

වලපනේ ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන වලපනේ ආසනය, ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයේ දී වලපනේ ආසනය තුළ රඳවා ගත් 66.01%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත් වුණා.

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී නුවරඑළිය දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 2

1994 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 5

පොදුජන එක්සත් පෙරමුණ- 2

ස්වාධීන කණ්ඩායම- 1

2000 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 4

එක්සත් ජාතික පක්ෂය- 3

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පෙරමුණ- 5

පොදුජන එක්සත් පෙරමුණ- 2

2004 මහා මැතිවරණය

එක්සත් ජාතික පෙරමුණ- 4

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 2

කඳුරට ජනතා පෙරමුණ- 1

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 5

එක්සත් ජාතික පෙරමුණ- 2

2015 මහා මැතිවරණය

එක්සත් ජාතික පෙරමුණ- 5

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 3

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

ආරුමුගම් තොණ්ඩමන් (News 1st) 

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප 90,000කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 5ක් හමුවනවා. නමුත්, 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක, මනාප 73,790ක් ලබාගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතය වාර්තා කිරීමට සමත් වුණා.

1) ආරුමුගම් තොණ්ඩමන් (ලංකා කම්කරු කොංග්‍රසය)- මනාප 121,542 (2001 මහා මැතිවරණය)

2) පෙරියසාමි චන්ද්‍රසේකරන් (කඳුරට ජනතා පෙරමුණ)- මනාප 121,421 (2001 මහා මැතිවරණය)

3) මුත්තු සිවලිංගම් (ලංකා කම්කරු කොංග්‍රසය)- මනාප 107,338 (2001 මහා මැතිවරණය)

4) පලනි දිගම්බරම් (කම්කරු ජාතික සංගමය)- මනාප 105,528 (2015 මහා මැතිවරණය)

5) ආරුමුගම් තොණ්ඩමන් (ලංකා කම්කරු කොංග්‍රසය)- මනාප 99,783 (2004 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles