Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණවල දී දිස්ත්‍රික්කය අනුව මන්ත්‍රී ධූර වෙන් වුණු හැටි

මුල්මවරට ශ්‍රී ලංකාව තුළ සමානුපාතික ක්‍රමයට මහා මැතිවරණයක් පැවැත්වුණේ 1989 වසරේ දී යි. ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට නවතම අත්දැකීමක් ලැබුණු එම ඡන්ද ක්‍රමයේ දී ශ්‍රී ලංකාව මැතිවරණ දිස්ත්‍රික් 22කට බෙදා වෙන් කළා. එහි දී එක් එක් දිස්ත්‍රික්කයට අයත් වුණු ජනගහනය සලකා බලා මන්ත්‍රී ධූර වෙන් වන ආකාරය තීරණය කළා. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල ජනගහනය කලින් කලට වෙනස් වුණු නිසා වෙන් වන මන්ත්‍රී ධූර ප්‍රමාණයේත් වෙනස් වීම් වරින් වර සිදුවුණා. එසේ නම් මෙම ලිපිය මහා මැතිවරණවල දී එක් එක් දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර ලැබුණු ආකාරය පිළිබඳව යි.

කොළඹ දිස්ත්‍රික්කය

1989 වසරේ දී සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන විට වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ යි. එම නිසාම එවර මහා මැතිවරණයේ දී මන්ත්‍රී ධූර 20ක් කොළඹ දිස්ත්‍රික්කයට හිමි වුණා. නමුත් 2010 වසර වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහන අනුපාතයේ සිදුවුණු වෙනස්වීම් නිසා එම දිස්ත්‍රික්කයට ලැබුණු ආසන ප්‍රමාණය 19 දක්වා අඩු වුණා. ඒ අනුව මේ වන විට මහා මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාගන්නා මන්ත්‍රී ධූර ප්‍රමාණය සටහන් වන්නේ 19ක් ලෙස යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 1989 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 12ක් ලබාගෙන තිබෙන්නේ 51.67%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

ගම්පහ දිස්ත්‍රික්කය 

ඉතාමත් අධික ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයට 1989 මහා මැතිවරණයේ දී වෙන් වුණේ මන්ත්‍රී ධූර 17ක් පමණ යි. නමුත්, 1994 මහා මැතිවරණය වන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වුණු මන්ත්‍රී ධූර ප්‍රමාණය 18 දක්වා ඉහළ ගියා. එලෙස ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවුණු අමතර මන්ත්‍රී ධූරය 2004 මහා මැතිවරණයේ දී අහිමිව ගියත්, වර්තමානය වන විට ගම්පහ දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රී ධූර ප්‍රමාණය 18ක් බවට පත්ව තිබෙනවා. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මන්ත්‍රී ධූර ප්‍රමාණයක් ලබාගත්තේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 12ක් හිමිකර ගත්තේ 63.37%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. 

කළුතර දිස්ත්‍රික්කය 

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 11ක් හිමි වුණා. නමුත්, 1994 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 10ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර  7ක් ලබාගෙන තිබෙන්නේ 63.68%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

මහනුවර දිස්ත්‍රික්කය 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම මහනුවර දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 12ක් පමණ යි. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 8ක් ලබාගත් අවස්ථාවන් 2ක් වාර්තා වනවා. ඒ 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යි.

මාතලේ දිස්ත්‍රික්කය 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම මාතලේ දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 5ක් පමණ යි. එලෙස පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 4ක් ලබාගත් අවස්ථාවන් 2ක් වාර්තා වනවා. ඒ 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යි.

නුවරඑළිය දිස්ත්‍රික්කය

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 6ක් හිමි වුණා. නමුත්, ඉන්පසුව මෙම දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩිවීමත් සමගම 1994-2010 කාල සමයේ පැවති මහා මැතිවරණවල දී හිමි වුණු ආසන ප්‍රමාණය 7ක් ලෙසින් සටහන් වුණා. අවසන්වරට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණයක් පැවැත්වුණේ 2015 වසරේ දී යි. එම මහා මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හිමි වුණු මන්ත්‍රී ධූර ප්‍රමාණය සටහන් වුණේ 8ක් ලෙස යි. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී යම් පක්ෂයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 5ක් ලබාගත් අවස්ථාවන් කිහිපයක් සටහන් වනවා. එහි දී එක්සත් ජාතික පක්ෂය 1994, 2001, 2015 මහා මැතිවරණවල දී මන්ත්‍රී ධූර 5ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේ දී මන්ත්‍රී ධූර 5ක් ලබාගත්තා.

ගාල්ල දිස්ත්‍රික්කය 

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 11ක් හිමි වුණා. නමුත්, 1994 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 10ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර  7ක් ලබාගෙන තිබෙන්නේ 66.17%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

මාතර දිස්ත්‍රික්කය 

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 9ක් හිමි වුණා. නමුත් 1994 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී මාතර දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 8ක් පමණ යි. පසුගිය කාල සමයේ මාතර දිස්ත්‍රික්කයේ ජනගහනයේ සිදුවුණු වෙනස්වීම් නිසා 2020 මහා මැතිවරණයේ දී හිමි වන මන්ත්‍රී ධූර ප්‍රමාණය 7ක් දක්වා අඩු වීමට ඉඩ තිබෙනවා. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් මාතර දිස්ත්‍රික්කයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර අටෙන් 6ක් ලබාගැනීමට සමත් වුණේ 65.31%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

හම්බන්තොට දිස්ත්‍රික්කය 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 7ක් පමණ යි. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී යම් පක්ෂයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 5ක් ලබාගත් අවස්ථාවන් කිහිපයක් සටහන් වනවා. එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004, 2010 මහා මැතිවරණවල දී මන්ත්‍රී ධූර 5ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය 1989 වසරේ දී මන්ත්‍රී ධූර 5ක් ලබාගත්තා.

යාපනය දිස්ත්‍රික්කය

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 11ක් හිමි වුණා. නමුත්, ඉන්පසුව මෙම දිස්ත්‍රික්කයේ ජනගහනය අඩුවීමත් සමගම 1994-2010 කාල සමයේ පැවති මහා මැතිවරණවල දී හිමි වුණු ආසන ප්‍රමාණය 9ක් ලෙසින් සටහන් වුණා. අවසන් වරට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණයක් පැවැත්වුණේ 2015 වසරේ දී යි. එම මහා මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය සඳහා හිමි වුණු මන්ත්‍රී ධූර ප්‍රමාණය සටහන් වුණේ 7ක් ලෙස යි. යම් පක්ෂයක් යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 1994 මහා මැතිවරණයේ දී යි. එවර ස්වාධීන කණ්ඩායම 2 මන්ත්‍රී ධූර 9ක් ලබාගෙන තිබෙන්නේ 79.71%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

වන්නි දිස්ත්‍රික්කය

1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 5ක් පමණ යි. නමුත්, 1994 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී වන්නි දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 6ක් හිමි වුණා. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් වන්නි දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2004 මහා මැතිවරණයේ දී යි. එවර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ධූර 5ක් ලබාගෙන තිබෙන්නේ 74.68%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

මඩකලපුව දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම මඩකලපුව දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 5ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2004 මහා මැතිවරණයේ දී යි. එවර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ධූර 4ක් ලබාගෙන තිබෙන්නේ 66.71%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

1989 සහ 1994 මහා මැතිවරණවල දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 6ක් පමණ යි. නමුත්, 2000 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 7ක් හිමි වුණා. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී යම් පක්ෂයක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 4ක් ලබාගත් අවස්ථාවන් කිහිපයක් සටහන් වනවා. එහි දී ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල 2000 සහ 2010 මහා මැතිවරණවල දී මන්ත්‍රී ධූර 4ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ දී මන්ත්‍රී ධූර 4ක් ලබාගත්තා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 4ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2000 මහා මැතිවරණයේ දී යි. එවර පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධූර 3ක් ලබාගෙන තිබෙන්නේ 40.45%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

කුරුණෑගල දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති බොහෝ මහා මැතිවරණවල දී කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 15ක් පමණ යි. නමුත්, 2004 මහා මැතිවරණයේ දී පමණක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ආසන 16ක් හිමි වුණා. සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 10ක් ලබාගත් අවස්ථාවන් 2ක් වාර්තා වනවා. ඒ 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යි.

පුත්තලම දිස්ත්‍රික්කය

1989 සහ 1994 මහා මැතිවරණවල දී පුත්තලම දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 7ක් පමණ යි. නමුත්, 2000 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු බොහෝ මහා මැතිවරණවල දී පුත්තලම දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 8ක් හිමි වුණා. එම කාල සමය තුළ පැවති මහා මැතිවරණවලින් 2001 මහා මැතිවරණයේ දී පමණක් පුත්තලම දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 7ක් හිමි වුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 6ක් ලබාත්තේ 64.83%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

අනුරාධපුර දිස්ත්‍රික්කය

1989- 2004 කාල සමය තුළ පැවති මහා මැතිවරණවල දී අනුරාධපුර දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 8ක් පමණ යි. නමුත්, 2010 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී අනුරාධපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 9ක් හිමි වුණා. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර නවයෙන් 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ 66.52%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

පොළොන්නරුව දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 5ක් පමණ යි. එලෙස පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 4ක් ලබාගත් අවස්ථාවන් 2ක් වාර්තා වනවා. ඒ, 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යි.

බදුල්ල දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම බදුල්ල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 8ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය  මන්ත්‍රී ධූර 6ක් ලබාගෙන තිබෙන්නේ 58.25%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

මොණරාගල දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම මොණරාගල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 5ක් පමණ යි. එලෙස පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් මොණරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 4ක් ලබාගත් අවස්ථාවන් 2ක් වාර්තා වනවා. ඒ, 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ  2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යි. නමුත්, වර්තමානය වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩි වී තිබෙන නිසා 2020 මහා මැතිවරණයේ දී මන්ත්‍රී ධූර 6ක් හිමි වීමට ඉඩ තිබෙනවා. 

රත්නපුර දිස්ත්‍රික්කය

1989- 2010 කාල සමය තුළ පැවති මහා මැතිවරණවල දී රත්නපුර දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 10ක් පමණ යි. නමුත්, 2015 මහා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 11ක් හිමි වුණා. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 7ක් ලබාගත්තේ  68.86%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

කෑගල්ල දිස්ත්‍රික්කය

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 9ක් පමණ යි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී යම් පක්ෂයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය  මන්ත්‍රී ධූර 7ක් ලබාගත්තේ 66.89%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles