Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පැරණිම නගර කිහිපයක ඓතිහාසික පසුබිම්

මිනිසුන් මිහිමත වාසය කිරීම ආරම්භ කොට ඇත්තේ මීට සියවස් ගණනාවකට පෙරාතුවයි. ඒ ඔස්සේ යමින් දීර්ඝ කාලීන ඉතිහාසයකට උරුමකම් කියන එනම් ලෝකයේ පැරණිතම නගර කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා. විශ්වීය වටිනාකමකින් යුත් මෙවැනි නගර වාණිජමය වශයෙන්, කලාව අතින් හා සංස්කෘතිකමය වශයෙන් ආදී නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධ නගර ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව මෙම ලිපිය මඟින් ලොව පැරණිතම නගර වලින් කිහිපයක ඓතිහාසික පසුබිම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

  • දමස්කස්

endangeredsites.leadr.msu.edu

දමස්කස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ලොව පැරණිතම නගරයයි. මෙම නගරය fragrant city, Al-Sham, Jollaq හා Pearl of Orient ආදී විවිධ නම් වලින් හඳුන්වා තිබෙනවා. අතීතයේ සිටම මෙම නගරය විද්‍යාව, සංස්කෘතිය, දේශපාලන, වාණිජ හා කර්මාන්ත ආදී විවිධ ක්ෂේත්‍ර වලින් ඉතාමත් වැදගත් ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. මෙම නගරය සම්බන්ධයෙන් තිබෙන සඳහන් කිරීමක් ලෙස ‘එබ්ලා’ නමැති ඵලකය දැක්විය හැකි අතර, එයට අනුව ක්‍රි.පූ. තුන්වන සහශ්‍රයේ දී පමණ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස මෙම නගරය හඳුනාගත හැකිව තිබෙනවා. අතීත Pharaonic පිටපත් වල මෙම නගරය ‘දමස්කා’ යනුවෙන් දක්වා තිබෙනවා. ක්‍රි. පූ. දෙවන සහශ්‍රයේ පමණ ඉතාමත් විශාල ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා. එනම් මෙම වකවානුවේ දී Aramaic රාජ්‍යයේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ අතර Dar-Misiq යන නම යටතේ හැඳින්වීමක් සිදු කළා. දමස්කස් හි මුල්ම පදිංචිකරුවන් වන්නේ අරමයිට්වරුන්. මොවුන්ගේ භාෂාව ලෙස භාවිතා වූයේ සිරියැක් බස යි. මෙම නගරය ග්‍රීක, රෝම සහ බයිසැන්ටියන්ගේ පාලනයට නතු වූ අතරම, රෝම යුගයේදී එවකට විශිෂ්ටම නගර දහය අතර වුණා. එමෙන්ම බයිසැන්ටියන් යුගයේ දී පල්ලි හා සංඝාශ්‍රමයන් විශාල ප්‍රමාණයක් ඉදි කරනු ලැබුවා. මේවායින් බොහොමයක් වර්තමානයේ ද නොනැසී පවතිනවා. ඇතැම් අන්තර්ජාල ලිපි වල සඳහන් වන්නේ, රෝමානුවන් මෙය අල්ලා ගැනීමට පෙරාතුව ඊශ්‍රායලය, අසිරියානුවන්, බැබිලෝනියානුවන්, ග්‍රීක හා නබතියානුවන් විසින් අත්පත් කරගත් බවයි.

  • තීබ්ස්

thinglink.com

තීබ්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ, ඉතාමත් බලසම්පන්න වූ ඓතිහාසික​ නගරයකි. පර්සියානු යුධ සමයේ Thermopylae වෙත මිනිසුන් යවු ලැබුවේ පර්සියානුවන්ට එරෙහිව යුධ කටයුතු සඳහායි. නමුත් පසුකාලීනව ස්පාර්ටා හා ඇතෑන්ස් වලට එරෙහිව යුධ කරන අවස්ථාවේදී පර්සියාවේ පළමුවන Xerxes රජු සමඟ මිත්‍ර වනු ලැබුවා. ඉතිහාසයේ එක එක වකවානුවලදී ස්පාර්ටා වලට එරෙහිව කටයුතු කිරීමට ඇතෑන්ස්  සමඟ මිත්‍ර වූ අතර ඇතැම් අවස්ථා වලදී ඇතෑන්ස් වලට එරෙහිව කටයුතු කිරීමට ස්පාර්ටා සමඟ මිත්‍ර වනු ලබනවා.  ක්‍රි. පූ. 371 දී පමණ තීබ්ස් නුවර​ ස්පාර්ටාවට එරෙහිව පෙළ ගැසුන අතර​ Leuctra යුද්ධයේදී ස්පාර්ටන් පරාජය කිරීමක් සිදු කරනවා. එමෙන්ම මෙම අවස්ථාව ස්පාර්ටා නගර රාජ්‍යයේ අවසානය සනිටුහන් කරනවා. මේ හේතුවෙන් ස්පාර්ටා වහළුන් නිදහස් වීමක්ද සිදු වනවා. තීබ්ස් ග්‍රීක ජනප්‍රවාද වලට මෙන්ම සාහිත්‍ය සඳහාද ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

තීබ්ස් යනුවෙන් හඳුන්වන්නේ, නැව් තොටක් නොවන අතර එය ගොවිතැන මූලික කර ගත් නගරයකි. ප්‍රධාන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් (Oligarchy) මෙහි පාලන කටයුතු මෙහෙය වනු ලැබුවා. එනම් පාලකයන් පොහොසත් මිනිසුන් කොටසක් වූ අතරම, ඉඩම් අත් පත් කර ගැනීමට හැකි එකම පිරිස මොවුන් පමණක් බවට නීති සම්පාදනය කිරීමක් සිදු කරනු ලැබුවා. ක්‍රි. පූ 500 දී පමණ තීබ්ස් හා ඇතෑන්ස් අතර වූ භූමියට සටන් වැදීමක් සිදු වුණා. විශේෂයෙන්ම Plataea නමැති නගරයටයි. කෙසේ වෙතත් මහා ඇලෙක්සැන්ඩර් විසින් ක්‍රි.පූ 335 දී තීබ්ස් විනාශ කරනු ලැබූ අතර මෙහි සිටි සියලුම මිනිසුන් අනෙකුත් නගර වලට වහල් සේවයට විකුණනු ලැබුවා.

  • බෙයිරුට්

momondo.co.uk

බෙයිරුට් යනුවෙන් හඳුන්වනු ලබන්නේ, ලෙබනන් හි විශාලතම හා අගනගරයයි. මෙහි ඉතිහාසය වසර 5000 තරම් ඈතට දිව යනවා. නොයෙකුත් රජවරුන් හා පාලකයන් විසින් පාලනය කර තිබෙනවා. ලොව පළමු නීති පාසැල මෙම නගරය සතු වූ බවට විශ්වාස කරනු ලබනවා. 635 දී පමණ අරාබි ජාතීන් විසින් මෙහි පාලනය සිදු කරනු ලබනවා. මොවුන්ගෙන් පසුව යුරෝපීයයන් හට පාලනය හිමි වනවා. පළමු ලෝක යුධ සමයේ මිත්‍ර රාජ්‍යන් විසින් අවහිර බාධා කිරීම් සිදු කරනු ලැබුවා. මේ හේතුවෙන් මිනිසුන් දහස් ගණන් නිරාහාරව, සාගතව මිය යනු ලැබුවා. මේ හේතුවෙන් දේශීය ජනතාව එවකට පාලනය කළ තුර්කි පාලකයන්ට විරුද්ධව කැරළි ගැසීමට උත්සාහ කරනු ලැබුවා. යුධමය තත්ත්වයෙන් පසුව ප්‍රංශ හා බ්‍රිතාන්‍යන් මෙහි පැමිණි අතර 1920 අප්‍රේල් 25 ජාතීන්ගේ සංවිධානය විසින් බලය ලෙබනනය හට පවරා දෙනු ලබනවා.

මෙහි සංස්කෘතිය පරිණාමය වී තිබෙන්නේ ශිෂ්ටාචාර බොහෝමයක මෙන්ම ෆිනිසියානු, රෝමානු, අරාබි සහ ඔටෝමන් තුර්කීන් වැනි මිනිසුන්ගේ බලපෑම් හමුවේය. විනාශකාරී ලෙබනන් සිවිල් යුද්ධයෙන් පසු, එනම් වර්ෂ 1975 ත් 1990 අතර වකවානුවෙන් පසු, ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක්ම මෙහි සිදු කෙරුණා. ඇතැම් ලිපි වල දැක්වෙන්නේ නගර විනාශ වීමෙන් පසු අවස්ථා හතකදී පමණ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බවයි.

  • සිඩොන්

lebanonuntravelled.com

මෙහි පදිංචි වීම් ක්‍රි. පූ. 4000 හෝ 6800 සිදු වූ බවට මත පළ කරනු ලබනවා. ක්‍රි. පූ දාහතරවන සහ පහළොස් වන සියවස් වලදී මෙම පැරණි නගරය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස සුප්‍රසිද්ධියට පත් වුණා. එනම්, ඊජිප්තුව සමඟ ශක්තිමත් වෙළඳ සම්බන්ධතා පවත්වනු ලැබුවා. අනෙකුත් ෆිනිසියන් නගර රාජ්‍ය මෙන් සිඩොන් ද නොයෙකුත් අවස්ථාව වලදී යටත් කර ගැනීම් හා ආක්‍රමණ වලට මුහුණ පෑමට සිදු වුණා.  මෙම නගරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ, පර්සියානු රාජ්‍ය (ක්‍රි.පූ. 525-332) වකවානුවයි. පළාත් පහක පමණ අගනගරය බවට සිඩොන් පත් වනවා. එමෙන්ම සිඩොන් නැව් තැනීම​ හා අත්දැකීම් සහිත නාවිකයන් පර්සියානු නාවික කණ්ඩායම් වලට සැපයීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධ වුණා. ග්‍රීකයන් යටතේ සිඩොන් නිදහස හා විචිත්‍රවත් සංස්කෘතික ජිවිතයක් නැවතත් ඇති කරගත් අතරම ප්‍රීතිමත් වුණා.

කවරයේ පින්තූරය: commons.wikimedia.org

Related Articles