Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහනුවර නාථ දේවාලය හා බැඳී ඓතිහාසික පසුබිම

මහනුවර නාථ දේවාලය ලාංකීය අප සැමගේ ම වන්දනීයත්වයට පත් වන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මෙම ලිපිය ආශ්‍රයෙන් මෙම ස්ථානය ජය භූමියක් ලෙස හඳුනා ගැනීම ගැනත්, සෙන්කඩගල යන නම හිමි වීම හා පසුව කරන ලද ඉදි කිරීම් පිළිබඳවත්, නාථ දෙවියන් මෙන්ම චාරිත්‍ර විධි ගැනත් දැන කියා ගැනීමේ හැකියාවක් හිමි වනවා.

ජය භූමියක් ලෙස හඳුනා ගැනීම

මෙම ස්ථානය ජය භූමියක් ලෙස හඳුනා ගෙන තිබෙන්නේ බමුණෙකු විසින් ය. ඔහු නමින් ‘සෙංඛණ්ඩ’ ලෙස දැක්වෙනවා. හදිසියේම බමුණා සිටි ස්ථානය අසල පඳුරක සිටි සුදු හාවකු පසුපස හිවලකු ලුහුබඳින බව දුටු බවත්, හාවා තමා සිටි පඳුරට වේගයෙන් පැමිණ, නැවතත් හැරී හිවලුන් ලුහු බැඳී බවත්, අනතුරුව මුවෙක් පසු පස යන කොටියෙකු දුටු බවත්, මුවා නාථ දේවාල භූමියට ගොස් අනතුරුව නැවතත් කොටියා ලුහු බැඳී බවත් දැක්වෙනවා. ඒ අනුව බමුණා මෙම ස්ථානය ජය භූමියක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එහි අසපුවක් සාදා පදිංචි වීමට කටයුතු කළ බවද සඳහන් වනවා.

සෙංකඩගල යන නම හිමි වීම හා පසුව කරන ලද ඉදි කිරීම්

තුන්වන වික්‍රමබාහු රජු හට මෙම සිදුවීම සැල වී තිබෙනවා. ඉන් අනතුරුව රජතුමා විසින් මතු බුදුවන නාථ දෙවියන් උදෙසා දේවාලයක් ඉදි කිරීමට කටයුතු කළ බවත් සඳහන් වනවා. පසුකාලීනව එම නාථ දේවාලය වටා රජුගේ රජ මාලිගාව, අන්තඃපුරය ආදී ඉතාමත් විශාල ගොඩනැගිලි ඉදි කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙලෙස ඉදි කරන ලද ගොඩනැගිලි හා ඉදිකිරීම් හේතුවෙන් මෙම ප්‍රදේශය නගරයක් බවට පත් වී තිබෙනවා. එමෙන්ම ‘සෙංකඩගලපුර’ යන නම තැබීම සම්බන්ධයෙන් ද වාර්තා වන්නේ මේ හා සම්බන්ධ දෙයකි. එනම් සෙංඛණ්ඩ නමැති බමුණාට කරන ලද කලගුණ සැලකීමක ප්‍රතිඵලයක් ලෙස සෙංකඩගලපුර යන නම තබා තිබෙන බවත් සඳහන් වනවා.

නාථ දේවාලය හා සම්බන්ධ අතීත සිදුවීම්

http://maritimeasia.ws

අතීතයේ ලන්දේසීන් සෙංකඩගලපුර රජකම් කළ රජවරු මුණ ගැසීමට ගොස් තිබෙනවා. එසේ යන අවස්ථා වලදී නවාතැන් ගනු ලබන්නේ මෙම භුමියේ ගෙඩිගේ දේවාලය අසල බව සඳහන් වනවා. එමෙන්ම ගම්බාර දේවාලයේ බැම්මේ වාඩි වී රජුගෙන් යම් තොරතුරක් ලැබෙන තෙක් පැය ගණන් බලා සිටි බවත් දැක්වෙනවා. එසේ සිටින විට අඳිනු ලැබූ සිතුවම් මෙන්ම බොහෝ ඓතිහාසික වටිනාකමකින් ඉහළ සෙල් ලිපි කිහිපයක් ද දක්නට භාග්‍යය හිමි වන බව දැක්වෙනවා.

නාථ දෙවියන් හා චාරිත්‍ර විධි

pastceylon.blogspot.com (දේවාල භුමියේ පිහිටා තිබෙන වැල් බෝධිය)

නාථ දෙවියන් අදහනු ලබන්නේ ලාංකික අප පමණක් නෙවෙයි. ලෝකයේ තවත් බොහෝ රටවල ජනතාව විසින් ද අදහනු ලබනවා. තායිලන්තය, තායිවානය, චීනය, කොරියාව ආදී රටවල් ඒ අතර වනවා.  එමෙන්ම අවලෝකිතේෂ්වර යන නම ද භාවිතා වන බව වාර්තා  වනවා. එනම් අනාගත මෛත‍්‍රී බුදුන් වහන්සේ යි. ඉහත සඳහන් කළ රටවල් වල මෛත‍්‍රී බුදුන්ගේ සිරස මත බුද්ධ රූපයක් කොටා තිබෙන බවත් දැක්වෙනවා. එයට හේතුව ලෙස දැක්වෙන්නේ එකළ රාජ්‍යත්වයේ සංකේතය දළදා වහන්සේ වීමයි. සෙංකඩගලපුර පුරවරයේ ඉදි කිරීම් කොට නගරයක් බවට පත් කරන විට ද දළදා වහන්සේ මහනුවර පුරවරයට වැඩම කරවා තිබෙනවා. නාථ දේවාලයට වම් පසට වන්නට දළදා මාලිගය ඉදි කළ අතර වර්තමානයේ එහි පාදම පමණක් දැක ගත හැකි බව ද දැක්වෙනවා.

නාථ යනුවෙන් අදහස් කරනු ලබන්නේ “අධිපතියා” බව සඳහන් වනවා. එමෙන්ම මහනුවර යුගයේ රජවරුන්ගේ නම් තේරීම සිදු කර තිබෙන්නේ මෙම දේවාලයේ බවත් සඳහන්. මේ සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි ලේඛක ෆි‍්‍රඩ්හැම් අපූරු විස්තරයක් සිදු කොට තිබෙනවා. එනම්,

“එවකට නැකත්කරුවන්ගේ කාර්ය භාර්ය වූයේ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමට වේලාවක් සෙවීමත්, මංගල සම්මත නම් සෑදීමත් ය. ඒ අනුව එක් එක් නැකත්කරුවා මැණික් එබ්බ වූ රන් තැටියක නමක් ලියා නාථ දේවාලයේ තැබිය යුතුය. සමහර විට රජු තේරීමෙන් අවුරුද්දකට දෙකකට පසු පැමිණෙන නියමිත දිනයේ දී රජ වීමට නියමිත කුමාරයා මහ පෙරහැරින් විෂ්ණු දේවාලයට ගොස් පුද සිරිත් පවත්වා දෙවියන් ඉදිරියේ වැඳ වැතිරේ. ඉන්පසු එහි සිට නාථ දේවාලයට යන ඔහු පුද සිරිත් පවත්වා රන් තැටි පරික්ෂා කර බලා තමන් කැමති නමක් තෝරා ගෙන එය මහා අදිකාරමට ලබා දෙයි. ඔහු හැමෝටම ඇසෙන සේ මෙසේ පවසයි. මහ රජතුමන් උදෙසා දෙවියන් වහන්සේ තෝරාගෙන ඇති නම මෙයයි

ඔටුනු පැළඳ වීම ද සිදු කර තිබෙන්නේ මෙම ස්ථානයේදි යි. පසුකාලීනව කළ කැණීම් වලින් ගඩොලින් කළ කවාකාර පදනමක් හමු වී තිබෙන බවත් එය ඔටුනු මණ්ඩපය නමින් හැඳින්වෙන බව ද සඳහන් වනවා. රජු ඔටුනු පැළඳ වීමෙන් පසුව නාථ දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වීමක් සිදු කළ බවත් දැක්වෙනවා. ඒ බුදු දහමට අනුව දස රාජ ධර්මයෙන් රට පාලනය කරන බවට යි.

නාථ දේවාලයේ පිහිටීම ගැන කතා කිරීමේ දී එය පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව ඉදිරිපිට යි. එමෙන්ම සතර මහා දේවාල වන, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි අතරින් ප්‍රථම දේවාලය ලෙස හැඳින් වෙන්නේ ද මෙයයි.

එමෙන්ම රොබට් නොක්ස්ගේ වාර්තා වලට අනුව ද වර්තමාන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවු දෙවිවරු පෙරටු කර ගනිමින් මහනුවර ඇසළ පෙරහැර පවත්වා තිබෙන බව සඳහන් වෙනවා.

ගෘහ නිර්මාණ ශිල්පය

flickr.com ( බැතිමතුන් නාථ දේවාලය වන්දනාමාන කරන්න යන අයුරු)

මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ගැන අවධානය යොමු කිරීමේ දී ගම්පොළ යුගයේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයේ අභාෂය ද මෙයට ලැබී තිබෙන බව සඳහන් වනවා. ශෛලමය දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය ගෙඩියක ආකාරයෙන් නිම කරවා තිබෙනවා. මේ හේතුවෙනුයි ගෙඩිගේ ලෙස භාවිතයට පැමිණ තිබෙන්නේ. එමෙන්ම වාහල්කඩ දෙපස මුරගල් දෙකක් ද, මුදුනේ මකර තොරණකින් ද, උළු  සෙවිලි කළ වහලයකින් ද සමන්විත වනවා.

http://2.bp.blogspot.com ශ්‍රී දළඳා පෙරහරේ යන  නාථ දේවාලයේ පෙරහැර

නාථ දේවාලය ලෙස දැක්වුව ද මෙම ස්ථානයේ බුදු දහමට සම්බන්ධ බුදු කුටි, බෝධීන් වහන්සේලා හා විහාර කුටි ආදියෙන් සමන්විත වනවා. සෙංකඩගලපුර පුරවරයේ පමණක් නොව ලාංකිකයන්ට වර්තමානයේ ද මෙම ස්ථානය මුදුන් මල්කඩක් බඳු වනවා.

කවරයේ පින්තුරය: Mapio.net

Related Articles