Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ඉහළ අදායමක් ලබන සූදුවේ පුරවරය – මැකාවු

චීනය විසින් පාලනය කරනු ලබන ඔවුන්ට අයත් විශේෂ පරිපාලන භූමි කොටසක් ලෙස හදුන්වන මැකාවු (Macau) හෙවත් මැකාවෝ (Macao) ගැන ඔබ අසා තිබෙනවා ද? සූදු සඳහා ලෝකය පුරා ඉතා ජනප්‍රිය වූ මෙන්ම ඒ සඳහා ප්‍රධාන  ප්‍රදේශය වූ මෙහි ආර්ථිකය සුදූ හා සංචාරක කර්මාන්තය මත රඳා පවතිනවා.

2006 සිට මේ දක්වා සූදුවලින් වැඩි ම අදායමක් ලබන ප්‍රදේශය ලෙස මෙය නම් කරන්න පුළුවන්. ඉතා ඉහළ මානව දර්ශකයකින් යුක්ත වන මෙම පාලන කලාපය ආයු අපේක්ෂාව අතරින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවෙනවා. දළ දේශීය නිෂ්පාදිතය අතින් ද ඉතා ඉහළ මට්ටමක සිටින නමුත් එය ස්වාධීන රටක් නොවන බැවින් ලෝකයේ පොහොසත් ම රටවල් අතරට එක් කිරීමට නොහැකි ය.

එය 2015 වසරේ වේගයෙන් සංවර්ධනය වන නගරාශ්‍රිත ප්‍රදේශ (Fastest Growing Metropolitan Areas) අතරින් පළමු ස්ථානයට පත් වෙනවා. ඉතින් අද ලිපිය චීනය විසින් පාලනය කරන මැකාවු හි විශේෂත්වය පිළිබඳ ව යි.

පිහිටීම හා ඉතිහාසය

පිහිටීම (China Highlights)

චීනයේ දකුණු වෙරළ කලාපයට ආසන්න ව චීන රජයට අයත් නොවී පිහිටා ඇති මැකාවු, පර්ල් (Pearl) ගංගාවට නිරිත දිගින් පිහිටා තිබෙනවා. ව. කි. මී. 30.5ක භූමි ප්‍රදේශයක් තුළ ලක්ෂ හය ඉක්මවූ ජනගහනයකින් යුක්ත යි. තව ද, ලෝකයේ වැඩි ම ජන ඝනත්වයකින් යුක්ත ප්‍රදේශයක් ලෙස ද නම් කළ හැකි යි.

1557 සිට පෘතුග්‍රීසීන්ට අයත් කොලනියක් ලෙස මෙම ප්‍රදේශය නම් කර තිබූ අතර 1999 දී චීන රජයට අයත් විශේෂ පරිපාලන ප්‍රදේශයක් ලෙස නම් කරනවා. මෙය ආසියාතික කලාපයේ තිබූ අවසන් යුරෝපියානු කොලනිය යි. චීනයෙන් පරිබාහිර ව වෙන ම ආර්ථික හා දේශපාලන ක්‍රමයක් මෙම කලාපය තුළ ක්‍රියාත්මක වූවත්, එය චීනයේ සම්පූර්ණ බලපෑමෙන් මිදෙන්නේ 2049 වසරේ අවසානයේ දී බව කලාපයේ පාලන අධිකාරිය හා චීන රජය අත්සන් කළ ගිවිසුමක සඳහන් වෙනවා.

මැකාවු හි සංචාරක කර්මාන්තය හා සූදුව

කැසිනෝ (CNN.com)

මෙහි ආර්ථිකයේ ප්‍රධාන කොඳු නාරටිය වන්නේ සංචාරක කර්මාන්තය යි. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩකට වඩා සම්පුර්ණ කරන අතර, ඉතිරිය සම්පුර්ණ කරන්නේ සූදු හා රෙදිපිළි කර්මාන්තයෙනුයි.

2001 සිට මෙහි සූදුව සඳහා ලිහිල් නීති හඳුන්වා දුන් අතර, 2001 සිට 2006 දක්වා ඒ හේතුවෙන් වාර්ෂික ආර්ථික වර්ධන වේගය 13.1% පමණ ඉහළ අගයක් ගන්නවා.

මැකාවු (ThoughtCo)

2006 දී ලෝකයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන රටවල් අතරින් 21 වන ස්ථානය දිනාගැනීමට සමත් වෙන අතර 2000 වසරේ මිලියන 9.1ක් වූ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 2005 වන විට මිලියන 18.7 දක්වාත්, 2006 වන විට මිලියන 22 දක්වාත් වර්ධනය වෙනවා. 2015 දී නිකුත් කළ වර්තාවකට අනුව ලෝකයේ වැඩි ම සංචාරක පිරිසක් ඇදී එන ප්‍රදේශ අතරින් මැකාවු  හයවන ස්ථානයේ රැඳී සිටිනවා.

1962 සිට 2002 වසර වන තුරු සූදු සඳහා රජය විසින් ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය නමුත් 2002 දී එය අහෝසි කිරීමෙන් සූදු අංශයෙන් විශාල අදායමක් ලැබීමට මැකාවු රාජ්‍යයට හැකියාව ලැබෙනවා. කැසිනෝ සඳහා රජය විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරීත්වය ඉවත් කිරීම එලෙස අදායම ඉපැයීම වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් ලෙස සඳහන් කළ හැකියි. 2007 සිට ලාස් වේගාස් හි සුදූ මෙහෙයවන ආයතන මෙම ප්‍රදේශයට පැමිණීම ද විශේෂ කරුණක් වෙනවා.

මීට අමතර ව කුඩා වශයෙන් සිදු කෙරෙන මත්ස්‍ය කර්මාන්තය හා කුඩා පරිමාණ කෘෂිකර්මාන්තයෙන් ද ප්‍රදේශය ස්වයංපෝෂිත වෙනවා. තව ද, බොහොමයක් අපනයන හා ආනයන වෙළඳ කටයුතු චීනය සමග සිදු කිරීම හේතුවෙන් ආර්ථික වර්ධනය වේගය සීඝ්‍රයෙන් ඉහළ යනවා.

මැකාවු හි පාලන කටයුතු හා එහි විවිධ විශේෂතා

ජනාකීර්ණ නගර (Macauhub)

1999 දී චීනයෙන් පාලනය වන විශේෂ කලාපයක් වීමට ප්‍රථම එය පෘතුග්‍රීසීන් විසින් පාලනය කළ අතර පෘතුගාල ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් ප්‍රදේශයේ පාලනය මෙහෙයවීම සිදු කරනවා.

1999 වසරෙන් පසු ව චීනයේ නීති පද්ධතියක් මෙහි ක්‍රියාත්මක වෙන අතර මෙම පාලනය හඳුන්වනු ලබන්නේ “එක් රටක් – පද්ධති දෙකක්” යන සංකල්පය යි. චීනයේ මධ්‍යම ආණ්ඩුව විසින් පත්කරන ලද විශේෂ ප්‍රධාන නියෝජිතයෙකු හා තවත් පිරිසක් විසින් වර්තමානය වන විට මැකාවු හි පාලන කටයුතු මෙහෙයවීම සිදු කරනවා. පාලනය පහසු කිරීම සඳහා මෙම කලාපය තවත් අනු කොටස් අටකට වෙන් කිරීමට චීන රජය විසින් තීරණය කර තිබෙනවා. එහි කුඩා ම කලාපය වන්නේ ව. කි. මී. 0.6ක විශාලත්වයකින් යුක්ත සාඕ ලාසරෝ (São Lázaro) කලාපය යි.

චීන භාෂාව බොහෝ පිරිසක් විසින් කතා කරන නමුත් පෘතුග්‍රීසි භාෂාව කතා කළ හැකි විශාල පිරිසක් ද මෙහි සිටිනවා. එබැවින් පෘතුග්‍රීසි භාෂාව ද කලාපය තුළ ප්‍රධාන භාෂාවක් ලෙස පිළිගැනෙනවා.

සංචාරක ආකර්ෂණය (Jing Daily)

මහජන නීතිය හා සාමය පවත්වාගැනීමට මැකාවු හි පාලන අධිකාරියට බලය පවරා ඇති අතර මෙම ප්‍රදේශයේ ආරක්ෂාව හා හමුදාමය මැදිහත්වීම් සම්බන්ධයෙන් බලය ඇත්තේ චීන රජයට යි.

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය පහසුකම් නොමිලේ හා සහනදායි මිලට ලබාදීම දකින්න ලැබෙන අතර අඩු අදායම් ලාභී පුද්ගලයන් සඳහා පෞද්ගලික අංශයන් විසින් සහනදායි මිලට නිවාස ඉදිකර දීම සිදුවෙනවා.

ඓතිහාසික ස්ථාන (Macau)

ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක යි. ඒ අතරට MRT (Mass Rapid Transit) හා LRT (light rail transit) වැනි නවීන ප්‍රවාහන පද්ධති අඩංගු වෙනවා.

වර්තමානය වන විට ඓතිහාසික ස්ථාන රැසක් මැකාවු හි දකින්න ලැබෙනවා. වසර සිය ගණනක් තිස්සේ පෘතුග්‍රීසීන් විසින් ඉදි කළ ස්ථාන සමූහයක් මෙහි පැවතීම ඊට හේතුව යි.

කවරයේ පින්තූරය: European Gaming Industry News

මූලාශ්‍රයයන්:  

telegraph.co.uk

britannica.com

bbc.com

Related Articles