Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක විනාශයට දින ගණන් සැකසූ මායා ශිෂ්ඨාචාරය

මෑත ඉතිහාසයේ ලෝකවාසී බොහෝ දෙනා බියකින් පසුවූ ලෝක විනාශය පිලිබදව මතයක් ඇතිකිරීමෙහි මූලාරම්භයට අදාළ දින දර්ශනය ඔබට මතක ඇතිවාට සැකයක් නෑ. එලෙස මායාවරුන්ගේ දින දර්ශණය අවසන්වන දින ලෙස 2012 දෙසැම්බර් 21 යැයි දැඩිලෙස කතාබහකට ලක්වූවා. මේ ලිපිය හරහා ඔබට විස්තර ගෙනෙන්නේ එම දින දර්ශනයේ සැබෑ නිර්මාණකරුවන් වන මායාවරුන් පිලිබදවයි. අතීතයේ පැවති  දියුණු ශිෂ්ඨාචාරයන් අතරින් මායා ශිෂ්ඨාචාරයටද වැදගත් ස්ථානයක් හිමිවෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ පිහිටීම

අද වෙනකොට මේ ශිෂ්ඨාචාරයේ නටබුන් මෙක්සිකෝවේ යුකටාන්, ක්වින්ටනා රූ, කැම්පෙචේ, ටබොස්කෝ, චියාපාස් යන ප්‍රදේශවලත් ගෝතමාලා, බෙලීස්, එල් සැල්වදෝරය හා හොන්ඩුරාස් යන රටවලත් අතරත් විහිදී පවතිනවා.

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පවතින ප්‍රදේශ වල සිතියමක ජායාරුපයක් (www.starcraftvanilla.com)

මායා ශිෂ්ඨාචාරයේ ඉතිහාසය

මායා ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ක්‍රිපූ. 2600ත් ක්‍රිව. 250 අතර කාලයක පැවතුනේ යයි දැනට සොයාගෙන තිබෙනවා. මේ ශිෂ්ඨාචාරයේ විහිදීම කාලයන් තුනකට පහත පරිදි බෙදා වෙන්කරන්න පුළුවන්.

ශ්‍රේෂ්ඨ යුගයට පෙර යුගය (2000 B.C. – 250 A.D.)

මේ කාලසීමාව මූලිකව මායා ශිෂ්ටාචාරය දියුණුවට පාතබන්නට අවශ්‍ය කරුණු ගොඩනැගුනු කාලසීමාවක් ලෙස දක්වන්න පුළුවන්. මේ කාලයේ ගොවිතැන ශිෂ්ඨාචාරය තුල ආරම්භ කිරීම, නගර නිර්මාණය ආරම්භවීම (උදාහරණ විදියට කෝපන් හා චාල්චුපා නගර දක්වන්න පුළුවන්), මායාවරුන්ගේ අක්ෂර කලාව දියුණුවීම, විශාල ගොඩනැගිලි නිර්මාණය (එල් මිරාඩෝ, ටිකාල් වැනි නගර), පළමූ මායා දින දර්ශණය ගල්පුවරු මත කෙටීම, රජවරුන් මගින් රාජ්‍ය පාලනය ආරම්භකිරීම හා පළමූ පිරමිඩය ඉදිකිරීම වැනි ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ මූලික අඩිතාලම මායාවරුන් තැබුවා.

ශ්‍රේෂ්ඨ යුගය (250 A.D. – 900 A.D.)

මායා ශිෂ්ඨාචාරයේ දියුණුම කාලසීමාව විදියට මේ කාලය හදුන්වනවා. සියලුම කලාවන් හා සංස්කෘතික අංගයන් මේ කාලය තුල දියුණුවීම හා දියුණුවේ උපරිම අවස්ථාවට පත්වීම සිදුවී තිබෙනවා. එහිදී මුල් කාලයේ Teotihuacan නගරයද පසුව Caracol නගරයද ප්‍රධාන නගර ලෙස ශිෂ්ඨාචාරය පාලනය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨ යුගයෙන් පසු යුගය

ශ්‍රේෂ්ඨ යුගයෙන් පසු කාලය මූලිකව මායා ශිෂ්ඨාචාරයේ යුකටාන් ප්‍රදේශයේ උතුරු කොටසේ මූලිකත්වයෙන් පාලනය ගෙනගියා. මෙහි පාලනය ගෙනගිය නගර අතරට Chichen Itza හා Mayapan නගර ඇතුලත් වනවා. මේ කාලයෙන් අනතුරුව මායා ශිෂ්ඨාචාරයට ස්පාඤ්ඤ සතුරු බලපෑම් එල්ලවීමෙන් පරිහානියට පත්වෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ අභිරහස්

ලෝක ප්‍රකට නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව මායාවරුන් පිළිබඳ අදටත් හරියට පැහැදිලි නොවූ කරුණු දහයක් මේ ආකාරයෙන් දක්වා සිටිනවා.

මායා ශිෂ්ඨාචාරය අවසන් නොවීම

ගෝතමාලාව, මෙක්සිකෝව වැනි රටවල් ස්පාඤ්ඤය විසින් යටත් කරගැනීමෙන් පසුවත් මායා සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, ජිවන රටාව හා උත්සවයන් පැවති අතර එයට හේතුව තවමත් ස්ථිරව සොයාගන්නට නොහැකිවී තිබෙනවා.

මායාවරුන් ලෝකය අවසානවේයැයි විශ්වාස නොකිරීම

මායාවරුන්ගේ දින දර්ශනයේ අවසානය ලෙස 2012 දෙසැම්බර් 21 වනදා සටහන්වේයැයි විචාරකයින් මත පළකරනලදී. එය සැබෑ නොවුනා. නමූත් ඇත්තටම ඔවුන්ගේ එම දින දර්ශණය තුල තවත් රහස් නැතුවාට සැකයක් නැහැ.

මායාවරුන් ගණිතයේ එන බිංදුව අංකය භාවිතා කිරීම

බිංදුව සංකල්පය මූලින්ම භාවිතාකර තිබෙන්නේ බැබිලෝනියා ශිෂ්ඨාචාරයේදීය. නමූත් එහි කිසිදු බලපෑමක් නොමැතිව මායා ශිෂ්ඨාචාරයේද බිංදුව ගණිත කටයුතු වලට යොදාගෙන තිබෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ බොහෝ නටඹුන් තවමත් ගවේෂණය කර නොතිබීම

දැනට ගවේෂණය කර තිබෙන නටඹුන් අතරට තවමත් හරි ආකාරයෙන් ගවේෂණය නොකර ඇති ප්‍රදේශත් ඇතුලත්වනවා. ඒ නිසාම මේ ශිෂ්ඨාචාරය පිලිබදව නිවැරදිම තොරතුරු තවමත් පොලවට යටවී පවතිනවා.

මායාවරුන් හුමාල ස්නානය සිදුකිරීම

අතීතයේ මායා වැසියන් ගින්දර මගින් ගල් රත්කර එයට ජලය දැමීමෙන් හුමාලය නිපදවා තිබෙනවා. ස්නානයට ගල් හෝ මැටි කාමර සාදාගෙන තිබෙනවා. ඒ හරහා ඔවුන් සෞඛ්‍ය හා අධ්‍යාත්මික සංවර්ධනයක් ලබාගන්නට ඇතැයි විචාරකයි මත පලකරනවා.

හුමාල ස්නානයට යොදාගත් ගෘහයක ජායාරුපයක් (ermakvagus.com)

මායා ශිෂ්ඨාචාරය පිහිටි භුමිය

මේ භුමිය තුල දැඩිලෙස ගිනිකදු පිහිටා තිබෙනවා. ඔවුන් තමන්ගේ ශිෂ්ඨාචාරය ඒ ස්ථානයේම ගොඩනගා ගැනීම තවමත් රහසක් වනවා.

ලේ වැගිරෙන ක්‍රීඩාවන් සිදුකිරීම

ඔවුන්ගේ ක්‍රීඩා වලට දැඩි ඝනත්වයෙන් යුතු රබර් බෝල භාවිතා කර තිබෙනවා. මෙවැනි ක්‍රීඩා වලින් මියයාම ඔවුන් අභිමානයක් ලෙස සලකා තිබෙනවා.

මායාවරුන් ක්‍රීඩාව සදහා නිර්මාණය කල ක්‍රීඩා පිටියක ජායාරුපයක් (anth2589.wordpress.com)

සමහර මායා පිරමීඩ තාරකා වලට සම්බන්ධ​ වනලෙස සැකසීම

තාරකා වල පිහිටීම් පිලිබදව හොද දැනුමක් එකල පැවතුනේ යයි විචාරකයින් මත පලකරනවා. එලෙසම පිරමිඩ නිර්මාණයේදී ග්‍රහ මණ්ඩලයේ පිහිටීමද යොදාගෙන තිබෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ බිදවැටීම

ඉතා දියුණු යුගයක පැවති ශිෂ්ඨාචාරය හදිසියේ බිදවැටීම පිලිබදව විවිධ මත පලකෙරුනත් තවමත් නිවැරදි ලෙස එයට හේතුව සොයාගන්නට නොහැකිවී තිබෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ දියුණුව

විද්‍යාව හා තාක්ෂණය

විද්‍යාව හා තාක්ෂණය අතින් මායාවරුන් ඉතා දියුණු තත්වයකට පැමිණ තිබු බවට සාක්ෂි බොහොමයක් හමූවී තිබෙනවා. උදාහරණ විදියට පාෂාණ යොදා සැකසූ දුනු, ඊතල හා අවශ්‍ය අනෙකුත් ආයුධ​ භාවිතය, ගමනාගමනයට පාලම් නිර්මාණය, බදාම මගින් ගොඩනැගිලි නිර්මාණය, එදිනෙදා භාවිතා කරන ආහාර වලට අමතරව චොකලට් කොකෝවා මගින් නිපදවා ගැනීම දක්වන්න පුළුවන්. ඒ වගේම බොහෝ ජනතාවක් කතාබහට ලක්කළ කාලය පිළිබද සංකල්පය එනම් මායාවරුන්ගේ දින දර්ශනයද ඔවුන්ගේ තාක්ෂණික දැනුම මනාව පෙන්වනවා.

මායාවරුන් භාවිතාකල දින දර්ශනයක ඡායාරූපයක් (www.slj.com)

මායා ශිෂ්ඨාචාරයේද ලේඛණ කලාවට යොදාගෙන තිබෙන්නේ රූපයන් මගින් පෙන්නුම් කරන කලාවකුයි. කඩදාසි වෙනුවට සත්ව හම ලිවීමටද, තීන්ත ලෙස ගල් අගුරු වලින් සකසාගත් තීන්තද යොදාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් ගණිතය පිලිබදවද අවභෝදයකින් සිට තිබෙනවා. නමූත් ස්පාඤ්ඤ ආක්‍රමණ සමගම ඔවුන් විසින් ලේඛණ ගත කරනලද බොහෝ කරුණු විනාශවී තිබෙනවා.

මායා ශිෂ්ඨාචාරයේ අංක ක්‍රමය​ (Wikimedia Commons)

කලාව

මායාවරුන් ගල් කුළුණු වල හා ලී කණු වල කැටයම් කර තිබෙනවා. බිත්තිවල, ඇදුම්වල මෙන්ම කලින් විස්තර කල කුළුණු වලත් ඔවුන් චිත්‍ර ඇද තිබෙනවා. තවද ඒ කාලසීමාවේදී ඔවුන් සකපෝරුවක් නොමැතිව මැටි බදුන්, කැටයමින් අලංකාර කොට සාදාගෙන තිබෙනවා. අනෙක් ශිෂ්ඨාචාරයන්ට අයත් නොවූ සුළගින් වාදනය කරන වාදන භාණ්ඩ හා විවිධ බෙර  සංගීත භාණ්ඩ ලෙස භාවිතාකර තිබෙනවා. මූර්ති නිර්මාණයට ලී හා ගල් යොදාගෙන තිබෙනවා. මායා ජනතාව තමන්ගේ ශරීරයේ පච්චා වලින් අලංකාර කරගත් බවත් හෙළිවෙනවා.

මායාවරුන් නිර්මාණය කල මැටි බදුනක ඡායාරූපයක් (www.haciendapetac.com)

ගෘහනිර්මාණ ශිල්පය

ලෝකයේම අවධානය දිනාගන්නට සමත්වූ අනෙක් කරුණ නම් ඔවුන් පිරමීඩ නිර්මාණය කිරීමයි. දෙවියන් වෙනුවෙන් නිර්මාණය කිරීම එහි විශේෂිතතාවයි. ඉහලට නැගීමට පඩිපෙලක්ද එම සෑම පිරමීඩයකම තිබෙනවා (උදාහරණ විදියට එල් කැස්ටිලෝ හා ටිකාල් පිරමීඩ දක්වන්න පුළුවන්). ඒ වගේම ඔවුන් ක්‍රීඩා කටයුතුකර තිබෙන බවට සාක්ෂියක් විදියට නිර්මාණය කරන ලද විශාල ක්‍රීඩාපිටි සාක්ෂි දරනවා.

මායා ශිෂ්ඨාචාරයේ අවසානය​

මායා ශිෂ්ඨාචාරයේ අවසානයත් තවම නිවැරදිවම සොයාගෙන නැතත් විචාරකයින් හා ගවේෂකයින්ට අනුව ඔවුන්ගේ මතයන් කිහිපයක්ම තිබෙනවා. එනම් ජන ඝනත්වය වැඩිවෙත්ම ගොවීන්හට නිෂ්පාදන වැඩිකිරීමේදී ඇතිවූ පීඩනය සමග සමාජ ක්‍රමය බිදවැටීම, භූමිකම්පා ගිනිකදු වැනි ස්වභාවික විපත් ඇතිවීම, ශිෂ්ඨාචාරයේ පිහිටි නගර අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම්, වනාන්තර විනාශය සමග ඇතිවූ නියගය වැනි හේතුන්ය. මේවා එකක් හෝ කීපයක් සිදුවන්නට ඇතැයි ගවේශකයින් විශ්වාස කරනවා.

වැඩිදුර​ මූලාශ්‍ර :

End of World in 2012? Maya “Doomsday” Calendar Explained

Find out What Happened to the Ancient Maya Empire

කවරයේ පින්තූරය : mayas.net

Related Articles