Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චිලියේ හමුදා කුමන්ත්‍රණය (1973)

1960 ගණන්වල දී චිලී දේශය ප්‍රජාතන්ත්‍රවාදි රටකි. චිලී දේශය පිහිටා තිබූ ලතින් ඇමරිකාවේ, ඒ වන විට බොහෝ හමුදා පාලනයන් දක්නට ලැබුණි. ආර්ජන්ටිනාව, බොලිවියාව, පේරු, පැරගුවේ, බ්‍රසීලය, ග්වාතමාලා, ගයානා, එල්සැල්වර්දොර්, හොන්ඩුරස් යන ලතින් ඇමරිකානු රටවල්වල පැවතියේ එකී හාමුදා පාලනයන් ය. 1959 දී සිදු වූ කියුබානු විප්ලවයෙන් පසු ඇමරිකාව, ලතින් ඇමරිකානු රටවල් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් මෙන්ම විවිධාකාරයේ අත පෙවීම් කරන්නට යෙදිණි. විශේෂයෙන්ම වෙනිසුවේලාව, බොලිවියා, බ්‍රසීලය යන රටවල් අරබයා ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA) විවිධ ආකාරයේ මැදහත්වීම් කරන ලදී. 1964 දී පැවති චීලිහි ජනාධිපතිවරණයේ දී ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමුඛ සන්ධානය නියෝජනය කළ එඩුරෙන්ඩෝ මොන්ටල්වා, 56.15ක ප්‍රතිශතියක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 1975 දී සි.අයි.ඒ. සංවිධානය හෙලි කළ පරිදි, 1964 දී සමාජවාදී අපේක්ෂක සැල්වර්දෝර් අයියෙන්දේ පරාජයට පත් කිරීමට ඇමරිකාවට හිතවත් සංවිධාන විසින් මුදල් යොදවා තිබිණි. චිලී හි ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයකුට එක දිගට වාර දෙකක දී ජනාධිපතිවරයෙකු ලෙස පත් විය නොහැක. ඒ අනුව 1970 දී එඩුරෙන්ඩෝගේ ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් රැඩොමිරෝ ටොමික් ඉදිරිපත් වුව ද, ඔහුට ලබාගත හැකි වූයේ 28%ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. 1958 හා 1964 යන ජනාධිපතිවරණ දෙකටම සමාජවාදී මතවාදයක් පෙරදැරි ව ඉදිරිපත් වූ සැලවර්දෝර් අයියෙන්දේ ඡන්ද 37%ක් ලබා ගත් අතර, හිටපු ජනාධිපතිවරයෙකු වූ දක්ෂිණංශික අපේක්ෂක ජෝර්ජ් අලිසන්ද්‍රි, 35%ක ඡන්ද ප්‍රතිශතයක් ගනු ලැබීය. ඒ අනුව අයියෙන්දේ ඉතා සූළු වැඩි ඡන්දයකින් ජය ගත්ත ද, චිලී හි ව්‍යවස්ථාව අනුව 50%කට අඩු ප්‍රතිශතයක් ගත් විට ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ බලය, ජාතික කොන්ග්‍රසය වෙත පැවරෙන ලදී. නැවත වරක් ඇමරිකානු සි.අයි.ඒ. සංවිධානය අලිසන්ද්‍රි බලයට පත් කර, ඔහුව ඉන් ඉවත් කර නැවත ඉඩුරැන්ඩෝ මොන්ටල්වා බලයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළත් ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අයියෙන්දේට සහාය දැක්වූ අතර, ඒ අනුව සැල්වදොර් අයියෙන්දේ චිලීයේ ජනාධිපතිවරයා ලෙස පත් විය.

ඒ අනුව අයියෙන්දේගේ පාලනය පොරොන්දු වූ පරිදි බොහෝ ජනතාවාදී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී. මන්ද පෝෂණයෙන් පෙළුණු පාසැල් දරුවන් වෙනුවෙන් කිරි වීදුරුවක් ලබා දීම මෙන්ම එතෙක් ඇමරිකානු ව්‍යාපාරිකයින් සතුව තිබූ තඹ ආකර කිසිදු වන්දි ගෙවීමකින් තොරවම ජන සතු කරන ලදී. මෙම ජනසතු කිරීමත් අයියෙන්දේගේ රජය කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝගේ රජය සමග තිබූ කිට්ටු සම්බන්දයත් ඇමෙරිකාවේ අප්‍රසාදයට පත් වූ අතර, ඔවුන් නැවත වරක් චිලිහි විපක්ෂ කණ්ඩායම්වලට රහසේ උදව් කරන්නට විය. චිලී හි එල් මෙර්කියුරියෝ පුවත්පතට ඇමරිකානු අරමුදල් ලැබුණු අතර, එම පුවත් පත අයියෙන්දේගේ රජය පලවා හැරිය යුතු බවට මත ජනගත කළ ප්‍රධාන මාධ්‍යයක් විය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයාව සිටි රිචඩ් නික්සන්, තමන් චිලී ආර්ථිකය කඩා බිඳ දමන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කිසිදු සදාචාරයකින් තොරව ය. එමෙන්ම චිලී රටෙහි ආර්ථික කටයුතු සඳහා ඡන්දය විමසන ඕනෑම විටක තමන් ඊට විරුද්ධව ඡන්දය දෙන බව නික්සන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. අයියෙන්දේ බලයට පත් වූ විගස අයියෙන්දේට හමුදාවේ සහාය නොලැබෙනු ඇතැ යි කියා ජනමතයක් තිබුණු අතර, බලයට පත් වූ විගස හමුදාපතිවරයා වූ රෙනෙෂ් නයිඩර්, රජයට පක්ෂපාතීත්වය දැක්වූ නමුත් ටිකෙන් ටික එම ජනප්‍රියතාවය බිඳ වැටෙමින් තිබුණි. එමෙන්ම 1970 දී රෙනෙෂ් නයිඩර් ඝාතනයට ලක් විය. ඔහුගේ අනුප්‍රාප්තිකායා වූ කාලෝස් ප්‍රැට්ස්, රෙනෙෂ්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට ප්‍රතිඥා දුන්න ද, ඔහු යටතේ මිලිටරි කන්ඩායම් බිහිකරන ලදී. ඉන් එක් කණ්ඩායමක් වූ “පීතෘ භූමිය හා  නිදහස” කණ්ඩායම මෙහෙය වූ කර්නල් රොබෙර්ටෝ සොපර්, 1973 ජුනි මස අසාර්ථක කුමන්ත්‍රණයක් කරන ලදී.

මේ කුමන්ත්‍රණය අසාර්ථක වුව ද, අයියෙන්දේගේ පාලනය බරපතල ලෙස අස්ථාවරත්වයකට පත් වන ලදී.  එමෙන්ම ආර්ථිකය බලපතල අර්බුදයකට පත් වන ලදී. එමෙන්ම දිගින් දිගටම රට පුරාම නොනැවතුණු වර්ජන රැල්ලක් ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම ලොරි රථ වර්ජනය චිලියේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය. එමෙන්ම හමුදාවේ බිරියන්ගේ සාස්පාන් විරෝදයක් රට පුරා එළි දැක්වූ අතර මේ ගැන ජෝන් හාරාගේ ‘නොනිමි ගීතය’ කෘතියට අනුව මේ බිරියන් සාස්පාන් මුලින්ම අල්ලා ඇත්තේ ද මේ උද්ඝෝෂණයට විය හැකි බව යි. කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණ හේතුවෙන් හමුදාපතිවරයා ඉල්ලා අස්වූ අතර නව හමුදාපතිවරයා ලෙස ඔගස්ටොස් පිනෙශේ පත් විය.

ඉන්පසු, ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අයියෙන්දේට දැක්වූ සහාය ඉවත් කර ගත් අතර, ඒ අනුව චිලී ජාතික කොන්ග්‍රසය අයියෙන්දේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් ගැන චෝදනා එල්ල කළේ ය. අයියෙන්දේ ඊට පිළිතුරු දෙමින් තමන් ව්‍යවස්ථාකූලව සියලු තීරණයන් ගත් බවත්, තමන් ජනමත විචාරණයකට සුදානම් බවත් ප්‍රකාශ කරන ලදී. යෝජිත සැප්තැම්බර ජනමත විචාරණයකට අයියෙන්දේගේ ජනප්‍රිය පෙරමුණෙන් අනුමැතිය නොලැබුණු අතර, අයියෙන්දේ තවත් අර්බුදයකට තල්ලු කරන ලදී. අයියෙන්දේ රුසියානු සමුහාණ්ඩුවෙන් ආධාර ඉල්ලා සිටි නමුත්, සෝවියට් රුසියාව අයියෙන්දේගේ ප්‍රජාතන්ත්‍ර මාර්ග ඔස්සේ සමාජවාදය ළඟා කර ගත නොහැකි යි යන මතවාදයේ සිටිමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

එවකට නාවික හමුදාපතිවරයා වූ ජෝසේ ටොරිබියෝ මෙරිනෝ, ගුවන් හමුදාපතිවරයා වූ ගුස්තාවෝ ලී, සහ පොලිස්පතිවරයා වූ සීසර් මෙන්ඩාසෝ යන අයගේ එකමුතුවෙන් රජයට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී. මුලින් පිනොශේ මීට සම්බන්ධ වූ අතර සියලු හමුදා ප්‍රධානීන්ගේ එකමතුවට එරෙහි වන්නට ඔහුට නොහැකි වූ හෙයින් ඔහු ද ඊට එක් විය. මේ අනුව ඔවුන් තමන්ගේ හමුදා කුමන්ත්‍රණය 1973 සැප්තැම්බර් 11 වනදා ක්‍රියාත්මක කරන ලදී. නාවික හමුදාව අල් පරේසො වරායේ පාලනය නතු කරගත් අතර, යුධ හමුදාව ගුවන් විදුලියේ හා රූපවාහිනියේ බලය අත්පත් කර ගන්නා ලදී. අයියෙන්දේ තම නිල නිවස වූ ල-මොන්ඩේ හී තමන්ට හිතවත් හමුදා නිලධාරීන් සමග රැඳී සිටි නමුත්, තත්ත්වය ඔහුට පාලනය කළ නොහැකි බව වැටහිණි. පෙරවරු නවයට පමණ හමුදාව චිලියේ පාලනය තමන් සතු බවත්, අයියෙන්දේට වහා යටත් වන ලෙසත් බල කළහ. එහෙත් ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඔහු සිය නිල නිවසේ රැඳී සිටියේ ය. ඉන්පසුව, නිල නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන අතර එල්සැල්වදෝර් අයියෙන්දේ, තම නිල නිවස තුළ දී ම සියදිවි හානිකර ගන්නා ලදී. මේ සඳහා ඔහු භාවිතා කළේ පිදෙල් කැස්ත්‍රෝ ඔහුට ලබා දුන් ආයුධයක් බව ද සඳහන් වේ. එමෙන්ම, මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක්යැ යි ඔහුගේ දියණිය පසුව කියා සිටියත් එය, සියදිවි නසා ගැනීමක් බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ විය. අයියෙන්දේගේ අභාවයෙන් පසුව පිනොශේ, ජොසේ, ගුස්තාවෝ හා මොන්ඩසෝ හමුදා ජුන්ටාවක් පිහිට වූ අතර චිලියේ ව්‍යවස්ථාව අත්හිට වීමත් සමග ජාතික කොන්ග්‍රසය අහෝසි කරන ලදී. සියලු පක්ෂ තහනම් කරන ලද අතර අයියෙන්දේට පක්ෂපාතීත්වය දැක්වූ 5000කට අධික පිරිසක් චිලියේ අගනුවර වූ සන්තියාගෝහි පාපන්දු ක්‍රීඩාංගනයේ රඳවා වධ බන්ධන පමුණුවන ලදී. එහි දී මියගිය එක අයෙකි ජන ගී ගායක, වික්ටර් හාරා. හමුදා ජුන්ටාවේ බලය පිනොශේ අතට පත් වූ අතර ඔහු, චිලියේ ජනාධිපතිවරයා ලෙස පත් විය. පිනොශේගේ රජය විසින් 1973 – 1978 දක්වා චිලි හි සිදු වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් ගැන පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වන ලෙස නීතියක් පනවා ඇති අතර, එම නීතිය අදට ද බල පවතී.

පිනොශේගේ හමුදා රජය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇමරිකානු රජය පැවැත්වූ අතර එය, ඇමරිකානු අභිලාෂයන් ගැන කරන ලද ඉඟියකි. ඔගස්ටස් පිනොශෙ 1990 දක්වා චිලි රාජ්‍ය පාලනය කරගෙන ගියේ ය. 1990 දී ජනාධිපති ධුරයෙන් ඉවත් වුව ද පිනොශේ, 1998 දක්වා චිලියේ හමුදාපති ධුරයෙ රැඳී සිටියේ ය. ඔහුට ඉන්පසුව, බ්‍රිතාන්‍යයේ රැකවරණ ලැබුණු අතර ඔහු එම රටෙහි රෝද පුටුවක ජීවත් විය. ඔහුගේ සෞඛ්‍යය හේතු මත චිලී රට පිටුවහල් කළ අතර, ඔහු සන්තියාගෝ ගුවන් තොටුපලේ දී ඉතා පහසුවෙන් ඇවිද ගියේ ය. තමන්ගේ බල උන්මන්තකය හේතුවෙන් පනස් දහසකට අධික පිරිසක් වධ බන්ධනයට ලක් වූ නමුදු, 2006 දී පිනොශේ මියගියේ කිසිදු චෝදනාවකට අවම වශයෙන් චෝදනාවක් හෝ නොලබමින් ය.

කවරයේ පින්තූරය: inthesetimes.com

Related Articles