Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේ මාතෘත්වය සඳහා ගැහැණු ළමුන්ව පුහුණු කළ – League of German Girls

දෙවන ලෝක යුධ සමයට පෙර සිටම ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් ජාතිය ලොව පවතින ආර්ය  ජාතිය ලෙස හැදින්වූ අතර ජර්මනියේ තාරුණ්‍ය හා ළමා පරපුර අනාගත ජර්මනියේ ශක්තිය ලෙස ඔහු ජර්මනියේ නායකත්වයට පත් වූ වහාම අවබෝධය කරගන්නවා. ජර්මනියේ නැගී එන තාරුණ්‍ය පිලිබඳව ඔහු වරෙක මෙසේද  ප්‍රකාශ කර තිබෙනවා.

“දුර්වලතාවයන් දුර්වල කර දැමිය යුතුයි. ජර්මනියේ දුක් විදින සියළුම තරුණ තරුණියන් මා වෙත පැමිණිය යුතු වෙනවා. ඔවුන් සත්ත්ව සම් ලෙස දෘඩ විය යුතු වගේම ක්රූප්ගේ යකඩ (ක්රූප්  යනු ජර්මනියට අවශ්‍ය බොහොමයක් යුධ අවි නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවයි )මෙන් ශක්තිමත් විය යුතු වෙනවා.”

මේ අරමුණ මත යෞවන යෞවනියන් සදහා හිට්ලර් යූත් (හිට්ලර් තාරුණ්‍යය​) සංවිධානය නාසීන් විසින් 1920 ගණන්වලදී ආරම්භ කරනවා.  1933 දී හිට්ලර් බලයට පැමිණි පසු අනෙකුත් යෞවන සංවිධාන තහනම් කෙරෙනවා. 1936 වසර වනවිට හිට්ලර් යූත් සාමාජිකයන් සංඛ්‍යාව​ මිලියන හතර ඉක්මවනවා.  1939 වසරේ සිට සියළුම පිරිමි හා ගැහැණු දරුවන්ට මෙම සංවිධාන සදහා බැදීම අනිවාර්ය කෙරෙනවා.

ළමුන් හා තරුණ තරුණියන් සඳහා වූ සංවිධාන

Hitler Youth (vintage everyday)

මෙම තරුණ සංවිධාන සදහා වයස අවුරුදු 10 සිට 21 දක්වා පිරිමි හා ගැහැණු  ළමුන් බදවා ගන්නවා. මූලිකව මෙහිදි පිරිමි ළමුන් යුද්ධය සදහා අවශ්‍ය පුහුණුවීම් වල යෙදුනු අතර ගැහැනු ළමුන්ව මාතෘත්වය සදහා පුහුණු කෙරෙනවා. වයස අවුරුදු 10 පසුවූ පිරිමි දරුවන් වයස අවුරුදු 13 දක්වා German Young People නම් හිට්ලර්ගේ තරුණ සංවිධානයකට අතුළත් විය යුතු අතර අවුරුදු 13 සිට 18 දක්වා සියළුම පිරිමි ළමුන් අතුළු කරන්නේ Hitler Youth නම් සංවිධානයටයි.

කුඩා පිරිමි ළමුන් සදහා මෙහිදී හමුදාමය සරඹ පුහුණු කළ අතර ඒ සදහා ආචාර පෙළපාලි, අවි සරඹ, විෂ වායු ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම, සිතියම් කියවීම හා පිස්තෝල පුහුණුව අඩංගු වෙනවා.

League Of German Girls

League of German Girls (Pinterest)

වයස අවුරුදු 10ත් 14ත් වයසේ පසු වූ ජර්මානු ගැහැණු දරුවන් League of Young Girls සංගමයට බදවා ගැනුණු අතර වයස අවුරුදු 14 පසු වූ විට එම ගැහැණු දරුවන් League of German Girls නම් සංවිධානයට අතුළත් විය යුතු වෙනවා. මෙය ඇත්තෙන්ම හිට්ලර් යූත් සංවිධානයේ ගැහැණු ළමුන් සඳහා වූ අංශය වුණා.

මෙහිදී ජර්මන් ගැහැණු දරුවෙකු විසින් මීටර් 60ක් තත්පර 14ක් තුළදී දිවීම, බෝලයක් මීටර් 12ක් දුරට විසි කිරීම, පැය දෙකක ආචාර පෙළපාලියකට සහභාගී වීම හා මීටර් 100ක් දුර පිහිනීම වැනි ඉලක්ක සපුරා ගත යුතු විය. League of German Girls මගින් පිරිමි ලමුන් යුද්ධය සදහා පුහුණු කළ සේම ගැහැණු ළමුන් මතෘත්වය සදහා සූදානම් කරනවා. ජර්මානු සමාජයට උචිත පරිදි ශාරීරිකව හා මානසිකව ශක්තිමත් කාන්තාවන් බිහිකිරීම සඳහා කටයුතු කරන හිට්ලර් League of German Girls සංවිධානය පිහිටුවන්නේ 1920 දශකයේදීම යි. නමුත් එය මේ නමින් නම් කරනු ලබන්නේ 1932 වසරේදීයි. මුල් වර්ෂ වලදී මෙය ක්‍රියාත්මක වන්නේ කැමති තරුණියකට සම්බන්ධ විය හැකි පරිදි ස්වෙච්ඡා සංවිධානයක් ලෙසයි. නමුත් නාසි ජර්මනියේ නීති රීති ක්‍රමයෙන් ඉතා දරදඬු වන අතර 1936 වසරේදී සෑම ගැහැණු දරුවෙකුම සංවිධානයට ඇතුළත් වීම අනිවාර්ය  කරනු ලබනවා.

මුල් කාලයේදී ඔවුන්ව ආචාර පෙළපාලි සදහා පුරුදු පුහුණු කළ අතර ඊට අමතරව ගෘහ පාලිකාවක් ලෙස නිවසක සියළුම වගකීම් කළමනාකරණය කිරීම පිලිබඳව දැනුමක් ලබා දෙනවා. හිට්ලර් විසින් කාන්තාවන් රැකියාව කිරීම නැවත්විය යුතුය යන මතයේ සිටි අතර ඔහු බලයට පැමිණෙන විට සිටි කාන්තා ගුරුවරියන් 100 000 ද වෛද්‍යවරියන් 3000ද සීඝ්‍රව අඩු වන්නේ ජර්මානු රජය විසින් ඔවුන්ව අස්කිරීම හේතුවෙන්..

නියමිත කාලයේදි  සියළුම දෙනා විවාහ වී දරුවන් විශාල ගණනක් සෑදීම සදහා මෙම සංවිධානයේ තරුණියන්ව දිරිමත් කරන අතර අළුත විවාහ වන යුවලකට  ණය මුදලක් ලබා දෙනවා. එක් ළමයෙක් සෑදීමෙන් පසුව ණය මුදලෙන් 25%ක ප්‍රමාණයක් අඩු කරන අතර දරුවන් දෙදෙනෙකු සෑදීමෙන් පසුව ණය මුදලෙන් 50%ක්ද දරුවන් හතරදෙනෙක් සෑදිමෙන් පසුව ණය මුදල සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා.

සංවිධානයේ අරමුණු

ආචාර පෙළපාලි (Getty Images)

මෙම සංවිධානය මගින් කාන්තාවන්ගේ රූපලාවණ්‍යය කටයුතු අධෙර්යමත්  කළ අතර ඔවුන්ගේ කොන්ඩා මෝස්තර පවා ප්‍රතික්ෂේප කරනවා. අඩි උස පාවහන් දැමීම අනුමත නොකරන අතර සැහැල්ලු සමතල පාවහන් පමණයි අනුමත කරන්නේ. තවද කාන්තාවන්ගේ ශරීර හැඩය සිහින්වීම ප්‍රතික්ෂේප කරන අතර එසේ වීමෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ශක්තිය නැතිවන වන බවයි ජර්මානු බළධාරීන් විසින් පවසන්නේ. ගැහැනු පාර්ශවය දුම් බීමෙන් වැළක්වීමටත් මෙම සංවිධානය උපරිම උත්සාහ ගත් අතර දුම්බීම මගින් ඉපදෙන දරුවාට ලෙඩ රෝග සෑදීමේ  ප්‍රවණතාව වැඩි බව ඔවුන් විසින් ප්‍රකාශ කරනවා.

තවද මෙම සංවිධානය හරහා මතෘත්වය උදෙසා පදක්කම් පිරිනැමුනු අතර දරුවන් 8 දෙනෙකුට වඩා බිහිකරන මවුවරුන්ට ස්වර්ණ කුරුසය​ (Gold Cross) පදක්කමද, දරුවන් 6කට වඩා බිහිකරන මව්වරුන්ට රජත කුරුසය​ (Silver Cross) පදක්කම හා දරුවන් 4ක් බිහිකරන මව්වරුන්ට ලෝකඩ කුරුසය​ (Bronze Cross) පදක්කමද පිරිනමන ලදී. තවද මෙම සංවිධානය මගින් විවාහ වී නොමැති කාන්තාවන් දරුවන් බිහිකිරීම සදහා දිරිමත් කළ අතර මෙම කටයුතු සදහා වෙනම ගොඩනැගිලි පවා ඉදිවෙනවා. කාන්තා ලීගයේ ප්‍රධානී ලෙස මුලින්ම කටයුතු කරන්නෙ SS හමුදාවේ බල්දූර් ෆොන් ෂිරාක්.  1934දී ලීගය පිලිබඳව සොයා බැලීමට පත්කරනු ලබන්නේ Trude Mohr නම් නාසි හමුදාවේ නිළධාරිණියයි. පසුව අවසන් කාලයේ මෙහි නායිකාව ලෙස 1945 වනතුරු කටයුතු කරන්නේ Dr. Jutta Rüdigerය.

අඛණ්ඩ පුහුණුවීම්

1941වසරේදී League of German Girls හි ගැහැණු ළමුන් ( www.warhistoryonline.com)

සතියේ දිනවලදී හවස පන්ති  හා විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී විය යුතු අතර සති අන්තයේදී එළිමහනේ දීර්ඝ ආචාර පෙළපාලි, දුර දිවීම් හා එළිමහන් ජලාශ වල පිහිනීම් වැනි තරම්ක් අසීරු ක්‍රියාකාරකම් වල නිරත වීමට ගැහැණු ළමුන්ට සිදුවෙනවා. දරුවන් විශාල ප්‍රමාණයක් සෑදීමේදී දරා ගැනීමේ හැකියාව මේ ක්‍රියාකාරකම් තුළින් වර්ධනය වන බව සංවිධානය විසින් පවසනවා. මීට අමතරව ගිම්හාන හා ශීත සෘතු වලදී ඔවුන්ට ලැබෙන දීර්ඝ නිවාඩු කාලවලදී මෙම ගැහැනු ළමුන්ව නේවාසික කදවුරු පුහුණුවීම් වලට යොමු කරන අතර එහිදී ජර්මනියේ දේශපාලනික, ආර්ථික හා සාමාජීය දැනුම ඔවුන් වෙත ලබා දෙනවා. 

ලීගයේ සේවාවන්

මැහුම් ගෙතුම් වැඩ වල නිරත වෙමින් (www.warhistoryonline.com)

දෙවන ලෝක යුධ සමය පුරාවටම ඔවුන් විසින් ජර්මනිය පුරාවට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූ අතර මිත්‍ර හමුදාවේ ගුවන් බෝම්බ ප්‍රහාර හේතුවෙන් සියල්ල අහිමිව සිටින ජර්මානුවන්ට ආහාර ලබා දීමට හා ඇඳුම් මසා දීමට බොහෝ විට කටයුතු කරන්නේ මෙම ලීගයයි. තවද ඔවුන් විසින් තුවාල ලැබූ ජර්මානු සෙබළුන්ට උපස්ථාන කිරීම සදහා රෝහල් හා දුම්රිය ස්ථාන වල කණ්ඩායම් යොදවන අතර ඒ තුලින් ඔවුන් ජර්මනිය වෙනුවෙන්  විශාල සේවාවක යෙදෙනවා. යුද්ධය ක්‍රමක්‍රමයෙන් දරුණු අතට හැරෙනවිට මිත්‍ර හමුදා විසින් ජර්මානු නගරයන්ට බෝම්බ හෙලීමේ සීඝ්‍රතාව​ වැඩිකරනු ලබනවා. මේ වන විට සියළුම ජර්මානු සෙබළුන් යුද්ධයට පිටත්වගොස් සිටි බැවින් සතුරු ගුවන් යානා ජර්මානු අහස් සීමාවට ඇතුල්ව සිටීදැයි නිරීක්ෂණය කරන ගගන නිරීක්ෂණය කරන පිරික්සුම් එළි භට කන්ඩායම් හා එක්ව වැඩ කිරීමට ජර්මානු තරුණියන්ගේ ලීගය කටයුතු කරනවා.

ගෙවතු වැඩ (www.warhistoryonline.com)

මෙම සංවිධානයේ තවත් තරුණියන් කණ්ඩායමක් පෝලන්තයට යැවුණු අතර පෝලන්ත තරුණියන්ට මෙවැනි පුහුණුවක් ලබාදීම එහි අරමුණ විය. තවත් පෝලන්ත තරුණියන් කන්ඩායම් ජර්මනියට ගෙන්වා පුහුණුවීම් ලබා දෙනවා. දෙවන ලෝක යුද්ධයේ ජර්මනියේ යටත් වීමත් සමග 1945 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ජර්මානු තරුණියන්ගේ ලීගය නම් මෙම සංවිධානයද අහෝසි වී යනවා.

කවරයේ ජායාරූපය – Rare Historical Photos

Related Articles