Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘතුගීසි ආසියානු අගනුවර වූ ගෝව

ලංකාව යනු ඉන්දියාවට සමීප දිවයිනකි. එහෙත් කිසිදිනක ලංකාව ඉන්දියාවේ සම්පූර්ණ ආධිපත්‍යයට යටත් වී නැත. එබැවින් ලංකාව තුල ඉන්දියානු ආභාෂය ඇතත් අනන්‍ය වූ වෙනමම පසුබිමක් නිර්මාණය වී තිබේ. ඉන්දියාවේද එවැනි වෙනස් මිනිසුන් වාසය කරන ගොඩබිමින් එකම බිමක පිහිටියද​ වෙනස්ම ගතිසොබා පෙන්වන පලාතක් වෙයි. එය අප රටේ ඉතිහාසයට ද සෘජුව සම්බන්ධ වූ ගෝව වේ. ගෝව 1510 සිට වර්ශ 450ක් පෘතුගීසි පාලනයට නතුව තිබී 1961 දී ඉන්දියාවට ඈදුනු අපූරු කොළනියකි.

ගෝව ඉතිහාසය සහ දෙවන රාජසිංහ

ලංකාවේ වෙරළබඩ සිටි පෘතුගීසින්ගේ මහ සේනාව මහනුවර ආක්‍රමණයට පැමිණි කල 1638 දී දියෝගෝ දි මේලෝ නම් පෘතුගීසි සෙනවියාගේ 900කට අධික මහ  සේනාව සම්පූර්ණයෙන් පරාජය කොට ජය ගන්නට දෙවන රාජසිංහ රජු සමත් විය. ඊට පෙර සෙනරත් රජුගේ කාලයේදීත් දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේදීත් සිංහල හමුදා වල වීර වික්‍රමාන්විත සටන් හේතුවෙන් පෘතුගීසින් බැරැක්ක වලට කොටු කරන්නට රජුන් සමත් විය. එහෙත් ලංකාවට ආසන්න වූ ඉන්දියානු මහද්වීපයේ බටහිරින් අරාබි මුහුද දෙසින් පිහිටි ගෝවෙන් සෑමදාම පාහේ ආධාර උපකාර පෘතුගීසින්ට ලැබෙන්නට විය. එබැවින් යුරෝපීය නාවුක බලයෙන් සන්නද්ධ වූ පෘතුගීසින් පැන්නීමට නාවුක හමුදාවක් නොතිබූ දෙවන රාජසිංහ රජතුමාට කල හැකි දෙයක් නොවීය.

වර්තමාන​ ජකර්තා හෙවත් එවකට බතාවියාව ලන්දේසීන්ගේ පෙරදිග මහ බලකොටුව විය. එවිට පෘතුගීසින්ගේ මෙම කලාපයේ මහ බලය ගෝව වටා ගොනු විය. දෙවන රාජසිංහ රජු 1636 සිට වසර 22 ක් තිස්සේ සකලවිද අභ්‍යන්තර ගැටුම් හමුවේ නොසැලී, 1658 දී ලන්දේසීන් හා එකතුව කොළඹ කොටුවෙන් සහ සමස්ථ ලංකාවෙන්ම පෘතුගීසින් නෙරපන්නට සමත් විය. ලන්දේසී බලය උපකාරි කරගෙන පෘතුගීසින් ලංකාවෙන් නෙරපුවද 1510 සිට වර්ශ 450 කාලයක් යනතෙක් ගෝවේ බලය පෘතුගීසින්ගෙන් නතුකරගන්නට කිසිවෙකුටත් හැකියාවක් නොවී්‍ය. ඉන්දියානු ස්වදේශීක බලවතුන් විටින් විට යුද්ධ කලද , පවුරු පදනම් සහිතව ශක්තිමත් නාවුක බලයක් තිබූ පෘතුගීසිහු සෑමවිටම ගෝව රැකගත්හ.

ගෝව මොන වගේද?

ගෝව යනු ඉන්දියානු බිමේ අරාබි මුහුදට මුහුණලා පිහිටි වෙස්ටන් ඝාට්ස් නැමැත් මීටර 1500ක් පමණ උසැති කදු තීරයකින් වෙන් වී පවතින වර්ග කිලෝමීටර 3702කින් යුතු ඉන්දියාවේ ඇති කුඩාම ප්‍රාන්තය වේ. එනම් ලංකාවේ කුඩාම පලාත වූ බස්නාහිර පලාතේ වපසරිය තරම් වූ බිම්කඩක් ලෙස ගෝව දැක්විය හැකිය. ගෝව යනු ඉන්දියාවේ ඉසුරුමත්ම ප්‍රාන්ථය වේ. සමස්ථ ඉන්දියාවේ ඒකපුද්ගල දල ආදායම මෙන් තුන්ගුණයක් තරම් සැලකිය යුතු ඉහල අගයක ඒකපුද්ගල දල ආදායමක් තබාගන්නට ගෝව සමත් වී තිබේ.

ගෝව වෙරලේ පරයක කොටා ඇති දේව ප්‍රතිමාවක් (travelandleisure.com)

ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත බිම්කඩ වන ගෝව හි වසරකට ලක්ෂ 6කට අධික විදෙස් සංචාරක පිරිසක් ලැගුම් ගනී. 2016 වර්ශයේදී ගෝව කරා ඇදුනු සමස්ථ දෙස් විදෙස් සංචාරකයින් ප්‍රමාණය මිලියන 6.3කි. එනම් මිලියන 1.5කට ආසන්න ජනකායක් වෙසෙන ගෝවට එනම් හතර ගුණයකටත් අධික සංචාරකයින් ප්‍රමාණයක් 2016දී  පැමීණ තිබේ.

ගෝවේ වෙනස් කම්

ගෝව විදෙස් සංචාරකයින් විසින් රාත්‍රී උත්සව පවත්වන ස්ථාන අතරින් ජාත්‍යන්තරයේද ජනප්‍රිය වූ ස්ථානයකි. ගෝවේ ජනතාවමට අතමිට යහමින් තිබෙන හෙයින් අරක්කු, බීර ආදියෙන් බදු ගැනීමට විශේෂ උවමනාවක් නැත. හැරත් ලංකාව සහ ඉන්දියාවේ පවතින අරක්කු, බීර ආදී මධ්‍යසාර බදු පැවත එන්නේ බ්‍රිතාන්‍ය මධ්‍යසාර බදු ක්‍රමයේ ආභාෂයෙනි. 1960 වනතෙක් පෘතුගීසි පාලනය යටතේ පැවති ගෝවට එවැනි මත් බද්දක් තිබුනේ නැත. එබැවින් අදද ඉන්දියාවේ බියර් ටින් එකක් අරක්කු බෝතලයක් මිල අඩුවෙන්ම ලබාගත හැකි පලාත ගෝව වේ.

ගෝව වෙරළ තීරය (Wikimedia Commons)

ගෝව ඉන්දියාවට එකතු වීම

ගෝව අයත් බිම අශෝක අධීරාජ්‍යයාගේ මෞර්ය අධිරාජ්‍යය කාලයේ සිට ක්‍රිස්තු වර්ශ 6 වන සියවස දක්වා ඉන්දියාවට අයත් වූ බෞද්ධ පලාතක් විය. පසුව ගෝවට මුස්ලිම් සහ අවසාන වශයෙන් පෘතුගීසි පාලනය එකතු විය. වර්ථමාන ගෝව යනු පෘතුගීසි නිර්මාණයකි. නිදහස ලැබීමේන අනතුරුවද ගෝව ඉන්දියාවට ලබාදීමට පෘතුගාලය අකමැති විය. එවර ඉන්දීය අගමැති ශ්‍රී නේරුගේ රතු කට්ට පැන්නේය. ඔහු 1961 දී ගෝව ආක්‍රමණය කරන ලදී. නේරු යනු තරමක සමාජවාදී මත ධාරියෙකි. එවකට ලෝකය සමාජවාදී සෝවියට් රුසියාව සහ ධනවාදී කදවුර ලෙස දෙකට බෙදී තිබුනි.

පැරණි පෘතුගීසි කොටුවක නටඹුන් (goastreets.com)

එක්සත් ජාතින්ගේ මණ්ඩලයට මෙම ගෝවේ ගැටළුව ගිය කල රුසියාව නේරුගේ පැත්තේ සිට සිය නිශේධ බලය පාවිච්චි කලේය. එබැවින් ගෝව ඉන්දියාවටම අයිති විය. මෙම ගැටළුවේදී එවකට ලංකාවේ විදේශ ඇමති ගුණපාල මලලසේකර මහතා ඉන්දියානු භූමිය තුලම තවත් රටක කොලනියක් තිබිය නොහැකි යැයි ඉන්දීය පාර්ශවයට පක්ෂ ලෙස අදහස් ඉදිරිපත් කොට තිබේ.

ගම්බද ගෝව පලාතක දර්ශනයක් (the-shooting-star.com)

අපේ ලකුනු තිබේද ගෝවේ?

ලංකාවේ වෙරළබඩ කලාපය මෙන්ම ගෝවද පොල් වගාවෙන් පොහොසත්ය. ගෝවේ ආහාර රටාවද පොල් ආශ්‍රිතව ගොඩනැගී තිබේ. පෘතුගීසි පන්නයට සැකසූ කෑම රැසක් තවමත් ගෝවට පැමිණෙන විදේශිකයින්ට රසවිදීමට හැකිය. ලංකාවේ වැසි වනාන්තර මෙන්ම ගෝවේ කුඩා ඉඩෙහි කදුකරයේ පවතින වනාන්තර ජෛව විවිධත්වය අතින් පොහොසත් වනාන්තර ලෙස දත්ත වාර්ථා වලට එකතු වී තිබේ.

ගෝවේ පෙරහැරක් (happyfeet.us)

ලක්දිව දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ඔහුගේ සහෝදරයා වූ විජයපාල දෙවන රාජසිංහට එරෙහි විය. ඔහු පසුව පෘතුගීසින්ට එකතු වූ අතර පෘතුගීසින් විජයපාල සිරභාරයට ගෙන ගෝවට ගෙනයන ලදී. බොහෝවිට දෙවන රාජසිංහගේ දක්ෂ සහෝදරයෙකු වූ විජයපාල ගෝවේදීම මිය යන්නට ඇත. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය ද ගෝවේ තිබෙන බවත් ලාංකික ජනකතා වල දැක්වේ. ගෝවේ විසූ ශෘන්ත ෆ්‍රැන්සිස්  ක්සාවියර් නැමැති පිය නමගේ දේහයට කලක් ලංකාවේ ඇතැමුන් තොටගමුවේ ශ්‍රී  රහල් හිමි ගේ දේහයැයි අනියම් අයිතියක්ද කියාපාන්නට විය. එහෙත් විද්‍යාත්මකව එය ඔප්පුකරන්නට නොහැකි විය. කෙසේ නමුත් මේ පිළිබඳ වාද විවාද පවතී.

ඉන්දියාවම නොවේ

තරමක් අතමිට ඇති ඉන්දියානුවෝද ඉන්දියාවේ බොහෝ පලාත්වලට වඩා නිදහසක් සහ වෙනස්ම සංස්කෘතියත් ඇති ගෝවට සංචාරය කිරීමට කැමතිය. ගෝවේ මහාමාර්ග ඉන්දියාවේ බොහෝ පලාත්වල මහාමාර්ග වලට වඩා පටුය. ඉන්දියාවම ක්‍රිකට් උන්මාදයෙන් මුසපත් වන විට ඒ ගානක්වත් නැති ගෝව ප්‍රමුදිත වන්නේ පාපන්දු ක්‍රීඩාවෙනි. ගෝව ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව වැඩිවශයෙන්ම ජනප්‍රිය වූ පලාතකි. ගෘහ නිර්මාණ ශීල්පය අතින්ද බොහෝ ගොඩනැගිලි තවමත් පෘතුගීසි යටත්විජිත කාලයේ සැකසුම් අනුව නිමවී තිබේ. ගෝව තුල සංචාරක කර්මාන්තය ජනප්‍රිය වී ඇති නිසා වෙරළාශ්‍රිත ක්‍රීඩාවන්ද රැසකි.

භූමියක ආසන්න ඉතිහාසය විසින් භූමියේ හැඩරුව සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කරනු ලැබේ. ඉන්දියාවේම කාශ්මීර ලදාක් කෙළවර වසන ජනයා කදුකර දිවියට අනුව සැදුනු අය වෙති. ඉන්දියාවටම අයත් අන්දමන් නිකොබාර් දිවයින් හි වැසියෝ ඒ දූපත් පරිසරයට අනුව ගොඩනැගුනු අය වෙති. ගෝව එකම භූමියක මුම්බයි සිට පෑ 6ක මෝටර් රිය දුරක් පැවතියත් එහි ඉතිහාසය නිසා වෙනස්ම අත්දැකීම් සහිත පරිසරයක් බිහිකොට තිබේ.

Cover Image: පන්ජිම්, ගෝව (CNN)

Related Articles