Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වන්නි දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

උතුරු පළාතට අයත් වන මන්නාරම, වවුනියාව, සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුනෙන් වන්නි දිස්ත්‍රික්කය නිර්මාණය වී තිබෙනවා. නැගෙනහිර පළාතට අයත් මඩකළපුව දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතට අයත්  නුවරඑළිය දිස්ත්‍රික්කය මෙන්ම වන්නි දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වනවා. එම නිසාම ඔවුන්ගේ පාර්ශවය වන්නි දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

වන්නි දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව වන්නි දිස්ත්‍රික්කය ආසන 3කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) මන්නාරම ආසනය

2) වවුනියාව ආසනය

3) මුලතිව් ආසනය

මන්නාරම ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී මන්නාර්-මුලතිව් ආසනයෙන් කොටසක් වෙන් වී මන්නාරම ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක ආසනයක් වුණු මන්නාරම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

වවුනියාව ආසනය 

මෙම ආසනයත් 1946 වසරේ දී මන්නාර්-මුලතිව් ආසනයෙන් කොටසක් කැඩී නිර්මාණය වුණා. මන්නාරම මෙන්ම මෙම ආසනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර එකක් වන්නේ නැහැ. එම නිසාම ඔවුන්ගේ පාර්ශවය වවුනියාව ආසනය ජයග්‍රහණය කළේ 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී පමණ යි.

මුලතිව් ආසනය 

1976 වසරේ දී මන්නාරම සහ වවුනියාව ආසනවලින් කොටස් කැඩී මුලතිව් ආසනය නිර්මාණය වුණා. වරින් 

වර දෙපසටම දෝලනය වුණු මෙම ආසනය 1994, 1999, සහ 2005 ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට 1988, 2010, සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. ඊට අමතරව පදිරිප්පු ආසනය ගැන කතා කරන විට මතකයට නැගෙන්නේ 1982 වසරේ දී පැවැත්වුණු ජනාධිපතිවරණය යි. එහි දී 40.97%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් කුමාර් පොන්නම්බලම් නම් ද්‍රවිඩ අපේක්ෂකයා මුලතිව් ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ජනාධිපතිවරණවල දී මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 2 දී ම එක්සත් ජාතික පක්ෂය වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළත්, එහි දී ඔවුන් ඉහළ ඡන්ද ප්‍රතිශත වාර්තා කළේ නැහැ. ඉන් අනතුරුව 1994 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. නමුත්, පසුකලෙක දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වුණු වන්නි දිස්ත්‍රික්කය අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 4 දී ම 63%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුණා. 

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී මන්නාරම සහ වවුනියාව යන ආසන 2ක ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 9,613කින්. 

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 32,834 (46.42%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 22,211 (32,83%)

ජේ. ආර්. ජයවර්ධන (Daily News)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. එහි දී දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 5,691කින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 10,580 (55.78%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 4,889 (25.77%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා වන්නි  දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ පොදුජන එක්සත් පෙරමුණට යි. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක වාර්තා කළ 85.30ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 33,585 (85.30%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 4,493 (11.40%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් හැර ඉතිරි ආසන 2ම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එම නිසාම ඔහු වැඩි ඡන්ද 27,601කින් වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණා.  

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 43,803 (69.87%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 16,202 (25.84%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් රනිල් වික්‍රමසිංහ මුලතිව් ආසනය හැර දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන 2ම පහසුවෙන් ජයග්‍රහණය කළ නිසා, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 48,601ක් ලබා ගනිමින්. 

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 65,798 (77.89%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 17,197 (20.36%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එහි දී  සරත් ෆොන්සේකා වන්නි දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළා. එම නිසාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කරගත්තේ වැඩි ඡන්ද 40,086කින්.

සරත් ෆොන්සේකා- ඡන්ද 72,533 (63.76%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 32,447 (28.25%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා වන්නි දිස්ත්‍රික්කයේ ආසන තුනම පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔහුට, වැඩි ඡන්ද 107,040ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එසේම මෙය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු වන්නි දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ විශාලම වැඩි ඡන්ද ප්‍රමාණය බවටත් පත් වුණා.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 141,417 (78.47%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 34,377 (19.07%)

මෛත්‍රීපාල සිරිසේන (Daily News)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles