Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී හමුවන තීරණාත්මක ආසන 2ක්

1982 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. එය පැවැත්වීමෙන් පසුව 2019 වසර දක්වා තවත් ජනාධිපතිවරණ 6ක් පැවැත්වුණේ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන්. එලෙස පැවති ජනාධිපතිවරණ අතුරින් 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණ සුවිශේෂී ඒවා බවට පත්වුණේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටන නිසා යි. එලෙස ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටනක් පවතින අවස්ථාවක යම් ආසනයක් විශාල පරතරයක් ඇතිව ජයග්‍රහණය කිරීමට ලැබීම ඕනෑම අපේක්ෂකයෙකු ලබන විශාල භාග්‍යයක්. මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම තීරණාත්මක වුණු ආසන 2ක ප්‍රතිඵල පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට යි.

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ දෙසැම්බර් 19 වැනි දා දෙවන ජනාධිපතිවරණය පැවැත්වුණේ රට පුරාම භීෂණකාරී තත්ත්වයක් පැවති අවස්ථාවක යි. 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වුණත් 1988 වසරේ ඉදිරිපත් වුණේ අපේක්ෂකයන් තුන්දෙනෙකු පමණ යි. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස සටනට පිවිසෙන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සටනට පිවිසියේ වසර ගණනාවක් ප්‍රජා අයිතිය අහෝසි වී සිටි සිරිමාවෝ බණ්ඩාරනායක යි. ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර සටන් බිමට පිවිසියත් උග්‍ර සටනක් පැවතුණේ රණසිංහ ප්‍රේමදාස සහ සිරිමාවෝ බණ්ඩාරනායක අතර යි. 

මෙහිදී රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබාගෙන 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට ඡන්ද 2,289,860ක් ලබාගත් සිරිමාවෝ බණ්ඩාරනායකට 44.95%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගැනීමට හැකිවුණා. මේ අවස්ථාවේ රණසිංහ ප්‍රේමදාසට වැඩි ඡන්ද 279,339කින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ආසන 2ක ප්‍රතිඵලය විශාල වාසියක් ලබාදුන්නා. රණසිංහ ප්‍රේමදාසට වාසියක් ලබාදුන් ආසන වුණේ ඔහු පාර්ලිමේන්තුවට පිවිසි මැද කොළඹ ආසනය, සහ එක්සත් ජාතික පක්ෂයට ඉතාමත් වාසිදායක වුණු නුවරඑළිය-මස්කෙලිය ආසනය යි. 

මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

රණසිංහ ප්‍රේමදාස – 58795

සිරිමාවෝ බණ්ඩාරනායක – 26083

රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 32712

නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

රණසිංහ ප්‍රේමදාස –  52653

සිරිමාවෝ බණ්ඩාරනායක – 22209

රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 30444

එම ආසන දෙකෙන් රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 63156

මෙම ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාස දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කරන විට සිරිමාවෝට ජයග්‍රහණය හිමිවුණේ දිස්ත්‍රික්ක 6ක් පමණ යි. එහිදී ඇය ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය, සහ යාපනය යන දිස්ත්‍රික්කයන් ජයග්‍රහණය කළා. දැන් අප යාපනය හැර ඉතිරි  දිස්ත්‍රික්කවල දී අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.

ගම්පහ දිස්ත්‍රික්කය 

සිරිමාවෝ බණ්ඩාරනායක – 355553

රණසිංහ ප්‍රේමදාස – 350092 

සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 5461

කළුතර දිස්ත්‍රික්කය 

සිරිමාවෝ බණ්ඩාරනායක – 179761

රණසිංහ ප්‍රේමදාස – 169510 

සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 10251

ගාල්ල දිස්ත්‍රික්කය 

සිරිමාවෝ බණ්ඩාරනායක – 148615

රණසිංහ ප්‍රේමදාස – 124912 

සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 23703

මාතර දිස්ත්‍රික්කය 

සිරිමාවෝ බණ්ඩාරනායක – 57424

රණසිංහ ප්‍රේමදාස – 45399 

සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 12025

අනුරාධපුර දිස්ත්‍රික්කය 

සිරිමාවෝ බණ්ඩාරනායක – 73154

රණසිංහ ප්‍රේමදාස – 56951 

සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 16203

එම දිස්ත්‍රික්ක පහෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 67648

ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව පැහැදිලිවම පෙනීයන කරුණ වන්නේ සිරිමාවෝ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ප්‍රේමදාස මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. එම නිසාම රණසිංහ ප්‍රේමදාස ඉතාමත් තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කළ 1988 දෙවන ජනාධිපතිවරණයේ දී මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය තීරණාත්මක ආසන 2ක් වුණේ කෙසේදැ යි දැන් ඔබට වැටහෙනවා ඇති.

1988 ජනාධිපතිවරණයේ අවස්ථාවක් (gettyimages)

2005 ජනාධිපතිවරණය 

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ හමුවන තියුණුම ජනාධිපතිවරණය පැවැත්වුණේ 2005 වසරේ දී යි. එම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 13ක් ඉදිරිපත් වුණත් සටන පැවතුණේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර යි. එදා කරට කර සටනක් පැවති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්ද 4,887,152 ලබාගෙන 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට රනිල් වික්‍රමසිංහ ඡන්ද 4,706,366ක් ලබාගෙන 48.43%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එහිදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 22න් වැඩි ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක 11ක් ජයග්‍රහණය කළත් ඔහුට ලබාගැනීමට හැකිවුණේ වැඩි ඡන්ද 180,786ක් පමණ යි. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඡන්ද පරතරය අඩුවීමට විශාල හේතුවක් වුණේ මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් රනිල් වික්‍රමසිංහ  ජයග්‍රහණය කර තිබීම යි. 

මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

රනිල් වික්‍රමසිංහ – 78908

මහින්ද රාජපක්ෂ – 20395

රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 58513

නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

රනිල් වික්‍රමසිංහ –  156343

මහින්ද රාජපක්ෂ – 33453 

රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 122890

එම ආසන දෙකෙන් රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 181403

මෙම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ  දිස්ත්‍රික්ක 11 බැගින් ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල යි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.

කුරුණෑගල දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 468507

රනිල් වික්‍රමසිංහ  – 418809 

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 49698

අනුරාධපුර දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 231040

රනිල් වික්‍රමසිංහ  – 182956 

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 48084

පොළොන්නරුව දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 110499

රනිල් වික්‍රමසිංහ  – 97142

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 13357

රත්නපුර දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 294260

රනිල් වික්‍රමසිංහ  – 252838

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 41422

කෑගල්ල දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 239184

රනිල් වික්‍රමසිංහ  – 223483

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 15701

එම දිස්ත්‍රික්ක පහෙන් මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 168262

ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට නිරීක්ෂණය කිරීමේ දී පෙනීයන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයටත් වඩා මඳකට වැඩි ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. එම නිසාම මහින්ද රාජපක්ෂ වැඩි ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක 11ක් ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහට  ඡන්ද පරතරය 180,786ක් දක්වා අඩුකර ගැනීමට හැකිවුණා. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හමුවුණු ජනපතිවරණ අතුරින් උණුසුම්ම එකක්. එයට හේතුව වුණේ අපේක්ෂකයන් 19ක් ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා ලෙස දිගු කලක් එකම පක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන සටන් වැදීම යි. එහිදී තියුණු සටනක් පැවති ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 6,217,162 ලබාගෙන 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට මහින්ද රාජපක්ෂ ඡන්ද 5,768,090ක් ලබාගෙන 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එහිදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කළත් ඔහුට ඡන්ද 449,072කින් පරාජය වීමට සිදුවුණා. එහිදී මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කර තිබීම මහින්ද රාජපක්ෂගේ  පරාජයට වක්‍රාකාර හේතුවක් වුණා.

මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

මෛත්‍රීපාල සිරිසේන  – 82495

මහින්ද රාජපක්ෂ – 17779

මෛත්‍රීපාල සිරිසේන ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 64716

නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් 

මෛත්‍රීපාල සිරිසේන – 171578

මහින්ද රාජපක්ෂ – 57718 

මෛත්‍රීපාල සිරිසේන  ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 113860

එම ආසන දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන  ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 178576

මෙම ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්ක 12ක ජයග්‍රහණය තහවුරු කරගන්නා විට මහින්ද රාජපක්ෂ  දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කළා. එසේ නම් මහින්ද ජයග්‍රහණය කළ කළුතර, අනුරාධපුරය, මාතලේ, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල යි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.

කළුතර දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ – 395890

මෛත්‍රීපාල සිරිසේන –  349404

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 46486

අනුරාධපුර දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 281161

මෛත්‍රීපාල සිරිසේන – 238407 

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 42754

කෑගල්ල දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 278130

මෛත්‍රීපාල සිරිසේන – 252533

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 25597

මාතලේ දිස්ත්‍රික්කය 

මහින්ද රාජපක්ෂ  – 158880

මෛත්‍රීපාල සිරිසේන – 145928

මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 12952

මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව  (gettyimages)

එම දිස්ත්‍රික්ක හතරෙන් මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 127789

ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව පැහැදිලිවම පෙනීයන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සහ තවත් ඡන්ද 50787ක්  මෛත්‍රීපාල සිරිසේන මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. මෛත්‍රීපාලට සිරිසේනට 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉහත ආසන දෙක විශාල පරතරයකින් ජයග්‍රහණය කිරීම වක්‍රාකාරව සහාය වුණා.

කවරයේ ඡායාරූපය - රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව. (gettyimages)

Related Articles