Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේ පාබල හමුදා විසින් භාවිතා කළ ගිනි අවි

දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනිය, ඉතාලිය හා ජපානය ආදී අක්ෂ බලවතුන් මෙන්ම බ්‍රිතාන්‍යය, සෝවියට් රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය විසින්ද භාවිතා කල ගිනි අවි වර්ග පිලිබඳව කෙටි විස්තරයක් මෙම ලිපිය තුළින් ගෙන ඒමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. යුද්ධ සමයේ දෙපාර්ශවයේම පාබල හමුදා සේනාංක විසින් භාවිතා කල මෙම රයිෆල් වර්ග එකල ඉතාම ජනප්‍රිය මෙන්ම එම කාලයට ගැලපෙන ලෙස තාක්ෂණයෙන්ද යුක්ත වුනා.

M1 Garand

1942 වසරේදී M1 Garand රයිෆලයක් සමඟ ඇමරිකානු භටයෙක් (Pinterest)

M1 Garand රයිෆලය දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකානු පාබල හමුදාව විසින් භාවිතා කරන ලද විශිෂ්ඨ අවියක් ලෙස නම් කරන්න පුලුවන්. ඔවුන් මෙය 1939 – 1959 කාල වකවානුවේදී භාවිතා කර තිබෙනවා. ඇමරිකාව නියෝජනය කරමින් දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ සෙන්පතියකු වන ජෙනරාල් ජොර්ජ් S පැටන් (George S Patton) පවසන්නේ මෙම ගිනි අවිය රැගත් භටයන්, යුධ භූමියේදී උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් සාධයක් බවයි. තවද දෙවන ලෝක යුද්ධ සමයේ මෙම රයිෆලය විසින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කල බව ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.

අර්ධ ස්වයංක්‍රිය අවියක් ලෙස මෙය හදුන්වා දිය හැකි අතර මේ කාලය තුළ ජර්මනිය, ජපානය හා ඉතාලිය ප්‍රමුඛ සතුරු රටවල් විසින් භාවිතා කරන්නේ බොල්ට් ඇක්ෂන් bolt-action වර්ගයේ රිපීටර් රයිෆල් වර්ගයක්. ඒවාට එරෙහිව M1 අවිය යනු ජයග්‍රහණ අත් කර ගැනීමේ හැකියාවෙන් යුතු ගිනි අවියක් විය. නිරවද්‍යතාව අතින් අන් අවි වලට වඩා ඉදිරියෙන් සිටි අතර මෙම රයිෆලයට ග්‍රේනේඩ් විදිනයක්ද සවි කිරීමේ හැකියාවක්ද පැවතිනි.

Lee-Enfield Rifle

Lee-Enfield රයිෆලය සමඟ බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙක් (War Is Boring)

Lee-Enfield රයිෆලය බ්‍රිතාන්‍ය හමුදා හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පාබල හමුදා සේනාංක විසින් භාවිතා කිරීම අරම්භ කරන්නේ 1941 වසරේ සිටයි. මෙම රයිෆලය 1895 දී නිර්මාණය කල bolt-action සැලසුම් රයිෆලයක දිගුවක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

බංගලාදේශ පොලීසිය වැනි ආරක්ෂක අංශ රැසක් තාමත් මෙම රයිෆලය වැඩිදියුණු කරමින් භාවිතා කරනවා. තවද ඉතා දිගු දුරකට වෙඩි  තැබිය හැකි  bolt-action වර්ගයේ රයිෆලය ලෙස තාමත් වර්තා තබා තිබෙන්නේ මෙම Lee-Enfield නම් රයිෆලයයි.

රයිෆලයේ විවිධ ප්‍රභේද ඇමරිකානුවන් විසින් නිර්මාණය කල අතර ඒ සියල්ලේම එකතුව මිලියන 17 ඉක්මවා යනවා.

M1 Garand රයිෆලයට වඩා නිරවද්‍යතාව අතින් ඉතා ඉහළ අගයක් ගැනිමට මෙම ගිනි අවිය සමත් වෙන අතර මෙමගින් යාර 200-1,300 අතර දුරක් නිවැරදිව වෙඩි තැබීමට හැකියාව පවතිනවා.

Colt 1911

Colt 1911 සමඟ භටයෙක් (Pinterest)

Colt 1911 යනු විසිවන සියවසේ පිස්තෝල සදහා අඩි තාලම සකස් කරන ලද ඇමරිකානුවන්ගේ පිස්තෝලයයි. එම සමයේ ඉතා ජනප්‍රිය පිස්තෝල වර්ගයක් වූ මෙය නිපදවනු ලබන්නේ 1911 වසරේදීයි. එය ඇමරිකානු හමුදාව තුළ කෙතරම් ජනප්‍රිය වී දැයි පවසනවා නම් පිස්තෝලය වැඩි දියුණු කරමින් 1980 වසර වන තුරු භාවිතා කරනු ලබනවා.

මෙම පිස්තෝලය සඳහා භාවිතා වන්නේ කැලිබර් .45ක (උණ්ඩයක විෂ්කම්භය මිලිමීටර 11.43) ප්‍රමාණයේ ජීව උණ්ඩයි. පිලිපීන – ඇමරිකානු යුධ සමයේදී ප්‍රබල අතුරු අවියක් (ප්‍රධාන රයිෆලය හැර) ලෙස ඇමරිකානු භටයන්ට මෙම පිස්තෝලය ඉතා වැදගත් විය.

PPSh-41

PPSh-41 අර්ධ මැෂින් තුවක්කුව (ShitAllOverHumanity – DeviantArt)

PPSh-41 හෝ Shpagin Machine Pistol ලෙස හැදින්වූ මෙම අර්ධ මැෂින් තුවක්කුව නිර්මාණය කරන්නේ සෝවියට් දේශයයි. රුසියාව පුරා විසිරී තිබුනු ආයුධ නිෂ්පාදනාගාර වල දිනකට මෙම ගිනි අවි 3000ක් පමණ නිෂ්පාදනය වූ බව සදහන් වෙනවා.

සෝවියට් දේශය මගින් මීට පෙර නිෂ්පාදනය කල PPD-40 අර්ධ මැෂින් තුවක්කුව හා සසදන විට මෙය ඉතා ලාභදායී හා නිෂ්පාදන වේගයද ඉතා ඉහළ විය. තවද ඉලක්කය ගැනීමේ නිරවද්‍යතාවය පෙර මැෂින් තුවක්කුවට වඩා ඉහළ අගයක් ගන්නවා.

The Sten Gun

The Sten Gun (Guns.com)

බ්‍රිතාන්‍ය පාබල හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ කාලය තුළදී මුහුණ දුන් Dunkirk සටන ඇතුලු තවත් සටන් කීපයකදී ඔවුන්ට විශාල වශයෙන් ආයුධ අහිමි වෙනවා. එයට එක් පිළිතුරක් ලෙසයි වේගයෙන් හා ලාභදායි ලෙස නිපදවිය හැකි මෙන්ම අධික වෙඩි බලයකින් යුක්ත විය යුතු අවියක් නිපදවීමට තීරණය වනවා. එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙසයි The Sten Gun නම් අර්ධ මැෂින් තුවක්කුව නිර්මාණය වන්නේ.

මෙම තුවක්කුව ඉතා සරල සැලසුමකින් යුක්ත වූ අතර බ්‍රිතාන්‍යය පුරා කම්හල් වලට උප කොන්ත්‍රාත්තු ලබා දීම මගින් බ්‍රිතාන්‍යය පාබල හමුදාව තම අවි සැපයුම සපුරා ගනු ලබනවා. The Sten Gun නිපදවීම ඉතා පහසු වූ අතර පසුව ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් මෙන්ම විවිධ රටවල පාටිසාන්වරු (දෙවන ලෝක යුද්ධ සමයේදී තම රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් යුද්ධ සේවයට එක් වූ ගොවීන්, කම්කරුවන් ආදී පුද්ගලයන්ගෙන් සමන්විත බළකා) මෙය නිපදවීම පටන් ගන්නවා. එලෙස පෝලන්තයේදී පමණක්  නිපදවූ ගිනි අවි ප්‍රමාණය 2000කට අධික සංඛ්‍යාවක් විය.

Thompson Submachine Gun

Thompson submachine Gun සමඟ ඔකිනාවා සටන අතරතුර ඇමරිකානු සෙබළුන් (commons.wikimedia.org)

තවත් අර්ධ මැෂින් තුවක්කුවක් වූ මෙම ගිනි අවිය නිපදවනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. මෙම වර්ගයේ මිලියන 1.5 ක ගිනි අවි ප්‍රමාණයක් මේ කාලය තුලදී ඇමරිකාවේ නිෂ්පාදනය වී තිබෙනවා.

විශේෂයෙන් ඇමරිකානු පැරෂුට් භටයන් විසින් Thompson Submachine Gun භාවිතා කල අතර “ඔකිනාවා” (Okinawa) සටන තුලදී ඇමරිකානු මැරීන් භටයින්ද භාවිතා කරන්නේ මෙම අර්ධ මැෂින් තුවක්කුවයි. තවද Thompson Submachine Gun හි විශේෂත්වය වූයේ එය වැඩිපුරම භාවිතා කරන ලද්දේ මුහුනට මුහුනලා කරන සටන් වලදී වීමයි.

පතුරම් වට 30කින් යුක්ත මැගසිනයකින් සමන්විත වූ අතර එවකට ඇමරිකාව සතු සතුරාගේ ඉදිරි ගමන වලක්වාලිය හැකි ප්‍රබලම අවිය වූයේ මෙයයි. මෙහි උණ්ඩයක වට ප්‍රමාණය කැලිබර් .45ක් (මිලිමීටර 11.43) වෙනවා.

MG 34

MG 34 සමඟ ජර්මන් සොල්දාදුවෙක් (Pinterest)

ජර්මානු හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කරන ලද මැෂින් තුවක්කු වර්ගයක් ලෙස මෙය හදුන්වා දෙන්නට පුලුවන්. යුද්ධ භූමියෙ බර අවි පන්තියට අයත් වන මෙම අවියට තත්පරයකට පතුරම් වට 900 ඉක්මවා යන ලෙස වෙඩි තැබීමට හැකියාව පවතිනවා. තනි භටයෙක් විසින් යුධ භූමියේදී මෙම අවිය භාවිතා කර තිබෙනවා.

තවද වෙඩි තැබීමේ අධික කාර්යක්ෂමතාව​ හේතුවෙන් තුවක්කු බැරලය රත්වීම වේගවත්  බැවින් එය ඉක්මනින් මාරු කිරීමේ හැකියාවද මෙහි පැවතුනා. MG 42 වැඩි දියුණු කිරීමෙන් නිපදවන ලද MG 34 ජර්මනිය විසින් දෙවන ලෝක යුධ සමයේ නිපදවනු ලැබූ පාබල හමුදාව විසින් භාවිතා කල උසස්තම මැෂින් තුවක්කුව ලෙස වාර්තා වෙනවා. තවද මෙය අර්ධ ස්වයංක්‍රීය අවියක් ලෙසද ස්වයංක්‍රීය අවියක් ලෙසද භාවිතා කිරීමේ හැකියාවෙන් යුක්තයි.

Sturmgewehr 44

Sturmgewehr 44 (Pinterest)

Sturmgewehr 44 හෙවත් StG 44 නාසි ජර්මනිය විසින් නිපදවන ලද ගිනි අවියක් විය. 1940 වසරේදී StG 44 නිෂ්පාදනය ආරම්භ වූ අතර නිෂ්පාදනය වේගවත් වන්නේ 1944 වසරේ සිටයි. හිට්ලර්ගේ යෝජනාවක් මත ජර්මන් නැගෙනහිර යුද්ධ පෙරමුණට ‍යන නාසි භටයන් භාවිතා කරන ලද්දේ මෙම ගිනි අවියයි.

හිට්ලර්ගේ එක් බළකායක් වූ Wehrmacht බළඇණිය අවසන් කාලය තුළ මෙම වර්ගයේ ගිනි අවි 425,000 පමණ භාවිතා කළ බව සටහන් වෙනවා.

දෙවන ලෝක යුද්ධ සමයේ දෙපිරිසේම පාබල හමුදා භටයන් විසින් විවිධ ආකාරයේ ගිනිඅවි භාවිතා කළ අතර ලිපියෙන් දැක්වුයේ ඉන් වඩාත් ජනප්‍රිය වූ අටක් පමණයි.

War History Online වෙබ් අඩවියේ “The Weapons They Carried: WWII Infantry Weapons That Were Crucial to the Fight” ලිපිය ඇසුරෙන්

කවරයේ ජායාරූපය – New Statesman

Related Articles