Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා චිත්‍රකතාවේ පපඩම

දශක ගණනාවකට පෙර ලංකාවේ චිත්‍රකතා අතිශය ජනප්‍රියව පැවතුනා. එවකට චිත්‍රකතා වෙනුවෙන්ම පුවත්පත්වල විශාල ඉඩක් වෙන්වුණා. ඒ වගේම ඉතාම ජනප්‍රිය චිත්‍රකතා පොත් පවා පල වුණා. නමුත් කාලය සමග මේවායේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩුවුණා. අද වෙද්දී චිත්‍රකතා බොහෝ විට මීම් විදිහට හෝ දේශපාලනික cartoon විදිහට පුවත්පත්වල දැකගන්නට පමණයි පුළුවන්.

තලංගම ජයසිංග මහතාගේ Aතුමා සහ පලා මල්ල – sundayoberver.lk 

Papadamn’ උත්සහ කරන්නේ මෙය වෙනස් කිරිමට යි. Papadamn නිර්මානය කළ Achinthya Amarakoon Roar වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මුල දී ඇගේ අදහස වුණේ චිත්‍රකතා මාලාවක් නිර්මාණය කිරීම නොවන බව යි. මුලින්ම චිත්‍රකතා පිටු 5ක් පමණක් නිර්මාණය කර තිබුණු බවත් ඇය සඳහන් කළා. නමුත් ඇය Elakiri අන්තර්ජාල ෆෝරමය වෙත upload කළ නිර්මාණ නැවත නැවත facebook වෙත upload වන්නට පටන්ගත්තායින් මේ පිළිබඳව සමාජයේ වූ කැමැත්ත ඇය වටහා ගත් බවත්, ඉන් අනතුරුව ඇය විසින්ම ඒවා facebook වෙත upload කිරීමට සිතූ බවත් ඇය සඳහන් කළා. 

එලෙසින්  ඇය ආරම්භ කළ facebook පිටුවේ නාමය “Papadamn” වූ අතර ශ්‍රී ලංකා සමාජය හා දේශපාලනය පිළිබඳ හාස්‍යජනක, එහෙත් විවේචනාත්මක විවරණයක් ඒ හරහා සිදු කිරීමට ඇය උත්සාහ  දරනවා. සමාජ ජාලාවන් තුළ ඇගේ පිටුවට සහ චිත්‍රකතා වෙත ලැබුණු පිළිගැනීම හේතුවෙන් දීර්ඝ චිත්‍රකතා මාලාවක් ‘Sakkai-Muniyayi’ (සක්කයි මුනියයි) ලෙසින් ආරම්භ කරනවා. මේ කතාව ගෙතෙන්නේ වැරදි හැසිරීම් නිසාවෙන් දිව්‍යලෝකයෙන්, සහ අපායෙන් පිටුවහල් කළ දෙවියෙක් සහ යක්ෂයෙකු වටා යි. මීට වසරකට පෙර, 2018 ජූලි මාසයේ, ඇරඹුණු සක්කයි මුනියයි චිත්‍රකතා මාලාව මේ වන විට සමාජ ජාලාවන් තුළ අතිශය ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. දැනට මෙහි එක කතා වාරයක් නිමාවට පත් වී තිබෙන (season) නමුත් ඉතාම ඉක්මනින් දෙවැනි Season එකත් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ චිත්‍රකතා මාලාව හරහා ලංකාවේ සමාජයීය යතාර්ථයන් පිළිබඳව කතා බහ කෙරෙන නිසාවෙන්ම බොහෝ දෙනෙකු මේ කතා මාලාවට ඇලුම් කරන බව යි අපේ පෞද්ගලික අදහස. 

Facebook වෙත මේ කතා මාලාව upload කිරීමත් සමගම අභියෝග ගණනාවකට මුහුණ දීමට තමන්ට සිදුවූ බව ඇය සඳහන් කරනවා. Facebook algorithm විටින් විට කතා මාලාවේ කොටස්වල reach අඩු වැඩි කිරීම ඉන් එකක්. එනිසාවෙන් සක්කයි මුනියයිට අමතරව විටින් විට gag-comics upload කිරීමට සිදු වුණු බව යි ඇය සඳහන් කළේ. 

Papadamn gag-comics -Facebook/Papadamn

අචින්ත්‍යා වෘත්තියෙන් UX designer කෙනෙක් විදිහට කටයුතු කරනවා. නිවසේ සිටම වෘතියේ නියැලෙන නිසාවෙන් ඇයට ඇගේ නිදහස් කාලයේ මේ විනෝදාංශයෙන් ඔබ්බට ගිය චිත්‍රකතා නිර්මාණය වෙත යොදවන බව තමයි සඳහන් කළේ. චිත්‍රකතා යනු අමුතුම ආකාරයේ කතාන්දර කීමේ මාධ්‍යයක් බවත්, එය නැවත ලාංකිකයින් අතර ප්‍රචලිත වනු දැකීමෙන් ඇය විශාල සතුටක් ලබන බවත් අචින්ත්‍යා සඳහන් කළා. සක්කයි මුනියයි වෙත මේ වගේ පිළිගැනුමක් ලැබේවියැ යි ඇය නොසිතූ බව ද ඇය අප වෙත අදහස් දක්වමින් කියා සිටියා.  

තාක්ෂණයේ දියුණුව සමග ලංකාවේ චිත්‍රකතා අභාවයට යන මොහොතක අන්තර්ජාලය හරහාම LankaComics  වැනි සමාජ ජාල පිටු අතීත චිත්‍රකතා වර්තමානය තුළ ජීවමාන කිරීමට අත්වැල් සපයනවා. ‘Papadamn’, Sachi Ediriweera, සහ Isuri Dayaratne වැනි නිර්මාණකරුවන් නිසාවෙන්  ලංකාවේ චිත්‍රකතාවල අනාගතය පිළිබඳව යම් බලාපොරොත්තු තබා ගත හැකි බව අපට හැඟෙනවා.

ශ්‍රී ලංකා සමාජය හා දේශපාලනය පිළිබඳ හාස්‍යජනක එහෙත් විවේචනාත්මක විවරණයක්- Facebook/Papadamn

Related Articles