Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුවගට සිනහ නැගෙන දෙවන ලෝක යුද්ධයේ ඡායාරූප පෙළක්

“යුද්ධය යනු අපායකි”, යුද්ධය කිසිම මොහොතක සුන්දර අත්දැකීමක් නොවන බව සඳහන් කළ යුතු යි. එය ලොව පැවති හා පවතින සෑම යුද්ධයකටම පොදු ය.

දෙවන ලෝක යුද්ධයේ දී ජීවිත හා දේපළ හානි විශාල වශයෙන් සිදුවෙනවා. නමුත් දෙවන ලෝක යුද සමයේ දී ලබාගත්,  මුවගට සිනහ නැගෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් අපිට සොයාගන්න ලැබුණා. මේ සටහන භයානක අවස්ථාවල දීත් සිනහ උපදවන එම අවස්ථා පිළිබඳව යි.

හිට්ලර්ට ප්‍රීතිමත් පාස්කුවක් පතන ඇමරිකානු සොල්දාදුවෝ

rarehistoricalphotos.com

දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේ එනම් 1945 මාර්තු මාසයේ දී ඇමරිකානු හමුදා විසින් ජර්මනියේ රයින්ලන්ඩ් පලටිනෙට් පළාතේ සිදු කළ රිමේගන් මෙහෙයුමේ දී ලබාගත් ඡායාරූපයක් ඉහත දැක්වෙනවා.

ඡායාරූපයේ සිටින සැරයන්වරයා හා සාමාන්‍ය සෙබළා 969 වන කාලතුවක්කු බැටෑලියනයට අයත්  සොල්දාදුවන් දෙදෙනෙක්. තමන් එල්ල කරන කාලතුවක්කු උණ්ඩ, හිට්ලර්ට ප්‍රීතිමත් පස්කුවක් පතමින් යවන පාස්කු බිත්තර බව ඔවුන් විසින් සටහන් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා 333 වන කාලතුවක්කු බැටෑලියනයට අයත් වූවන් වූ අතර සතුරු ප්‍රහාර හමුවේ බැටෑලියනයට දැඩි අලාභහානි සිදුවෙනවා. ඉන් පසුව මොවුන් දෙදෙනාව 969 වන බැටෑලියනයට අනියුක්ත කරන්නේ 101 වන ගුවන් සංක්‍රමික බලකායේ සහාය සඳහා යි.

සිනහවට යටින් – එම කාලයේ දී කළු ජාතික ඇමරිකානු සොල්දාදුවන්ට සුදු ජාතිකයන්ට සාපේක්ෂව හිමිවූයේ ඉතා අඩු සැලකිලි යි. ආපනශාලාවල දී, ආගමික කටයුතුවල දී, ආචාර පෙළපාලිවල දී හා ට්‍රක් රථවල ගමන් කිරීමේ දී ඔවුන් වෙන වෙනම තැබීමට කටයුතු කර තිබුණා. බොහෝ විට කළු ජාතිකයින්ව යොදා තිබුනේ රියැදුරන් ලෙස හා යුද්ධයට අවශ්‍යය සැපයුම් ප්‍රවාහන කටයුතුවලට යි.

සුනුවිසුණු වී ගිය නගරය මැදින් ඇවිද යන කිරි වෙළෙන්දා

rarehistoricalphotos.com

ඡායාරූපයේ දැක්වෙන්නේ ජර්මානු ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ලන්ඩන් නගරයේ කඩා වැටුණු ගොඩනැගිලි අතරින් කිසිවක් නොවූ අයුරින් දෛනික කිරි බෙදාහැරීමේ කටයුත්තේ යෙදෙන පුද්ගලයෙකි.

1940 වසරේ  සැප්තැම්බර් 7 වන දා සිට 1941 වසරේ මැයි 11 වන දා දක්වා ජර්මානුවන් විසින් බ්‍රිතාන්‍යයට ගුවනින් බෝම්බ දැමීමේ මෙහෙයුමක් සිදු කරනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30000කට අධික ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර තවත් 50000කට අධික ප්‍රමාණයක් බරපතල තුවාල ලබනවා.

ඡායාරූපය ගෙන කුඩා කාලයකින් පසුව එය ඉතා ප්‍රසිද්ධ වූ අතර ලන්ඩනයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට මෙම ඡායාරූපය ඉවහල් වූ බව ද  සඳහන් වෙනවා.

හිට්ලර් අනුකරණය කරන බ්‍රිතාන්‍ය සෙබළා

rarehistoricalphotos.com

1945 වසරේ අප්‍රේල් මාසයේ අවසානයේ නැගෙනහිර දෙසින් රුසියානු හමුදාව ද බටහිර දෙසින් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු හමුදාව ද බර්ලිනය වටකර යටත් කරගන්නවා. ඉන්පසුව දෙවන ලෝක යුද්ධය තුළ ජර්මනියේ අවසානය සටහන් වෙනවා.

බර්ලින් නුවර චාන්සලර් මන්දිරයේ බැල්කනියේ සිට හිට්ලර් කතා පැවැත්වූ අයුරු අනුකරණය කරන බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් ඡායාරූපයේ දැක්වෙනවා. ඔහුගේ එම ක්‍රියාවලියට තම සතුට පළ කරන බ්‍රිතාන්‍ය, ඇමරිකානු, හා සෝවියට් සෙබළුන් රැසක් ද මෙහි දැක ගන්න පුළුවන්. ඡායාරූපය ගෙන තිබෙන්නේ 1945 වසරේ ජූලි 6 වන දා යි.

සොල්දාදුවෙක් ලෙස සැරසුණු ජර්මන් ෂෙපඩ් සුනඛයා

rarehistoricalphotos.com

මෙය 1940 වසරට ප්‍රථම ලබාගත් ඡායාරූපයක්. මෙහි දැක්වෙන්නේ ජර්මානු සෙබළුන් පිරිසක් විසින් විනෝදය උදෙසා ඔවුන් සමග සිටින සුනඛයා සොල්දාදුවෙක් ලෙස වෙස් ගන්වා ඇති ආකාරයක්.

ජර්මානු සෙබළුන් යුද සමයේ දී සුනඛයන් විශාල ප්‍රමාණයක් නොයෙකුත් කාර්යයන් සඳහා යොදා ගන්නවා. හිට්ලර් ද පෞද්ගලිකව සුනඛයන් කෙරෙහි කැමැත්තක් දැක්වූ අතර  ඔහු විසින් මිලිටරි රාජකාරි සඳහා සුනඛයන් පුහුණු කරවීමට පුහුණු පාසලක් ද ආරම්භ කරනවා.

මිලිටරි රැවටීම්

rarehistoricalphotos.com

දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවය මෙන්ම අක්ෂ පාර්ශවය විසින් ද සතුරා රැවටීම සඳහා බොහෝ විට විවිධ උපක්‍රම අනුගමනය කරනවා. ඉන් එක් උපක්‍රමයක් ලෙස ව්‍යාජ යුද්ධ ටැංකි හා ව්‍යාජ කාලතුවක්කු නිර්මාණය හැඳින්විය හැකි යි.

සතුරා රැවටීම සඳහා මෙම යුද්ධ ටැංකි නිර්මාණය කළ අතර රබර්වලින් නිපදවා හුළං ගසා පිම්බීම සිදු කරනවා. තවත් ව්‍යාජ යුධ ටැංකි දැව හා රෙදි යොදා ගනිමින් ගොඩනගනවා. සතුරු පාර්ශවය විසින් ගුවන් මඟින් යුද ශක්තිය නිරීක්ෂණය කිරීමේ දී තමන් සතුව අධික යුද්ධ ටැංකි සංචිතයක් ඇති බවට මවා පෑම මෙහි දී සිදු වෙනවා.

අනුරූ නිපදවීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාවේ වෙනම බල ඇණියක් තිබූ අතර එහි සිටි තරුණ සැලසුම් ශිල්පීන් නොයෙකුත් ආකාරයේ යුද්ධ ටැංකි අනුරූ නිෂ්පාදනය කරනවා.

ඡායාරූපයේ දැක්වෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු රබර්වලින් තනන ලද ව්‍යාජ යුද්ධ ටැංකියක් ඔසවාගෙන යන බ්‍රිතාන්‍ය සෙබළ පිරිසකි.

යටත් වීම සඳහා අපූරු අවසර පත්‍ර

rarehistoricalphotos.com

දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවික සොල්දාදුවන් යටත් කර ගැනීම සඳහා ජපන් හමුදාව නොයෙකුත් උපක්‍රම අනුගමනය කරනවා. ඒ යටතේ තමන් වෙත පැමිණ භාර වන ලෙසත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියත් සඳහන් කර ගුවන් මඟින් අත්පත්‍රිකා සතුරු සොල්දාදුවන් අතට පත්කිරීම සිදු කරනවා.

මෙහි විශේෂත්වය වන්නේ අත්පත්‍රිකාව පුරා කාන්තා නිරුවත් ඡායාරූපයක් මුද්‍රණය වී තිබීම යි. මෙය එක්තරා යුද උපක්‍රමයක් බව ජපාන හමුදාව විසින් පවසනවා. යුද්ධයේ ඉතා භයානක අත්දැකීම් අතර මෙවැනි දෙයක් දකින්නට ලැබුණු අතර, ක්ෂණිකව ඔවුන්ට යටත් වීම සඳහා අදහසක් පැන නගිනු ඇතැ යි ජපානය අනුමාන කරනවා.

යටත් වීමට අදහසක් නොමැති වූවත් මෙම ඡායාරූප දැකීමෙන් සොල්දාදුවන්ට ලිංගික පිබිදීමක් ඇතිවෙන අතර ඉන් පසුව යුද්ධ කිරීම සඳහා මානසික සුදානම හා විශ්වාසය අඩු වෙන බව ලිංගික හා මනෝවිද්‍යා විශේෂඥයන් විසින් පවසනවා.

Related Articles