ප්‍රංශය විප්ලවයේ ආරම්භයට හේතු වූ බැස්ටිල් බලකොටුව

ලෝකයේ පවතින විවිධ බලකොටු අතරින් බැස්ටිල් බලකොටුව කාගේත් අවධානයට ලක් වූවකි. මෙය ඉදිකර ඇත්තේ වර්ෂ 1300 දී පමණ ඉංග්‍රීසින්ට එරෙහිවයි. පැරිස් නගරයේ නැගෙනහිර පිවිසුම ආරක්ෂා කිරීමට මෙය ගොඩනංවා ඇත. ගල්වලින් තැනු මෙම බලකොටුවේ අඩි 100 ක් පමණ උස බිත්ති දක්නට ලැබේ. මෙහි ආරක්ෂාව සඳහා දෛනිකව යුධ භටයින් 80ක් හා ස්විස් ජාතික කුලී හේවායින් 30ක් පමණ මෙහි කටයුතු සඳහාද යොදවා තිබුණි. මෙලෙස ප්‍රංශය ආරක්ෂා කළ බැස්ටිල් බලකොටුව පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වේ.

බලකොටුව ඉදි කිරීම   

awesomestories.com

බලකොටුව ඉදි කිරීම සඳහා ආරම්භක ගඩොල තබන ලද්දේ 1370 අප්‍රේල් 22 වන දිනයි. ඒ පස් වන චාර්ල්ස් රජුගේ අණ පරිදිය. මෙය ඉදි කරවන ලද්දේ ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ වලින් ප්‍රංශය ආරක්ෂා කර ගැනීමටයි. වර්ෂ 1577දි මෙහි නැගෙනහිර කොටසේ ආරක්ෂක පද්ධතිය සම්පුර්ණ කරන ලදී. 17 වන සියවසේදී හරස් බාධකයක් ඉදි කරමින් මෙහි ඇතුළත ප්‍රදේශය අසමාන කොටස් වලට බෙදා වෙන් කරන ලදී.  බැස්ටිල් බලකොටුව 17 වන හා 18 වන සියවස් වලදී ප්‍රංශ රාජ්‍ය සිරකඳවුරක් ලෙස භාවිත කරන ලදී. මෙහිදී විශේෂිත වූ සිරකරුවන්ට වධකාගාර දඬුවම්ද ලබා දෙන ලදී.

බකොටුවේ සිටි සිරකරුවන්

මෙය මුල් වරට රාජ්‍ය සිර කඳවුරක් ලෙස භාවිත කරන ලද්දේ Richelieu කාදිනල් තුමා විසිනි. මෙහි වාර්ෂික සාමාන්‍ය සිරකරුවන් ගණන 40ක් විය. මෙහි සිටින සිරකරුවන්ට කිසිදු පිහිටක් හෝ සහනයක් ලැබිය නොහැකි විය. බොහෝ විට මෙහි රඳවා තිබුණේ දේශපාලන ගැටළු ඇති කරන්නන් ය. මිට අමතරව පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි තම පවුලේ නාමයට අපකීර්තියක් අත් වන ආකාරයේ කටයුතු කරන පුද්ගලයින් ඉන් වැ ළක්වීම සඳහාද මෙහි රඳවා තබනු ලැබීය .

history.com

මිට අමතරව බැස්ටිල් බලකොටුවේ ධනවත් කැරලිකරුවන්, බලවත් මිනිසුන්ගේ බිරින්දෑවරුන් සමඟ සම්බන්ධතා ඇති කරගත් පුද්ගලයින්, පල්ලිය විවේචනය කරන්නන්, කැරලිකාර මාධ්‍යවේදීන්, රාජකීය ලිපි මගින් බැස්ටිල් වෙත යොමු කරන පුද්ගලයින්ද ඒ අතර විය. බොහෝ දාර්ශනිකයින් සහ පෙරළිකාර චරිත ඇති පුද්ගලයින් බැස්ටිල් බලකොටුවේ සිරකොට තබන ලදී. ඉන් කීප දෙනෙක් ලෙස Voltaire, Denis Diderot, Jacques, නාට්‍ය රචක Pierre, කාමෝත්පාදක පොත් රචක Marquis දැක්විය හැක. රජුගේ ලිපි මඟින් පැරිසියේ මහේස්ත්‍රාත් වරුන් දෙදෙනෙකු හා Orlean වල ආදිපදවරයා බැස්ටිල් බලකොටුවේ සිරගත කිරීම බලකොටුවට පහර දීමට ආසන්න හේතුවක් විය. මෙය රජුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පෙන්වන්නක් ලෙස රට වැසියන් සලකන ලදී. පැරිස් පුවත්පත හා Mirabeau වැනි රචකයින් විසින් රජු රටවැසියන් සිර ගත කිරීමට නිකුත් කරන ලිපි දැක්වූයේ අධික පීඩාකාරී ලේඛනයන් ලෙසයි. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහේස්ත්‍රාත් වරුන් හට දඬුවම් පැමිණවීම ඔවුන් හෙළා දකින ලදී.

tumblr.com

15 වන Louis රජුගේ කාලයේ මෙය අධිකරණයෙන් නියම කරන පුද්ගලයින් හට දඬුවම් ලබා දෙන වධකාගාරයක් බවට පත් කෙරුණි. පසු කාලයේදී මෙහි තහනම් කරන ලද පොත් තැබීමද සිදු විය. මෙම බලකොටුව නඩත්තුව සඳහා ගත වූ අධික වියදම් නිසාම 1784දි එය කඩා දැමීම සඳහා කතිකාවතක් ඇති විය.

බලකොටුවට පහර දීම  

1789 වසරේ ග්‍රීෂ්ම සෘතුව වන විට ප්‍රංශ රාජ්‍යයේ ජනතාව විප්ලවයක් කාරා යොමු වෙමින් පැවතුණි. බැස්ටිල් බලකොටුවේ යුධ හමුදා පාලකයා වන Launary බියෙන් පසු වූයේ ඔහුගේ බලකොටුව විප්ලවයේ ඉල්ලකයක් වීමට බොහෝ ඉඩකඩ පැවති නිසයි. මේ හේතුවෙන් මොහු බලකොටුවේ ආරක්ෂාව වැඩි කිරීමට රාජකීය අධිකාරීන්ගෙන් උපකාර ඉල්ලා සිටින ලදී. ජූලි 12 වන දින රාජකීය අධිකාරීන් විසින් වෙඩි බෙහෙත් බැරල් 250ක් බැස්ටිල් වෙත එවන ලදී.  පසුව Launary බලකොටුවේ පාලම්ද ඉහළට එසවූයේ කිසිවෙකුට එයට ඇතුළු වීමට නොහැකි වීමටයි.

en.wikipedia.org

ජූලි 14 වන දින බැස්ටිල් බලකොටුව වටා විශාල ජනතාවක් ඒකරාශී විය. ඔවුන් කඩු, තුවක්කු, හා විවිධ ආයුධ වලින් සන්නද්ධ වී පැමිණෙන ලදී. මුලදී පැමිණි පිරිස Launary හා ඔහුගේ සගයන් විසින් යටත් කර ගත්තත් විශාල වශයෙන් පැරිසියේ ජනතාව බලකොටුව වටා එක් වූ නිසා ඔවුන් මැඩ පැවැත්වීම අපහසු විය. මේ නිසා Launary සුදු කොඩියක් දමා තමා යටත් වන බව පැවසීය. පසුව කැරළි කරුවන් විසින් Launary හා ඔහුගේ මිනිසුන්, බලකොටුවේ පැවති ආයුධ හා තුවක්කු තමාගේ යටතට ගන්නා ලදී. මෙහිදී බලකොටුවේ සිටි සිරකරුවන් 7 දෙනෙකු කැරලිකරුවන් විසින් මුදා හරින ලදී. Launary නැමැත්තා කැරලිකාර මන්ත්‍රණ සභාවක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත වුවත් කලහකාරී පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් මරා දමන ලදී. කෙසේ හෝ බලකොටුව අල්ලා ගැනීමෙන් කලකට පසු කැරලිකාර ආණ්ඩුවේ අණ පරිදි බැස්ටිල් බලකොටුව කඩා විනාශ කරන ලදී.

බලකොටුවට පහර දීමේදී මිය ගියේ කව්රුන්ද?

බලකොටුවට පහර දීමේදී කැරලිකරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් විය.   බලකොටුව වට කිරීමෙන් පසු Launary පාලකයාගේ නිධාරීන් තුන් දෙනෙකු ජනතාව අතින් මරණයට පත් විය.

බලකොටුව අල්ලා ගැනීමේ වැදගත්කම  

jacobinmag.com

බැස්ටිල් බලකොටුව අල්ලා ගැනීමෙන් සංකේතවත් වන්නේ ප්‍රංශ විප්ලවයට පෙර එරට පැවති දේශපාලන හා සමාජ ක්‍රමයේ අවසානයයි. බලකොටුව අල්ලා ගැනීම නිසා 1792 වසරේදී ප්‍රංශයේ පැවති රාජාණ්ඩු ක්‍රමය අහෝසි කර Louis හා ඔහුගේ බිරිඳ රාජ්‍යද්‍රෝහිත්වයට හිස ගසා දැමීමට නියම කරන ලදී. අනුකම්පා විරහිත කෘර පාලනයක සංකේතයක් ලෙසද බැස්ටිල් බලකොටුව හඳුන්වා ඇත.

බැස්ටිල් දිනය

බැස්ටිල් දිනය යනු රජයේ නිවාඩු දිනයකි. 1789 වසරේ ජුලි 14 වන දින බැස්ටිල් බලකොටුවට පහරදීම නිමිති කොටගෙන බැස්ටිල් දිනයක් නම් කර ඇත. මෙම දිනයේදී රට පුරා ජනතාව ගිනිකෙළි සංදර්ශන, පෙරට්ටු පැවැත්වීම්, සාද පැවැත්වීම ආදිය සිදු කරයි. බැස්ටිල් දින සැමරුම් උත්සව වලදී ත්‍රිවිධ වර්ණ ප්‍රංශ කොඩිය හා ප්‍රංශ විප්ලවය කාලයේ පැවතී සංකේත දැකගත හැක.

කවරයේ පින්තුරය – en.wikipedia.org

Related Articles

Exit mobile version