හිට්ලර්ට පැරිස් නගරය පිපිරවීමට නොහැකි වූයේ ඇයි ?

යුධ පරාජයත් සමග වියරු වැටෙන හිට්ලර්, ප්‍රංශය අතහැර පසු බැසීමට අවශ්‍ය නම් මිත්‍ර හමුදා නගරය තුළට ඇතුල්වීමට පෙර අයිෆල් කුලුන හා පැරිස්හි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සියල්ල පුපුරවා විනාශ කරන ලෙස යි.

නමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පැරිස්හි සිටි ජර්මානු යුධ නායකයාට හැකියාව ලැබෙන්නේ නෑ. එම සිදුවීම පිළිබඳව යි අද ලිපිය.

ජර්මානු හමුදා ප්‍රංශය යටත් කරගැනීම

ජර්මානු හමුදා පැරීසියේ දී (CNN.com)

දෙවන ලෝක යුධ සමයේ දී පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව පැරිස් වෙත ළඟා වෙන ජර්මානු හමුදා 1840 වසරේ ජූනි 14 වන දා පැරිස් නුවර තම යටතට ගන්නවා. මෙම යටත්වීමෙන් පසුව ප්‍රංශ හමුදා ඉන් ඉවත් වී යන අතර පැරිස් පොලීසිය ජර්මානු හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා එකඟ වෙනවා.

1944 දී පැරිස්හි ජර්මානු හමුදා ප්‍රධානියා ලෙස ඩිත්රිච් වොන් කොල්ටිට්ස් පත් වී පැමිණෙනවා. ඔහු පැමිණි පසු පැරිස් නගරය තුළ සිවිල් වැසියන් ඝාතනය විශාල වශයෙන් ඉහළ යනවා. 1944 වසරේ අගෝස්තු මාසයේ දී නම් සිවිල් ජනතාවගෙන් සැදුම්ලත් නාසි විරෝධී කැරලි කණ්ඩායම් පැරිස් නගරයේ දී ජර්මානු හමුදාවෙන් තම භූමිය නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම අරම්භ කරනවා.

නිදහස සඳහා සටන් කරන විමුක්තිකාමීන් විසින් පැරිස් නගරයේ පොලිස් මූලස්ථානය හා වෙනත් රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක බලය අල්ලා ගන්නවා. මෙතෙක් කල් ජර්මානු හමුදා සමග එකතු වී වැඩ කළ ප්‍රංශ පොලිසිය ද කැරැල්ලට එකතු වෙන අතර දහස් ගණන පොලිස් භටයන් ජර්මානු හමුදාව එරෙහිව සටන් කිරීම සඳහා විමුක්තිකාමීන් සමග එකතු වෙනවා. ඔවුන් සියලු දෙනා එකතු වී ගස් කපා දමමින්, වැලි කොට්ට පුරවමින් මහා මාර්ගය දෙපස ආරක්‍ෂිත බංකර තැනීම ආරම්භ කරනවා.

පැරිස් නගරය මඟහැර යාමේ සැලසුම

නොර්මැන්ඩි ආක්‍රමණය (Wikipedia)

1944 වසරේ ජූලි මාසයේ දී දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක සටනක් වූ නොර්මැන්ඩි ආක්‍රමණය සිදුවෙනවා. එම සටනෙන් පසුව පැරිස් වෙත ළඟාවීමට කිසිදු යුධ සෙනවියෙකුට අවශ්‍ය වන්නේ නෑ. ඔවුන් පැරිස් නගරය මඟ හැරීමට තීරණය කරනවා.

පැරීසිය වෙත භට ඛණ්ඩයක් නොයැවීමට හේතු සඳහන් කරමින් පිටු 24ක වාර්තාවක් සැකසී තිබූ අතර එයට ප්‍රධාන හේතූන් ලෙස ඇතුළත් වූයේ ඉන්ධන, යුධ රථ අමතර කොටස්, ආහාර ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, හා ආධාරක සේනාංක විශාල වශයෙන් පැරිස් වෙත ප්‍රවාහනය කිරීමට තිබූ අසීරුතාවය යි.

පැරිස් වෙත යාමට තීරණය වීම

නාසි විරුද්ධවාදී කැරලිකරුවන් (Wikipedia)

නමුත් ප්‍රංශය තුළ සිදුවන මහජන නැගිටීම හා දහස් ගණනක ජනතාව වීදී සටන්වලට එළඹීම හේතුවෙන් ඇමෙරිකානු ජෙනරාල් අයිසන්හවර් විසින් ප්‍රංශ බල ඇණියක් හා ඊට සහයෝගය පිණිස තවත් ඇමරිකානු බල ඇණියක් යැවීමට තීරණය කරනවා.

සාකච්ඡා වට කිහිපයකින් පසුව ජෙනරාල් අයිසන්හවර් හා ජෙනරාල් ඕමාර් බ්‍රැඩ්ලි විසින් මෙම සටන සඳහා ජෙනරාල් චාල්ස් ඩිගෝල්ගේ නායකත්වයෙන් යුතුව ප්‍රංශ හමුදා දෙවන ඩිවිෂනය හා ඇමරිකානු හමුදා හතරවන ඩිවිෂනය පිටත් කර හරිනවා.

ජයග්‍රහණය

ජෙනරාල් චාල්ස් ඩිගෝල් පැරිස් නගරයට ඇතුල්වීම (conservadorismodobrasil.com.br)

ජර්මානු පාලනය තුළ සිවිල් වැසියන් 2000කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර ඉන් වැඩි හරියක්ම විමුක්ති සංවිධානයේ පුද්ගලයන් විය. ඇමරිකානු හා ප්‍රංශ හමුදා භටයන් 100ක් පමණ මරණයට පත්වෙනවා. පැරීසිය මුදා ගැනීමෙන් පසුව සියලුම ජර්මානුවන් හා ඔවුන්ට හිතවත්ව කටයුතු කළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නවා. බොහෝ දෙනෙක් රටෙන් පිටුවහල් කරනවා.

1944 වසරේ අගෝස්තු 19 දා ආරම්භ කළ සටන 25 වන දා උදෑසන අවසන් වන විට බොහෝ ජර්මානු භටයන් ප්‍රමාණයක් මරණයට පත් වී අවසන්. තවත් පිරිසක්  අත්අඩංගුවට පත්වෙනවා. 25 දා උදෑසන වන විට ප්‍රංශ ධජය අයිෆල් කුලුන මුදුනේ ලෙළ දෙනවා.

හිට්ලර් විසින් ඩිත්රිච් වොන් කොල්ටිට්ස් වෙත ලබා දුන් අණ

අත්අඩංගුවට ගත් ජර්මානු හමුදා නිලධාරීන් (de.wikipedia.org)

පැරීසියේ දී තමන්ට පරාජය හිමිවන බව නාසි හමුදා ප්‍රධානි ඩිත්රිච් වොන්  විසින් දැනගෙන සිටිනවා. හිට්ලර් ප්‍රකාශ කරන්නේ පැරිස් නගරය අල්ලා සිටීමට අපහසු නම් පසුබැසීමට ප්‍රථම නගරය පුපුරවා නටඹුන් බවට පත්කරන ලෙස යි.

දැඩි පාලනයක් රැගෙන ගිය ජර්මානු ජෙනරාල්වරයා බොහෝ සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය කිරීමට හා තවත් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් කඳවුරු ගතකිරීමට ද ක්‍රියා කළ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධිය ඉසිලී ය. “ජුලි 20 ප්‍රහාරයේ දී” හිට්ලර් සමග සිටි හිට්ලර්ට විශ්වාසය තැබිය හැකි අතළොස්සක් ජෙනරාල්වරුන් අතරට මොහු ද අයත් වෙනවා.

නමුත් හිට්ලර්ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔහුට නොහැකි වන අතර 25 වන දා වන විට ඔහු යටත්වීමේ ප්‍රකාශයට අත්සන් තබනවා.

සැකයක්

අත්අඩංගුවට ගත් ජර්මානු සෙබළෙකුට පහරදෙන කැරලිකරුවෙක් (WWII Today)

මෙය තමන් නොකළ බව ද, එය කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බව ද ජර්මානු ජෙනරාල්වරයා පසුව ප්‍රකාශ කරනවා. එම මොහොතේ පරාජයත් සමග හිට්ලර් වියරු වැටී සිටිය බැවින් ඔහුගේ අණදීම්වලට තමන් සවන් නොදුන් බවට වැඩිදුරටත් කියා සිටිනවා. ඒබැවින් ඔහු “පැරීසියේ ගැලවුම්කරුවා” ලෙස හඳුන්වනවා.

නමුත් ඇත්තවශයෙන්ම සිදු වූයේ අයිෆල් කුලුන ඇතුළු වැදගත්කමකින් යුත් ස්මාරක විනාශ කිරීම  සඳහා ජර්මානු හමුදාවට ප්‍රමාණවත් කාලයක්, පිරිස් බලයක් හා පුපුරණ ද්‍රවය නොමැති වීම බව ඇතැමුන් විසින් සඳහන් කරනවා.

යටත්වීමෙන් අනතුරුවත් ජර්මනිය විසින් අගෝස්තු 26 වන දා පුරාවටම V1 රෝකොට්ටු (German V-1 rockets) යොදාගනිමින් ගුවන් ප්‍රහාර කිහිපයක් පැරිස් නගරයට එල්ල කරනවා. නමුත් අයිෆල් කුලුන ඇතුළු වැදගත් කලා කෘතීන් විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වෙනවා. මෙම ප්‍රහාර හමුවේ තවත් ප්‍රංශ ජාතිකයන් 100ක් පමණ මිය යනවා.

කවරයේ ඡායාරූපය – ජයග්‍රහණය සමරන මිත්‍ර හමුදා හා ප්‍රංශ ජනතාව (Wikipedia)

The-Reasons-Paris- Never- Burned-1944

Related Articles

Exit mobile version