Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රීක මිත්‍යාවක් වූ ට්‍රෝජන් යුද්ධය සැබෑවක් ද?

ලෝකය පුරා මේ වන විට විවිධ වූ යුද්ධයන් ඇති වී තිබේ. පළමු හා දෙවන ලෝක යුද්ධ ඒවා අතරින්  ප්‍රධාන තැනක් ගනී. නමුත් ට්‍රෝජන් යුද්ධය අපට එතරම් හුරු පුරුදු යුද්ධයක් නොවේ. මීට හේතුව වන්නේ එය ග්‍රීකයන්ගේ ඉතිහාසය හා බැඳි මිත්‍යාවක් වීමයි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ට්‍රෝජන් යුද්ධය පිලිබඳ කරුණු ඔබට ගෙන ඒමටයි.

ට්‍රෝජන් යුද්ධය යනු කුමක්ද?

fineartamerica.com

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ට්‍රෝජන් යුද්ධය ඇති වී ඇත්තේ පැරණි ග්‍රීකයින් හා Troy වල සිටින මිනිසුන් අතරයි. මෙම යුද්ධය ඇති වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 12 වන හෝ 13 වන සියවස් වලදීය. මෙම යුද්ධය ග්‍රීකයන්ගේ සිත් වලට අනෙකුත් සෑම යුද්ධයකටම වඩා තදින් කා වැදී තිබුණු අතර එය ග්‍රීකයන්ගේ ඉතිහාසයේ රචනා වූ කෘති වල ප්‍රධාන තැනක් උසුලන ලදී. මිට අමතරව මෙය ශාස්ත්‍රීය නාට්‍ය රචකයන්ට ඔවුන්ගේ නාට්‍ය රචනා සඳහා කදිම සිදුවීමක් විය.

ට්‍රෝජන් යුද්ධය ඇති වීමට හේතුව

ට්‍රෝජන් යුද්ධය ඇති වීමට හේතුව ලෙස සැලකෙන්නේ ට්‍රෝජන් පැරිස් කුමාරයා විසින් Sparta වල Menelaus නමැති පුද්ගලයාගේ භාර්යාව වන හෙලන් රැජින පැහැරගෙන යාමයි. Menelaus තම භාර්යාව නැවත ඉල්ලු විට ට්‍රෝජන්වරුන් එය ප්‍රතික්ෂේප කළහ. පසුව Menelaus ඔහුගේ සහෝදරයා වන Agamemnon යොදවා Troy රාජ්‍යයට විරුද්ධව සටන් කිරීම සඳහා සේනා සංවිධානය කළේය. මෙම සේනා සහිත නැව් සියල්ල Aulis වලදී එකට එක් විය. මෙම සියලුම සේනා සඳහා නායකත්වය සපයන ලද්දේ ග්‍රීක වීරයන් වූ Achilles, Patroclus, Diomedes, Odysseus, Nestor වැනි පුද්ගලයන් විසිනි. අවුරුදු නවයක් පුරාවට ග්‍රීකයන් විසින් Troy රාජ්‍යය වටා ඇති නගර හා ග්‍රාමීය ප්‍රදේශ කොල්ලකමින් විනාශ කර දමන ලදී. නමුත් ඔවුන්ට Troy නගරයට ඇතුල් වීමට නොහැකි විය. මීට හේතුව වූයේ නගරයේ ආරක්ෂාව ඉතා දැඩි වීමයි.

යුද්ධය ජය ගැනීම

maryannbernal.blogspot.com

අවසානයේ ග්‍රීකයන් කුහරයක් සහිත විශාල ලී අශ්වයෙක් සාදා ඒ තුළ යුධ භටයින් කුඩා ප්‍රමාණයක් සඟවන ලදී. පසුව අනෙකුත් ග්‍රීකයින් මෙම අශ්වයා පමණක් ඉතිරි කර නැවත තම රට බලා යන බව Troy රාජ්‍යයට ඒත්තු ගන්වන ලදී. ඉන් පසු Troy භටයින් මෙම අශ්වයා ඔවුන්ගේ නගරය තුළට ගෙන යන ලදී. පිටව යන බව ඇඟවූ සියලුම ග්‍රීක නැව් එදින රාත්‍රියේ නැවත Troy වෙත පැමිණෙන ලදී. අශ්වයාගේ සැඟව සිටි සෙබලුන් එලියට පැමිණ අනෙකුත් ග්‍රීකයින්ට ඇතුළුවීම සඳහා Troy නගරයේ ගේට්ටු විවෘත්ත කරන ලදී. පසුව ග්‍රීකයන් විසින් Troy නගරය විනාශ ක‍ර දමන ලදී.

දෙවිවරුන්ගේ සහභාගීත්වය

scmp.com

ට්‍රෝජන් යුද්ධය සඳහා විවිධ දෙවිවරුන්ගේ සහභාගිත්වද ලැබුණි. ඔවුන්ගේ සහභාගීත්වය සටනේ විවිධ අවස්ථාවල ජයග්‍රහණය කළ පාර්ශවය බවට පත්වීමට උපකාරී විය. Troy සඳහා උපකාර කළ දෙවිවරුන් ලෙස Apollo, Artemis, Ares හා Aphrodite දැක්විය හැක. ග්‍රිකයින් සඳහා උපකාර කළ දෙවිවරුන් ලෙස Hera, Athena, Poseidon, Hermes හා Hephaestus දැක්විය හැක. Zeus දෙවියන් යුද්ධය සඳහා සම්බන්ධ වූයේ ඇතැම් අවස්ථා වලදී පමණක් වූ අතර බොහෝ විට අපක්ෂපාතීව කටයුතු කරන ලදී.

ට්‍රෝජන් යුද්ධ වීර කාව්‍ය

moziru.com

ට්‍රෝජන් සම්භන්ධ වීර කාව්‍ය සඳහා ඇත්තේ වාචික ඉතිහාසයකි. විවිධ නිර්මාණ සඳහා යොදාගත් පුරාවෘත්ත කොටස වූයේ හෙලන් රැජින පැහැර ගැනීමේ සිට අශ්වයා නිර්මාණය හා Troy නගරයට පහරදීම යි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදී රෝමානු කවියෙකු වූ Virgil ඔහුගේ තුන්වන ශාස්ත්‍රීය වීර කාව්‍ය වන Aeneid පල කරන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ ට්‍රෝජන් යුද්ධය ඇසුරු කර ගනිමිනි. මෙහි රචකයාගේ අරමුණ වූයේ තම රටේ මුල්ම අධිරාජ්‍ය වංශය සඳහා ග්‍රීකයන්ගේ මෙන් ආකර්ෂණීය ආරම්භක කතාවක් ලබා දීමයි.

කෙසේ වුවත් ට්‍රෝජන් යුද්ධය හා සම්බන්ධ කාව්‍ය කියවීමට තරමක් අපහසු වේ. මීට හේතුව වන්නේ මේවාගේ ප්‍රධාන චරිත බොහොමයක් පැවත එන්නේ ග්‍රීක දෙවිවරුන්ගෙන් වීමයි. මෙම නිර්මාණ වලට අනුව යුද්ධයේ බොහෝ ක්‍රියාවන් සඳහා මගපෙන්වීම හෝ මැදිහත් වීම සිදු කර ඇත්තේ විවිධ තරඟකාරී දෙවිවරුන්ය.

ට්‍රෝජන් යුද්ධය පිලිබඳ පුරාවිද්‍යාත්මක සාධක

althistory.wikia.com

විද්වතුන් අතර පැවති නිරන්තර වාද කිරීමක් වූයේ Troy නගරය ඇත්තෙන්ම පැවතුන එකක්ද නැතිද යන්නයි. එය ඇත්තෙන්ම පැවතුන එකක් නම් Anatolia වේ සොයාගත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශය තුළ පවතින වසර දහස් ගණනක් පැරණි නගරය එකල පැවති Troy නගරයද යන්න මිනිසුන් තුළ පැවති තවත් ගැටලුවකි. කෙසේ හෝ අද වනවිට පුරාවිද්‍යාත්මක සාධක අනුව ලෝකයම පිළිගන්නා කරුණක් වන්නේ Homer ගේ Iliad හි සඳහන්ව තිබූ නගරය ඇත්තෙන්ම පැවති බවයි.

මෙම පුරාවිද්‍යාත්මක ප්‍රදේශයේ ප්‍රධාන ලෙස කැනීම් සිදු කරන ලද්දේ 1870 වසරේදීය. ඒ Heinrich නැමති ජර්මානු පුරාවිද්‍යාඥයා යටතේය. මොහු කුඩා බලකොටුවක ගල් ගොඩක් හා සුන්බුන් තට්ටු මීටර් 25ක් ගැඹුරට සොයා ගන්නා ලදී. පසු කාලීන අධ්‍යනයන්ට අනුව ගොඩනැගිලි කලාප 46කට වඩා සොයා ගන්නා ලදී. මේවා අධ්‍යනය කිරීමේදී එම ප්‍රදේශයේ ක්‍රිස්තු පුර්ව 3000 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 1350 දක්වා මිනිසුන් වාසය කළ බවට සාක්ෂි ලැබී ඇත. මීට අමතරව මෑතකදී කළ කැනීම් වලින් යුධ කාලයක් නිසා විනාශ වූ වටපිටාවක නටබුන් හමු වී ඇත. මෙම නටබුන් අතර මිනිස් ඇටකටු, තඹ ඊතල, හෙල්ල වල තුඩවල්, ගල් විදින පටි ආදිය ද වේ.

කවරයේ පින්තුරය – funwithcy.com

Related Articles